IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බර්මින්හැම් ජේතවන කඨින පිංකම

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන බර්මින්හැම්  ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින චීවර පුජා පින්කම පසුගියදා  පැවැත්විණි.

ලන්ඩන් නුවරින් සැතපුම් 120ක් පමණ දුරින් එංගලන්තයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි බර්මින්හැම් නුවර ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියා, යුරෝපිය, චීන, කාම්බෝජ, තායිලන්ත වැනි අනෙකුත් රටවල බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් ජිවත්වන නගරයකි. දැනට වසර ගණනාවට සිට විහාරස්ථානයට පැමිණෙන මේ සියලුම දෙනාගේ ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජීය අවශ්‍යතාවයන් ඉටුකරලිමෙහිලා ජේතවන බෞද්ධ විහාරයෙන් ඉටුවන්නේ අනුපමේය සේවාවකි.

මෙවර කඨින පුජෝත්සවය පවත්වනු ලැබුයේ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙනි.

ඒ සඳහා ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගිවුහ.

වසන්ත සහ රීටා පෙරේරා යුවළත් ඔවුන්ගේ දියණිය වන සෝලා පෙරේරා යුවළත් ඔවුන්ගේ දියණිය වන සෝලා පෙරේරා මෙනවියත් පිංකමෙහි දායකත්ව දැරූහ.

දවස පුරාම පැවැත්වූ පින්කමෙහි සියලු කටයුතු සඳහා ජේතවන විහාරයේ සියලුම දායක දායිකාවන්ගේ සහාය සහ සහභාගිත්වයද නොඅඩුව  ලැබුණු  බව ගුණවංශ හිමියෝ පැවසුහ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අම්පිටියේ සිරිවිමල නාහිමි,මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති  පිදිවිල්ලේ පියතිස්ස නාහිමි සහ එම විහාරවාසී එස්.බුද්ධරක්කිත හිමි,   ගල්පොතයායේ පේමානන්ද හිමි, නොටින්හැම්හි ශාන්ති බෞද්ධ විහාරාධිපති  තෙල්දෙණියේ අමිත හිමි, හන්ස්ලෝ අතුලදස්සන විහාරාධිපති  වඳුරඹ කස්සප හිමි, හැන්ඩ්ස්වර්ත් අතුලදස්සන විහාරවාසී එම්. පඥාසාර හිමි සහ ලන්ඩනයේ එඩ්මන්ටන් සමාධි විහාරවාසී පි.පියරතන හිමි පිංකම සඳහා වැඩමකර සිටියහ.

 බෙරගම පියරතන හිමි,  පිදිවිල්ලේ පියතිස්ස නාහිමි සහ  තෙල්දෙණියේ අමිත හිමි  කඨින පිංකමෙහි ඇති වටිනාකම සහ එවැනි උතුම් පිංකමකට දායකවීමෙන් ලැබෙන මහත්ඵල මහානිසංශ පිළිබඳව විස්තරකරදෙමින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ධර්මදේශනාද පැවැත්වූහ.

මේවසරේ  කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි,  මාපලගම සෝරත හිමි,  බෙරගම පියරතන හිමි සහ  තිස්සපුර සුගතරතන යන  සවාමින්වහන්සේලා ජේතවන විහාරයේ වස් විසූහ.



අදහස් (0)

බර්මින්හැම් ජේතවන කඨින පිංකම

ජයන්ත Wednesday, 30 October 2013 04:48 PM

සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)

:       0       0

ලාල් කින්ස්බරි Thursday, 24 October 2013 12:16 PM

අනේ පුක්කුසයෝ...අපි දන්නා විදියට බැතිමත්තු පින් අරන් යනකොට ඔයා තමයි පස්ස දොරෙන් දානේ ටික ඔතාගෙන තට්ටු වෙන්නේ. (ස)

:       0       0

දර්ශන් Thursday, 24 October 2013 07:34 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

කියෝ Thursday, 24 October 2013 07:34 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

නන්ද Wednesday, 23 October 2013 06:07 PM

ගුණවංශ හිමියන් ඉතා දක්ෂ සහ ප්‍රියශීලී හිමිනමක්.හැම වසරකම කඨින පිංකම ජේතවන විහාරයේ සිදු කරනවා. විදේශගතව සිටින සමහර අතලොස්සක් ශ්‍රී ලංකික භික්ෂුන් වහන්සේලා සිදු කරන කණගාටුදායක දේවල් ඇහෙනවිට වේදනාවක් ඇති වුණත්, ගුණවංශ හිමියන්, පිදිවිල්ලේ පියතිස්ස හිමියන් වැනි අතිදක්ෂ යතිවරයාණන් වහන්සේලා නිසා ඉහත කී ලප කැළැල් ඉබේම වියැකී යනවා. සැදැහැවත් ජනයාගේ සිත් බැතියෙන් පිරී යනවා. (නි)

:       0       0

මහින්ද Thursday, 24 October 2013 08:48 AM

මටත් යමක් කියන්න ඕන මම ඉන්න රටේ තියෙන ශ්‍රී ලාංකික පන්සල ගැන. පන්සලට එන අය, පන්සලෙන් ප්‍රයෝජන ගන්න අය, පන්සලේ උත්සව වලට එන අය ඕන තරම්. ඒත් පන්සලේ පැවැත්මට ඇති කර තිබෙන සාමාජික මුදල් ගෙවන අය බොහොම අඩුයි. කොටින්ම කිව්වොත් පන්සල දුවන්නේ බොහොම අමාරුවෙන්. (ස)

:       0       0

මිගිද Wednesday, 23 October 2013 08:28 PM

කොච්චර දායකයෝ හිටියත් බොහොමයකගෙන් ආධාර මුදල් ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ වරදකට නොවේ.මමත් පන්සල පටන් ගත් දා ඉදලා එයට ආධාර කරන පුද්ගලයෙක්. (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Thursday, 24 October 2013 10:09 AM

ලංකාවේ බැතිමත්තු පන්සල් එන්නේ පින් ගොඩාක් ගෙදර අරන් යන්න විතරයි. පුළුවන් නම් ඉතුරු වුන දානේ ටිකකුත් ඔතාගෙන යයි. පන්සලේ පැවැත්මට ආධාර කරන්න නම් බොහොම හොරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1011 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1380 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5496 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1328 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5509 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4996 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17481 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site