IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බිරිය ජෝර්දානයේ : සැමියා දුරකතන කුලුනේ

ජෝර්දානයේ සිටින තම බිරිය ඉක්මනින් ගෙන්වා දෙන්නැයි කියමින් කහටගස්දිගිලියේ සැමියෙක් දරු දෙදෙනා ද සමග අඩි 80ක් උස දුරකතන කුලුනකට නැඟ දෙපැයකට පසු උපක්‍රම ශීලීව බස්සවා ගැනීමට කහටගස් දිගිලිය පොලිසිය සමත් විය.

බරියගේ සාරියකින් අවුරුදු දෙක හමාරේ දරුවා තම බඩට තබා බැඳගෙන එම පුද්ගලයා හය හැවිරිදි දරුවා කරේ නංවාගෙන සිටියේය.

 



අදහස් (0)

බිරිය ජෝර්දානයේ : සැමියා දුරකතන කුලුනේ

ශාන්ත Monday, 07 July 2014 02:39 PM

ගැහැණු රට යවනවට බනින අය දන්නේ නැද්ද එ් සල්ලි ලංකාවට අාවා නම් විදේශ විනිමය කියලා. (නදී)

:       0       0

දිලු Monday, 07 July 2014 09:19 AM

රට විරුවෝ කියාගෙන ගැහැණුන්ව විකුණගෙන කන රටක්නෙ මේක. මේ රටේ ආදායම් උත්පාදන මාර්ග නිර්මාණය කරන්න ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න වෙන කිසිම පාලකයෙක් උත්සහ කලේ නෑ. දැන් මේක ඛේදවාචකයක් වෙලා ඉවරයි පවු අසරණ දුප්පත් මිනිස්සු සහ දරු පැටව්. සමහර අය රටේ ආදායම් උත්පාදනයට කියල වෙන රටවල තියන සල්ලාල සංස්කෘතියත් මෙරටට ගේන්නනේ හදන්නේ. මෙහෙම මිනිස්සු පත්කර ගන්න අපිටම තමයි ගහගන්න ඕනේ. (නදී)

:       0       0

ගමගේ Sunday, 06 July 2014 05:53 PM

මේක නම් ඉතාම අසාධාරණ ඉල්ලීමක් ලෙසයි මම දකින්නේ (නි)

:       0       0

සමින්දි Sunday, 06 July 2014 05:54 PM

මේකට නගින්න තරම් අතපය සවිය තියනවා නම් ඇයි බිරිඳව පිටරට වලට යවන්නේ? (නි)

:       0       0

රුවන් Sunday, 06 July 2014 05:56 PM

ගෙන්නගන්න හදිස්සි නම් යැව්වේ මොකටද? ලංකාවේ ඉඳලම කුලීවැඩක් කරගෙන හරි ජීවත්වෙන්න තිබුනනේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 10:12 AM

ගැණු පිටරට යවන්න කලින් දෙවරක් හිතන්න. පිරිමියෙකුට නොකරන්න බැරි දෙයක් නැහැනේ. අන්තිමේදී අසරණ දරුවෝ තමයි හැමදේටම තැලෙන්නේ පොඩිවෙන්නේ (නදී)

:       0       0

වර්ධන Tuesday, 08 July 2014 07:17 PM

දිගටම ඉන්න අරින්නනේ තිබුණේ (නි)

:       0       0

රොෂාන් Monday, 07 July 2014 10:17 AM

හේතුව මොකක්ද දන්නේ නැතිව චෝදනා කරන්න බැහැ. සමහර විට එයාගේ නෝනට කරදර ඇති. (මුදී)

:       0       0

නසාර් Sunday, 06 July 2014 06:31 PM

මෙහි ලියන පාඨකයින් නොදන්නා ගොඩක් දේවල් තිබෙනවා. කවුද ලස්සන ජීවිතයක් ලබන්න හීන නොදකින්නේ? හදවතට තට්ටු කරලා අහන්න. (නි)

:       0       0

ජිනාල් Sunday, 06 July 2014 06:34 PM

පිරිමි අපිටත් ලැජ්ජාවෙන වැඩ මේවා. අහිංසක ගැහැණුන්ව රට යවනවා (නි)

