IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ලංකා සගයින්ට පාඩමක්

බ්‍රිතාන්‍ය සභාග රජයේ ප්‍රධාන කණ්ඩායම වන කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් කාස්වෙල් තම දේශපාලන පක්ෂය  මාරුකරමින් බ්‍රිතාන්‍යයේ අලුතින් ජනප්‍රියත්වයට පත්වේගෙන එන "එක්සත් රාජධානියේ ස්වාධීන පක්ෂය" සමඟ එකතුවිය.

ශ්‍රී ලංකාවේ සිදුවන්නාක්මෙන් නොව මේ අවස්ථාවේදී එම මන්ත්‍රී වරයා තම පාර්ලිමේන්තු ආසනයෙන්ද ඉල්ලා අස්වීමට තරම් අවංක විය.

ඔහු කලින් සිටි පක්ෂයේ නායක බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රතිපත්තී සමඟ තමාට එකඟවිය නොහැකි නිසා පක්ෂය මාරුකිරීමට තීරණය කළබව ඔහු පැවසිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් බලයේ සිටින පක්ෂයකින් ඉවත්වී පාර්ලිමේන්තු නියෝජනයකු නොමැති අලුත් පක්ෂයක් සමඟ එකතුවීම පිළිබඳව විවිධ අදහස් පලවී ඇත.

මන්තී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් තව සති දෙක තුනක් ඇතුළත පැවැත්වීමට සිදුවන අතුරු මැතිවරණය සඳහා තමා " බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන්" තරඟ කරන බවද කාස්වෙල් පවසයි.

පසුගිය මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ කල ඔහුට එම ආසනය වැඩි චන්ද 12,000 කින් ජයගැනීමට හැකිවිය.

බ්‍රිතාන්‍යයේ පසුගිය කාලය තුල ක්‍රියාත්මක කෙරුණු " කිසිදු පාලනයකින් තොරව එනඑන සියලුදෙනාම රට තුලට වැද්ද ගැනීමේ ඔල මොට්ටල සංක්‍රමණ ක්‍රියා පටිපාටිය රටේ දියුණුව පසුබෑමකට ලක්කර ඇති බව තමන් තරයේම විශ්වාස කරන බවත්, විශේෂයෙන් යුරෝපා සංගමයට අයත් රටවල ජනයාට එංගලන්තයට නිදහසේ ඇතුළුවීමටත්, එංගලන්තයේ වෛද්‍ය, අධ්‍යාපන සහ සියලුම සුභසාධක පහසුකම් නිසිසේ භුක්ති විඳීමටත් ඉඩ ප්‍රස්තාව සලසා තිබීමත් නිසා එංගලන්තයේ ආර්තිකයට විශාල මෙන්ම අයහපත් බලපෑමක් සිදුවී  ඇති බවත් එමඟින් එංගලන්තයේ සමාජ සංස්ථාව මුළුමනින්ම වෙනස්වී ඇතිබවත්" පවසන ඔහු " මෙම විනාශකාරී ගමන් මග වෙනස් නොකළහොත් එංගලන්තයේ පිරිහීම වැළක්විය නොහැකි බවත් " කියයි.

එවැනි වෙනසක් ඩේවිඩ් කැමරන්ගේ පාලනය තුලින් ඇතිවේයැයි නොසිතන නිසා තමන් එම පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් එංගලන්තයේ අනාගත දියුණුව සඳහා අවශ්‍ය සංක්‍රමණ සහ සරණාගත නීතිරීති වල වෙනසක් සිදුකිරීම සහ යුරෝපා සංගමයෙන් බැහැරව කටයුතු කිරීම වැදගත්බව විශ්ස්වාසකරන ආකාරයේ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බ්‍රිතාන්‍යයේ ස්වාධීන පක්ෂය සඳහා තමාගේ සහයෝගය ලබාදෙන බවද ඔහු පවසයි.

