IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

යුරෝපා හවුලෙන් වෙන් වීමට ජනමත විචාරණයෙන් මහා බ්‍රිතාන්‍ය තීරණය කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අගමැති පදවියෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ සිටිය යුතු යැයි 2013 සිට හඬක් නැගූ ඩේවිඩ් කැමරන් ජනමත විචාරණයෙන් පරාජය වීම ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව වී ඇත.

ලබන ඔක්තෝබරයේ කන්සවේටිව් පක්ෂයේ වාර්ෂික සමුළුවේ දී අප අලුත් අගමැති කෙනකු තෝරා ගත යුතුයැයි බ්‍රිතාන්‍ය ඩවුන් වීඩියෝ අංක 10 අගමැති නිවසේ දී මාධ්‍යවේදීන් සමග  කීවේය

ජනමත විචාරණය ප්‍රතිඵලයත් සමඟ ඩේවිඩ් කැමරන් ජාතිය ඇමැතීය.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු යැයි 17,410,742ක්  ජනමත විචාරණයේ දී ඡන්දය දී ඇත.

වසර 31කට පසු බ්‍රිතාන්‍ය පවුම පහළම මට්ටමට වැටුණේය.

index



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

රුවන් Friday, 24 June 2016 06:47 PM

සුනිල් පෙරේරා, ඔබ කොච්චර හරිද කියලා තේරෙන්නේ දැනුයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 24 June 2016 08:50 AM

එ් එංගලන්තේනේ. ලංකාව නොවේ (නි)

:       0       0

විජේ Friday, 24 June 2016 09:04 AM

මේ ගැන ඔබතුමා ශ්‍රී ලංකාවේ මහත්තුරුන්ගෙන් ඇහුවේ නැද්ද? එහෙම උපදෙස් නැතුව නිකම් මෝඩ තීරණ ගන්න එපා (නි)

:       0       0

ජයන්ත Friday, 24 June 2016 09:03 AM

අපේ රටේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

නුවන් Friday, 24 June 2016 09:10 AM

අපරාදේ අපේ අයගෙන් උපදෙස් නොගත්තේ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 25 June 2016 11:46 AM

එංගලන්ත ජනතාව යුරෝපා හවුලෙන් ඉවත්වු‍ණේ පිටරැටියන් තම රටට එන එක වළක්වන්න. ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් අපේ අයගේ රැකියා අරගන්න එක නවත්වන්න ඇයි අපිට බැරි කියලත් හිතමු. අපිට එපා දෙයක් කරන ආණ්ඩුවක් ගෙදර යවන්න අපිටත් පුළුවන්. (නි)

:       0       0

ලක්ෂි Friday, 24 June 2016 09:16 AM

මෙහේදි නම් ජනතාව ඡන්දෙදි ප්‍රතික්ෂේප කිරීම අැමති කෙනෙක් වීමට සුදුසුකමක්. (නි)

:       0       0

නයෝමි Friday, 24 June 2016 09:16 AM

ජනමතයට ගරු කරලා වැදගත්කම තියාගෙන කැමරන් මහතා ඉවත් වෙනවා. ඉන් පසුව මේ මහත්වරු, මහත්වරු වගේ ජීවත්වෙනවා. කකුලෙන් අදින්නේ නැතුව. ඒ ඉන්නේ වැදගත් දේශපාලකයින්. ඒකට අපේ රටේ සමහර අය. (නි)

:       0       0

දහම් Friday, 24 June 2016 09:20 AM

චන්ද්‍ර, එ්ක තමයි ජනමතය. දිනපු අයට ජනමතයක් තියෙනවද උතුරේ නැගෙනහිර හැර. (නි)

:       0       0

අසෝකා Friday, 24 June 2016 10:02 PM

අපේ අය මෙහෙන් එහාට ගිහින් එහෙ දේවල් වර්ණනා කර කර ඒගොල්ලෝ එහෙත් ලංකාවේ විදියටම පක්ෂ බේද ආගම බේද ඒ රටවලත් ඇතිකරනවා. කොහෙන්හරි කමක් නැහැ හරි දේ පිළිගන්න පුරුදුවෙන්න! (නි)

:       0       0

විපුල Friday, 24 June 2016 09:24 AM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද Friday, 24 June 2016 09:31 AM

ඉල්ලා අස්වෙලා වෙන කෙනෙකුට නායකත්වය දීලා පස්සේ පොදු විපක්ෂයක් ගොඩනඟමු (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 24 June 2016 09:34 AM

