IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය ලාංකිකයෝ තව වැඩක් කරයි

2014 සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහොය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝක වාසී සියලුම බෞද්ධයින් වෙත තම සුභාශිංසනය පුද කරන බව වෙසක් පුන් පොහොය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියයි.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ ජනක අලහප්පෙරුම පවසනුයේ  තම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති මේ සුභ පැතුම් එක් කළ බයි.

2009 එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් ප්‍රථම වතාවට වෙසක් පණිවිඩයක් නිකුත්කළ බව ද ඔහු කියයි.

 



අදහස් (0)

බ්‍රිතාන්‍ය ලාංකිකයෝ තව වැඩක් කරයි

ටීනා ගෝමස් Friday, 16 May 2014 01:42 PM

ලන්ඩනයේ කොටි ලංකාවට විරුද්ධව හොඳටම වැඩ. 22 දා පැවැත්වෙන යුරෝපා සහ පළාත් පාලන මැතිවරණ වලට කොටි සාමාජිකයෝ ඉදිරිපත් වෙලා. ලංකාවට පක්ෂ එකම මන්ත්‍රීවරයාත් හෙට අනිද්දම නැති වෙනවා. මේගොල්ලෝ හොඳටම නිදි. කරන්න ඕනේ ඒවානේ? (ස)

:       0       0

කෙවින් Friday, 16 May 2014 01:47 PM

නෝනිස් ආවට පස්සේ කැමරොන් ගේ ආණ්ඩු පක්ෂෙයි මිලිබෑන්ඩ් ගේ විපක්ෂෙයි දෙකම ලංකාවට විරුද්ධ වෙලා. පාර්ලිමේන්තුවේ රාජපක්ෂලාව පතුරු ගහනවා. අපි වෙනුවෙන් කතා කරන්න හරි හමන් එකම මන්ත්‍රීවරයෙක් නැහැ. වෙසක් දානය? (ස)

:       0       0

සිරි Friday, 16 May 2014 12:15 AM

22 වෙනිදා පැවැත්වෙන යුරෝපා මැතිවරණයට ඊස්ට්හැම් වලින් එල් ටී ටී ඊ කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයෙක් නව ලිබරල් පක්ෂයෙන් තරඟ වදිනවා. ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන ඔහු බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති එල් ටී ටී ඊ නිල ලාංජනය සිය ප්‍රචාරක කටයුතු වලට යොදා ගෙන තියෙනවා.තානාපති කාර්යාලය මේ බවක් දන්නවාද? ඒ ගැන කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තියෙනවාද? නැත්නම් එකත් අලහප්පෙරුම වගේ අය කරන කල් බලා ඉන්නවාද? මේවා තමා ප්‍රශ්න. (ස)

:       0       0

අශෝක පෙරේරා- ලන්ඩන් Friday, 16 May 2014 02:43 PM

ලංකාවට ආදරේ තියෙන ජනක අලහප්පෙරුම වගේ නිල නොලත් තානාපතිවරු රාජතාන්ත්‍රික වැඩ කරනවා. අසරණ ජනතාවගේ බදු මුදල්වලින් පඩි ගන්න රාජතාන්ත්‍රික නිලධාරීන් අවුරුදු උත්සව වල පහන් පත්තු කරනවා, තෑගි දෙනවා, පන්සල් වල උත්සවවලට යනවා, දරුවන්ට උගන්න ගන්නවා . ලංකාවට ජය ශ්‍රී (මුදී)

:       0       0

අසෝක පෙරේරා Friday, 16 May 2014 02:46 PM

ආ.., අමතක උනා. සමහර ලොකු ලොකු නිලධාරීන් තම තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගන්නවා. තේකොලත් හොඳ බිස්නස් එකක්නේ. (මුදී)

:       0       0

නීල් Friday, 16 May 2014 04:34 AM

මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලුම බෞද්ධයින් වෙනුවෙන් ඔබතුමා කර ඇති සද්ක්‍රියාවට ස්තුතියි. බෞද්ධයින් එංගලන්තයේ ඉන්නා බවට පෙන්වාදීමට ගත් උත්සාහයට ගරු කරනවා. (නි)

:       0       0

චන්දන Friday, 16 May 2014 04:07 PM

වැකෝ, ලංකාවේ ඉන්න උදවිය කොහොමද ? පිටරට ඉන්න අයටත් වඩා හොඳ හොඳ ලෝක වල නේ. බදු හොරකම් කරගෙන, රත්රන් බඩු සාප්පු කඩා ගෙන, බැංකු මංකොල්ලකාගෙන , පගාව දීගෙන, වර්ජන කරගෙන මොන සැපක් ද ? (ස)

