ජාතික බුද්ධි තොරතුරු සේවා බිඳ වැටී ඇති බැවින් සැඟවූ ආයුද රිසේ සේ තැන තැන ගෙන යන්නට එළියට ගනිමින් සිටින බව පෙනෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(31) ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
බරපතල ගණයේ ආයුධ හමුවී තිබියදීත් පරණ බඩු වගයක් යැයි ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශ පිළිගත හැකි දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.
ගිරිතලේ මූලික කොටගෙන නැගෙනහිර පළාත පුරා විහිද තිබූ බුද්ධි තොරතුරු බළකාය වත්මන් ආණ්ඩුව මගින් විනාශ කළේ එහි දක්ෂ නිලධාරීන් නව දෙනකු නිකරුණේ සාක්කි නැතිව සිරගත කර තබමින් යැයිද ඔහු පැවසීය.
ආයුධවලට පරණ බඩු යැයි කියන වත්මන් ආරක්ෂක ලේකම්වරයා යුද්ධය සමයේ ආරක්ෂක ලේකම්ව නොසිටියේ ජාතියේ වාසනාවට යැයිද වීරවංශ මහතා කීවේය.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බරපතල ආයුධවලට පරණ බඩු කියන්නේ කොහොමද?‘
නවීන් Thursday, 31 March 2016 02:42 PM
ඇයි මහින්ද ලොක්ක ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්ම නේද? එටකොට එහෙම වුනේ නැද්ද විමලේ ? (බ)
බමුණු ආරච්චි Friday, 01 April 2016 02:24 AM
සරත්, රුවන් කියන දේ හොඳින් අහගන්න. ඔහෙලා වගේ නිවට සිංහලයෝ නිසා තමයි මෙරට කවදාහරි පාවාදෙන්න වෙන්නේ. නිවටකම පෙන්වන්න එපා. (නි)
බමුණු ආරච්චි Friday, 01 April 2016 02:29 AM
ආර්. වික්‍රම, ඕක ඉතින් සිංහල ජාතියේ වැරැද්දනේ (නි)
බමුණු ආරච්චි Friday, 01 April 2016 02:29 AM
අසවු අසවු නිල්හාන් දන්නා දේවල්! (නි)
නිම්මි Thursday, 31 March 2016 02:51 PM
ප්‍රියන්ත හොරු කියන්නේ ජෝන්ට, මහා බැංකුවේ අධිපතිට, තලතා අතුකෝරලට, ලන්සට, රාජිතට, එස්.බී දිසානායකට එහෙම වෙන්න ඇති නේද? (බ)
ප්‍රියා Friday, 01 April 2016 02:51 AM
මේ කියන්නේ අර චෝදනා තිබෙන බුද්ධි අංශ නිලධාරීන් කීපදෙන රිමාන්ඩ් කිරීම නිසා බුද්ධි අංශ දියවුණා කියලනේ. කුමන හෝ හේතුවක් නිසා මේ බුද්ධි අංශ නිලධාරීන් කීපදෙනා කට අරින එක නවත්වන්න කට්ටිය සෑහෙන දඟලනවා වගෙයි හිතෙන්නේ. (නි)
ප්‍රසන්න Friday, 01 April 2016 02:55 AM
දැන් යුද්ධය ඉවර කළා කියලා කියල අවුරුදු 6-7ක් ඔය අය බලයේ හිටියේ? ඉතින් ඕවා හොයාගන්න එතකොට බැරිවුණේ ඇයි? (නි)
චන්දි Friday, 01 April 2016 03:03 AM
කෙසේ වෙතත් ඉදිරියේදී රටේ බෝම්බ පුපුරන්න පුළුවන්. ජනධිපති අගමැති විශේෂයෙන් ආරක්ෂා කරන්න ඕනේ. මේවා ඩීල් වෙන්න පුළුවන්. කොටිත් එක්ක තම පෞද්ගලික උවමනාවන් සදහා ගනුදෙනු කරපු දේශප්‍රේමී සළු පිලි ඇදගත් දේශ පාලුවෝ කවුද කියලා දැන් දන්නවනේ.(හේ)
සුරංග Friday, 01 April 2016 03:07 AM
අනේ විමල් මහත්තයෝ ඔබ තුමා කියන හැමදේම හරිද?(හේ)
වරුණ Friday, 01 April 2016 03:08 AM
විමල් ගැන අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කර, මේ රටේ අහිංසක ජනතාවට අයවිය යුතු දේ ලබා ගන්නේ කවද්ද?(හේ)
ශෂික Friday, 01 April 2016 03:18 AM
