IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බිරිඳ මරා සැමියා පොලිසියට භාරවෙයි

අහුංගල්ලේ ලෝකන්වත්තේ දී 28 හැවිරිදි බිරිඳ තියුණු ආයුධයකින් පහරදී මරා දැමූ සැමියකු (34) පොලිසියට පැමිණ භාර වූ බව අහුංගල්ල පොලිසිය කියයි.



අදහස් (0)

බිරිඳ මරා සැමියා පොලිසියට භාරවෙයි

බණ්ඩාර Thursday, 18 June 2015 03:39 AM

මිනීමැරුමක් නිසා නිතිය අකුරටම ඉටුකර , ඒම පුද්ගලයාටද මරණ දඩුවම් ලබාදෙමු. එවිට ආනගතයේදී මෙවැනි අපරාධ සිදුනොවෙනු ඇත.(ම)

:       0       0

නිෂාද් Thursday, 18 June 2015 03:40 AM

මරනවා, කොටනවා, හමගහනවා වගේ වචන බොහොම සුලභව භාවිතා වෙනවා ඕනෑ තරම් අහන්ට පුළුවන්. සුළු වරදකට පොඩි දරුවෙකුට වුණත් සමහර වැඩිහිටියෝ (දෙමවුපියෝ ) බනින්නේ තෝව මරනවා, ඇහේ ඉඳන් පට්ට ගහනවා, හම ගහනවා වගේ වචන භාවිතා කරමින්. මෙය බොහොම නරක ආදර්ශයක්. (ම)

:       0       0

රංග Thursday, 18 June 2015 03:44 AM

අද කාලයේ විවාහයට ඇති එකම සුදුසුකම පොත්ත රතු කාන්තාවක් වීම සහ බර පසුම්බියක් සහිත පිරිමියෙකු වීමයි. වෙනත් වටිනාකම් කිසිත් අවශ්‍ය නැත. මිය ගිය කාන්තාවට නිවන් සුව පතමි. (ම)

:       0       0

නිලාන් - කටාර් සිට Thursday, 18 June 2015 03:45 AM

අනේ අපේ ලංකාවට ගිය කලක්. හැමදාම බුදු බණ කියනවා, රේඩියෝ වල ඇහෙන්නෙම ධර්මය, පන්සල් වල උදේ හවස මිනිස්සු පිරි ඉතිරෙනවා .පෝයට භාවනා කරනවා .එහෙව් රටක මෙවැනි දේවල් සිදුකරන මිනිස්සු සිටින්නේ කොහොමද? (ම)

:       0       0

දුල්මි Thursday, 18 June 2015 03:54 AM

මිනි මැරුමක් ගැන අහන්න නැති දවසක් නැහැ. (නදී)

:       0       0

වෙල්ගම Thursday, 18 June 2015 04:03 AM

මෙවැනි සමාජ තත්වයක් ඇතිකිරීමට 99% ම බලයේ සිටි සෑම දේශපාලකයෙක්ම වගකිව යුතුය. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 10 කාලසිමාව තුළ (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 04:10 AM

හදිසි කෝපය මරණයටත් එක හේතුවක් තමයි.දුමක් නැතිව ගින්නකුත් නැහැ කියනවනේ.ඒ නිසා එක් කෙනෙකුට විතරක් ඇගිල්ල දික් කිරීම සාධාරණ නැහැ හරි හැටි කරුණු කාරණා නොදැන.නමුත් මෙතන මිනීමැරුමක් වෙලා තියෙන හෙයින් ඒ පිළිබදව නීතිමය පියවර ගනීවි අදාළ බලධාරීන්.(ම)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Thursday, 18 June 2015 04:35 AM

සමහරුන්ට මිනී මැරුම් මංකොල්ල කෑම මහා ජනතාව දැනගන්නවාට කැමති නැහැ වගේ. එහෙම්ම යට යනවාට කැමති අයත් ඉන්නවා මාධ්‍ය ඉන්නේ එ්කට තමයි. ආණ්ඩුවක හොර මැර උනත් ලියන්න ඕනි. මාද්‍ය නම් අදටත් බයයි ඇත්ත ලියන්න. (නදී)

