IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට උසාවියෙන් දොස්

හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපත් කළ පෙත්සමක් ඉවත දැමූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තමා නඩු අසනුයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයයට ඕනෑ විදියට නොවේයැයි කීවේය.

ගමන් බලපත්‍රය ඉල්ලා සිටිය යුත්තේ මහ කොමසාරිස් කාර්යාලයය නොව එය අයිති පුද්ගලයා බව මහේස්ත්‍රාත් කීවේය.

බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ජෝන් රුපියල් 17202ක බිලක් නොගෙවා හෝටලයෙන් පිටවී ගිය බවට කොළඹ ග්‍රෑන් ඔරියන්ටල් හෝටලයේ කළමනාකරු පැමිණිලි කර තිබිණි.

ඇලන්ගේ ගමන් බලපත්‍රය පොලිසියෙන් උසාවියට භාර දී ඇත.

පොලිසිය අධිකරණයට දැන්වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයය බිල ගෙවා ඇති බවයි.

එහෙයින් මෙම කාරණය සමතකයකට පත් කිරීමට හෝටලය ද කැමැත්ත පළ කරයි.

එහෙත් අයිතිකරු වෙනුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිසි නීතිමය ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමක් නොවේයැයි ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට උසාවියෙන් දොස්

සිරිපාල Wednesday, 10 July 2013 04:26 AM

මේ බ්‍රිතාන්‍ය කාර්යයාලයේ කට්ටිය වැඩ කරන හැටි දන්නේ නැහැ. පගාව දුන්නනම් වැඩේ ඉවරනේ.(නදී)

:       0       0

ලාරා Wednesday, 10 July 2013 04:57 AM

මහේස්ත්‍රාත්ට මගෙනුත් මල් මිටියක් ! (නි)

:       0       0

මහේෂ් Wednesday, 10 July 2013 05:17 AM

මෙතැන බ්‍රිතාන්‍යට දොස් කිව්වට වැඩක් තියෙනවද ? ඔය ඔක්කොම දේවල් කියන්නේ කුහකකමට. බ්‍රිතාන්‍යට යන්න චාන්ස් එකක් තියෙනවා නම් මේ කට්ටිය ඔක්කොම යන්නේ උඩින්ම. ඒත් මෙතැන බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ කොහෙත්ම වරදක් නැහැ. ඒ අය කරලා තියෙන්නේ නියම තානාපති සේවයක්. තමන්ගේ ජාතිකයන් රැක ගැනීම සේවය කිරීම කෙරෙන්න ඕනෑ.මේවාවත් බලලා හැදෙනවා නම් ... අනේ අපොයි! (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 July 2013 06:31 PM

පඩ සුද්දෝ හදපු නීති වලින් උන්ටම කරකලා දාන එක නියමයි. උන් හිතන් ඉන්නේ තවම උන්ගේ පාලනය තියෙන්නේ කියලා. නියමයි මහේස්ත්‍රාත් තුමනි, ඔබට අපේ ගෞරවය.(නදී)

:       0       0

ජෙරාඩ් Tuesday, 09 July 2013 06:35 PM

කොන්ද පන ඇති ඔබතුමාට මගේ ප්‍රණාමය ලංකාවේ ලොක්කෝ වැඩිදෙනෙක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බයවෙලා ඉන්නේ එයාලගේ විසා ප්‍රතික්ෂේප කරයි කියලා.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 10 July 2013 07:30 AM

කොන්ද පණ තියෙන මෙවන් විනිසුරුවන් අපේ රටේ ඉන්න එක ගැන අපිට සතුටුයි (නි)

:       0       0

චන්දා Tuesday, 09 July 2013 06:52 PM

සොයා බලන්න වටිනවා යටින් යන ගේම මොකද්ද කියලත්. (ත)

