IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බිරිය සමඟ ඩාන්ස් කළැයි ගෙල කපා මරලා

(සුමිත් පොතුපිටිය) 

ඇඟලුම් ආයතනයක සේවය කරන තරුණියක එම ආයතනයේම තවත් තරුණයකු සමග සංගීත ප්‍රසංගයකදී නර්තනයක යෙදුණේ යැයි කියන සිද්ධියකට උරණ වූ තරුණියගේ සැමියාගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ  තරුණයා මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

තම බිරිය සමග ඝාතනය ලක් වූ  තරුණයා සංගීත ප්‍රසංගයේදී නර්ථනයේ යෙදුණු බව කියමින් ඊට උරණවූ ඝාතකයා  අතර හට ගත්  ආරවුලක්  අතර  තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.

මියගිය තරුණයා සමග නැටුමට එක් වූ බව කියන තරුණිය හා ඇගේ සැමියාගෙන් වෙන්වී ජිවත් වන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කියයි.  

ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් දී මෙම සිද්ධිය සිදුව ඇතැයි ද  පොලිසිය සදහන් කරයි.



අදහස් (18)

බිරිය සමඟ ඩාන්ස් කළැයි ගෙල කපා මරලා

Saman Dissanayake Sunday, 16 June 2024 10:50 AM

ලන්කවේ මිනිසුන් විශේයෙන් තරුනයන් සන්ගිත සන්දර්ශන වලට යන්නෙ සංගිත රසය විදින්න නොවෙයි. එක්කො හතුරෙකුට ගහන්න නෑති නම් පලි ගන්න. ගෑනු අයට පෙන්න රගන්න. කිසිප්පු බිලා ගන්ජා ගහලා ඔවට එන්නෙ. එක්කො වෙදිකාවට ගල් ගහනවා. ලංකා⁣වේ සංගිත ය විදින්නෙ නෑ. බස් එකට නෑන්ගත් තුට්ටු 2කෙ සින්දු දන්නෙ කිසිම රසයක් නෑ. ලන්වෙ සස්තරතාවේ 92 % උනට බුද්දිමත් බවයක් නෑ. සන්ගිත සන්දර්ශන වලට නොය ඉන්න එක තමයි ඈගට ගුන

:       4       284

sanathSunday, 16 June 2024 01:55 PM

සම්පූර්ණ ඇත්ත... රටේ තත්වය ඒකයි... කිසිම දේක රසයක් විඳින්න දන්නේ නැති අමු ගොබ්බ දූපත් වැසියෝ මේ රටේ ඉන්නේ. සංගීතයක් බලන්න යද්දී අරයා පිහියක් ගෙනිච්චේ බටර් ගාන්න වෙන්න බෑනේ. මෙයාව මරන්න යන්න ඇත්තේ...

:       3       162

pakeer Sunday, 16 June 2024 12:28 PM

සරලව කියනවා නම් ලංකාවේ විවෘත සංගීතවලට යන්නේ, කුඩු කාරයෝ, ගංජාකාරයෝ, ත්‍රීවීල් කාරයෝ සහ ගණිකාවෝ...

:       7       130

Don perea Sunday, 16 June 2024 02:48 PM

පන්සල් හැමතැන, රටේ මිනිස්සු තිරිසන්නු වගේ...

:       161       102

SamanthaSunday, 16 June 2024 05:48 PM

අනේ උපාසක පන්සල් හැමතැනම තිබ්බා කියලා ඔයාවත් පෝයට පන්සලකට යන්නේ නෑනේ... අඩුම පන්සිල්වත් රකිනවද? නෑනේ නිකං අතේ ඇඟිලි තිබ්බා කියලා කොටන්න එපා...

:       26       134

No religion Sunday, 16 June 2024 07:52 PM

ලංකාවේ පන්සල් විතරද තියෙන්නේ?

