IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘බය නැතිව විශ්ව විද්‍යාලයට යන්න‘

යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති එම විශ්ව විද්‍යාලයයේ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් පිරිසක් අද ජනාධිපති කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

පසුගියදා විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ එහි දී සාකච්ඡා විය. 



අදහස් (0)

‘බය නැතිව විශ්ව විද්‍යාලයට යන්න‘

ඇන්ඩෘ Friday, 05 August 2016 01:14 AM

දැන් අධ්‍යාපනය ලබාගන්නත් ආරක්ෂාව දෙන්න වෙලා (නි)

:       0       0

සඳරුවන් Friday, 05 August 2016 01:22 AM

බය නැතුව විශ්ව විද්‍යාලයට යන අයට ගැහුවොත් ගුටිකාලා තමයි ඉතින් අාපහු එන්න වෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ (නි)

:       0       0

ගේබ්‍රියෙල් Friday, 05 August 2016 02:01 AM

දැන් ඉගෙනගන්නත් බයවෙන්න සිද්ධවෙලා (නි)

:       0       0

යෙනුර Friday, 05 August 2016 02:01 AM

පිටබැද්දර ජයාගේ අදහස් දෙස බලනවිට (පහුගිය අදහස් දැක්වීම්ද සමඟින්) මට පෙනෙන්නේ ඔහු දේශපාලනික වශයෙන් මනෝ ව්‍යාකූලභාවයට පත්වූ අයෙක් බවයි. (නි)

:       0       0

මුණසිංහ Friday, 05 August 2016 02:02 AM

මේ ටික වෙන බවත් කලින් කිවුවා නේද? මහින්ද හදපු සාමය නැති කළා. දැන්වත් රජය බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. උතුරෙන් හමුදාව ඉවත් කරන්න එපා. බුද්ධි අංශයේ නිලධාරින්ට හිරිහැර කරන්න එපා. තත්වය තවත් භයානක වේවි. (නි)

:       0       0

මුණසිංහ Friday, 05 August 2016 02:12 AM

යෙනුර හරියට හරි. ඔය ජයාගේ නම දැක්කත් මම එයා ලියන දේවල් දැන් බලන්නෙත් නැහැ. (නි)

:       0       0

උපුල් Friday, 05 August 2016 02:25 AM

මේ අනවශ්‍ය ප්‍රශ්න දුරදිග ගෙනියන්න එපා (නි)

:       0       0

ජයසේකර Friday, 05 August 2016 02:37 AM

අනේ මන්දා මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)

:       0       0

ජනක Friday, 05 August 2016 02:51 AM

ප්‍රශ්නය වෙලා තියෙන්නේ සිංහල අයට මිසක් අසිංහල අයට නොවෙයිනේ. ඉතින් ඔය කියන්නේ මොන අයටද? සිදුවෙලා තියන බරපතල දේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව කොහොමද ඔය කියන කතාව ඒ දෙමවුපියෝ පිළිගන්නේ? "උණහපුලුවාට උගේ පැටවු මැණිකක්ලු“. අර රෝහල්ගත දරුවා වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය ගැන ජනතාව දැඩි සේ බලාසිටින බව අමතක කරන්නත් එපා. (නි)

:       0       0

ජනහිත Friday, 05 August 2016 02:52 AM

පිටබැද්දර ජයා, තමාගේ දරුවාගේ ඔලුවත් යාපනේදී පැලුවා නම් තමා ඕක හිතයි නේද සුළු දෙයක් කියලා. (නි)

:       0       0

ඇසළ Friday, 05 August 2016 03:00 AM

මේවගේ දේවල් හොඳ පිටබැද්දර ජයාට, චතුරි වගේ අයට තමයි. යහපාලනේ කට්ටක්වත් හප හපා ඉන්න හම්බවෙලා ඇති. (නි)

:       0       0

ජයන්ත Friday, 05 August 2016 03:48 AM

පිටබැද්දර ජයා, නීතිය ක්‍රියාත්මක වුණේ නැති එකනේ ප්‍රශ්නය. ඕක දකුණේ කැම්පස් එකක වුණා නම්... ? හිරේ දාලා. ඇපත් නැතුව, ජිනීවාත් ගිහින්. හුසේන් කුමාරයත් අපිට පාර්ට් දාලා. මොන ජංජාලයක් වෙන්න තිබුනද? ජයෝ, මේ රටේ සිංහල මිනිසුන්ට වෙන අසාධාරණය ගැන නුඹට කිසිම අවබෝධයක් නැහැ. (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Friday, 05 August 2016 03:56 AM