:       0       0

කුමාර Wednesday, 10 July 2013 07:42 AM

තිලිණ ගමගේ කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න පොඩි මිනිහෙක්. හරිම සරල ජිවිතයක් ගතකරන නඩුකාරයෙක් කියල හිතන්නවත් බැරි සුන්දර උසස් මනුශ්ෂයෙක්. ඔහු කැස්බෑව උසාවියේ ඉන්නකොට දීපු තීන්දු හරිම සාදාරනයි. දුප්පතාට කවදාවත් අපහසුතාවයට පත් කරේ නෑ. හැබැයි ඒ වගේ නඩුකාරවරුන්ට දේශපාලන නඩු හබ හමු නොවෙවායි පතමි! (නදී)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 07:00 PM

නීතිය සෙල්ලම් බඩුවක් ලෙස හෑල්ලු කොරන්න නොදීම ගැන මල් මිටියක්.(නදී)

:       0       0

රෝහණ Wednesday, 10 July 2013 07:54 AM

රන්ධි ඔබගේ කියමන නම් හරි. ඒ වුනාට මේක ලෝකයේ ආශ්චර්යමත් රටක්නේ. (නි)

:       0       0

ගැමුණු Tuesday, 09 July 2013 07:06 PM

අපේ ලංකාවේ මින්නිස්සු දැන් එංගලන්තේ යන්නේ නැහැ. යන්නේ ඕස්ට්‍රෙලියාවට සහ නවසීලන්තයට.(නදී)

:       0       0

ජායි Tuesday, 09 July 2013 07:09 PM

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මිට මැදිහත්ව ඇති නිසා නිතිය හරි හැටි ක්‍රියාත්මක කල යුතුයි .මුළු ලෝකෙටම අපේ රටේ නිතිය සාදාරන බව පෙන්නන මෙය අවස්ථාවක් කරගත යුතුයි. මොහු මුදල් ගෙවා ඇතත් කර ඇති වංචාවට දඩුවන් ලබාදෙන්න.(නදී)

:       0       0

බංඩා Tuesday, 09 July 2013 07:18 PM

ඇත්තටම මෙයා ඉංග්ලිෂ් ද ? මේක එංගලන්ත කම්කරුවකුගේ දින 2 ක පඩිය.(නදී)

:       0       0

සඳරුවන් Tuesday, 09 July 2013 07:29 PM

හේරත්, මහේස්ත්‍රාත්ට මල් මිටි දෙන්න ගියොත් ඔයාවත් හිරේ දායි නේද?(නදී)

:       0       0

ගුටිල Tuesday, 09 July 2013 07:34 PM

කොන්ද පන ඇති ඔබතුමාට මගේ ප්‍රණාමය ලංකාවේ ලොක්කෝ වැඩිදෙනෙක් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට බයවෙලා ඉන්නේ එයාලගේ විසා ප්‍රතික්ෂේප කරයි කියලා.(අ)

:       0       0

අමිළ කටුනායක Tuesday, 09 July 2013 07:41 PM

මිනිහා නමු සුද්දෙක්ම තමයි. සුද්දයක් දාන්න හදලා තියෙන්නේ බිලට.(නදී)

:       0       0

සෑම් Tuesday, 09 July 2013 07:42 PM

නියමයි හරියට හරි. නීතිය සුද්දටඕන විදිහට බැහැ. මේක ලංකාව කියල උන් දැනගන්න ඕන (අ)

:       0       0

සුසිල් Tuesday, 09 July 2013 07:45 PM

මුන් ලංකාව භේද බින්න කරන්න එන ඔත්තු කාරයෝ.(අ)

:       0       0

මාටින් Tuesday, 09 July 2013 07:48 PM

බ්‍රිතාන්‍ය හිතාගෙන ඉන්නේ අපි රටම උන්ගේ කොලනියක් කියල .. එතකොට ත්‍රස්තවාදීන්ට ආයුද ගන්න අරමුදල් රැස්කරනකොට උන් උදව් කලේ.. ත්‍රස්තවාදීන්ට පුරවැසිකම දුන්නේ ... ඒවගේ ජරාවැඩ තමා අපිට කොහොමත් මෙයාල කරලා තියෙන්නේ ... විනිසුරු තුමනි ඔබට අපගේ ප්‍රණාමය...(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 10 July 2013 09:21 AM

