IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ

යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි.

පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය.

හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, හිමිකරු එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන සිටිය යුතු වෙයි. එසේ කළ යුතු වන්නේ උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවිය හැකි බැවිනි.

කෙසේ නමුත් සුනාක් පවුල ඔවුන්ගේ බලු සුරතලා උද්‍යානයට රැගෙනවිත් සිටියේ දම්වැලකින් ඌ ගැට ගසාගෙන නොවෙයි.

උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ අතර, සිදු කර වරදට අග්‍රාමාත්‍යවරයාට අදාල දඩ මුදල ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

මීට මාස කීපයකට පෙර ද අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ලන්ඩන් පොලිසියෙන් දඩ කෑවේය. ඒ, ඔහු තත්ත්පර කීපයකට, ආසන පටි නොපැලඳ මෝටර් රථයේ පසුපස අසුනේ අසුන් ගෙන, ජංගම දුරකතනයෙන් වීඩියෝවකට පෙනී සිටි බැවිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (14)

බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ

Perera Wednesday, 15 March 2023 06:18 AM

ඔහොම අගමැති වැඩ කරන්නේ ලංකාව වගේ බ්‍රිතාන්‍ය දියුණු නැති නිසානේ.

:       0       2

ranjith Wednesday, 15 March 2023 06:22 AM

මෙවැනි උගත් වැදගත් පොලිසියක් දියුණු රටවල තියෙනවා.

:       2       37

සක්‍යා Wednesday, 15 March 2023 06:37 AM

සපේ රට කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද? කප්පම් අරගෙන මිනීමරලත් කිසිදෙයක් නොවුණු ගානට ඇමැතිදුර දැරීමට තරම්

:       2       36

Samitha Senaka Aluthgamage. Wednesday, 15 March 2023 07:34 AM

අපේ රටට සාපේක්ෂව ඒ රටවල ක්‍රියාත්මක වන නීතිය මොනතරම් අගනේද ? ඒ වැනි නීතිය ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් මෙරට තිබුණේ නම්, රට කෑ දූෂිතයන් හා ඔවුන් රකිනා අය අද ඉන්නේ සිරගෙවල් වල නේද ?

:       2       40

Krishan Wednesday, 15 March 2023 08:08 AM

බටහිර රටවල් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තත්ත්වය, බලය නොසැලකීම දෙස බලා අපට පුදුම වීමට පමණක් පුළුවන්. අපට ඒවා තව කල්පයකදී වුව කල හැකි දේ නොවන නිසා. මේවා අතිශෝක්තියකින් කරන දේ යැයි ද විටක සිතේ.

:       3       49

jayasekara Wednesday, 15 March 2023 09:46 AM

අගමැති උනත් සම්භවය... දකුණු ආසියාතික ඉන්දියන් නේ....

:       10       28

ජගත් ලියනගේ Wednesday, 15 March 2023 11:07 AM

ලංකාවේ පොලිසියට ඔහොම එකක් කරන්න තියා , හිතන්න වත් බැහැ .

:       0       21

Rohana Wednesday, 15 March 2023 12:05 PM

ලංකාවේ ඔහොම වැඩක් කළොත් දඩගැසූ පොලිස් නිලධාරියා නතර වෙන්නේ ගෙදර තමයි. ලොකු ලොක්කන්ට එක නීතියක්, නැතිබැරි පොඩි එවුන්ට තව නීතියක්...

:       0       19

ravin Wednesday, 15 March 2023 12:32 PM

නීතිය ක්‍රියාත්මක කිරීම නිසා අගමැති අමාරුවේ වැටේ .ඒ එංගලන්තේ එංගලන්තේ //නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් නීති නිලධාරී ආමරුවේ වැටේ මේ ..ලංකාවේ ///

:       0       13

pakeer Wednesday, 15 March 2023 01:53 PM

රිෂී සුනක් හරි මෝඩයි. ලංකාවට ආවානම් ඔය මොකුත් නැහැ. අපේ දේශපාලකයෝ වගේ එරිලා ඉන්න තිබුණා.

:       1       4

Prabha Wednesday, 15 March 2023 02:00 PM

ආරේ ගුණ නෑරේ...

:       3       0

නිහාල් Wednesday, 15 March 2023 02:04 PM

මෙහෙම රටක බඩගින්නේ හිටියත් හිතට සැපයි...

:       0       4

de silva Thursday, 16 March 2023 04:33 PM

අපේ දේශපලකයො නම් ගමන් බිමන් යන්නෙ බල්ලො පිරිවරාගෙන , ඔවුන් සමග ගැවසෙන බල්ලො වැඩි හරියක් හොන්ද මහත රතරන් දම්වැල් බෙල්ලෙ බැදගෙන සිටින නිසා අලුතෙන් දම්වැල් දමන්න අවශ්ය වෙන්නෙ නැහැ , දේශපාලුව , බල්ල සහ නිතිය යන සියල්ල රැකෙනව.

:       0       0

sdsghhhh tjjjjj Saturday, 18 March 2023 10:08 AM

නමේම තියෙනවා කවුද කියලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 259 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 279 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 511 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 262 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 356 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 409 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site