පක්ෂ බේදයකින් තොරව මෙය ඉතාම භයානක තත්ත්වයක්,මේක සුළුවෙන් ගන්න එපා,මරාගෙන මැරෙන ඇදුම් හම්බ වුනේ ගෙදරක හංගලා මිසක් වල දාල නොවේ,ඒ ගැන හිතලා බලන්න (හේ)
ගමගේ Thursday, 31 March 2016 03:15 PM
විමල් මන්ත්‍රීතුමාට හරි සන්තෝස ඇති එල්ලෙන්න පොටක් ලැබුනට .....(කෞ)
සුසන්ත Thursday, 31 March 2016 03:24 PM
යාරිස් ලා නම් ගොඩක් කැමති ඇති මොකද ඔය අයට අවශ්‍ය ලංකාව නැවත අරාජික වෙනවට.ඔය ජාතිය හැමදාම අවස්ථාවාදී මිනිස්සු. (බ)
දිලිප් වික්‍රමරත්න Friday, 01 April 2016 04:03 AM
ප්‍රියා නීතිය ගැන අවම දැනීමවත් හදා ගන්න ඔවුන්ව ඇප නොදී තියා ගෙන ඉන්නේ බලපෑමකින් බව ඉතා පැහැදිලියි .පොලිසිය මහේස්ත්‍රාත් උසාවියේ ඇප දෙන්න බැරි විදියට තමයි චෝදනා ගොනු කරලා තියෙන්නේ . එහෙම නැත්නම් , කිසිම භෞතික හෝ අන් සාක්ෂි නොමැතිව මිනීමැරුමක් සම්බන්ධයෙන් මෙහෙම ඇප නොදී තියෙන්නේ නැහැ .මේවා දැක්කම දැනට සේවයේ නියුතු බුද්ධි අංශ නිලධාරීන් තවදුරටත් තමන්ගේ රට වෙනුවෙන් බෙල්ල දේවි කියලා තමුන් හිතනවද ? (බ)
පතිරණ Thursday, 31 March 2016 03:59 PM
ඉතින් විමල්ට ආරක්ෂක ඇමතිකම දෙන්නකෝ. වැඩේ ඉවරනේ! (නි)
රොකී Sunday, 03 April 2016 08:09 AM
මැරෙනතුරු සංවාසයේ යෙදෙන්න සුදුසු කාරණාවක්! (බ)
නිරාන් Friday, 01 April 2016 04:22 AM
මෙම සිද්ධියේ බරපතල බව සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු නිසිලෙස ඉටුකිරිමට අදාළ නිලධාරීන්ට කාලය ලබාදිය යුතු අතර අවස්ථාවාදී දේශපාලකයන්ට මේ තුලින් තම පටු දේශපාලන වාසි ලබාගැනීමට ඉඩ නොතැබිය යුතුය. (ර)
පෙරේරා Thursday, 31 March 2016 05:51 PM
මේ අය පිදුරු ගහක් දැක්කත් දැන් එල්ලිලා ආපසු බලයට එන්න බලාගෙනනේ ඉන්නේ. (නි)
සොපි Thursday, 31 March 2016 06:02 PM
මේ කියන කතාව ඇත්ත (නි)
අශාන් Thursday, 31 March 2016 07:59 PM
බුද්ධි අංශ දුර්වල නම් බඩු ටික හම්බවුණේ කොහොමද මහත්තයෝ? (නි)
චාන්දනී Thursday, 31 March 2016 08:06 PM
අර හොර පාස්පෝට් ප්‍රශ්නයත් අපිට තාම මතකයි (නි)
රත්නායක Thursday, 31 March 2016 08:18 PM
මොකක්මහරි වැරැද්දක් අල්ලගන්න තමයි බලාගෙන ඉන්නේ (නි)
සරත් Thursday, 31 March 2016 11:13 AM
ඔන්න විමල්ට කතා කරන්න අපහු මාතෘකාවක් ඇවිල්ල බලාගෙන ඉන්නේ ජාතිවාදය අවුස්සන්න මෙයාලා ඉන්නකම් කළේ හොරකම මැරකම දුෂණය දැන් ඒවා අමතක වෙලා වගේ කතා කළාට මිනිසුනට අමතක නැහැ රටේ නිතිය බල්ලට දාපු කාලය (බ)
රුවන් Thursday, 31 March 2016 11:23 AM
ශාක්ෂිත් තියෙන මෙයාව ගන්නේ කවදද ඇතුළට (බ)
අල්විස් Thursday, 31 March 2016 11:27 AM
ඔබ තුමාගේ කතාව ඇත්ත (බ)
නුවන් Thursday, 31 March 2016 09:00 PM
පරණ බඩු අලුත් දවටන වල එතුනේ කොහොමද කියන එකත් මෙතුමා දන්නවා ඇති එහෙනම් (නි)
රජින්ද Thursday, 31 March 2016 11:40 AM
දැන් තියෙන්නේ යහපාලනයයි. ඒ නිසා හැමදේම වෙනස්. හොරු එළියේ නිර්දෝෂී අය ඇතුලේ. ත්‍රස්තයෝ එළියේ උන්ව මර්දනය කරපු සොල්දාදුවෝ ඇතුලේ. කවටයෝ පිරිසක් රට මෙහෙයවනකොට ඔහොම තමයි. (බ)
චතුරි Thursday, 31 March 2016 09:37 PM
