IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලොකු තෑග්ගක්

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවක දී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට යුරෝ ලක්ෂ 66 ක (රුපියල් කෝටි 980ක) ආධාරයක් ලබා දීමට එකග වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.

ආරක්ෂක හමුදා සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමටත් යුද්ධය හේතුවෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජන ජීවිතය නගා සිටුවීමේ කටයුතු සඳහාත් මේ මුදල ලබාදෙන බව බ්‍රිතාන්‍යය කියයි.

ඩේවිඩ් කැමරන් පවසන්නේ ශ්‍රී ලංකාවේ චිරස්තිථිය සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් උපකාරිවිමට බ්‍රිතාන්‍යය දීර්ඝකාලින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මේ ආධාර මුදල එහි ආරම්භය බව ද අගමැතිවරයා පවසයි.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)

President-Maithripala-Sirisena-Meets-UK-Prime-Prime-Minister-David-Cameran-e1448717482374



අදහස් (0)

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලොකු තෑග්ගක්

රොහාන් Sunday, 29 November 2015 07:56 AM

මේකේ සමහරු නොදන්නා කමට එක එක දේ ලියනවා අපේ හමුදාවලට මුලින්ම පහුණුව දුනේ බ්‍රිතාන්‍ය බව නොදන්නා අය බොහොම ඉන්නව එස්ටීඑෆ් එකේ මුලික පහුණුව බ්‍රිතාන්‍ය එස්එස්ලගෙන් බව මුල්කාලේ එ්කට සම්බන්ධ වුන අය දන්නවා අපේ පොලිස්පති තුමනුත් මුලික පුහුණුව ලැබුවේ ඒ අය ගෙන් විය හැකි (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 29 November 2015 08:07 AM

ආරක්ෂක හමුදා වල මානසිකත්වය දුර්වල කිරීමටත්...ආරක්ෂක හමුදා අතින් මට්ටු කරන ලද කොටින්ට සහන ජීවය ලබාදීමටත් ....යුද්දය හේතුවෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජන ජීවිතය නගා සිටු වීමටත් .....යනුවෙන් මෙය සංශෝධනය නොවෙනවානම් ....හොඳයි (ම)

:       0       0

ඉඳුනිල් විතානගේ Sunday, 29 November 2015 09:09 AM

අයියෝ (බ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 28 November 2015 02:41 PM

රටේ මිනිස්සු බලාගෙන ඉන්නෙත් මොකක් හෝ නොමිලේ ලැබෙනතුරුයි. රට තුළ කිසිම නිෂ්පාදනයක් නොකර, සුද්දා වවපු දේවල් විනාශ කරමින්, ඉතිරි ටිකෙන් සහ මැදපෙරදිග වහල් සේවයෙන් විදේශ විනිමය උපයන, රට වටේට මුහුදක් සහ විශාල ජලජ ජීවී ගහණයක් ඇති නමුත් ඒවා නිසි කළමනාකරණයකට ලක්නොකිරීම නිසා ප්‍රතිලාභ නොලබන රටක් නේද ශ්‍රී ලංකාව? (නි)

:       0       0

හේමන්ත Saturday, 28 November 2015 02:42 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සමන් Saturday, 28 November 2015 02:54 PM

අවුරුදු 30 අපේ හමුදාව ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා ඒ තිබෙන පුහුණුව හොඳටම ඇති. ඇමෙරිකාවට ගහපු වෙලේ අපෙන් උපදෙස් අරගෙන තිබුනලු නේද ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්න. මෙයාලා මේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි බව මතක තියාගන්න. (නි)

:       0       0

තිළිණ Saturday, 28 November 2015 03:01 PM

ලොකු ගණනක් නේද? (නි)

:       0       0

මලිත් Saturday, 28 November 2015 03:38 PM

මොකද්ද වෙන්න යන්නෙ කියලා තේරුම් ගන්න පුළුවන්. පහුගිය කාලෙ එයාලා ඇවිල්ලා අපෙන් පුහුණුව අරගෙන ගියා නේද? ආධාර කියලා දෙන්නෙ ණයම නෙමෙයිද? රටක් තව රටකට ණය ආධාර දෙනකොට දාන කොන්දේසි ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. (නි)

