බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් අද පස්වරුවේ හමුදා ගුවන් යානයකින් පලාලි ගුවන් තොටටත් එතැනින් යාපන නගරයටත් ගියේය.
ඔහු උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් යාපන පුස්තකාලයේදී හමුවී සාකච්ඡා ඇරැඹිය.
මහ ඇමැති හමු වීමට යද්දී යාපන නගරයේ පිරිසක් ඔහුගේ කාරය නතර කරන්නට උත්සාහ ගත්හ.
යුද සමයේ අතුරුදන් වු දු දරුවන්ගේ මව් පියන් වු ඔවුන්ට කැමරන්ගේ කාරය නතර කර ගත නොහැකි විය.එහෙත් මාධ්‍යවේදීන් ගමන් කළ රියක් නතර කර ගත හැකි විය.
බ්‍රිතාන්‍ය අගමැති උදයන් පුවත්පත් කාර්යාලයට ද ගියේය.
(ඡායාරූප රොමේෂ් මධුසංඛ)
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍යය අගමැති යාපනයේ
ප්‍රභා Friday, 15 November 2013 06:12 PM
සුදත්, සභාපතිකම ලැබුණ එක හොඳයි. ඒත් මේ සංගමයේ සභාපතිකම ලැබුණා කියලා අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන දෙයක් තිබේද? කැමරන් ලංකාවට ඇවිල්ලා ගුවන් තොටුපොළේදී හැසිරුණේ අපි තවම ඔවුන්ගෙ යටත් විජිතයක් කියලා හිතාගෙන වගේ. අපි ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් වෙනතුරු අපට මේ කෙනෙහිලිකම් විඳින්න වෙනවා. ඒ නිසා චෝගම්වලින් හොඳ ආයෝජන ටිකක් ඇවිල්ලා රටේ ආර්ථිකය ශක්තිමත් වුණොත් ඒක තමයි සැබෑ ජයග්‍රහණය. (නි)
ආරියසේන Friday, 15 November 2013 11:02 PM
දැන් නම් ඕන රාජ්‍ය නායකකුට උතුරට යන්න නිදහස තියෙනවා,නමුත් ඒ දවස්වල ගිය අය ආපසු එන්නේ නැහැ. අනෙක් රටවල රාජ්‍යනායකයෝ ලක් රජයට ස්තුති කරන්න ඕන ඒ අවස්තාව ලබාදුන්නට.(දී)
සඳරුවන් ලන්ඩන් Friday, 15 November 2013 11:06 PM
ලන්ඩන් ඉන්න සමහර දේශද්‍රෝහී සිංහලයෝ අපේ රට පාවා දෙනවා කොටින්ගෙන් ලැබෙන කෑම පිගානට. මගේ ශ්‍රී ලංකාවට බුදුසරණයි!(දී)
රන්ජනී Saturday, 16 November 2013 04:24 PM
හර්ෂ,මමත් කියන්නේ ඒ ටිකම තමා, හැමදේටම පාරට බහින මිනිස්සු කෝ? ගෙවල්වලට පැනලා පවුල් පිටින් විනාශ කළා.ඕක තමා සිංහලයට ඉක්මනින්ම අමතක වෙනවා කියන්නේ.එයාලට එහෙම අමතක වෙන්නේ නැහැ.විශේෂයෙන් භාෂාව. (නි)
කමල් Friday, 15 November 2013 06:27 PM
මහ ඇමැතිවරු නවදෙනෙක් ඉන්න රටක එක මහ ඇමැති කෙනෙකුට අසමානව සැළකීම ටිකක් හොද මදි නේද? (නි)
බන්දුල පෙරේරා Friday, 15 November 2013 06:33 PM
අපේ ජනාධිපතිතුමාට දේශනයක් තියන්න ගෙන්නලා කළ අපහාසයට උත්තරයක් දෙන්න තිබුනා නම් තමයි හොද? සුද්දන්ගේ රටේ සුද්දට ගිය කල! (නි)