මමත් හොදටම දන්නවා මේ අයගේ වැඩ මුන් ගේන හැම භාන්ඩයක් ම අදායම් බදු නොගෙවා තමයි ගන්නේ මහා ලොකුවට මානවහිමිකම් ගැන කථාකලට කරනතරමක් කරන්නේ බලුවැඩ සමහරු මුන්ට උදව් කරනවා වාසියට වැඩකරන සේවකයින්ට සලකනහැටි මම හොදට දන්නවා හිටපුගමන් ජොබ් එක නැ කියලා පොඩි වන්දියක් දීල ගෙදරයවනවා අපේ ලොක්කොත් උන්ට තමයි උදව් කරන්නේ(අ)

:       0       0

රූපා Wednesday, 10 July 2013 10:03 AM

මම නම් මේ තානාපති කාර්යාලේ අගය කරනවා.හේතුව මේ තානාපති කාර්යාලේ මේ මිනිහා වැරද්දක් කලත් අහක බැලුවේ නැහැ. අන්න අපේ අය මිනියත් විකුණගෙන කන්න හදනවා ඉතාලියේ.මැදපෙරදිග තියන ගොඩක් ඒවා අපේ ගැණු අසරණ වුනහම රිරිමාන්සේම හූරන් කනවා. අපේ ගැනුන්ගේ බෙල්ල කැපුවත් දන්නේ නැහැ. (නි)

:       0       0

ජීවන් Wednesday, 10 July 2013 10:04 AM

සංචාරකයා මරපු එකේ ඩී එන් ඒ තාම නැහැ. කරනවා නම් දේවල් කොච්චරද? (නි)

:       0       0

ජනක Wednesday, 10 July 2013 10:06 AM

මන් නම් මල් මිටක් දෙන්නේ නැහැ. ලංකාවේ මෑත කාලේ නඩු තීන්දු දිහා බැලුවම අපි කාටවත් සතුටු වෙන්න බැහැ. (නි)

:       0       0

පද්මා Wednesday, 10 July 2013 10:08 AM

මේක සාදරනත්වේ නම් ඒක හැම නඩු තින්දුවටම අදාළ වෙන්න ඕනෑ නේද? නමුත් අපේ රටේ නඩු තීන්දු සියල්ල එහෙමද? (නි)

:       0       0

ගිම්හානි Tuesday, 09 July 2013 09:01 PM

ගොඩක් හොදයි මොකද එයාල කව්ද ?නියම නඩුකාරයෙක් .ඔබ තුමා ගැන අපි ආඩම්බරයි (අ)

:       0       0

මාලා Wednesday, 10 July 2013 10:11 AM

අපි මෝඩයෝ තමා... එහෙම නොවේ නම් හැම රටක්ම ලාබ ලබද්දී අපි ක්‍රිකට් වලින් පාඩු ලබනවා,දරුවෝ ඉපදෙනවා ලක්ෂ 3 ක ණයක් එක්ක.හෙට නැවක් නාවොත් රටම හාමතේ, අපි මෝඩයෝ නොවන්නේ මොන අතින්ද? (නි)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 09:01 PM

පැන කියන්නේ කඩුවක්. රිද්දන්නත් පුළුවන්.නලවන්නත් පුළුවන් දක්සතව අනුව. (අ)

:       0       0

නන්දන Wednesday, 10 July 2013 10:14 AM

ඉනියා ජාතිකවාදී රැල කෑගහලා තියෙන්නේ මෙතනත්. (නි)