:       8       124

Don perea Sunday, 16 June 2024 11:38 PM

හිත රිද්ද ගන්න එපා.ඇත්ත කිව්වේ

:       6       3

de silva berlin Sunday, 16 June 2024 03:11 PM

සම්පූර්ණ ඇත්ත... ලංකාවේ බහුතරයකගේ (හැමෝගෙම නොවේ) විනය අවුල් මේකේ වරද අපේ අධ්‍යාපන ක්‍රමය, හැමෝම 0/L කළත් ඉන් විශාල කොටසක් A/L කළත් අධ්‍යාපනයේ අන්තිමට විශාල තරුණ පිරිසක් අතරමන් වෙනවා.. මොවුන් තුළ ඇතිවන මානසික ආතතිය, කලකිරීම, අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවය, පිට වෙන්නේ මේ වගේ, රටක අධ්‍යාපන ක්‍රමය අවසානයේ බිහි කරන්න ඕනේ විෂය දන්නා නවීන තාක්ෂණයට වැඩ කරන්න පුළුවන් වඩු කාර්මිකයින්, විදුලි කාර්මිකයින්, රජයේ සේවකයින්, දොස්තරලා වැනි හැම ක්ෂේත්‍රයකම ආවරණය වන පරිදි, ලංකාවට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකත් මේක, ඉස්කෝලවලට බස්, ලැප්ටොප් දුන්නා කියලා, මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ලංකාවේ ක්‍රිකට් ටීම් එකටත් පිටරටින් පුහුණුකරුවෝ ගේනවා. ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය ප්‍රතිව්‍යුහගත කරගන්න මෙහෙ ඉන්න බලධාරීන්ට බැරිනම්, මේවා හොඳට කෙරෙන දියුණු රටකින් පළපුරුදු කණ්ඩායමක් ගෙනත් අපි සැලසුමක් හදාගන්න ඕනේ..., නැතිනම් රටේ ආර්ථිකය දියුණු කරන්න බැහැ..!

:       44       67

sathyapalaSunday, 16 June 2024 04:36 PM

අධ්‍යාපන ක්‍රමයේ අවුලක් නොවෙයි ජානවලම අවුලක්. පරිණාමනයේ කොහේදී හරි ලංකාවේ ජානවලට අසුචි කලවම් වෙලා. ගිය තැන ගඳ ගහනවා. උගත්තු නූගත්තු කියලා වෙනසක් නෑ. ඔය කොයි ගමක් මැදින් ගියත් හදිසියේ වාහනයකට ගමේ එකෙක් හැප්පුනොත් රියදුරු කොතරම් නිවැරැදි වුණත් ගමේම අය වටකරගෙන ගහනවා. සමහර විට කාර් එකේ ඉන්න ඔක්කෝම කාර් එක ඇතුලේම ගිනි තියනවා. ලංකාවේ අය හොඳ එළියට පෙන්නන්න විතරයි. ඇතුල අන්තිමයි. ජානමය වරදක්.

:       4       85

ChethanaMonday, 17 June 2024 06:16 AM

ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනා පහවසර ශිෂ්‍යත්ව විභාගය ඊළඟට පළාත් සභා ඇතිකිරීමට පෙර පාසල්වල ප්‍රාග්වෘත්තීය විෂයයන් ඉගැන්වීම කලා දරුවන්ගේ පවතින දක්ෂතා හදුනාගෙන ඔවුන්ට එම අංශ වලින් ඉදිරියට යන්න මග පන්නුවා දැන් මොකුත්ම නැහැ අම්මලාට අඅවශ්‍ය වෙන්නෙ එකම දදරුවා /දැරිය දොස්තර කෙනෙක් කරන්න තමයි.ඊළඟට ශිෂ්‍යත්ව විභාගය අසමත්ව /සාමාන්‍ය පෙළ අසමත්ව හා උසස් පෙළ අසමත් වෙලා පාසල් හැරයන දරුවො ගැන බලන්න කිසිම ආණ්ඩුවක් කටයුතු කරන්නෙ නැහැ උපාධිය අරගෙන ඉන්න අයට රැකියා දියව් කිව්වම ඒක විසදීමට හැර වෙනත් අවධානයක් නැහැ .ඊළඟට ඊයේ පොලිස්පති කිව්වා අපරාධ 23% කින් අඩුවෙලා කියලා ඒත් බැලුවම නම් මිනීමැරුම් වැනි අපරාධ අඩුවූ බවක් නම් පුවත්පත් මගින් නම් දකින්නට නැහැ

:       0       3

Lucky Sunday, 16 June 2024 08:21 PM

මියුසිකල් ශෝ කියන්නේ යන්තම් හරි සිහි බුද්ධියක් තියෙන මිනිස්සු යන්න සුදුසු තැනක් නොවේ. ඕවාට යන්නේ කිසිම හැදියාවක්, පිළිවෙලක් නැති, රස්තියාදුකාර, වල් වැදිච්චි මානසිකත්වයක් තියෙන මිනිස්සු...!