ඔහු ලංකාවේදී රඟපු නාඩගමේ අනුහස් .... මේ බෞද්ධ දේශයට තරවටු කරන හැමෝටම පටිසන් දෙනවා. එ්ත් ඔහු අවංක නායකයෙක් වගේ. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 24 June 2016 09:36 AM

අපේ ලොක්කෝ මේගොල්ලන්ව ආදර්ශයට ගත්තා නම් ඉර අනිත් පැත්තෙන් පායයි. කිසිම දෙයකට තණ්හාවක් නැති, බොහොම නිහතමානිව බෞද්ධ දර්ශනයට අනුව බ්‍රිතාන්‍ය පාලකයෝ තමයි පාලනය ගෙනියන්නේ. (නි)

:       0       0

ලලිත් Friday, 24 June 2016 11:11 PM

කොහොම වුණත් අපේ කට්ටිය කියාවි මේ අර්බුදය නිසා තමයි අපිට හරියට රට සංවර්ධනය කරන්න නොලැබුණේ. ඒකනිසා මීළඟ වතාවේ අායෙත් පත්කරන්න, එතකොට තත්වය සමනය වෙලා තිබුනොත් අපේ වැඩ පෙන්වන්නම් කියලා (නි)

:       0       0

සුසන්ත Friday, 24 June 2016 10:00 AM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

සුසිල් Saturday, 25 June 2016 06:51 PM

27 වරක් පරාද වුණාම එයාට කිව්වෙ විපක්ෂ නායක කියලා. පරාදවුණ රජාට තාමත් රජා කියනවා. ඕක තමයි අන්ධ භක්තිය (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 24 June 2016 10:15 AM

සුද්දන්ගේ හැටි එහෙම තමයි (නි)

:       0       0

දීප්ති Friday, 24 June 2016 10:17 AM

29 වතාවක් පරාජය වෙලත් වර්තමාන අගමැතිතුමා ගෙදර ගියේ නැහැනේ (නි)

:       0       0

ටිරෝන් Saturday, 25 June 2016 07:49 PM

ඒගොල්ලන්ගේ රටට ඕනෑ විදියට නීති හදාගනීවි (නි)

:       0       0

උපසේන Friday, 24 June 2016 10:20 AM

ලංකාවේ කවුරුවත් පරාජය වෙලා නැහැනේ. සුළු පසුබැසීමක් විතරයි. (නි)

:       0       0

රාජසිංහ Saturday, 25 June 2016 11:41 PM

එ්කට අපේ දේශපාලුවෝ? දෙපාරක් එළවලත් මේකෙම එල්ලිලා ඉන්න බලනවා මොන මගඩියක් හරි කරලා. දැන්වත් යන්නකෝ, පින්සිද්ධ වෙයි (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 24 June 2016 10:27 AM

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රඳවා ගැනීමට එංගලන්තයට ගොස් කැම්පේන් කළ ලංකාවේ ඇමතිවරුත් හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ (නි)

:       0       0

ටෙෂාන් Friday, 24 June 2016 10:27 AM

නියම ජනතා නායකයෝ කියන්නේ මේ අයට. (නි)

:       0       0

ප්‍රතාප් Sunday, 26 June 2016 12:44 AM

ඡන්ද ප්‍රතිඵල පිටවෙන්නත් කලින් උදේ 3 ට බලය අතහැරීමට තීරණය කර උදේ 5 ට අගමැති මැදුරෙන් පිටවුණ ජනාධිපති කෙනෙක් අපිට හිටියා. ශ්‍රී ලාංකිකයෙක් විදියට පක්ෂ බේදයෙන් තොරව ඒ ගැන ආඩම්බර වෙන්න. පැරදුන ජනාධිපති බලන්න ලක්ෂ 30 කට වැඩි ජනතාවක් එතුමාගේ ගෙදරට ගොස් ආචාර කර එතුමාට නැවත දේශපාලනයට ආරාධනා කළා. ඒක ලෝකයටම එකයි. (නි)

:       0       0

විජිත් Friday, 24 June 2016 10:29 AM

අපේ රටේ වගේ ගෝත්‍රිකයින් නොවෙයි ඒ රටවල ඉන්නේ. වැදගත්, උගත්, බුද්ධිමත්, ජනමතයට හිස නමන මහත්වරු (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:37 AM

ලංකාවේ කොහෙද මහත්තුරු දේශපාලනය කරන්නේ? (නි)

