IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බොරදිය පොකුණ කාම රැල්ලේ චිත‍්‍රපටයක් නෙවෙයි

sdfg

 

 

මේ දුමින්ද සිල්වා ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්‍ෂණය කළ ‘බොරදිය පොකුණ’ චිත‍්‍රපටය නිසාය. මේ චිත‍්‍රපටය නිර්මාණය වී ඇත්තේ මීට වසර 12කට පමණ පෙරදීය. එවකට මේ දුමින්ද සිල්වා ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම සහ පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ජනප‍්‍රිය ක‍්‍රීඩකයකු විය. එසේම මේ දුමින්ද සිල්වා යනු නිරූපණ ශිල්පියකුද වෙයි. ලෝ ප‍්‍රකට විලාසිතා වෙළඳ නාමයක් වන කැල්වින් ක්ලේන් වෙනුවෙන් නිරූපණ කටයුතු සඳහා ආසියාවෙන් තෝරාගත් එකම ශිල්පියා ලෙසද ඔහුගේ නාමය සඳහන් කළ හැකිය. එලෙසින් නමක් දිනූ ‘දුමින්ද සිල්වා’ සමඟ අපි තවත් විස්තර කතා කරමු.

 Dilani-Duminda  


button දුමින්ද ඔබ ගැන සඳහන් කළොත්..?
මගේ ගම රත්නපුරය. කුඩා කාලයේදී රත්නපුරයේ පාසල් දෙකකට ගියා. පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ ත‍්‍රිත්ව විද්‍යාලයෙන්. පාසල් කාලයේදී නතරවෙලා හිටියේ නේවාසිකාගාරයේ. මේ නිසාම අධ්‍යාපන කටයුතුවලට අමතරව වැඩිපුර ක‍්‍රීඩා කටයුතුත් කළා. පාසල් කාලයේදීම වගේ තමයි පැසිපන්දු සහ රගර් වෙතින් ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන්න අවස්ථා ලැබුණේ. පාසලේදී මලල ක‍්‍රීඩා එහෙමත් කළා. 92 සිට 2002 දක්වා රගර් x පැසි පන්දු ක‍්‍රීඩා සඳහා ජාතික පිළ නියෝජනය කළා.

 

ojghhkg
button පවුලේ විස්තර?
තාත්තා නීතීඥවරයෙක්. අම්මා ගෘහණියක්. නංගී වෛද්‍යවරියක්. මල්ලී නීතීඥවරයෙක්.

 

button ඇයි ඔබ නීතීඥවරයෙක් නොවුණේ?
නීතිය හැදෑරුවා. නමුත් ක‍්‍රීඩා සහ අනෙකුත් බාහිර වැඩ නිසා ඊට කැප වෙන්න බැරි වුණා. ඉන්පසුව සම්පත් බැංකුවේ
රැකියාවට යොමුවුණා. මේ අතරවාරයේදී කායවර්ධන අංශයත් ප‍්‍රගුණ කළා. එසේ ප‍්‍රගුණ කරමින් සිටියදී තරික් නමැති මගේ හොඳ මිතුරෙක් මිස්ටර් ශ්‍රී ලංකා සඳහා අයදුම් කරන්න කියලා මට කිව්වා. එහෙම කළොත් ඔයා ජාත්‍යන්තර තලයට යාවි කිව්වා. පසුව එයාගෙ පෙරැත්ත නිසාම එම තරගයේ ශ්‍රී ලාංකික සංවිධායිකා සුභාෂිනී අබේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ මිස්ටර් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. එයින් ජය ලැබුවා. පසුව මිස්ටර් වර්ල්ඞ් සහ මිස්ටර් ඉන්ටර් නැෂනල් ඉදිරිපත් වුණා. එහිදී රටවල් 60කින් හොඳම සිරුරට හිමි අංශයේ කිරුළ ලැබුණා. ආසියාතිකයකුට එවැනි සම්මානයක් ලැබුණේ ප‍්‍රථම වතාවටයි. ඉන්පසුව තමයි දිගටම නිරූපණ ක්ෂේත‍්‍රයට ආවේ.

 


button බොරදිය පොකුණේ රඟපාන්න ලැබුණේ කොහොමද?
නිරූපණයට දායකවෙලා හිටපු නිසා මගේ ඡුායාරූප සත්‍යජිත් දැකලා තිබුණා. ඒ වන විට මම සම්පත් බැංකුවේ සේවය කළේ. මගේ යාළුවකු මාර්ගයෙන් මට සත්‍යජිත් කතා කළා. ප‍්‍රධාන චරිතය ලැබුණාම කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ නාට්‍ය පාසලට ගිහින් මාස තුනක් විතර ඉගෙන ගත්තා. එතුමිය ගොඩක් උපදෙස් දුන්නා. ඇත්තටම මෙහි මංගලාගේ චරිතය කරන්න හිටියේ සංගීතා. නමුත් පසුව එයා එය කළේ නැහැ. ඒත් පෙර පුහුණුවීම් කළ දිනවලදී මට ගොඩාක් දේ ගැන කියලා දුන්නා. ඒ වගේම ඩිලානිත් බොහෝ දේ කියලා දුන්නා. එයාලගේ සහ සත්‍යාගේ මග පෙන්වීම යටතේ මම මේ චරිතයට හැකි උපරිමය කළා  කියලා හිතෙනවා.