සෙන Friday, 15 November 2013 11:10 PM
නැති උන අය හොයල දෙන්න කියන්න ඕන සෙබලෙක්ටනේ අනේ.මෙයාලට කියල වැඩක් නැහැ අනෙක මේ යාපනේ අයට විතරද මේ ප්‍රශ්නේ අපේ නැති උන අයගේකව්රුත් අහන්නේ නැද්ද(දී)
රනිල් Friday, 15 November 2013 06:33 PM
අවස්ථාවාදී දේශපාලනයට ඇස් කන් නොමැත (නි)
ශ්‍රියානි Friday, 15 November 2013 11:24 PM
යාපනේ ගියත් බලන්න තොන්නේ එකම ටික තමා (දී)
ටිරාන් Friday, 15 November 2013 11:24 PM
හොදයි ගිහින් බලන්න දීපු එක (දී)
දුලා Friday, 15 November 2013 11:44 PM
ඔන්න ඉතින් ඇවිල්ල වද කරගන්නමෙයාලට යාපනේ ගැන කැක්කුමක් තිබුන නම් මීට කලින්නේ එන්න තිබුනනේ . මේගොල්ලන් ඔක්කොම එකගලෙන් කුරුල්ලෝ මරණ අය. (දිල්)
අන්ස්ලාම් Saturday, 16 November 2013 12:14 AM
ඩේවිඩ් කැමරොන් සිහලයන් හට අපහස කලා (දී)
ගෙශාන් Saturday, 16 November 2013 12:14 AM
යාපනේ ගිහිල්ල මොනවද කරගත්තේ? (දී)
අසංග Saturday, 16 November 2013 10:13 AM
කෙළේ ගුණයක් දන්නේ නැති සමහරක් යාපනයේ ජනතාව. මේ අය දැන් පොඩ්ඩක් හිතන්න ඕනෑ දැන් කොච්චර නිදහසේ ජීවත් වෙනවද කියලා.කෙසේ වෙතත් අපේ ජනාධිපතිතුමා ඉන්නකන් රට දෙකඩ කරන්න කාටවත්ම ලැබෙන්නේ නැහැ. (නි)
අබ්දුල් Saturday, 16 November 2013 10:28 AM
ඉස්සර යාපනයට යන්න කිවුවොත් සුද්දන්ගෙත් කකුල් ගැහෙනවා. දැන් මෙහෙම යන්නේ කවුරු නිසාද කියලා හිතන්නෙ නැහැ (නි)
ඩල් Sunday, 17 November 2013 03:23 AM
මේ සුද්දට ඊර්ෂ්‍යා ඇති, අපේ ජනාධිපතිතුමා යුද්ධයක් දිනුවට (නි)
ගාමිණි Friday, 15 November 2013 07:09 PM
කෝ මේ ආණ්ඩුවේ උද්ගෝෂණය කරන අය ටික? කෝ අර සේනාව? අපරාදේ.දරුවෝ නැති අම්මලා ඒ වේදනාව දන්නේ. හිතාගෙන ඇති සැණකෙළි කළොත් විතරක් රට දියුණු වෙයි කියලා. (නි)
පෙත්තා Saturday, 16 November 2013 12:30 AM
ලංකාවේ සිංහයෝ කැමරොන් පිළිගන්න එයාපෝට් යන්න බැනර්ටිකක් හදාගෙන.10 දෙනෙක් උනත් කමක් නෑ රටවෙනුවෙන්. (දී)
මර්ලන් ද සිල්වා Saturday, 16 November 2013 12:35 AM
ඔය උතුර පැත්තේ අතුරුදහන් සහ මිය ගිය කට්ටිය කියල පින්තුර කියල පෙන්නගෙන ඉන්න අය කොච්චරක් ලෝකේ රටවල් වලද කියල කවුද කොහොමද දන්නේ ,ඇත්තටම රට බේරගන්න සටන් කරලා මිය ගිය අබ්බගාත උන රණ විරුවන් ගැන සහ බෝම්බ වලට මිය ගිය ගැන බලන්න මානව හිමිකම් හොයන්න ඔය විදේශිකයෝ යන්නැද්ද ,අසාදාරණය ලොව රජ කරයි ,විපක්ෂය හැසිරීමත් අන්තිමයි ,ඔය ප්‍රශ්නවලට මුහුණ දෙන්න අපේ පොලිසියටත් මේ රටවල වගේ බොඩි ආමර් ඇතුව සන්නද්ද කරන්න ඕනේ ,ජල්තර කාරයෝ ලම්බෝගිනි පොර්චේ වලින් ගිහින් වැරදි කරනකොට පොලිසියට අල්ලන්න එලවන්න තියෙන්නේ පොඩි හුන්දායි කාර් වලින් ඔහොමයි හැටි මෙහෙ ලොකු වාහන වැඩිවෙනකොට ඊට වඩා වේගවත් පොලිස් වාහන ඒවා නිසා තමයි හරියට නිතිය කරන්නේ. (දී)