:       0       0

උක්වත්ත Friday, 24 June 2016 10:35 AM

අපරාදෙනේ! අපේ කට්ටියගෙන් ඇහුවේ නැද්ද මොකුත්? (නි)

:       0       0

භද්‍රානි Sunday, 26 June 2016 04:18 AM

ප්‍රතාප්, ඔතන තිබෙන ප්‍රශ්නය තමයි අපේ රටේ දේශපාලකයින් ගැන අපට විශ්වාසයක් නැතිකම. ඔය ඔක්කොම කරන්නේ තක්කඩි වැඩනේ. වරදාන, වරප්‍රසාද භුක්ති විඳින අයට ඔය දේශපාලකයින් කරන විහිලු මැජික් වුණානාට, තම දෑතේ වීරියෙන් හරිහම්බ කරගෙන කන උත්සාහවන්ත, බුද්ධිමත් මිනිසුන්ට ඕවා තවත් සෙප්පඩ විජ්ජා පමණයි. (නි)

:       0       0

ප්‍රියංකර Friday, 24 June 2016 10:46 AM

එහෙම වෙන්නේ, ඒ ජනාධිපතිවරු ලබන්නේ වැටුප විතරයි. එ්කට ලංකාවේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 25 June 2016 03:57 AM

ඔහොම තමයි නොදියුණු රටවල් වල නායකයෝ. ලංකාවේ වගේ දියුණු වුණ රටවල් වල නායකයින්ගෙන් මේගොල්ලෝ ආදර්ශ ගන්න ඕනෑ (නි)

:       0       0

සිරි Friday, 24 June 2016 11:06 AM

අඬන්න බලාගෙන හිටපු මිනිහගේ ඇනුනේ නැද්ද ඇහේ ඇඟිල්ලක්?? (නි)

:       0       0

අබරන් Friday, 24 June 2016 12:02 PM

මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ....(ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 24 June 2016 12:15 PM

ලංකාවේ නම් දුම්මල ගහලාවත් යන්නේ නැහැ (නි)

:       0       0

රත්නසිරි Friday, 24 June 2016 12:31 PM

මෙහෙ අයත් දැන් වසර එකහමාරක් බැරි බව ඔප්පු කළා නේද?ඒත් දාලා නම් යන්නේ නැහැ (නි)

:       0       0

අමාලි Saturday, 25 June 2016 06:07 AM

අනේ අපේ රටෙත් මෙහෙම වෙනවනම් කොච්චර ෂෝක්ද.? (ර)

:       0       0

උපාලි Saturday, 25 June 2016 06:12 AM

බෙනට්, ඔබ හරියටම හරි. අපේ මිනිස්සු වැඩි දෙනෙක් කැපුවත් ලේ අහවල් පාටයි කියන උදවිය. අන්ධ පුද්ගල වන්දනාව මිසක් දේශපාලනඥයාගේ ක්‍රියාව අනුව ඔවුන්ව විනිශ්චය කරන්න හිතන්නේ නැහැ. දේශපාලනඥයෝ කියන්නේ අපෙන් වැටුප් ලබන අපෙන් වරප්‍රසාද ලබන මහජන සේවක කොට්ටාශයක් කියල හිතන්න පුරුදු වෙනතාක් පුද්ගල දේවත්වාරෝපනය පවතීවි. දකුණු ඉන්දියාවට වඩා අපේ වෙනසක් නැහැ නේද? (ර)

:       0       0

බන්දුල Saturday, 25 June 2016 07:00 AM

ඔහොම ඉල්ලා අස්වෙනවනම් අපේ කීදෙනෙක් ඉන්නවද. එත් මලාට යන්නේ නැහැ. (ර)

:       0       0

ප්‍රනාන්දු Sunday, 26 June 2016 08:47 PM

ස්වේච්ඡා දේශපාලන පක්ෂයක් බිහිවී ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාවේ පාලනය ලබාගත් යුගයක මෙවන් සිදුවීම් අපිට දැකීමට ඇසීමට ලැබේවි (නි)

:       0       0

නලින් Friday, 24 June 2016 07:46 AM

ඔන්න ජනමතයට ගරුකරන නායකයෝ (ම)

:       0       0

නිම්මි Friday, 24 June 2016 03:10 PM

පරාද වුණත් රජා රජාමයි චන්ද්‍රා. අපිට දුක දැන් රට පාලනය කරන්නේ 27 සැරයක් පරාදවුණ අය වීමයි. ඔයාට එ්ක පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

රුචිර Friday, 24 June 2016 07:53 AM

එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ අගමැති ජනසේවය අත්හරින්නේ නෑ (බ)

