IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවතදමා මේජර් ජෙනරාල් ප්‍රනාන්දු එම චෝදනාවෙන් නිදහස් කීරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කර ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඒ අනුව, මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම එම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2019 දෙසැම්බර් 06 වනදා ලබා දුන් තීන්දුව ඉවතදමා දැමීමට ද එරට මහාධිකරණය නියම කරනු ලැබ ඇත.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

2019 දෙසැම්බර් 06 වනදා එහි තීන්දුව ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කරන ලෙසය.

ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් බ්‍රිතාන්‍ය මහාධිකරණය ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

 



අදහස් (3)

බ්‍රිතාන්‍ය මහාධිකරණයෙන් මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

SUNIL MILANO Saturday, 20 March 2021 08:09 AM

දැන් මානව හිමිකම් මොකක්ද දන්නේ නැහැ කරන්නේ? බ්‍රිතාන්‍යයට විරුද්ධව නඩු දමයිද? ... දන්නේ නැහැ.

:       2       44

පිටරැටියා Saturday, 20 March 2021 10:52 AM

සර් සමහර විට ලොකු තානාන්තරයක් දෙයි.

:       19       9

Danthe Saturday, 20 March 2021 11:07 AM

බ්‍රිතාන්‍යයෙන් සාධාරණ තීන්දුවක්. ස්තුතියි.

:       3       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා
2025 ජනවාරි මස 05 752 0

මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ


ඇමෙරිකාවේ විස මීදුමක්
2025 ජනවාරි මස 05 332 0

ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ


විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැරියුට් පාරක්
2025 ජනවාරි මස 05 1096 0

ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස


සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
2025 ජනවාරි මස 05 788 0

අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී
2025 ජනවාරි මස 05 308 0

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා


නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්
2025 ජනවාරි මස 05 260 0

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 431 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 208 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site