IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බ්‍රිගේඩ්යර්ගෙත් තනතුරු පටි ගලවයි

ගම්පහ රතුපස්වල කම්හලකින්  ළිං ජලය  අපිරිසිදු වෙතියි කියමින්  වැලිවේරිය නගරයේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා  පැවති උද්ඝෝෂණයේදී  හමුදා වෙඩි පහරින් දෙදෙනකුද පොලු පහරින්  තවත් අයකුද මරණයට පත්වී ගැමියන්  37 දෙනකු තුවාල ලැබු සිද්ධිය මත යුද හමුදා බ්‍රිගේඩියර් දේශප්‍රිය  ගුණවර්ධන 142 වැනි බළසේනාධිපති පදවියෙන් ද  හා ලුතිනන් කර්නල්වරුන්  තිදෙනකු අණදෙන හා කලාප අණදෙන නිලධාරී තනතුරුවලින්ද  වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක තීරණය කරයි.

මෙම නිලධාරීන් අතින් වරඳක් සිදුවී ඇති බවට මුලික පරික්ෂණ උසාවියේදී තහවුරුවීම නිසා  මෙම පියවර ගෙන ඇතැයි හමුදා  ප්‍රකාශක බ්‍රිගේඩියර්  රුවන් වනිගසුරිය  කියයි.

ඔවුනට එරෙහිව යුද අධිකරණය හමුවේ නඩු විභාග කිරීමට ප්‍රමාණවත් සාක්කි  තිබේද යන්න සොයා බැලීම සඳහා  විශේෂ විමර්ශනයක්  ආරම්භ කරන ලෙසද යුද හමුදාපතිවරයා නියෝග කැර ඇත.

 එම විමර්ශනයෙන් අනතුරුව  මොවුන්  යුද්ධාධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

බ්‍රිගේඩ්යර්ගෙත් තනතුරු පටි ගලවයි

සීල Friday, 30 August 2013 10:15 PM

වැරදිකරුවන්ට ආශිර්වාද කරන අය තව ඉන්නවා වගෙයි (අදහස් දැක්කහම පේනවා) (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 30 August 2013 04:51 PM

මේ පරීක්ෂණ එදවස්වාලම කලානම් නේද හොඳ ?

:       0       0

ජිනසේන Friday, 30 August 2013 10:47 PM

මෙයාල මොනවා කරන්නද? (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 04:58 PM

පිල්ලේට ඔබ බිල්ලක් වුණා.ඔබේ තරුපටි සාමකාමී ජන ජීවිතයක් අගයන ජනතාව වෙනුවෙන් පුජ කලා කියල හිත හද ගන්න.මහ පාර මැද හට් ගහගෙන අහිංසක මගී ජනතාව ප්‍රාණ ඇපයට ගත් අමනයින්ට මතක හිටින්න සලකල මගී ජනතාවට මාර්ගය නිදහස් කරලා දීපු ඔබ තුමාට ජනතාවගේ ගෞරවය සැමදාටම ලැබෙනවා..(අ)

:       0       0

සරත් Friday, 30 August 2013 04:58 PM

අර මිටි තැනින් වතුර බසිනවා වගේ තමයි (අ)

:       0       0

කමල් Saturday, 31 August 2013 12:04 PM

රූකාන්ත ලේඛා නඩුවෙනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා නේද? (නි)

:       0       0

සීල Friday, 30 August 2013 11:28 PM

අර බන්දුලගේත් ඔක්කොම ගලවන්න ඕනේ.එත් ලැජ්ජාවක් වත් නැති මනුස්සයෙක්‌. (අ)

:       0       0

මහිමල් දමයන්ත Friday, 30 August 2013 05:10 PM

මේ විදියට වැඩ කරන්න කලින් හිතලා බලලා වැඩ කළා නම් මේවා මෙහෙම වෙන්නේ නැත. මේවට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියාය. බුදු බණ බොරු නැත. (නි)

:       0       0

සමන් Friday, 30 August 2013 05:10 PM

මට ‘සිංහ නාදය බලු කෙදිරිය‘ කියන කතාව මතක් වුණා (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 31 August 2013 12:04 AM