:       0       0

ද.රොෂාන් ද සිල්වා Friday, 16 May 2014 08:39 AM

කව්රු හරි ඉන්නවද මේක අධිරාජ්‍යවාදින්ගේ කුමන්ත්‍රණයක් කියල කියන. (ස)

:       0       0

පෙරේරා Friday, 16 May 2014 09:33 AM

මට නම් මේ මහත්තයාගේ සුභ පැතුම් පිළිගන්න බැහැ (නි)

:       0       0

වැකෝ Friday, 16 May 2014 10:36 AM

විදෙස්ගතව සිටින බොහෝ සිංහලයන් මවා ගත්තු ලෝකවල ජීවත් වෙන්නේ . පිටරටදි කතා කරන්නේ සිංහලෙන්.ලංකාවේදී ඉංග්‍රීසි වලින්. (ස)

:       0       0

දිල්ශාන් Thursday, 15 May 2014 08:31 PM

කොච්චර හොදද? එස් එම් එස් එකකුත් එව්වනම් නියමයි. (අ)

:       0       0

සමරේ Thursday, 15 May 2014 09:30 PM

ඉල්ලගෙන සුබපතාගන්නත් අපේ කට්ට්ය පුරුදු වෙලා! (ස)

:       0       0

ක්‍රිශාන්ත Thursday, 15 May 2014 09:32 PM

මේවා ලන්ඩනයේ පන්සල්, තානාපති කාර්යාල වල අය කලයුතු වැඩ. පන්සල් වල පින්කම් කරනවා, ධර්ම ප්‍රචාරයක් නැහැ. තානාපති නිලධාරින් උත්සව වල පහන් පත්තු කරනවා රාජතාන්ත්‍රික කටයුතු නැහැ. බ්‍රිතාන්‍ය සංසදය මේ දෙකම කරනවා වගෙයි පෙන්නේ. ජයවේවා! (ස)

:       0       0

ඉන්ද්‍රානි කෙන්ට් Thursday, 15 May 2014 09:37 PM

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදයට මගේ සුභ පැතුම්. මේ පිරිස මම හඳුනනවා. ඉතාම විශිෂ්ට සේවාවක් රටට, ජාතියට කරන බව එංගලන්තේ හැමෝම දන්නවා. උගත් දක්ෂ පිරිසක් ඔවුන් සමග ඉන්නවා. ශ්‍රී ලංකා තානාපති සේවයත් මේ අය ආදර්ශයක් කරගෙන රටට සේවයක් කරන්න පුරුදු වෙන්න. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් අපරාදේ නැතිනම්. (ස)

:       0       0

රූපා Thursday, 15 May 2014 09:41 PM

මේ බුදු දහම ගැන හිතලවත් මීට පස්සේ අපි වගේ පොඩි රටවලට කරදර නොකර ඉන්නවනම් ලොකු දෙයක්. (ස)

:       0       0

ප්‍රදීපා Thursday, 15 May 2014 10:34 PM

එංගලන්තේ වගේ රටක වෙනත් රටවලින් ගොස් පදිංචි වූ විශාල බෞද්ධ ජනතාවක් හිටියත් ඒ අය බ්‍රිතාන්‍ය ජනතාව, දේශපාලන සහ රාජ්‍ය පාලනය සමග නිසි ලෙස සමාජ ගත නොවීම නිසා පාලකයෝ බෞද්ධ ජනතාව ගැන තොරතුරු නිවැරදිව දන්නේ නැහැ. පාලකයින්ට බෞද්ධ ජනතාව ඉන්නා බව මතක්කර දීම සම්බන්ධව බ්‍රිතාන්‍ය සංසදයේ අලහප්පෙරුම මහතාට බෞද්ධ ජනතාව ස්තුති කල යුතුයි. මේවා තානාපති කාර්යාල, බෞද්ධ පන්සල්, හාමුදුරුවරු කල යුතු වැඩ. (ස)

:       0       0

කල්ප ලන්ඩන් Thursday, 15 May 2014 10:38 PM

සමරේ, පාලකයින්ට බෞද්ධයෝ ඉන්නා බව පෙන්වා දීම වරදක් නොවේ නේද? ක්‍රිස්තියානි රටක, ක්‍රිස්තියානි දේශපාලකයින්ට ඉතා සුළුතරයක් වූ බෞද්ධයන්ගේ උත්සව දින වකවානු පිළිබඳව වැටහීමක් නැහැනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1112 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 73 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 323 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1163 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 275 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2752 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site