IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බර්මින්හැම් කඨින පිංකම හෙට

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම  හෙට  පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇතැයි විහාරාධිපති  විතාරන්දෙණියේ කස්සප නාහිමියෝ පැවසුහ.

මෙයට සමගාමිව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සෙනසුරාදා පැවැත්වෙන අතර පසුදින පිංකම සඳහා සහභාගිවන මහා සංඝ රත්නය උදෙසා හිල්දානය සහ දවල් දානය පිරිනැමීමද සිදුකෙරෙයි. පිරිත් පිංකම සඳහා එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහොමයක මහාසංඝරත්නය වැඩම කරවනු ඇත.

බර්මින්හැම් මහා විහාරය මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ප්‍රජා උත්සවයද අද දහවල පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහා කොමසාරිස් වරුන්, පළාතේ පාර්ලිමේන්තු සහ නගර සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශේෂ අමුත්තන් රැසක්ම සහභාගිවනු ඇත.

බ්‍රිතාන්‍ය මහා රැජින නියෝජනය කරමින් වොරික්ෂය ප්‍රාන්තයේ ඇයගේ නියෝජිත දොස්තර ජග්දීෂ් ටවුන්කි මහතා උත්සවයට සහභාගිවන බවද දන්වා ඇත.

විතාරන්දෙණියේ කස්සප නාහිමියන් විසින් නිර්මල බුදුදහමේ චිරස්ථිතිය උදෙසා දීර්ඝකාලයක් තිස්සේ ඉටුකර ඇති උදාර මෙහෙවර ඇතුලත් උන්වහන්සේගේ චරිපාදනය ඇතුලත් නව පුස්තකයක් මෙම උත්සවය අවස්ථාවේ  එළිදැක්වීමද සිදුකිරීමට නියමිතය.

එම ග්‍රන්ථය රචනා කර ඇත්තේ ජර්මනියේ ගුටන්බර්ග් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය  රත්මලේ පඥාරතන හිමියන් විසිනි.

මෙදින කඨින චීවර පූජාවේ ප‍්‍රධාන දායකත්වය දරනු ලබන්නේ සවුත්හම්ටන්හි වෛද්‍ය එන්.ඩී.සහ චම්පිකා විජයවීර පවුලේ සාමාජිකයින් විසිනි.



අදහස් (0)

බර්මින්හැම් කඨින පිංකම හෙට

සරත් Saturday, 19 October 2013 09:06 PM

කලින් දැන ගත්තනම් මමත් යනවා. විතාරන් දෙණියේ කස්සප නායක හාමුදුරුවෝ කවුරුත් ගරුකරන එංගලන්තයේ වාසය කරන කීර්තිමත්, සම්බුද්ධ ශාසනය බබලවන බුදු පුතෙක්. බොහෝ දෙනෙක්ට ඉහලට යන්න අත දීල තියෙනවා. හාමුදුරුවරු විශාල පිරිසක් එංගලතයට ගෙන්වල තියෙනවා. අලුතින් හදන බෞද්ධ මන්දිරය හැදුවහම හරි අලංකාරයට තියේවි. බුදු සසුන එංගලන්තයේ බැබලේවා! (නදී)

:       0       0

ගුණරත්න කින්ස්බරි Saturday, 19 October 2013 05:22 PM

පුජ්‍ය කස්සප හිමි එංගලන්තේ වැඩ වසන ශ්‍රේෂ්ට භික්ෂුවක්. කෙලින් කතා කරන, අකුරට වැඩ කරන භික්ෂු ගරුත්වය ආරක්ෂා කරගන්න කෙනෙක්. වරද දුටු තැන ලොකු පොඩි භේදයක් නැතිව කතා කරනවා. විශාල ශාසනික, සමාජ, ජාතික සේවයක් කරනවා. කරන හැමදේම පත්තරවල දාගෙන ප්‍රසිද්දිය ගන්නෙත් නැහැ. නිහඬව හැම දේම කරදර බාධක මැද්දේ කරනවා. කස්සප හිමියෝ චිරාත් කාලයක් බැබලේවා. දීර්ඝායුෂ ලැබේව! . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1474 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2003 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2501 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5733 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1793 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6389 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18295 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site