හර්බට් Saturday, 16 November 2013 10:49 AM
කොටි බෝම්බ වලින් මැරුණු අහිංසක සිංහල මිනිස්සු ගැන මෙයාල අහන්නේ නැද්ද.අපේ ජනාධිපතුතුමාට ධෛර්යය ශක්තිය ලැබේව අපේ රට ආරක්ෂා කිරීමට. (දී)
යසිත Friday, 15 November 2013 07:31 PM
යාපනය සාමකාමිද? (දී)
චමින්ද ජයනාත් Friday, 15 November 2013 07:31 PM
එන පොටනම් හොද නෑ වගේ...කෝ දැන් මහලෝකුවට කෑ ගහන අපේ කට්ටිය. අනේ මන්ද මෙහෙම ගියොත්....(දී)
ජිත් Friday, 15 November 2013 07:43 PM
පව්, මෙයාගෙ ආසාවනේ!(දී)
රාජේශ් Friday, 15 November 2013 03:48 PM
කෝ මේ ...වීර....සුමනේ...බන්දුල...අරය මෙය කොහෙද ගියෙ...දාමුකෝ බලන්න අදහස් ටිකක්... (ස)
සුදත් රෝහණ Friday, 15 November 2013 07:54 PM
ප්‍රභා,අඩුගනනෙ මානව හිමිකම් රකින්න උත්සහ කරයි නේද.එහෙම නොකලොත් චෝදනා එන්නෙ ජනාධිපතිට නොවෙයි.චොගම් සභාපතිට..මම හිතුවේ කතා කිරීමේ සහ ලිවීමේ නිදහස,වෙඩි නොකා සිටීමේ අයිතිය මේ නිසා හරි දුප්පත් අපට ලැබෙයි කියල..ටිකක් බයවෙනව නේද.? නැත්නම් යනවිදිහ අවුලක්...(දී)
සුදත් රෝහණ Friday, 15 November 2013 07:54 PM
ප්‍රභා,අඩුගනනෙ මානව හිමිකම් රකින්න උත්සහ කරයි නේද.එහෙම නොකලොත් චෝදනා එන්නෙ ජනාධිපතිට නොවෙයි.චොගම් සභාපතිට..මම හිතුවේ කතා කිරීමේ සහ ලිවීමේ නිදහස,වෙඩි නොකා සිටීමේ අයිතිය මේ නිසා හරි දුප්පත් අපට ලැබෙයි කියල..ටිකක් බයවෙනව නේද.? නැත්නම් යනවිදිහ අවුලක්...(දී)
මලිත් චාමික Saturday, 16 November 2013 12:34 PM
යකෝ මේ පිට රටවල් වල කීප දෙනෙකුටනේ යාපනය ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ...අපේ සිංහල මිනිස්සු කොයි තරම් නැති උනාද මේ කොටි නිසා... ඒවා ගැන අහන්න මොකෙක් වත් නැ... (දිල්)
පිටිගල මිලානෝ Friday, 15 November 2013 04:00 PM
දරුවන් බේරගන්න නම් මෙම දෙමාපියන් ඒ දවස් වල නතර කරන්න තිබුනේ අර නන්දිකඩාල් පැත්තෙන් හොරෙන් මාරු වෙන්න ගිය මීනී මරු තක්කඩියවයි. දැන් කැමරුන්ව නවත්තලා මොනා කරන්නද? (ස)
සම් Friday, 15 November 2013 04:02 PM
