(විමුක්ති එස් රුද්‍රිගු)
ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආහාර සහ ගොවිතැන් සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩල සැසියට සමගාමීව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවැති සාකච්ඡාවකදී එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 3 (ශ්‍රී ලංකා රුපියල් 1,171,841,067)ක ජීවිතාරක්ෂක ආධාරක පැකේජය පිළිබඳ ප්‍රකාශ කර ඇති බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ජනගහණයන් තුනෙන් එකක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ඉන්ධන, ඖෂධ සහ බලශක්ති හිඟයකින් පීඩා විඳින බවත් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේය.
මෙම සහාය රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන බව අහමඩ් සාමිවරයා පැවසුවේය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් වින්දිතයන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ මානසික සෞඛ්‍ය නංවා ලීමටත් බෝග වගා කිරීමට උපකාර වන ආහාර, බීජ සහ මෙවලම් ලබා ගැනීමටත් මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි සඳහන් වේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍යයෙන් ලාංකිකයින්ට ආහාර-ගොවිතැන් සහාය