ලංකාවේ විශ්ව විද්‍යාලවල මීට වඩා ඉතා දරුණු ගැටුම් ඇතිවෙලා තියෙනවා ... (ම)

:       0       0

ජයවර්ධන Friday, 05 August 2016 04:21 AM

ඔව් නාමල් වෙලා තියෙනවා තමයි. නමුත් ජාතීන් දෙකක් අතර මේ වගේ ඒවා නෙමෙයි (නි)

:       0       0

ජනක් Friday, 05 August 2016 04:18 AM

නාමල් කතා කරන්නේ නිව්යෝර්ක් ඉඳලානේ. ඒක ඇත්ත. ඇමෙරිකාවේ නම් එහෙම නැහැ තමා. මම දන්නා තරමින් නම් යාපනෙන් පිට තියෙන විශ්ව විද්‍යාලයක නම් ඔය වගේ ගැටුමක් මෙතෙක් වෙලා නැහැ. දන්නවා නම් කියන්න කාටත් දැනගන්නත් එක්ක. (නි)

:       0       0

ලුසේනා Friday, 05 August 2016 04:42 AM

කැලණියේ නවක වද දුන් සිසුන් මාස 2 වැඩිය හිරේ දැම්මා. මෙතරම් දරුණු දෙයක් වෙලත් රජය නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ශශිකා Friday, 05 August 2016 04:47 AM

අපොයි ඔව් බය නැතුව යන්න. (නි)

:       0       0

ධම්ම Thursday, 04 August 2016 04:14 PM

අර ඔලුවේ මැහුම දැක්කාම ආපයු යන්න බයයි සර්. (රේ)

:       0       0

සෙනෙවි Thursday, 04 August 2016 04:47 PM

අයියණ්ඩියේ බිය නොවන්න ! මැරෙන හැටි මම පෙන්වමි !(රේ)

:       0       0

නාලක Thursday, 04 August 2016 04:50 PM

කයිය විතරයි! (රේ)

:       0       0

ප්‍රියන්ත විමලගුණ Thursday, 04 August 2016 05:08 PM

යන්න යන්න ගිහිල්ල ගුටිකාලා හරි මේගොල්ලන්ගේ සහජීවනේ අගේ පෙන්වන්න ළමයිනේ!(රේ)

:       0       0

රජින්ද Thursday, 04 August 2016 06:29 PM

එහෙනම් ඉතින් ඕකේ අනිත් පැත්ත වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Thursday, 04 August 2016 06:30 PM

සිංහල අයට නෙමෙයි, මම හිතන්නේ අනෙක් අයට වෙන්න ඇති මෙහෙම කියන්නේ (නි)

:       0       0

උපසේන Thursday, 04 August 2016 06:35 PM

එකම රටක් තුළ මොනවද මේ සිදුවෙන දේවල්? (නි)

:       0       0

තිලකසිරි Thursday, 04 August 2016 06:42 PM

එහෙනම් ඉතින් මොකට බය වෙනවද? විශ්වාස කරලා යන්නයි තියෙන්නේ. (නි)

:       0       0

තිලක් Thursday, 04 August 2016 06:43 PM

ඒකත් හරියට ජනාධිපතිවරණයට කලින් අර කිව්ව, උදෙන්ම ඡන්ද පොලට ගිහින් කතිරේ ගහන්න කියන කතාව වගේමයි මට නම්. (නි)

:       0       0

තිලංක Thursday, 04 August 2016 06:44 PM

මගේ හිතට නම් පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)

:       0       0

ඉසුරු Thursday, 04 August 2016 08:21 PM

ඕක කොහොමද දකුණේ වුණා නම්? අම්මෝ කට්ටිය මැරෙන්න හදයි ජාතිවාදය අැවිස්සුවා කියලා. (නි)

:       0       0

සිරි Thursday, 04 August 2016 09:10 PM

කටින් බතල කොල හිටවලා නම් අපිට වැඩක් නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 04 August 2016 10:05 PM

100% ක් ආරක්ෂාව සහතික වියහැකිද? දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා (නි)

:       0       0

ජයරත්න Thursday, 04 August 2016 11:02 PM

මදැයි රටේ අධ්‍යාපනයට ගිය කලක්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 04 August 2016 11:26 PM

අයියෝ! මේක මේ ලංකාවේ සිද්ධවුණ පළමු ගැටීම නෙමෙයිනේ විශ්ව විද්‍යාලයක් තුළ? වෙනස දෙමළ සිංහල කොල්ලෝ ටිකක් ගහගත් එකයි. මේක දිහා ජාතිවාදීව බලන්න එපා. රටේ නීතියට ඉඩදෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 21 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 18 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 116 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 61 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 57 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 371 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site