:       0       0

සේන Wednesday, 10 July 2013 10:15 AM

තම රට වැසියා වෙනුවෙන් වරදක් කළත් නැතත් උපරිම සේවාවක් ලබා දෙන මෙවැනි තානාපති කාර්යාල අතිශයින්ම අගය කරමි.මාද බ්‍රිතාන්‍යය පුරවැසිබවය හිමි හෙයින් ලොව ඕනෑම රටකදී මා ලබා ගන්නේ බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලයේ උදවු මිසක ලංකාවේ උදවු නොවේ. (නි)

:       0       0

කෙවින් Wednesday, 10 July 2013 10:18 AM

මේ කෙහෙල්මල් ප්ලැටිනම් ඇඩ් එක ඉවත් කරන්න ලංකාදීපය. අපට මහත් කරදරයක් පුවත් බැලීමේදී.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 09 July 2013 10:05 PM

හිතාගෙන ඉන්නේ මේ අයට ඕන ඕන විදියට හැම එකාම නටවන්න.(නදී)

:       0       0

මිනිපෙ Tuesday, 09 July 2013 10:08 PM

හුගක් අපේ අය හිතාගෙන ඉන්නේ හමේ පාට සුදුනම් ඒ ගොල්ලන් වෙනම ලෝකෙක මිනුස්සු කියලා. හොරු ,මදාවි හැම පාටින්ම ඉන්නවා.සිංහල ඇරෙන්ට අනිත් ඕන භෂාවක් කතාකරන ජාතීන්ට විශේස සැලකිල්ලක් දක්වන අය අපේ රටේ ඕන තරම් ඉන්නවා. හුගක් මේ අය ඉංග්‍රීසි මදක් කතාකරන්න පුළුවන්, අධ්‍යාපනිකව නුගත් කාන්ඩ.(නදී)

:       0       0

සරසි Wednesday, 10 July 2013 03:11 PM

ඒ රටවල් වෙනත් රටවලදී පවා තමන්ගේ රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනීසිටින හැටි දකින්න අපේ රටෙන් යන තානාපතිවරු ගැන කියන්න තියෙන්නේ සතුටුයි කියලා.(නදී)

:       0       0

වැඩපියා Tuesday, 09 July 2013 10:25 PM

ඕනෑම රටක් නිකුත් කරන ගමන් බලපත්‍රයේ අයිතිය එම රටටයි. ශ්‍රී ලංකාවත් නිකුත් කරන සියලුම ගමන් බලපත්‍ර අයිතිය ශ්‍රී ලංකා රජයටයි. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය තම පුරවැසියාගේ ගමන් බලපත්‍රය ඉල්ලා සිටීම නිත්‍යානුකුලයි. නමුත් එය කල යුත්තේ අපගේ විදේශ අමාත්‍යංශය හරහා හෝ තානාපති කාර්යාලය නිත්‍යානුකුලව නියෝජනය කරමින් ඉදිරිපත් වන ශ්‍රී ලාංකික නිතිඥයෙකුටයි. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවේ උසාවියකට කෙලින්ම සම්භන්ද විය නොහැකියි.ලංකාවේ සිටින බොහෝ සුදු විදේශිකයින් මෙවැනි දේ කරන්නේ ඔවුන්ගේ මනසේ අපේ රට පහත් කොට සලකන නිසයි. අපි මෝඩයන් ලෙස තක්සේරු කරගෙන ඉන්න නිසයි. මෙවැනි අවස්ථාවලදී අපි නිතිය ඍජුව ක්‍රියාත්මක කලයුතුයි. හෝටලය මොනවා කීවත්, මෙම විදේශිකයා රට තුල කරන ලද වරදට දඬුවම් කල යුතුයි. රටේ සිවිල් පාලනයට අත පෙවීම ගැන බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අපගේ විදේශ අමාත්‍යංශය හරහා හෝ ඔවුන්ගේ නීතිඥයා හරහා තදබල ලෙස අවවාද කලයුතුයි.(නි)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 03:34 PM