:       0       0

උක්කුන් පුතා Thursday, 18 June 2015 04:41 AM

වෙල්ගම මහත්තය, යුද්ධයකින් පස්සේ මිට වැඩිය බරපතල විදිහට සමාජය පිරිහෙනවා. පසුගිය ආණ්ඩුවේ වැඩපිළිවල නිසා මේ මට්ටමෙන් සමාජය තියෙනවා. අනික තාක්ෂණයේ දියුණුව තවම අපේ සමාජයට ඔරොත්තු නැහැ. තාක්ෂණය වුනත් පාලනය කල යුතු වෙනවා සහ තව දෙයක් තම පවුල කියන සංස්ථාව විවිධ හේතු නිසා බිඳ වැටීම. ඉහත කියපු දේවල් නම් ආණ්ඩුවට පාලනය කරන්න තිබුනා අදට වඩා හොඳට. නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ දැන් කට්ටිය හොඳට කරනවා කියල. (ස)

:       0       0

කාන්ති Thursday, 18 June 2015 04:50 AM

වැඩි දුර තොරතුරු නැති නිසා මේ මරණය ගැන කතා නොකරමි. අද සමාජයේ පවුල් අවුල් බොහොමයකට මුල කාන්තාවන් එක සැමියෙකුගෙන් නඩත්තු වෙමින් දරුවන් හදා ගෙන පිළිවෙලකට ජීවත් වීමට සුදානමක් නැති කමයි. අද කාලයේ අම්මලාත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කාරයකින් ඇවිත් බහින ඕනෑම මනමාලයෙකුට තව දුව දීමටත් , දෑවැද්ද ඔලුව උඩ තියාගෙන එන ඕනෑම ධනවත් ලේලියක් පුතාගේ ඇඟේ ගැසීමටත් සැදී පැහැදී ඉන්නවා. ප්‍රතිපල එන්නේ පසුවට. (ස)

:       0       0

මෙලනි Thursday, 18 June 2015 04:55 AM

බොහොමයක් මෙවැනි මරණ වලට හේතු වෙන්නේ අනියම් සම්බන්ධ කම්. මම කියන්නේ නැහැ මේක එවැනි දෙයක් කියල. නමුත් ඒවා දැන් සමාජයේ විලාසිතාවක් වෙලා. සමහර නෝනලාට මහත්තරු දෙන්නෙක් තුන්දෙනෙක් නැති බවලතෙක් පේන්නේ නිකම් "ගොඩේ " විදියට. මේ සමාජය පිරිහුණ තරම් ඕවයින් පේනවා. (ස)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 18 June 2015 05:03 AM

බුදු බන ඇසුවා නිරන්තරේ. අනේ රටකට ගියකලක්. අපිට වෙන්නේ ළමයි තියාගෙන පිටරටවලට වෙලා ඉන්න හැමදාම. යහ පාලනය කවද එයිද ? (ම)

:       0       0

හමීඩ් Thursday, 18 June 2015 05:16 AM

මේවාට හොඳම දඩුවම සෞදි නිතියයි (ම)

:       0       0

උපුල් Thursday, 18 June 2015 05:15 AM

කවුරුන් කෙසේ කිවත් මෙවෙනි බොහෝ සිදුවීම් තුල තියෙන්නේ නුගත් කමයි (ම)

:       0       0

රණසිංහ Thursday, 18 June 2015 05:18 AM

වෙල්ගම ඔය 88 89 කාලේ හිටියේ නැද්ද (ම)

:       0       0

බී.ඩබ්.එස්.මෙන්ඩිස් Thursday, 18 June 2015 05:28 AM

ලංකාවේ මේ ඉහ වහා යන මිනිමැරුම් අපරාධ වලට කවුරු මොනවා කීවත් එකම විසදුම මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමයි.....!! (ම)

:       0       0

චානිල් Thursday, 18 June 2015 05:37 AM

මේකට නුගත් කම කියලාම කියන්න බැහැ. කලකට පෙර සිදු වූ කුලරත්න දොස්තර බිරිඳගේ මිනි මැරුමේ සිට මේ දක්වාම සමාජයේ විවිධ ස්තර වලින් විවාහ සංස්ථාවේ මිනි මැරුම් වාර්තා වෙනවා. (ම)

:       0       0

ලුම්බිණි Thursday, 18 June 2015 05:51 AM

දඬුවම් වැඩි කිරීමෙන් පමණක් මෙවැනි අපරාධ අඩු කරන්න බැහැ. යහපත් සමාජයක් ගොඩනැගීම තමයි අවශ්‍ය දෙය. (ම)