:       0       0

නාමල් Saturday, 28 November 2015 04:01 PM

දැන් ඉතින් අපිට සතුටුවෙන්න පුලුවන් (නි)

:       0       0

විජිත Saturday, 28 November 2015 04:10 PM

හොඳදේට අපි හොඳයි කියන්න පසුබට වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

කීර්ති Saturday, 28 November 2015 04:11 PM

මහ බලවත් පාකිස්ථාන් සහ ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පවා අපේ රටෙන් පුහුණුව ලබාගැනීමට පොර කෑවා. පසුගිය කාලයේ ඔවුන් ලංකාවට පැමිණි අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා ඔබට මතක ඇති. මහ බලවතෙක් ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය පුහුණුව ලබාදෙන බව කියනවා? මෙයාලා එදා අපිට එදා උදව්කළ ආකාරය මතකද? මොවුන් දුර බලායි සැළසුම් ගහන්නෙ. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 28 November 2015 04:20 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සොපි Saturday, 28 November 2015 05:27 PM

කට්ටිය අපිට දැන් හරි ආදරෙයිනෙ ....... (නි)

:       0       0

රූපසිංහ Saturday, 28 November 2015 07:00 PM

දැන් බලන්න ගිය ආණ්ඩුව ආධාර සහ ණය ගන්නකොට මොනවාද අපිට කිවුවේ? දැන් ඉතින් "පටන් ගන්නේ ආධාර වලින්, ඉවර වෙන්නේ ණය වලින්" කියලා නම් පස්සට කියන්න එහෙම එපා. අපි බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

අප්පුහාමි Saturday, 28 November 2015 07:03 PM

අපේ හමුදාව බ්‍රිතාන්‍යයෙන් පුහුණු කරන්න දෙයක් නැහැ. ලොව මවිතකළ යුද්ධය දිනපු එකම හමුදාව අපේ ශ්‍රි ලංකා හමුදාවයි. හැබැයි යුද්ධය දිනුවට පස්සෙ ඔය ලොකු, ලොකු රටවල් දියකාවා මෙහෙයුමට එහෙම සම්බන්ධ වෙලා අපෙන් නම් ඉගෙනගත්තා (නි)

:       0       0

සුසන්ත Saturday, 28 November 2015 07:47 PM

බ්‍රිතාන්‍යය එදා ඉඳලාම අපිට දුන් උදවු වල රඟ තමයි තාමත් අපි විඳින්නේ, උතුරු නැගෙනහිර ප්‍රශ්නයත් ඇතුළුව. (නි)

:       0       0

සුසන්ත Saturday, 28 November 2015 07:48 PM

අනිත් රටවලට ආධාරදීම කෙසේවෙතත් බ්‍රිතාන්‍යයත් යන්නේ චීන සල්ලිවලින්. (නි)

:       0       0

අහමඩ් Sunday, 29 November 2015 12:15 AM

මේක තමයි යහපාලනය කියන්නේ.... මොනතරම් සතුටුද? (නි)

:       0       0

මනෝජ් Sunday, 29 November 2015 12:58 AM

බ්‍රිතාන්‍ය ආධාර වලින් ඒ අය හැදුව බලාගාර තමයි තාමත් හරියට දුවන්නේ. නොරොච්චෝලේ වගේ චීන කබල් නෙමෙයි. මේ එකක් විතරයි. (නි)

:       0       0

රසික Sunday, 29 November 2015 07:31 PM

මේක හම්බවෙලා තියෙන්නේ මොන කොන්දේසි උඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

කුමාර් Sunday, 29 November 2015 03:24 AM

දුන්න ලොකුම තෑග්ග සතවර්ෂ එකහමාරක වහල් භාවය .තවත් ඇති වෙලා නෑ (ම)

:       0       0

සිරි අයියා Sunday, 29 November 2015 04:43 AM

බ්‍රිතාන්‍ය අධි රාජ්‍යය විසින් රටේ ජන සංයුතියට, උඩරට ජන ජීවිතයට, ඌවේ ජනතාවට කළ හානිය ගණනය කළ නොහැක.(ම)

:       0       0

ඉන්දික Sunday, 29 November 2015 07:30 AM

පක්ෂය පාවා දුන් කෙනෙකුට රට පාවා දීම කජ්ජක්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 183 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1518 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 948 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1543 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1147 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2695 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20766 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19698 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site