මෙයාල අපේ මිනිහෙක් පොඩි වරදක් කලත් විදුලි පුටුවේ තියල තමයි නවතින්නේ. බොහොම හොඳ තීන්දුවක් , වගේම අපේ රටේ නායකකාරකාදින්ටත් හොද පාඩමක් තමන්ගේ රට වැසියෙක් වෙන රටකදී වරදක් කලොත් කොහොමද බේරාගන්නේ කියලා , සේන ගැන කනගාටුයි , මොකද ගඟේ මාලුවෙක් ඉන්නවා හෙවන් මාළුවා කියල ඌ ඉපදෙන්නේ ගඟේ උනාට පීනලා ගිහින් හැදෙන්නේ මුහුදේ හැබැයි සේන ඔයාට වඩා ඌ ටිකක් හොඳයි දන්නවද මොකද කියලා ? හැවන් මාළුවා මැරෙන්න කිට්ටු වෙනකොට ආපහු පීනලා ගඟට එනවා.(නදී)

:       0       0

නිමල් Tuesday, 09 July 2013 11:48 PM

හොරට විභාග පාස් කරපු අයට නඩුත් නැහැ. තංගල්ල මිනීමැරුමට සාධාරනයක් ඉෂ්ඨ වෙන්නේත් නැහැ වගේ.(නදී)

:       0       0

චින්තක Tuesday, 09 July 2013 11:48 PM

ශා නියමයි. අපිත් රට ගිහිල්ල හෝටල් වලින් කෑවම අපේ තානාපති කාර්යාලත් බිල් ගෙවයි නේද ?(නදී)

:       0       0

රන්දි Wednesday, 10 July 2013 12:36 AM

ඒ උනාට අර බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරලා ඔහුගේ බිරිදව දුෂණය කරපු අපේ අයට නම් ඔය මොනවත් තියා, නඩුත් නැහැ නේද ? ඒවා හරිද එතකොට? නීතියක් තියෙන්නේ මිනිසුනේ ඒක හරියට කරපල්ලා. නම්බුකාර සිංහලයෝ විදියට රෙදි ඇදගෙන.(නදී)

:       0       0

සේන Wednesday, 10 July 2013 04:04 PM

පිටබද්දාර ජයා, ඔයා අපේ තානාපති සේවේ ගැන දන්නෙ නැහැ වගේනේ කතාව. ඔයා කියන්නේ ලංකාවේ නිසා නොසලකා ඉදිමු කියලද. (දී)

:       0       0

රණසිංහගේ Wednesday, 10 July 2013 01:00 AM

සුද්දා ඔය ගාන සිං ගාලා ගෙවයි (නි)

:       0       0

චමිල - පානදුර Wednesday, 10 July 2013 01:07 AM

නියම නඩුකාර හාමුදරුවෝ කෙනෙක්.මුළු රටේම ගෞරවය ඔබතුමාට හිමි වෙනවා. (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 10 July 2013 04:14 PM

අහිංසක මිනිස්සු කපා කොටා බෝම්බ දාලා මරපු කොටීන්ට අද දේශපාලන රැකවරණ ගන්නවා ඒවාට නීතියක් ක්‍රියාත්මක කරන්න ඔය මහා ලොකුවට කතා කරන නීතිපතිවරුන්ට බැරිවෙලා ඒකිය් කරුමේ. පිස්සු නීති. (අ)

:       0       0

උදය Wednesday, 10 July 2013 03:31 AM

මම කලිනුත් ලියල ඇති එංගලන්තය කියන්නේ මොක්ද කියලා. ඒ අය මුදල් බාර ගත්තේ මොකද? ඒ අයට තිබුනනේ ගිහින් පොලිසියට හරි උසාවියට හරි ගෙවලා මේක විසදා ගන්න කියන්න. එංගලන්තයයි, ඇමෙරිකාවයි හැමතිස්සෙම ඔහොමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 103 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1021 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3588 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site