විමල්ගේ පාස්පෝර්ට් දෙක වගේ. එකක් පරණයි කිව්වා නේද? අපිට වුණා නම් අපි හිරගෙදර. මේ බෝම්බයෙන් බලය ලබාගන්න පුලුවන්ද? රටට ආදරයටද? බලයට කෑදරේටද? (නි)
වින්සන්ට් Thursday, 31 March 2016 09:47 PM
ගමගේ, එක් කෙනෙක් නම් එල්ලිලා ඉන්නේ අර කුරහන් පාට පොටේනේ. ඒක නැත්නම් ඇපත් නැහැ. ඒකනේ මේ ඔක්කොම අවුල. (නි)
ජයන්ත Thursday, 31 March 2016 12:15 PM
ඒක තමයි වෙනස කියන්නේ.(හේ)
සුමුදු Thursday, 31 March 2016 12:20 PM
රජින්ද හරියටම හරි..(හේ)
ප්‍රියන්ත Thursday, 31 March 2016 12:21 PM
එක නිසානේ තාම හොරු එළියේ (හේ)
රසික Thursday, 31 March 2016 12:23 PM
බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කර මේ රටේ ආරක්‍ෂිත ජාලය නැවත ශක්තිමත් කරන්න .අතුරුදහන් වූ එක මිනිහෙක් අල්ලාගෙන මොකද්ද මේ නටන නාඩගම (කෞ)
යාරිස් Thursday, 31 March 2016 12:40 PM
ගොඩ කාලෙකින් නියම මාතෘකාවක් ලැබිල.මේ මාසෙට යැපෙන්න මේක ඇති.එත් මම බැලුව මොකද පරක්කු කියල.(කෞ)
ලක්ෂි Thursday, 31 March 2016 11:05 PM
සරත්, යාරිස්, ගමගේ, අපි යුද්ධය නිසා බැටකාපු ජාතියක්. අතීතය අමතක කරන්න එපා. ගිණිපෙනෙල්ලෙන් බැටකාපු අපි කණාමැදිරි එළියටත් බයයි. (නි)
යසන්ත Thursday, 31 March 2016 11:39 PM
අනේ මේ කතා දැන් අපි පිළිගනී කියලා මෙයා හිතනවා ඇති (නි)
දුමින්ද Thursday, 31 March 2016 12:59 PM
කුහුඹුවනේ, තොපිටත් රජකේ ඇතේ! (නි)
රාධා Thursday, 31 March 2016 11:51 PM
ගමන් බලපත් වැඩේ නම් තවම පරණ නැහැ නේද? (නි)
ජෙරමි Friday, 01 April 2016 12:02 AM
ඔන්න බෙරේ ගහන්න පටන් ගත්තා. අපොයි! කන්අඩි පැළෙනතුරු ඕක ගහයි ඉතින්. පුරුදු දේනේ. නැද්ද මං අහන්නේ? (නි)
නිල්හාන් Friday, 01 April 2016 12:32 AM
චාවාකච්චේරියේ හමුවූ දේ ඉතා භයානකයි. ඒවා එතනට ආ විදිහ ප්‍රශ්නයක්. විභාග කිරීමට පුහුණු නිලධාරින්ට ඉඩ දියයුතුයි. විමල් වීරවංශ කෑගැහුවට කලබල වියයුතු නැහැ. ඔහු ඉදිරිපත් කරන කරුණු අනුව මේ සිද්ධිය සම්බන්ධව පොදු විපක්ෂයට මේ සම්බන්ධව හොඳ දැනීමක් තිබෙනවා. එකට හේතුව හොයාබැලිය යුතුයි. මොවුන්ගේ ප්‍රකාශ විමර්ශන වලට හානිකරයි. (නි)
ඉන්දු Friday, 01 April 2016 12:32 AM
සමහරු නම් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකුත් දකින්නේ සෙල්ලම් බඩු විදිහට. (නි)
අජිත් කරුණාරත්න Friday, 01 April 2016 01:38 AM
විමල් කියන්නේ ජනතාවගේ හිත ඇදගන්න කතා නිර්මාණය කරන්න හපනෙක්. (නි)
නිල්හාන් Friday, 01 April 2016 01:42 AM
රජින්ද, කවටයෙක් වෙන්න හදන්ඩ එපා. රසික, තව කෙනෙක්ගේ උවමනාවට වැරදිකළ එකට බුද්ධි අංශයේ කියලා සමාව දෙන්න බැහැ. විමල්ලා කෑගහන්නේ ඔවුන්ගේ අඩුපාඩු වහගන්න. පොදු විපක්ෂයේ මේ ප්‍රකාශයන් අවස්ථාවාදීන්ට හොඳ ශක්තියක්. (නි)
ආර්. වික්‍රම Friday, 01 April 2016 01:42 AM
මෙතන ඉන්න සමහර මිනිස්සු වැරැද්ද පෙන්නාදෙන මිනිහට හිනාවෙනවා මිසක් වැරැද්ද දකින්න ඕනෑකමක් කරන්නේ නැහැ. ඔන්න ඕකයි සිංහල මිනිහට වුණේ හැමදාම (නි)