ස්වාධීන පක්ෂය ඉදිරිමැතිවරණයේදී සම්පුර්ණ බලය යොදාගනිමින් තරඟ වැදීමට සුදානමින් සිටින බවත් ඉතාම සුළු කාල සිමාවක් තුල තම පක්ෂය ලබා ඇති ජනප්‍රියත්වය සලකා බලන විට අඩුම වශයෙන් පාර්ලිමේන්තු ආසන 10ක් වත් දිනාගැනීමට හැකිවේය යන විශ්වාශය පක්ෂ සාමාජිකත්වය තුල ඇති බවත් එම පක්ෂයේ නායක නයිජල් ෆරාජ් පවසයි.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී ස්වාධීන පක්ෂය බලාපොරොත්තු නොවූ අන්දමේ ආසන සංඛ්‍යාවක් ජය ගැනීමට සමත් වුහ.

 jjjjjj

 

 

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය මන්ත්‍රීගෙන් ලංකා සගයින්ට පාඩමක්

ඉසුරන්දි Saturday, 30 August 2014 11:43 AM

උගත් මිනිස්සු කොහොමත් මොලෙන් තමයි වැඩ කරන්නේ.(අ)

:       0       0

හේවාවිතාරණ Sunday, 31 August 2014 07:02 PM

බොළඳ අදහස් ලියන අයට මේකත් පාඩමක් තමා (නි)

:       0       0

මිගාර Friday, 29 August 2014 08:59 PM

මේ මේ අපි ඔය අධිරාජ්‍ය සුද්දෝ කරන මෝඩ දේවල් කරන්නේ නැහැ හරිද.(අ)

:       0       0

අවුෂා Saturday, 30 August 2014 12:22 AM

හොඳින' තේරුම් ගත' මනුස්සයේක් , (අ)

:       0       0

දිමුතු Saturday, 30 August 2014 06:35 AM

ලංකාවේ දෙශපාලකයින්ට එහෙම කොන්දක් කොහෙද?එහෙත් නුදුරු අනාගතේදීම යහපත් වෙනසක් ලංකාවේ බලාපොරොත්තු වෙමු. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 August 2014 09:53 AM

නිකමටද වැඩ සුද්දගේ වගේ කිවේ ? (නදී)

:       0       0

ලසා Friday, 29 August 2014 10:19 AM

ලංකාවෙ ඉතින් මේ වගේ දෙයක් අහන්න බලන්න ලැබෙන්නෙ අපි නිදා ගත්තු වෙලාවක හීනෙන් තමා. අපේ කවුරු හරි අයින් වෙන්නෙ තියන තැනට වඩා තැනක් ගන්න. අපේ දේෂපාලකයින්ගෙ තියන හරිම හුරතල් කතාව තමා ''මට පොඩි කලෙ ඉඳලම හරිම ආශාවක් තිබුනා ජනතා සේවයට'' කියන එක. ඊට පස්සෙ, ජනතා සේවයට එනකොට හූනා වගේ හිටපු එකා මෝරා වෙනවා. මෝරා වෙලා හත්මුතු පරම්පරාවකට හොයනවා. ඒ හෙවීම = ජනතා සේවය. (නදී)

:       0       0

මිලානො ජයන්ත Friday, 29 August 2014 10:23 AM

ඩග්ලස් පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියා නම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුනා. එහෙම උනා නම් ඔයාගෙ නෝනාට සොපින් යන්න වාහනයක් ගන්න තිබුනා. (නදී)

:       0       0

මිලානො ජයන්ත Friday, 29 August 2014 10:23 AM

ඩග්ලස්, පොඩ්ඩක් හිතල අපේ පනින රිලවුන්ගෙන් අහල ගියානම් ඩොලර් කෝටියක්වත් සාක්කුවෙ දාගන්න තිබුණ. එහෙම උනානම් ඔයාගෙ නෝනාට සාප්පු යන්න වාහනයක්වත් ගන්න තිබුණා. (ස)

:       0       0

කුමාරි Friday, 29 August 2014 11:12 AM

පෙනෙන විදියට නම් පොකට් එක ගැන නොසිතා රට ගැන හිතන මහත්තයෙක්. (නදී)

:       0       0

රූපවතී Friday, 29 August 2014 01:59 PM

අපේ රටේ කව්ද තම දේශයට ආදරේ කරලා කැපවෙලා දේශපාලනය කටළ් ..? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1727 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1082 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1632 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1141 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site