:       0       0

සමන් Sunday, 06 July 2014 07:10 PM

නසාර්,ලස්සන ජිවිතයක් ගැන කියලා රැවටෙන්න පෙර තමන්ගේ මොළය පාවිච්චි කරලා අද රට ලෝකය ගැන හිතලා බලන්න ඕනෑ නේද? (නි)

:       0       0

ජිනාල් Sunday, 06 July 2014 07:26 PM

ලස්සන ජිවිතයක් ගත කරන්නේ කොහොමද, අහිංසක බිරිඳව රට යවලා? (නි)

:       0       0

තරිදු Sunday, 06 July 2014 07:33 PM

අසරණ මිනිසුන්ට කාගෙවත් පිහිටක් නැති නිසානේ කුලුනට නඟින්නේ. මෙතන අදහස් දාන සමහර මිනිසුන් ඉතා කුහක දුෂ්ට අය කියලයි මට හිතෙන්නේ. දුප්පත් මිනිසුන්ගේ දුක පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

මහේෂ් ජෝර්දාන් Monday, 07 July 2014 04:03 PM

කරුණාකරලා ඇයගේ විස්තර ලබා දෙන්න. කළහැකි දෙයක් නම් තානාපති කාර්යාලය සමඟ කතාකර ලංකාවට ඒමට උදව් කළ හැකියි. එසේ නැතත් බිරිඳ දැන් ඉන්න තත්වය පිළිබඳ සත්‍ය තොරතුරු සොයාදිය හැකියි. (නි)

:       0       0

ගාමිණී ඇෆරිකා Sunday, 06 July 2014 09:10 PM

දිනපතා පුවත් පත් දිහා බලද්දී දැන් කාන්තාවන් රට යාම පිළිබද ප්‍රශ්නය අතිශය භයානක සමාජ ප්‍රශ්ණයක් විදියට ඉදිරියට එන බව පේනවා. ඒ වගේම කාන්තාවන් රට යන්න ගත්තේ අද ඊයෙක නෙවේ උනත් අද තියෙන මේ සමාජ ආර්ථික ක්‍රමයේ අසමතුලිත තාවය නිසා මේ ප්‍රස්නෙන් සැමියත්, දරුවනුත් දෙගොල්ලොම දුක් විදිනවා. මේ ප්‍රශ්නය ගැන රට රැකියාවල නියුතු කාන්තාවන්ගේ ස්වාමියෝ මේ වගේ අවදානම් වැඩ වලට දරුවෝ සම්බන්ඳ කරගන්න පෙර දෙවරක් හිතන්න කාලේ ඇවිත් කියල මම හිතන්නේ. (නදී)

:       0       0

කුමාර Sunday, 06 July 2014 09:42 PM

මම නම් කියන්නේ වයසක ගැහැණු ඇරෙන්න කිසිම ගැහැණියෙක් ජෝර්දාන් වලට යවන්න එපා කියල. මම ජෝර්දාන් වල හිටපු කලේ සිකුරාදාට හොඳ හොඳ සෙල්ලම් දැක්කි. ෂර්කා, අම්මාන් වල ඉන්න බංගලි පකිස්තාන් පිරිමි එක්ක සෙට් වෙලා කරන ඒවා පෙන්නන්න මුලින්ම බැදපු පිරිමි යවන්න ඕනා. (නදී)

:       0       0

පැතුම් Sunday, 06 July 2014 09:46 PM

සමහරවිට බිරිදගේ කැමැත්තට රට යන්න ඇති. ළමයින්ගේ වැඩත් ගෙදර සියලු වැඩත් පිරිමියෙකුට පැටවුනාම දරාගන්න අමාරු ඇති. ඒ වගේම තනිකම පාළුව දැනෙන නිසා සමහර පිරිමින් අවට සිටින කාන්තාවන්ට අයුතු යෝජනා ගේනවා. ළමයින් පරිස්සමට නෑයෙක් ලග තබා පිරිමියා රැකියාවට ගියාම ළමයින් අපයෝජනය වෙනවා. රට ගිය බිරිදත් ගෙදර හාම්පුතාගේ අතවර කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විදිනවා. මෙය කාලයක් තිස්සේ සිදුවන දෙයක් මිස රහසක් නොවෙයි. නමුත් රට සල්ලි වලින් යැපෙන්නට බලා ඉන්න රටක් ලෙස කිසිම පාලකයෙක් මෙයට තහනමක් පනවා, ලංකාවේම ගෘහ සේවයට හෝ ලෙඩුන් සහ මහලු අය රැකබලාගැනීම වැනි රැකියාවලට යොමුකරන්නේ නැහැ. (නදී)