:       0       0

ආරියසේන Thursday, 18 June 2015 07:37 AM

රට සෑම තැනකම පවුල් ප්‍රශ්න .මෙයට හේතුව මොකත්ද.අද සමාජයේ පවුලක් තුළ තිබිය යුතු යහපත් ගුණාංගයන් මෙන්ම එකිනකා අතර තිබිය යුතු යහපත් බැඳීම නොමැති කම නොවේද.බිරිදට ස්වාමියාත්/ස්වාමියාට බිරිදත් ගෞරව කිරීමට නොදනී. කතාකීරීමට නොදනී.විශේෂයෙන්ම ඔවුනොවුන්ගේ අවශ්‍යතාවයන් ගැන අවබෝධයක් නැත.දෙදනා විවාහ වු අලුත පොඩ්ඩක් සිහිකර බලන්න කොච්චර සුන්දරද කල්යත් යත්ම ඒ සුන්දරත්වය ඈත්කර ගන්න එපා .සමහර කාන්තාවන් මුලදී තම ස්වාමියා සමග හොදින් සිටියත් පසුවබිරිදගේ අතින් ඈල්ලුවත් බිරිද සිපගන්න හැදුවත් වල්කම කියල බණින අය ඉන්නවා ..අත්තටම මෙය මිනිසුන්ට දරාගන්න බැහැ විශේෂයෙන් මිනිසුන් හිතින් දුක්විදිනව ..එය පසුකාලීනව දරුණු පැත්තට හැරන බව කිව යුතුයි. සමහර කාන්තාවන් තම ස්වාමියා තනිවම කාමරයක සිටියදී දරැවන් සමග නිදා ගනී..ඉතින් පිරිමියා හූල්ල හූල්ලා ඔහේ කාලය ගත කරයි..එවැනි දේවල් තමා පසුව මෙවැනි තත්වයට පත්වන්නේ ..ඒම නිසා තම තමන්ගේ පවුල රැක ගන්න කැපකිරීම් කරන්න ..ඉවසිලි මත්වන්න...බුදු සරණයි. (බ)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:50 AM

ගමට පවුලට යහපාලනය බොහෝ දුරයි (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 17 June 2015 07:30 PM

ඔය පැත්ත ගැන කතාකරන්නවත් මම කැමති නැහැ (නි)

:       0       0

පියලාල් Thursday, 18 June 2015 08:07 AM

සමහරු හිතාගෙන ඉන්නේ එල්ලුම් ගහ ගෙනාවහම ඔක්කොම හරි කියලා.පහසුවෙන් ඉක්මනින් දික්කසාදය දෙනවා නම් මේ වගේ අපරාධ අඩුවෙලා යනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 09:52 PM

අපි මොනතරම් දියුණු සමාජයක්ද? පැමිණිල්ල ,විත්තිය , විනිශ්චය , දඬුවම ක්‍රියාත්මක කිරීම අපි අපිම කරන තරමට දියුණුවෙලා නැද්ද මම අහන්නේ? අනේ රටකට ගිය කල! ඉස්සර මිනිස්සු හිත නිවාගන්න ගිය පන්සලත් අද වෛරය අවුසන්නවා. මිනිසුන් හදා සමාජය සුවපත් කළ අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාත් දෙපිල බෙදිලා හුරේ දානවා. අනේ බුදු හාමුදුරුවනේ, අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා , කියලා තමයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

අචිනි Thursday, 18 June 2015 08:38 AM

මගේ දුව ඉතාමත් ඉහලට ඉගෙනගත්, වැදගත් රැකියාවක් කරන කෙනෙක්. මෑතකදී එයාගේ පෙම්වතාගේ අඩු පාඩුවක් පෙන්නලා දුන්නාම මට සැලකුවේ ඉතාමත් පහත් විදිහට. දර්මානුකුලව තමයි අපි ළමයි හැදුවේ ,වැඩුවේ. මගේ පැරුණ හිතේ තුවාලය තවමත් එහමමයි."අනේ!බුදු හාමුදුරුවනේ, අපි අසරණ වෙලා වගේ දැනෙනවා".. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 18 June 2015 07:56 PM