මෙම හමුදා නිලදරු කොටි සටනේදී විශාල සේවයක් කල අයෙක්. අපේ මිනිස්සු අද නිදහසේ ඉන්නේ මේ ගොල්ලෝ නිසා, අපි එම කරුණ හොදට අවබෝධ කර ගත ගත්ත නම් වටී. නමුත් මොහුත් ටිකක් පරෙස්සම් වෙන්න තිබුන. කොටි සෙවනැලි වටේ කැරකෙ ඉද්රියේදී සියලු රණ විරුවම් අපේ සිහල මිනුස්සුගෙන් තමා පරෙස්සම් වෙන්න විය යුතූ වෙන්නේ (අ)

:       0       0

ගයාන් Friday, 30 August 2013 12:09 PM

තමන්ගේම රටේ ජනතාවගේ දුක හඳුනන්නේ නැති අයට හිංසා පමුණුවන උසස් නිලධාරීන්ට ඕක තම දෙන්න ඕනේ දඬුවම. තමුන්ගේ රාජකාරිය ඔව්න්ට අමතක වෙලා. (දී)

:       0       0

දසුනි Friday, 30 August 2013 05:28 PM

එයාලගේ පටි ගලවලා කර්මාන්තශාලාව අරින්නද යන්නේ? (නි)

:       0       0

කමල් Friday, 30 August 2013 12:10 PM

ගුණවර්ධන මහත්තයා වාස් මහත්තයාගෙන් ඉගෙන ගන්න ඕනෑ, මෙතුමාගේ නෝනා වාස් මහත්තයාගේ නෝනගෙන් ඉගෙන ගන්න ඕනෑ (ද)

:       0       0

මේනක Friday, 30 August 2013 05:34 PM

දඬුවම සුළු එකක් (නි)

:       0       0

ෆාතිමා Friday, 30 August 2013 12:10 PM

සංස්ථා සභාපති කමක් හරි තානාපතිකමක් දෙන්නද දන්නේ නෑ. (දී)

:       0       0

කිංග්ස්ලි Friday, 30 August 2013 05:34 PM

මෙම නිලධාරියා යුදසමයේ සෑහෙන කැපකිරීම් කළ පුද්ගලයෙකි (නි)

:       0       0

සීල Friday, 30 August 2013 12:10 PM

බොහොම හොදයි.අර බන්දුල කියන හාදය එකට මොකද කියන්නේ?. (දී)

:       0       0

නාමල් Friday, 30 August 2013 12:12 PM

එහෙම කරල අහිංසක පව්ල්වලට වන්දි ගෙවව හැකිද ? (දී)

:       0       0

හේරත් Friday, 30 August 2013 12:13 PM

පටි විතරක් ගලවලා මදි (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 30 August 2013 12:13 PM

පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු, මෙයාට අණ දුන්නේ කවුද එතකොට ,කොහොම නමුත් හොද දෙයක් මනුස්ස කමටත් නොගැලපෙන පහත් විදියට තමයි අහිංසක නිරායුධ සිවිල් වැසියන්ට සැලකුවේ,අර රටින් අපු පිල්ලයාන් යනකන්ද දන්නේ නැහැ මේ සෙල්ලන් (දී)

:       0       0

කින් බෙනට් Friday, 30 August 2013 05:44 PM

එයා ආයුද සන්නද්ධ හමුදා කට්ටිය පිරිවරාගෙන නිරායුධ ජනතාව ඉස්සරහට ඇවිල්ලා ජීප් එකක බොනට් එකේ ඉඳගෙන තමයි ජනතාවට කතා කළේ ... එහෙම කරපු එයා හිතන්න නැතුවා ඇති කවදා හරි බිම ඉඳගන්න වෙයි කියලා. දුරදිග කල්පනා නොකර ඉහළ තනතුරු අපේක්ෂා කරලා ඕනෑම වැඩක් කරන්න හිතාගෙන ඉන්න කට්ටියට මේක පාඩමක් විදියට පෙන්නුම් කරන්න රතුපස්වල අපහසුතාවයට පත් වුන ජනතාවට හැකිවේවා ... (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 31 August 2013 12:31 AM

