රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරිය නගරයේ පැවැති උද්ඝෝෂණයේදී නිරායුධ ගැමියන්ට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තව සුළු මොහොතකින් දිවයිනට පැමිනීමට නියමිතය.
යුධ හමුදා වෙඩි තැබීමෙන් පාසැල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.
ජල සටනේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද රතුපස්වල ගම්වැසියන් පිරිසක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කර ඇති බව වාර්තා වෙයි.
උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ යුධ හමුදා වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාල ලැබු තරුණයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙසයි.
ගුණවර්ධණ සුරිය ආරච්චිගේ දොන් අනුර දේශප්‍රිය මහතා අද කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 664 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතය.
අද පෙරවරු අටට මෙරටට ළඟාවීමට නියමිතව තිබු යානය මදක් පමා වී පෙරවරු 10.30 ට මෙරටට පැමිණීමට නියමිතය.
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බ්‍රිගේඩියර් එනතුරු පිරිසක් කටුනායක
නුවන් Tuesday, 15 September 2015 04:43 AM
මේවා මානව හිමිකම් කඩකිරීම්... බ්‍රිගේඩියර්ව වහාම අත් අඩංගුවට ගන්න(ම)
ලුම්බිණි Tuesday, 15 September 2015 04:55 AM
සාධාරණ සටනක් (ම)
තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:15 AM
රජවරු ,බිසෝවරු,කුමාරවරු සදාකල් ලංකාවේ බලයේ හිදිවී කියලයි මේ බ්‍රිගේඩියර් හිතුවේ. (අ)
පිවිතුරු යහපාල Tuesday, 15 September 2015 06:40 AM
කටුනායකදී පොලිස් නිලධාරීන්ගේ ඔලු වලට ගල්ගෙඩි අත ඇරපු ,හලාවතදී කඩු පොලු නරගෙන පොලිස් නිලධාරින් මරන්න ආපු, රතු පස්වලදී ප්‍රධාන පාරත් අවහිර කරලා සියලු අතුරු මාර්ගත් වහගෙන මගී ජනතාව ප්‍රාණ ඇපයට අරන් ආරක්ෂක අංශ වලට අභියෝග කල අවසානයේ පොලු මුගුරු පැට්‍රල් බෝම්බ වලින් ඔවුන්ට පහර දුන් එව්වෝ වෙඩි කෑවම සුප්පුව කටේ ගහපු නොදරුවෝ.මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන .වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..හමුදාව පුහුණු කරලා තියෙන්නේ ආයුධ දාල දුවන්න නෙමෙයි.මේ සියලු සිදුවීම් අපි මාධ්‍ය වලින් දැක්ක.දේශපාලන අරමුණු සදහා ජිවිත බිලි දෙමින් මළමිනී මතින් තම දේශපාලන ගමන් මග සකස් කරගත් යම් පිරිසකගේ උසිගැන්වීම් වලින් මේ වුණු සිදුවීම් වලට හමුදාව පලි නැහැ..මොන රජයක් බලයේ හිටියත් මේ උද්ඝෝෂකයින් නලවන්නේ නැහැ කවුරුත්..කර්මාන්තශාලාව ඉවත් කිරීමත් සමග විශ්ව කර්ම සිදුවීම වුනේ ක්ෂණිකව වතුර පිරිසිදු වීම..අදටත් ඔය වතුර පරීකෂා කළා නම් එදා ප්‍රතිපලයම තමයි..මේ දේශපාලන කැනහිලුන්ට ඕන වුනේ කම්හල ඉවත් කරවීම..ඔවුන් එක කරගත්ත..අද රතුපස්වල මිනිස්සුන්ට ගමට රැකියාවන් දීපු කම්හලත් නැහැ..වතුරේ පිඑච් අගයත් එහෙම්මම තමයි.ලැබුනේ අර මළමිනී දේශපාලනයෙන් ලබාදීපු මරණ තුනක මතකය පමණයි. (අ)
අභීත Tuesday, 15 September 2015 06:45 AM
ඇත්තවශයෙන්ම සාධාරණයි. මියගිය අයට වන්දි ගෙවා, වැරදිකරු සොයා දඬුවම් දියයුතුයි (නි)
තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:50 AM
සාධාරණ සටනකට සිටියයුතුම කෙනෙක් වන අපේ හිටපු ඇමතිවරයෙක් මෙතන පෙනෙන්න නැති එක ගැන මට දුකයි (නි)
තිස්ස Tuesday, 15 September 2015 06:50 AM
බ්‍රිගේඩියර් විදේශගත වුණේ ඇයි දන්නෙ නැහැ (නි)
තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:52 AM
අසරණ නිරායුධ මිනිසුන්ට වෙඩිතියලා මරන්න නම් මොන නීතියකට අනුවවත් නොහැකියි (නි)
තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:52 AM
බලමු දැන් නීතිය ක්‍රියාත්මක කරන හැටි (නි)