චැනල් 4 කට්ටියට උතුරට යන්න නොදීම තුලින් එයාලට කරපු උදව්ව කොපමණද කියල අපේ ගොන්නු තේරුම් ගන්න කල් යයි.නාලිකාවක් හැටියට ඒක එයාලට ජයග්‍රහණයක්.උතුරේ හිටපු කොටි විතරක් නෙමෙයි රුප රාමු සහිතව තොරතුරු දෙන්න අපේම උනුත් ලන්ඩන් වල පිරිලා ඉන්නවා. එයාලව මෙයාලට කිසිම අපහසුවකින් තොරව මුණ ගැසෙන්න පුළුවන්. (ස)
බිෂාන් Friday, 15 November 2013 07:58 PM
හොදට බලා ගත්තාද? (දී)
අමිල කටුනායක Friday, 15 November 2013 04:11 PM
මෙතුමාට සමුළුවට වඩා වැදගත් වගෙයි යාපනයට යෑම (නි)
කදිරා Saturday, 16 November 2013 02:23 AM
මොක කිව්වවත් ඩේවිඩ් කැමරන් ට බයයි වගේ. අපි දැක්කා අද උදේ එතුමා ලංකාවට බහින කොට දාපු දර්ශනේ ,(දී)
රසා Saturday, 16 November 2013 02:27 AM
ගාමිණි ඔබ හරි (දී)
රනිල් Saturday, 16 November 2013 02:27 AM
අගමැතිට කියලා මොනවා හරි යාපනේ දියුණුවට කර ගන්න තිබුන. (දී)
සංජීව ඇමරිකාව Friday, 15 November 2013 08:23 PM
සෑම්, තාම හිතාගෙන ඉන්නේ ඒ අය අපේ හොඳ ලෝකේ වටේ ගිහිල්ල කියයි කියලද? ඒ අය අපේ හොඳ කීවොත් ඒ අයට එයාලගේ ජොබ් එක නැතිව යනවා.නිකන් සුරන්ගනා කතා හිතන්නේ නැතිව යතාර්ථය තේරුම් ගන්න.(දී)
ඉන්දික Friday, 15 November 2013 08:26 PM
ගාමිණි.හරිම දුකයි නේද ඒ අම්මල ගැන.දකුණේ ඉන්න අම්මලගේ දරුවෝ කීයක් මැරුණද? එතකොට දුක නැද්ද? යාපනයේ ඉන්නවද ඊලමට උදව් නොකරපු දමිල අය? සේනාව ඉන්නේ සිංහල බෞද්ද්යගේ ප්‍රශ්න විසදන්න මිසක් මේ වගේ අගු පිල් හැමතැනම රිංගන්න නෙමේ. (අ)
ශ්‍රීලාල් Saturday, 16 November 2013 02:55 AM
මේක අපේ රට. මේ අයට ඕන ඕන තැන ඕන ඕන විධියට යන්න නිදහස තියෙනවා. ඕනෑම ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නත් පුළුවනි. අපටත් එහෙ ගිහිල්ල මේවා කරන්න පුළුවන් වේවිද? මේ අය තවම අපට සලකන්නේ යටත් විජිතයක් විදියටයි.(නදී)
හර්ෂ Saturday, 16 November 2013 02:56 AM
ලංකාවේ ඉන්න සිංහල මිනිස්සුන්ට බැරිද කොටි මරපු සිංහල මිනිස්සුන්ගේ ෆොටෝ අරගෙන පාරට බැහැල ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න කොටි සිංහල අහිංසක මිනිස්සු මරපු විදිය. සංවිධානය කරන්නකෝ.(නදී)
ලාල් කැන්ඩි Saturday, 16 November 2013 03:18 AM
චැනල් 4 සහ මෙයා අගේ ඉදන් කන කනවා . (නදී)
ජගත් Friday, 15 November 2013 05:06 PM
වැඩේ හරි වගේ.ඔක්කොම කියයි අරයා දැන් මෙයාට. (නි)
සංජීව Saturday, 16 November 2013 05:15 AM