බිගේඩියර් ඔයාට ඒ වෙලාවේ යක වැහිලද හිටියේ. දැන් සනීප නේද?(අ)

:       0       0

මුදිත Friday, 30 August 2013 12:14 PM

කවද වෙනකල්ද (දී)

:       0       0

මේජර් දහම් Friday, 30 August 2013 12:16 PM

සීමාව ඉන්ක්මවා අහංකාර වෙන්න ගියාම ඔහොමම වෙන්න ඕනේ. මෙයාගේ කොමිෂන් එක අයින් කරන්න ඕනේ. මෙය යුද්දෙදි වැඩක් කරපු කෙනෙක් නෙමෙයි. (දී)

:       0       0

පි ඩි විදානගේ Friday, 30 August 2013 12:17 PM

නැති උන ජිවිත දෙන්න පුලුවන්ද (දී)

:       0       0

දිසානායක Friday, 30 August 2013 12:20 PM

ජය වේවා රතුපස්වල .... (දී)

:       0       0

ප්‍රියන්ත ඒකනායක Friday, 30 August 2013 12:20 PM

දැන් සනීපද උන්නැහැට (දී)

:       0       0

ගාමිණි Saturday, 31 August 2013 12:57 AM

හමුදාවේ පරිපාලන ක්‍රමය ගැන දන්නේ නැති අය බොරුවට අදහස් දාන්න එපා. බ්‍රිගේඩියර් තමා අවසාන තිරණය ගන්නේ (නි)

:       0       0

සරත් Friday, 30 August 2013 12:28 PM

මේ නාටකයේ දෙවන කොටස ඉක්මනටම බලාපොරොත්තුවෙන්න.

:       0       0

රනා Friday, 30 August 2013 12:30 PM

පිල්ලේ ආවා... (දී)

:       0       0

කුමාර Monday, 02 September 2013 09:01 PM

අන්තිමට බ්‍රිගේඩියර්ටත් ෆයර් කරලා (නි)

:       0       0

සාගර Friday, 30 August 2013 12:31 PM

පහල තැනින් වතුර ගලා බසී.මෙයාලට නියෝග දුන්නේ කව්රුන්ද යන්න සොයා බැලීම වටිනා කාර්යයකි (දී)

:       0       0

ධම්ම Friday, 30 August 2013 12:33 PM

තරු පටි ගහන ගමන් බුද්ධිය සහ විනය ගැනත් උනන්දු විය යුතුයි. (අ)

:       0       0

යාපා Friday, 30 August 2013 12:34 PM

අයියෝ! (නි)

:       0       0

රූපවතී Friday, 30 August 2013 12:35 PM

හොදම වැඩේ ...!!! (නි)

:       0       0

චාමික Friday, 30 August 2013 12:46 PM

මේකේ වරදක් සිදුවී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ. නිරායුධ සාමාන්‍යය ජනතාවට වෙඩි තැබීමට අණදීමෙන් වරදක් සිදු කර ඇති බවක් පෙනෙන්නේ. (නි)

:       0       0

අරුණ ද සිල්වා Friday, 30 August 2013 12:48 PM

'ෆයර්'??? (නි)

:       0       0

රුසෙල් Friday, 30 August 2013 06:41 PM

හමුදාව නිකන් ගමකට ගිහින් ඔහේ අහිංසක නිරායුධ මිනිස්සුන්ට වෙඩි තිබ්බේ නැහැ. මිනිස්සු හමුදාවට ගල් වලින් බෝතල් වලින් ගහද්දි හමුදාවටත් ඒවායින්ම ගහන්නද කියන්නේ? එක්කෝ දුවන්න ඕනෑ, එක්කෝ ගුටිකාලා මැරෙන්න ඕනෑ, නැත්තම් ආත්ම ආරක්ෂාවට පියවරක් ගන්න ඕනෑ (නි)