:       0       0

උපාලි Friday, 24 June 2016 07:59 AM

අනේ ඇයි ඔහොම පොඩි දේකටත් ඉල්ලා අස්වෙන්නේ? අපෙන් ගන්නකො ආදර්ශයක්. අපිනම් දුම්මල ගැහුවට වත් යන්නේ නෑ.(බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 24 June 2016 07:55 AM

එහෙම වෙන්නෙ මොන රටේද එංගලන්තෙ (බ)

:       0       0

විජිත ප්‍රසන්න Friday, 24 June 2016 08:06 AM

එංගලන්තේ එහෙම වුණාට ලංකාවේ අය කවදාවත් ඉල්ලා අස්වෙන්නේ නැහැ. (නි)

:       0       0

සිතිජ Friday, 24 June 2016 08:13 AM

දුම්මල ගසාවත් එළවාගත නොහැකි ලාංකීය පරාජිත දේශපාලකයන් ඩේවිඩ් කැමරන් වෙතින් උගතයුතු පාඩම් බොහෝය. මහත්මා දේශපාලකයන් ලංකාවේ කවදා බිහිවේද?

:       0       0

හෆීල් Friday, 24 June 2016 08:10 AM

කැමරන් අගමැතිතුමා එහෙම වුණාට, අපේ අය එහෙම නැහැ (නි)

:       0       0

චන්දික Friday, 24 June 2016 08:11 AM

මෙහෙමයි නායකයෝ කළ‍යුත්තේ. (නි)

:       0       0

සුපුන් Friday, 24 June 2016 08:17 AM

අන්න නායකයෝ නම් ඉල්ලලම අස්වෙයි. අනේ වාසනාවන්! ඔය බටහිරට බැන බැන ඉන්න එහෙයියෝ මේ ප්‍රවෘත්තිය දියකරලා බිවුවා නම්..... (නි)

:       0       0

නුවන් Saturday, 25 June 2016 09:45 AM

ලාංකික ඡන්ද දායකයාගේ සහ පැරදුනු දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම බලාගන්න කදිම අවස්ථාවක්, මහත්මා ගති කියන ඒවා අපි ළඟ නැහැ. (ර)

:       0       0

රිචි බාලසුරිය Friday, 24 June 2016 04:37 PM

ඔන්න මහත්මා ගතිගුණ තිබෙන මිනිස්සු සහ රටවල්. එ්කට අපේ රට! පැරදුනත් යන්නේ නැහැ. හොරකම් කරලා අසුවෙලා හිරේ ගියත්, මිනීමරලා අසුවුණත් පාර්ලිමේන්තුව දේශපාලනය දාලා යන්නේ නැහැ (නි)

:       0       0

විජේ Friday, 24 June 2016 08:18 AM

එක නේන්නම් නලින්. අපේ අය පැරදුනත් ගෙදර ඉන්නේ නැහැ. ආයෙත් ආශ්චර්යක් ගෙනෙන්න හදනවා. (නි)

:       0       0

සොපි Saturday, 25 June 2016 09:47 AM

අපේ මිනිස්සු නුසුදුස්සන්වත් පාර්ලිමේන්තු යවනවා තමයි. ඒ වගේම එපා කියලා පරාද කරපු අයත් ඔය අපුරුවට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ... ජනතාවට විතරක් දොස් කියලා වැඩක් නැහැ. (ර)

:       0       0

සමන් Friday, 24 June 2016 08:19 AM

මන්ත්‍රී කෙනෙක් වෙලා එන්න වෙන පළාතකින් ඡන්දෙ ඉල්ලයිද? (නි)

:       0       0

සමන් Friday, 24 June 2016 08:23 AM

එතකොට මෙහෙ හිටියේ එහෙම නැති අයද?

:       0       0

පළිහවඩන Friday, 24 June 2016 08:27 AM

බලය රැකගන්න රට පාවානොදෙන නායකයෙක් (නි)

:       0       0

විපුල Saturday, 25 June 2016 10:10 AM

ලංකාවෙ නම් පැරදි පැරදි ආයෙත් එනවා. ඒ එන අයට බලය දෙනවා. බලය දීලා හූල්ලනවා. අපේ ජනතාවගේ උගත්කම මදි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 24 June 2016 08:33 AM

මෙහෙ පරාදවෙලත් තාම රජ වරු. (ම)

:       0       0

ලකී Friday, 24 June 2016 08:38 AM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 145 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 195 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 185 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 220 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1235 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 799 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site