විදේශයක වසන මම උදේම පත්තරේ බැලුවහම තියෙන්නේ දවසම හිත පුරා ඔඩුදුවන දුක්මුසු මිනීමැරුම්. ලංකාවේ මිනිසුන් දැන් වනචාරි යුගයකට ආපසු ගමන් කරනවා.මීට අවුරුදු හතළිහකට පමණ පෙර මිනීමැරුමක් වාර්තා වුණේ කලාතුරකින්. දින ගණනක් නොව මාස ගණනක් ඒ එක මිනීමැරුමක් ගැන දිගටම පරීක්ෂණ වාර්තා පත්‍ර වල පළවුනා. දැන් ලංකාවේ මිනීමැරුම් නිකන් මිනිසුන්ට කිවිසුමක් යනවා වගේ වැඩක් .අහෝ අපේ මව්බිම! (නි)

:       0       0

නිශ්ශංක Thursday, 18 June 2015 09:13 PM

ආරියසේන මහත්මයාට සම්මානයක් දෙන්න වටිනවා පළකරලා තිබෙන වටිනා අදහස් වලට. ඇත්ත වශයෙන්ම යථාර්ථය ඕකයි. මෙවැනි වටිනා ඔවදන් ඉදිරියටත් දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

පාලිත Thursday, 18 June 2015 01:42 AM

මියගිය ඇයට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සරසි Thursday, 18 June 2015 01:53 AM

හරිහැටි කරුණු නොදැන මේවාට වැඩිදුර අදහස් ලියන්න බැහැ. මෙම මරණය ගැන කණගාටුව විතරක් ප්‍රකාශ කරමි. (නි)

:       0       0

කිරන් Thursday, 18 June 2015 02:12 AM

අපරාධ වැඩිවීමකටත් වඩා මාධ්‍ය මඟින් ප්‍රචාරය වැඩි වී ඇති බවයි මගේ හැඟීම. ඉස්සර ගමක මිනීමැරුමක්, දියේ ගිලීමක් සිදුවුණාම ඒක දැනගන්නේ අහළ ගම් කීපයක් විතරයි. නමුත් දැන් එය ක්ෂණිකව රටම දැන ගන්නවා. (නි)

:       0       0

මාටින් Thursday, 18 June 2015 02:54 AM

මේ මනුස්සයාට මතක හිටින දඬුවමක් දෙන්න කෙනෙක් හිටියේ නැද්ද අම්මපා! (නි)

:       0       0

ලසිත් Thursday, 18 June 2015 02:58 AM

මෙතන මොනවා සිදුවුණාද දන්නේ නැහැ. නමුත් අපේ දෙමව්පියන්ගේ තරුණ අවදිය වගේ නෙමෙයි. දැන් කාලයේ විවාහ සංස්ථාව කියන්නේ යුද්ධ පිටියක් සහ වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. ඉස්සර දෙමව්පියන් දරුවන් බන්දො දෙන්න කලින් පුළුවන් තරමින් අනෙක් පාර්ශයව ගැන සොයා බැලුවා. දැන් ඉතින් දරුවන් උගතුන් නිසා තමන්ට වැඩිය ඔවුන් දන්නවා කියලා ඔවුන්ගේ විවාහය සම්බන්ධයෙන් සද්ද නැතුව ඉන්න තමයි වෙලා තියෙන්නේ. මගේ දැන උගත් ඥාති නැගණියක් ව්‍යාපාරික පවුලකට සල්ලි සහ සමාජ තත්වය නිසා පෑහෙන්න යනවා. මම ගිය සතියේ කාර්යාලයෙන් ගිය විනෝද චාරිකාවේදී අර පුද්ගලයාව හෝටලයේ වෙනත් තරුණියක් එක්ක ඉන්නවා දැක්කා. දැන් මේවා දැනුම් දෙන්න ගියොත් අපි නරක මිනිස්සු වෙනවා. මේ වගේ පුවත් දැක්කම මට එම නැගණියගේ අනාගතය ගැන යම් සැකයක් දැනෙනවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 18 June 2015 03:17 AM

අද කාලේ මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ (ම)

:       0       0

බංඩාර Friday, 19 June 2015 01:31 AM

ආරියසේන මහත්මා ඔබගේ අදහස් 100% නිවැරදියි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9417 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4877 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6773 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4591 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1140 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1956 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36477 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24191 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site