:       0       0

විජේ Friday, 30 August 2013 12:49 PM

අනේ ඉතින් මේ අයට වෙඩිතියන්නයි පොලු වලින් ගහන්නයි කියලා අණ දීපු අයට මොකුත්ම කරන්නේ නැද්ද මහත්තයෝ ? (නි)

:       0       0

අප්පුහාමි Friday, 30 August 2013 06:42 PM

කෙසේවෙතත් හොද වැඩේ... (නි)

:       0       0

සමන්ත Friday, 30 August 2013 12:52 PM

දැන් ඕවා මිනිස්සු විශ්වාස කරන එකක් නැහැ, (නි)

:       0       0

රොෂාන් සංජීව Saturday, 31 August 2013 02:51 AM

කොහොම වුනත් ඕනෑම හමුදා නිලධාරියෙක් අපේ කොබ්බෑකඩුව මහත්තයාගේ ගුණ ධර්ම වලින් එක මාත්‍රයක්වත් පිළිපදිනවා නම් මෙහෙම විපත් සිද්ධ වෙන්නේ නැහැ. (නි)

:       0       0

දසුන් Friday, 30 August 2013 12:54 PM

හමුදාවට එන්න අණ දුන්නේ කව්ද? (නි)

:       0       0

ගිම්හානි Friday, 30 August 2013 12:57 PM

මෙයාලට යුනිෆෝම් ලැබුනම එයාලා හිතන්නේ මෙයාලා තමා ලෝකෙට ලොක්කෝ කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 30 August 2013 12:58 PM

ඔහෙලා මේකට ටික දවසකට සතුටු වේවි.පොඩ්ඩක් ඉවසන්න මේ උණුසුම ඉවර වෙනකල් (නි)

:       0       0

ක්‍රිස් Friday, 30 August 2013 12:58 PM

එයා මොනවා කරන්නද ? ඉහළින් අපු විධාන තමා එය ක්‍රියාත්මක කරලා තියෙන්නේ (නි)

:       0       0

සිරිල් ගුණවර්ධන Friday, 30 August 2013 01:00 PM

දේශපාලන නාටක මීළඟ අංකය කවුද

:       0       0

රත්න Saturday, 31 August 2013 04:18 AM

ප්‍රශ්නය පිරිසුදු ජලය. ඒත් මේ අයගේ දරදඬු ගතිය නිසා ජීවිත අහිමිවුනා, පරීක්‍ෂණ අවසන්, නිවැරදි බව ඔප්පු වෙලා. නළ ජල ළග එනවා.මේ රටට ජයග්‍රහනය ගෙනදුන් සෙබලුන් කෙරෙහි වෛරයෙන් ඉන්න පිරිසක් ඉන්න බව අපි දනිමු. මේ නැවත කරණ උද්ඝෝෂණය ජලය නොව නීතිය අතට ගැනීමකි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 30 August 2013 01:02 PM

මොන රටේ තානාපති කෙනෙක් කරලා යවන්න ද හිතන් ඉන්නේ?

:       0       0

නුවණ් Friday, 30 August 2013 01:02 PM

මිනිස්සුන්ට පේන්න අණ දුන්න අණක් ගුණක් නැති ....ඔබ වගේ නිලධාරින්ට අං තිබුණ නම් කියලා හිතෙනවා....අහිංසක මිනිස්සු මරන්න අණ දුන්නට කාගෙන් බේරුණත් ස්වභාවධර්මයෙන් බේරෙන්න බෑ (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 30 August 2013 01:03 PM

මෙයාට තානාපතිකමක් හෝ රජයේ එහලම ආයතනයක සභාපති කමක් නම් ලැබෙනවා (අ)

:       0       0

අමිල Friday, 30 August 2013 01:03 PM

වැරැද්දක් වෙලා කියලා දැන් කරපු අයම පිළි අරන්. (නි)

:       0       0

පොඩි මල්ලි Friday, 30 August 2013 01:03 PM

අහිංසක ළමයි මරපු ලේ තියෙනවා මොවුන්ගේ අත්වල ... (නි)