:       3       75

Ruwan De Silva Sunday, 16 June 2024 10:55 PM

ලංකාවේ මිනිස්සු ලෝකයෙම මානසික රෝග සාපෙක්ෂව වැඩි, වැඩිම මානසික පීඩනයකින් ඉන්නේ, හේතුව හරියටම පැහැදිලි නෑ මොකද පලස්තීනය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් වලට වඩා වැඩිවීමට හේතුව ලංකාවේ මිනිස්සුන්ගේ ජාන වල ප්‍රශ්නයක් දෝ කියලත් හිතෙනවා. මොකද තාමත් ලංකාවේ දිවිනසා ගැනීම අඩු කරන්න බැරි වුනා. අවුරුදු 10-12 අයත් දිවිනසාගන්නවා ළමයි පොඩිකාලේ ඉදන්ම අධ්‍යාපන පීඩනය. අවුරුදු 6-7 වුන ගමන් ශිෂ්‍යත්ව ටියුෂන් එදා ඉදලා කැම්පස් යනකම් පීඩනය, ඊට පස්සේ රැකියාවේ පීඩනය (ලංකාවේ ආයතන වල තත්වය දන්නවා නේ, මටත් ලංකාවේ එපා වුනේ රැකියාවෙන්) මෙකට මුලින්ම දෙමාපියන් තමයි වගකියන්න ඕනේ ඊට පස්සෙ ගුරුවරු, පාසල්, ආගමික ස්ථානය, සෞඛ්‍ය වගෙම රජයත්. මොකද ලංකාවේ ලෝක සතුටු දර්ශනයේ දකුණු ආසියාවේ පහළම ඉන්නේ

:       1       4

Ranjan prabath Sunday, 16 June 2024 11:21 PM

මේක මකල හදන්න ඕන ලන්තයක්.මේකෙ පැලපදියන් වුන වැරදි අදහස් ,සිතුවිලි .ආකල්ප මේවා ලෙහෙසියෙන් පහසුවෙන් වෙනස් කරන්න බෑ

:       1       3

sunel Monday, 17 June 2024 02:11 AM

අපේ රටේ තිබුණු වටිනා සංස්කෘතිය විනාශ කරපු තවත් එක කණ්ඩායමක් තමයි ඔය සංගීත කණ්ඩායම් . කොන්ද වවාගෙන අතනයි මෙතැනයි හැම තැනම පච්ච ගහගෙන ජෝකර්ලා වගේ ඇඳුම් ඇඳගෙන තමයි ස්ටේජ් නගින්නේ . ගම වල ඉන්න නුගත් තරුණ තරුණියන්ට මුන් රෝල් මොඩ්ල් උනා . මේ වගේ සංගීත වලට එන මෝඩ චන්ඩි සංගීතය රසවිඳීම වෙනුවට ගැනුන්ගේ පස්ස මිරිකනවා , ගුටි කෙලගන්නවා , ත්හමන් හරි පොරක් බව පෙන්වන්න මෝඩ රැඟුම් රඟපානවා . අපේ සමාජය යේ කුනුවුණු තවත් එක පැතිකඩක් තමයි මේ.

:       1       7

Nayana Monday, 17 June 2024 06:51 AM

ලංකාවෙ මියුසිකල් ශෝ සංස්කෘතිය දැන් අවුරුදු දගණනාවක ඉඳන් ගන්න දෙයක් නෑ. මියුසිකල් ශෝ කියන්නේ තනිකරම විෂමාචාර ක්‍රියාවලින් පිරිච්ච, පහත් පෙළේ මනුෂ්‍ය හැසිරීම්වලට තෝතැන්නක්. වැදගත්කමක්, හොඳ හැසිරීමක් තියෙන ගෑනියෙක් පිරිමියෙක් යන්න සුදුසුම නැති තැනක්.

:       0       7

gunarathna Monday, 17 June 2024 08:15 AM

යකෝ ගැණිගේ බෙල්ල කන්න තිබුණේ. මේ අහිංසකයා දන්නවාද මේ ගැණු කෙනා බැදපු කෙනෙක්ද කෙල්ලෙක්ද කියලා ඒ වෙලාවේ කෙනා එක්ක නැටුවා කෙරුවා විතරයි

:       1       1

නිරෝෂන් Tuesday, 18 June 2024 01:05 PM

නැටුවට අවුලක් වෙලා නෑ අර "කෙරුවා" කියපු එකටයි කොල්ලට මළ පැනලා බෙල්ල කපලා තියෙන්නේ... සොයුර ඔබ‍ට නිවන්සුව පතමු.!

:       0       0

primeshika Monday, 17 June 2024 09:21 AM

මැරෙන්න තියනවානම් කොතන හිටියත් මැරෙනවා .ඔය දියුණුයි කියන රට වල සල්ලි වලට පෙනෙන්න සංගීත සංදර්ශන වලත් තුවක්කු කරුවන්ගේ වෙඩි ප්‍රහාර වලින් කීයක් නම්රෙ මැරෙනවාද ?

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 758 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 363 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 244 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 757 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 688 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site