 

button මෙහි ලිංගික දර්ශන ගැන ඔබට චකිතයක් ඇතිවුණේ නැද්ද?
ඇත්තටම මෙය අර ඒ දිනවල ආ කාම රැල්ලේ චිත‍්‍රපටයක් නෙවෙයි. අනෙක මම මේ චරිතය තෝරා ගත්තේ ලිංගික දර්ශන කරලා ජනප‍්‍රිය වෙන්න නෙවෙයි. මෙය සම්භාව්‍ය උසස් නිර්මාණයක්. ඊට අදාළව ඉතාම සාපේක්‍ෂව රූප රාමු පෙළගැසී තිබෙනවා.

 


button පවුලේ අයගෙන් බලපෑම් ආවේ නැද්ද?
ඒ වනවිට මම විවාහ වෙලා හිටියේ නැහැ. මව සහ පියා හරි විවෘත විදියට ලෝකය දෙස බලන මාපියන්. අනෙක මෙහි රඟපාද්දී මම හිටියේ හොඳට දැනුම් තේරුම් ඇති වයසක. ඇත්තටම මේ චිත‍්‍රපටය නැරඹුවාම ඔබට මේ සියල්ල වැටහේවි.

 

buttonඅද  ඔබට බිරිඳ මොනවද කියන්නේ? මේ චිත‍්‍රපටයේ රඟපෑම ගැන?
ඇය එක්ක විවාහයට පෙර මෙහෙම දෙයක් කළ බව මම කිව්වා. ඇත්තම කිව්වොත් ඇයත් බොහෝම යථාර්ථවාදීව ජීවිතය දෙස බලන කෙනෙක්. ඇය ලෝකයේ සැරිසරන, ලෝකය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්.

 

buttonඔබගේ ඒ පවුලේ විස්තර කිව්වොත්?
මම, බිරිඳ සහ පුතා. එයාට අවුරුදු 6 1/2යි.

 

button දුමින්ද සේවය කරන්නේ?
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරනවා. මුල් තැන රැකියාව සහ පවුලටයි. මගේම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා.

 


buttonදේශපාලනයට ඒමට අදහසකුත් තියෙනවාලූ නේද?
දේශපාලනය අපේ පවුලට අමුතු දෙයක් නෙවෙයිි. සීයා වාමාංශික දේශපාලනයේ නිරතවෙලා තියෙනවා. තාත්තාත් දේශපාලනය කළා. කියන්න බැහැ. බලමු ඉදිරියට.

 

dcj

 

sadun-gamage



අදහස් (0)

බොරදිය පොකුණ කාම රැල්ලේ චිත‍්‍රපටයක් නෙවෙයි

ඩී ජේ Tuesday, 17 March 2015 05:33 AM

මේ මොකාද මේ? (ස)

:       0       0

සුමේද Sunday, 08 March 2015 02:59 PM

එහෙම අර්ථ කථනය කරන එක වැරදියි. එ්ක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි බලලම (නදී)

:       0       0

නිමල් Tuesday, 10 March 2015 02:32 AM

දේශපාලනය කරන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

ඉමාෂි Tuesday, 10 March 2015 03:25 AM

ඉතා හොඳ නිර්මාණයක්... (නි)

:       0       0

උපසේන Thursday, 19 March 2015 08:30 AM

සත පහක වැඩක් නැති චිත්‍රපටියක්. නිල් චිත්‍රපටයක් එකක් බැලුවා හා සමානයි. ලිංගිකත්වය හැර වෙන මාතෘකා මේ අයට නැද්ද? (නදී)

:       0       0

නිලන්ත Wednesday, 04 March 2015 04:44 AM

චිත්‍රපටිය බලලම කියන්නම් (නදී)

:       0       0

රූපවතී Saturday, 14 March 2015 05:16 AM

මට මතකයි දෙදහස් ගණන් වලදී මොහු ආසියාවේ හොදම කඩවසම් සිරුර හිමි පුද්ගලයා බවට සම්මානය ලැබුවා. ඔබේ හැකියාවෙන් ප්‍රයෝජනයක් නොලැබුනත් වැදලා කියන්නම් අනේ දේශපාලනය නම් කරන්න එපා (නදී)

:       0       0

නිමල් Sunday, 08 March 2015 02:52 AM

ෆිල්ම් එක බලලම කියන්නම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 295 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 196 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1029 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2817 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 346 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site