:       0       0

මහි Saturday, 31 August 2013 04:59 AM

එතකොට අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා අණ දීපු අයගේ මොනවද ගලවන්නේ? ලංකාවේ හමුදාවත් පොලිසිය වගේ වෙලා ඉවරයි. (නි)

:       0       0

සුනිල් Friday, 30 August 2013 01:05 PM

අන්න හොද වැඩක් (නි)

:       0       0

බණ්ඩාර Friday, 30 August 2013 01:05 PM

මේ බ්‍රිගේඩියර් ඊළඟට කවුරු වෙයිද? (නි)

:       0       0

සරත් Friday, 30 August 2013 01:06 PM

තක්කිට තරිකිට තෙයි, කාටත් ඔයටික වෙයි (නි)

:       0       0

ජනිත Friday, 30 August 2013 07:25 PM

මේ නිලධාරියා ක්‍රියාත්මක කළේ ඉහලින් එන නියෝග,රටටම පෙනුනේ වැරැද්ද කළේ මේ නිලධාරියා වගේ. ඒක ප්‍රයෝජනයට අරගෙන අනිත් උසස් නිලධාරින් මෙයාගේ පිට වැරැද්ද දාලා බේරුනා.දැන් ඉතින් කියයි වැරදිකාරයට දඩුවම් දුන්නා කියලා. (නි)

:       0       0

පතිරත්න Friday, 30 August 2013 01:14 PM

මේ වැඩේට නම් උසස් නිලධාරීන්ට සමස්ථ රට වැසියන්ගේම ප්‍රණාමය හිමිවෙන්න ඕනෑ. (නි)

:       0       0

අනුර Friday, 30 August 2013 01:15 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා කියන්නේ ඕකට තමා (නි)

:       0       0

දිල්ශානි Friday, 30 August 2013 01:20 PM

බොහොම හොදයි (නි)

:       0       0

සෙන්සා Monday, 02 September 2013 09:16 AM

මහජනතාව බලාගෙන ඉන්න නිසා දැනට පටි ටික ගලවන්නමි පස්සේ ඒවට පොලිත් එක්ක දෙන්නමිකෝ කියලා එකගතාවයකුත් ඇති මගෙ හිතේ. (දී)

:       0       0

නිල්කමල් Saturday, 31 August 2013 07:26 AM

මෙයාලගේ තනතුරු මිසක් පට්ටම ගලවලා නැති නිසා තවම එම නිල වලම ඉන්නවා නේද? (නි)

:       0       0

නිරාන් Friday, 30 August 2013 01:27 PM

වැරදි කළ සියළුම දෙනාට දඩුවම් දියයුතුයි (නි)

:       0       0

ශාන් Friday, 30 August 2013 01:32 PM

මේ වගේ අයට සාදාරන දඩුවමක් දෙන්න ඕනෑ,රතු පස්වලදී දිවි දීපු අර අහිංසක මිනිස්සු වෙනුවෙන් (නි)

:       0       0

රසිකා Friday, 30 August 2013 01:33 PM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්ම කියලා (නි)

:       0       0

අසංග Saturday, 31 August 2013 03:14 PM

වැරදි කරන සියලු දෙනාටම තරා තිරමක් නොබලා දඬුවම් දිය යුතයි. ගරු ජනාදිපති තුමනි වැරදි කරන දෙශපලකයන්ටත් අනිවාර්යෙන්ම නීතිමය පියවර ගත යුතුයි.නැත්නම් රටේ නාමයටත් ඔබ තුමාටත් අගෞරවයක තමා සිදුවන්නේ. (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 05 September 2013 02:27 AM

මොකද මේ හැම දේටම හමුදාව ගෙන්වන්නේ? පොලිසිය පැත්තක. එකත් එකට මේ නිලධාරීන් උතුරේ යුද්ධයට සහභාගි වුණ අය. මම නවසීලන්තේ අවුරුදු 15ක් ඉන්නවා. තාම නවසීලන්ත යුද නිලධාරියෙක් දැකලා නැහැ (නි)

:       0       0

ආනන්ද Friday, 30 August 2013 01:42 PM

මම නම් හිතුවේ මොනවත්ම හේතු නැතත් යුධ අධිකරණයට ගේන්න පුළුවන් කියලා.කොහොම වුනත් හමුදාවල ගෞරවය රකින්න හමුදාපතිතුමන්ට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