සුදත්, ඔයා ඉපදුනේ 1989 න් පස්සෙද? සිංහල කොල්ලෝ 1989 කාලෙදි මරපු හැටි ඔයාට මතක නැද්ද? හරියට පරීක්ෂණ තැබුවා නම් දැන් අහවලාටත් හිර ගෙදර මේ දවස් වල උළු ගණන් කර කර ඉන්න තිබුණා. බටලන්ද ගැන කාටවත්ම මතක නැද්ද? දැන් එයාලත් මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. (නි)
නඩරාජා Saturday, 16 November 2013 05:36 AM
ඉතිහාසය බැලුවොත් කැමරන් අපේ රටට කළ විනාශය හොදින් පෙනෙනවා. අපිට බැරිද කැමරන්ට විරුද්ධව යමක් කරන්න? (නි)
නඩරාජා Saturday, 16 November 2013 05:45 AM
නැවතත් ඔවුන් හදන්නේ ජාතිභේදය ඇතිකරන්නද? (නි)
ජෙරාඩ් Friday, 15 November 2013 05:09 PM
සම, ලන්ඩන් ඉන්න කොටින්ව අපිට පාලනය කරන්න බැහැ. එහෙත් චැනල් 4 මෙහෙටම ඇවිත් අපිට කොකා පෙන්නලා යනකම් ඔවුන්ට බයවෙලා උඩ බලාගෙන ඉන්නද කියන්නේ? (නි)
කුමාරි Friday, 15 November 2013 05:17 PM
සම්, කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න ඕනෑ. ඔයාය බයනම් අපේ ජනපති චෝගම් ලංකාවේ තියන්නෙ නැහැ (නි)
පෙත්තා Saturday, 16 November 2013 06:23 AM
චැනල් 4 ට විරුද්ධව මහා බ්‍රිතාන්‍යයේ නඩු පැවරීමට ක්‍රමයක් ඇත්නම්....මොවුන් ජාතිබේදය ඇතිකරවනවා (නි)
පෙටී Sunday, 17 November 2013 11:17 AM
ජනගහනයේ අනුපාතයට රජයේ වියදම් පළාත් සබාවලට වෙන් කිරීම වරදක් නොවේ. විදේශ මැදිහත් වීම් මත උතුර කිරි දී අනික් පළාත් වලට කැකිරි බෙදීම නැවතිය යුතුය.(නදී)
සුදත් Friday, 15 November 2013 05:39 PM
අපේ ජනපතිට සභාපතිකම ලැබුන එකම ලොකු දෙයක්. (නි)
සනත් Friday, 15 November 2013 10:08 PM
පොටෝ එකවත් විශ්වාස කරන්න එපා කියන්නේ ඒකනේ.කොටි මරපු අසරණයෝ ගැන කියන්න අහන්න කවුරුත් නෑ.ලංකාවේ ඉන්න එකම මහා ඇමතියා විග්නේශ්වරන්ද?වැඩිපුර අගතියට පත් වෙලා ඉන්නේ සිංහල ජනතාව කොටි සහ උන්ගේ හිතවාදීන්ට ලෝකෙන්ම උදව් ලැබුනට සිංහලයාට විරුද්ධව සමහර සිංහල නම් තියෙන ඊලාම් වාදී අයත් වැඩ කරනවා.එයාලා දන්නේ සේනාවට බනින්න විතරයි. (දී)
චේ Saturday, 16 November 2013 03:41 PM
මෙරටට සාමය ගේන්න මිය ගිය සහ අතුරුදහන් වුන හමුදාවල පවුල්වල අය හමුවන්න යන්නේ නැද්ද? අද මෙහෙම ඇවිල්ල සියලු රඟපෑම් කරන්නේ ත්‍රිවිද හමුදාවට පින්සිද්ද වෙන්න .මේ කට්ටියටත් කවදා හරි අලි මරපු සුද්දට වගේ අකුණු වලින් පිළිතුරු ලැබේවි.(නදී)
සුදත් Saturday, 16 November 2013 07:44 AM
සංජිව,මට 1971 ඉඳලා මතකයි.1989 ට පෙර 1983 ත් මතකයි. වැලිවේරියත් මතකයි.ඉතින් ඔය තත්ත්වය හැමදාම තියෙන්න ඕනෑද? (නි)
පෙත්තා Saturday, 16 November 2013 10:19 PM
මොවුන් හදන්නේ මේක සිරියාවක් කරන්නද? (නි)