IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බර්මින්හැම් පන්සලක් වෙසක් සමරයි

බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානය සංවිධානය කළ  වෙසක් උත්සවය විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ මහානිකයේ ප්‍රධාන සංඝ නායක  කැප්පෙටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අන්‍රග්‍රහයෙන් පැවැත්විණි.

පෙහෙවස් සමාදන් වීමෙන් හා බුද්ධ වන්දනාවෙන් පසු  භාවනා වැඩසටහන සහ ධම්ම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආචාර්යවරයකු වන කිරම රත්නසිරි හිමියන් විසිනි.

විහාරවාසී  මාපලගම සෝරත හිමියන් දහවල බුද්ධපුජාව මෙහෙයවීය.

පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය සහ සිල් සමාදන්වූ සැදැහැවතුන් උදෙසා දහවල දානයද අනෙකුත් අනෙකුත් සියලුම දෙනා සඳහා ආහාර පානද සපයන ලද්දේ ගනේවත්ත පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විසිනි.

ස්ටෝකේ ඔන්  ට්‍රෙන්ට් නගරයේ පිහිටුවා ඇති ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන "සත්ස්වර සංගීත කණ්ඩායම"ඉදිරිපත්කළ මනරම් බොදු බැතිගී සංදර්ශනයක්ද එදින පැවත්විණි. ශ්‍රී ලංකාවේ මැලිබන් සමාගමේ අනුග්‍රහාකත්වයෙන් ලක්ෂ්මන් වීරසුරිය සහ පාලිත බණ්ඩාර සන්විධානයකළ "තේ දන්සල" පැමිණ සිටි සියලුම දෙනා වෙත දවස මුළුල්ලේම රස කැවිලි සහ විස්කෝතු සමඟ  තේපැන් සැපයිණි.

අම්බෙටඩ්කාර් බෞද්ධ සැදැහැවතුන් විසින් ආරම්භකොට පවත්වාගෙන ගිය ජේතවන විහාරය වසා දැමීමට තීරණය කර තිබු අවස්ථාවේදී අති මහත් උත්සාහයකින් සහ ශ්‍රී

ලාංකික මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් ත්‍යාගශීලී පින්වතුන්ගේ උදව්වෙන් විහාරස්ථානය නොකඩවා පවත්වාගෙන යාමට කටයුතු කරන ලද්දේ විහාරාධිපති  කැපෙටියාගොඩ ගුණවංශ හිමියන් විසිනි.

2000 වසරේදී යළි ආරම්භ කළ බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ පිහිටුවා ඇති ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් බවට පත්ව ඇත.

එය ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන, කාම්බෝජ, වියට්නාම, තායිලන්ත, බුරුම මෙන්ම යුරෝපා ජාතිකයින්ගේද ආගමික විවෘතව ඇති වැදගත් ආගමික මධ්‍යස්ථානයකි.



අදහස් (0)

බර්මින්හැම් පන්සලක් වෙසක් සමරයි

ඉන්දික Saturday, 01 June 2013 01:59 AM

කෝ අපේ පින්තුර නැහැනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 9 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 642 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1527 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3416 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1787 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 688 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site