කුමාර් Friday, 30 August 2013 01:50 PM

මේ සදහා අණ දුන්න ඉහළ අයට දෙන්නේ මොන දඩුවමක්ද? (නි)

:       0       0

සුසිත් Friday, 30 August 2013 07:54 PM

බ්‍රිගේඩියර් බන්දුලගේ කවුරුහරිද කොහෙද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 07:54 PM

සියලු හමුදා සාමාජිකයිනි, මින්පසු කැරලි කෝලාහල වලදී අවි පාවිච්චියෙන් වැළකී ගල් පහරවල් පොලුපහරවල් කමින් තම අවියද දන්දී පණ ‍බේරා ගැනීමට දිව යන ලෙස හෝ තම ජීවිතය හෝ බිලිදීමට තීරණයක් ගන්නා ලෙස ඔබ සිතට ගන්න (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 02:03 PM

මේවා හොද වැඩ,බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුරේෂ් Sunday, 01 September 2013 02:52 AM

සැබවින්ම සම්බන්ධ වූ අයට දඩුවම් ලැබුණිද? ඉදිරියටත් මෙවැනි දේ බලාපොරොත්තුව පරිස්සමෙන් ඉන්න ජනතාවනි (නි)

:       0       0

අනුරශාන්ත Friday, 30 August 2013 02:06 PM

මෙයාලගේ තනතුරු ඉවත් කරලා ගෙදර ඇරලා විතරක් මදි. මෙයාලට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 05:05 PM

තරු 4 ක ජෙනරාල් කෙනෙක් ගේ තරු ගලවපු රටේ මේ බ්‍රිගේඩියර් කෙනෙකුයි ලුතිනන් කර්නල්ලා තුන්දෙනෙක් ගැනයි මොන කතාද? (ස)

:       0       0

උනන්විටියේ පේමරතන himi Friday, 30 August 2013 02:15 PM

සැමට නීතිය සමානව ක්‍රියාත්මක වීම හොඳ දෙයක්.මේවා කරන්න කියපු ලොකු තැන් වලටත් නීතිය ක්‍රියාත්මක කළොත් තමා හොඳ.හාල්මැස්සෝ අහුවෙනවා.ලොකු ලොකු තෝරු මෝරු බේරෙනවා.අපි මොනවා කරන්නද? බලාගෙන ඉන්නවා මිසක (නි)

:       0       0

මහින්ද Friday, 30 August 2013 02:16 PM

අපි නොදන්න ලංකාවනේ .... (නි)

:       0       0

ලක්මාල් Friday, 30 August 2013 02:19 PM

දැන් වැඩ පෙන්වනවද? (නි)

:       0       0

මුනියන්ඩි Friday, 30 August 2013 02:23 PM

සාක්කි නැහැ නේද? (නි)

:       0       0

සම්පත් Friday, 30 August 2013 02:24 PM

අණ ඉහලින්ම පිළිපැදීමේ වරද? (නි)

:       0       0

රෙමා Friday, 30 August 2013 02:25 PM

හමුදාව වුනත් වැරදී වැඩ කළා නම් දඬුවම් කළ යුතුයි. (නි)

:       0       0

තුෂාර Friday, 30 August 2013 02:26 PM

පිල්ලේ නෝනා ආව ගමනේ ප්‍රතිපල එහෙනම් තියෙනවා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 31 August 2013 09:33 AM

ගාමිණී කියනවා වගේ හමුදාවේ නීති රීති හා තනතුරු වල වගකීම් පිළිබද මෙලෝ හසරක් නොදන්නා අය මෙහි අදහස් පලකරලා තියෙනවා. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 30 August 2013 02:36 PM

යුනිෆෝර්ම් ඇඳලා තරු පටි ගහ ගත්තාම සමහරුන්ට හමුදා සෙබලෙක් ගේ වැදගත්කම සහ තමුන් සාමය රකින ජනතා සේවකයෙක් කියලා අමතක වෙනවා. හමුදාපති තුමා ගත් තීරණය ඉතා අගේ කොට සලකමු. මේවා කාට කාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