:       0       0

දෙව්මිත් Sunday, 06 July 2014 10:18 PM

තරිඳුට මමත් එකඟ වෙනවා (නි)

:       0       0

දයාජ Monday, 07 July 2014 12:04 AM

මේක දැන් රෝගයක් වී හමාරයි.මොහු නිකමටවත් හිතුවද, මෙතරම් උසකදී මේ නොදරුවන්ට දැනෙන කම්පනය පිළිබඳව.මට දැනෙන විදියට එය වරදක්. (නි)

:       0       0

එදිරිසූරිය Monday, 07 July 2014 01:04 AM

දරු දෙදෙනා අරගෙන ගියේ ඇයි? (නි)

:       0       0

විදුරන්ග Monday, 07 July 2014 01:04 AM

බිරිය ගෙන්වාගැනීම කෙසේවෙතත් දරු දෙදෙනාගේ ජීවිත අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පොලිසිය මොහුට විරුද්ධව ක්‍රියා කිරීමට ඉඩ ඇත. ඇත්තෙන්ම මෙම සිද්ධිය සමාජමය ඛේදවාචකයකි (නි)

:       0       0

සෝමා Monday, 07 July 2014 12:34 PM

සමින්දි, ඔයා කොහෙද වැඩ කරන්නේ. ඔයා කසාද බැඳලා දරුවෝ ඉන්නවා නම් තේරෙයි එක් අයෙක් විතරක් රැකියාවක් කරලා කොහොමද ජීවත්වෙන්නේ කියා. අනික මෙයා වැඩ ද කරන්නේ කොහොමද ළමයි දෙන්නත් එක්ක (නදී)

:       0       0

ටිරෝන් Monday, 07 July 2014 02:27 AM

පොලිසියක් කරන්න ඕනෑ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න එක කියලයි මම නම් කියන්නේ? මේ නොදරුවන්ගේ ජිවිත අවදානමකට ලක් කළ එක වැරදියි නේද? මෙච්චර හදිස්සි නම් තමන් බිරියව පිටරට යැව්වේ ඇයි? බිරියට කරදරයක් නම් විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දීලා පිළිවෙලකට ඒ දේවල් කරන්න ඕනෑ. (නි)

:       0       0

අබ්දීන් Monday, 07 July 2014 04:40 AM

නඟින කුළුණක තනියෙන් නැග්ගා නම් ඉවරනේ.මේ කිරි සප්පයොත් අරගෙන ගියේ මොකටද? (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 07 July 2014 05:14 AM

තමන් කසාදයක් කරගෙන දරුවන් බිහිකළා නම් දරුවන්ට කන්න දෙන්න ගැහැණු රට අරින්න එපා. කුලී වැඩ කරලා හරි දරුවන්ට කන්න දෙන්න. (නි)

:       0       0

ලුම්බිණි Monday, 07 July 2014 05:55 AM

මෙම පුද්ගලයා ළමයින්ගේ ජීවිත අවදානමකට පත් කළ එක වැරදියි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 July 2014 02:22 PM

කුමාරගේ කතාව සහතික ඇත්ත.මමත් අවුරුදු හතරහමාරක් හිටියනේ.පුදුම සෙල්ලන් එහෙ තියෙන්නේ. (අ)

:       0       0

කල්හාර Monday, 07 July 2014 07:37 AM

මේ පොඩි ළමයිනුත් කරපින්නාගෙන මෙහෙම අවදානම් ගමනක යෙදෙන්න හොඳ නැහැ කියලා නිකන්වත් හිතුණේ නැද්ද? (නි)

:       0       0

ලංකා Monday, 07 July 2014 08:07 AM

ගැහැණු මැද පෙරදිගට විකුණගෙන කන එක දැන් ලංකාවේ ප්‍රදාන අදායම් මාර්ගයක්. මේකට රජයෙනුත් ලොකු අනුග්‍රහයක් ලැබෙනවනේ. රට විරුවෝ කියාගෙන (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 25 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 96 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 187 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 678 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 524 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 352 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site