විමල් Friday, 30 August 2013 02:54 PM

ඉල්ලගෙන කනවා කියන්නේ මෙන්න මේවට (නි)

:       0       0

උපාලි Friday, 30 August 2013 02:54 PM

යුද හමුදාව යනු දැඩි විනය ගරුක ආයතනයක් බව යුද හමුදාපතිතුමා ගත් මේ පියවරෙන් තහවුරු කර තිබීම ඉතාම සතුටට කරුණක්. එක එක පුද්ගලයා නිල ඇඳුමට මුවා වී කරන වැරදිවලට හමුදාවට හෝ සැබෑ රණවිරුවන්ට දොස් පැවරීම නොකළ යුතුයි. ඒකයි අපි මතක තබාගත යුතු දේ. (නි)

:       0       0

නාලත Friday, 30 August 2013 08:32 PM

ඔක්කෝගම ගලවන්න ඕනේ (අ)

:       0       0

කවීශ​ Friday, 30 August 2013 03:05 PM

කෝ අර බන්දුල පෙරේරා කියන ජීවියා? මම කැමතියි ඔහුගේ අදහස දැනගන්න​, (නි)

:       0       0

චාන් Friday, 30 August 2013 03:05 PM

නියමයි, ඔන්න ඔහොමයි තියෙන්න ඕනෑ. මින් ඉදිරියට එවන් දේ නොම වන්නට, වගකීම් දරන නිලධාරින් වගකීමක් ඇතිව වැඩ කළ යුතුය (නි)

:       0       0

සමන් Friday, 30 August 2013 03:07 PM

ඔහුට අණ දුන්නේ කව්ද කියලා බලන්නේ නැද්ද? (නි)

:       0       0

කමල් Friday, 30 August 2013 03:07 PM

නම දේශප්‍රිය​, එහෙත් කළේ රටටම අප්‍රිය වැඩක් (නි)

:       0       0

සිරිසුමන Friday, 30 August 2013 03:08 PM

හමුදාවට නියෝග දුන් අයට මොකද කරන්නේ? (නි)

:       0       0

සනත් Friday, 30 August 2013 03:09 PM

ඒක නම් ඉතාම හොද දෙයක්. මේ ලොක්කන්ට පෙන්නන්න ඕනෑ මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් බඩු වගේ විනාශ කරලා දාන්න බැරි බව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 August 2013 03:10 PM

වැඩේ නම් හොඳයි හමුදාවේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. (නි)

:       0       0

දර්මසෙන Saturday, 31 August 2013 10:22 AM

පිල්ලේ මඩම් ලංකාවේ ඉන්නකම් විතරයි (දී)

:       0       0

ධර්මසේන Saturday, 31 August 2013 10:22 AM

මේ කාවද රවට්ටන්න හදන්නේ. (දී)

:       0       0

උපේන්ද්‍ර Friday, 06 September 2013 10:15 PM

තුන්වන පාර්ශවයක් ගැන කිවුවේ එහෙනම්? (නි)

:       0       0

තාරක Friday, 30 August 2013 03:12 PM

හොද ආදර්ශයක් ! (නි)

:       0       0

හෙට්ටි Friday, 30 August 2013 03:12 PM

කවුද මෙයාලට ඊට ඉහලින් අණ දුන්නේ? (නි)

:       0       0

දේවා Friday, 30 August 2013 03:13 PM

මේ ඔක්කොම හරි. හොඳ තීරනයක්. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 30 August 2013 03:14 PM

පටි විතරද ගැළවුණේ? (නි)

:       0       0

සත්‍යසිරි Friday, 30 August 2013 03:21 PM

පටි ගලවලා වෙන තනතුරක් ලැබේවිද දන්නේ නැහැ. නැත්තම් මතක නැහැ කියාවිද දන්නේ නැහැ (නි)

:       0       0

කුමාරි Friday, 30 August 2013 03:23 PM

තවත් මෙවන් වැරදි නොවෙන්න මෙහෙම කළ එක හොදයි (නි)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 31 August 2013 10:43 AM

දඩුවම් කරපු එක හොදයි නමුත් දඩුවම මදියි (දී)

:       0       0

ජයනි Friday, 30 August 2013 08:58 PM

කාගෙන් කොහොම නියෝග අවත් , ආරක්ෂක අංශයක රාජකාරි කරන ඉහල නිලයක් දරන නිලධාරියෙක් වුණාම වගකීමෙන් වැඩ කරන්නත් තමන්ගේ නියෝග දෙපාරක් හිත බලන්නත් ඕන. හමුදාවන් තුල තියන විනය අනෙක් ආයතන වලට වඩා උසස් නිසා මෙවැනි ක්‍රියාවන් අනුමත කල නොහැක, (අ)

:       0       0

සමීර Saturday, 31 August 2013 10:46 AM

අයියෝ සල්ලි මොකද මේ උනේ

:       0       0

බණ්ඩාර Friday, 30 August 2013 03:30 PM

කල්පනාවෙන්... ගොනා පසුපස කරත්තේ රෝදෙත් එන බව අමතක කරන්න එපා. (නි)

:       0       0

රෝහණ Monday, 02 September 2013 12:21 PM

අවුරුදු ගානක් තිබුණ යුද්ධය ඉවර කරපු අයගේත් පටි ගලවලා සාමාන්‍ය අය කරපු එකේ ඕකත් වැඩක්ද? (ස)

:       0       0

දම් Friday, 30 August 2013 03:37 PM

මොකක්ද ඊළගට මේ අයට දෙන තනතුර? (නි)

:       0       0

සම්පත් Friday, 30 August 2013 03:38 PM

අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් මෙය. (නි)

:       0       0

චමින්ද Thursday, 05 September 2013 07:08 PM

සිංහලයට සියල්ල මතක දවස් 07යි. යූද්ධය දිනුවේ කොහොමද කවුරු නිසාද කියලා අමතක වෙලා. (නි)

:       0       0

දුමින්ද Friday, 30 August 2013 03:43 PM

සාධාරණයි,ස්තුතියි (නි)

:       0       0

රොෂාන් Friday, 30 August 2013 09:27 PM

බන්දුල පෙරේරා හිතන්නේ මෝඩ විදියට (නි)

:       0       0

ජීවන් Sunday, 01 September 2013 10:14 AM

අයියෝ............ (දී)

:       0       0

ඇන්ටන් Friday, 30 August 2013 04:02 PM

පේනවා නේද? තරු තියාගන වැඩිය දගලන්න ගියාම තරු පෙනෙන්න ගන්නවා කියලා? (නි)

:       0       0

ප්‍රමිල් Friday, 30 August 2013 09:36 PM

මේකේ තියන බරපතලකම මේ බ්‍රිගේඩියර්වරයාට තේරෙනවද මන්දා? දැන් මෙයාට පිටරට යන එක අවදානමක්. යුද අපරාධ වලට අත් අඩංගුවට ගන්න පුලුවන්. රතුපස් වල ලේ පස්සෙන් එනවා. මෙවා කාට කාටත් පාඩම්.හිටපු නාසි නිලධාරීන් දැන් ඉන්නේ වයස 90 ගනන් වල. ඒත් යුද අපරාධ වලට තාම හොයනවා (නි)

:       0       0

රිශාන්ත උඩවත්ත Friday, 30 August 2013 04:13 PM

බල සේනාධිපති තනතුරෙන් ඉවත් කරනවා කියන්නේ තරු ගලවන එක නෙමෙයි නේද? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 02 September 2013 01:15 PM

බන්දුල පෙරේරා කියන්නේ අපරාධ වලට සහ ඒවා සිදුකරන්න හට පක්ෂපාති පුද්ගලයෙක්. (ස)

:       0       0

හාස් Friday, 30 August 2013 04:20 PM

අවම බලය නිවැරදිව ලෙස යෙදුවේ නම් නොවේ මෙවන් දෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 216 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 367 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2490 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2093 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1553 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8466 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34528 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site