IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බ්‍රේල් - සිංහල මෘදුකාංගයක් මොරටු සරසවියෙන්

දෑස නොපෙනෙන්නන් බ්‍රේල් ක්‍රමය අනුගමනය කරමින් එළිදක්වන ප්‍රකාශන සිංහල භාෂාවට පරිවර්තනය කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ ආචාර්ය ලෝඩන්දක රණතුංග මහතා පැවසීය.

මේ වන විට අත්හදා බැලීම් සිදු කරගෙන යන මෙම මෘදුකාංගය තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතය.

දෑස නොපෙනුන ද බුද්ධිමත් පිරිසක් වන ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතා එළිදැක්වීමට හරස් වූ ප්‍රධානතම බාධකය ඉවත් කිරීමට මෙම මෘදුකාංගය සමත්වන්නේ යැයිද මේ නිසා තම නිර්මාණ කුසලතා සමාජය හමුවේ ඉදිරිපත් කිරීමට හැකිවීම ඔවුන් ලද සුවිශේෂි ජයග්‍රහණයක් යැයිද ආචාර්ය රණතුංග මහතා පැවසීය.

ඊට අමතරව විභාග සදහා ඉදිරිපත්වන දෑස නොපෙනෙන සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර පරික්ෂා කළ යුතුව තිබුණේ බ්‍රේල් ක්‍රමය පිළිබඳව දැනුම්මක් ඇත්තවුනට පමණක්ය. එයද මෙම මෘදුකාංගය නිසා වෙනස් වෙයි.

මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමට රත්මලාන අඳගොළු බිහිරි පාසලේ නොමඳ දායකත්වය මොරටුව විශ්ව විද්‍යාලයට ලබා දී ඇත.

සමාජ සත්කාරමය පුණ්‍ය කටයුත්තක් ලෙස සළකා මෙම මෘදුකාංගය සඳහා කිසිදු මුදලක් අයකර නොමැත.

ආචාර්ය ලෝචන්දක රණතුංග මහතාගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ චාමලී ද සිල්වා එන්.ජී.චන්දන ශ්‍රී ලාල්, හර්ෂ බී අතපත්තු යන උපාධි අපේක්ෂක ශිෂ්‍යයෝ නිර්මාණය බිහි කිරීමට දායක වූහ.



අදහස් (0)

බ්‍රේල් - සිංහල මෘදුකාංගයක් මොරටු සරසවියෙන්

චාමර Monday, 16 February 2015 03:46 AM

නියම වැඩක් සර් ..... (ස)

:       0       0

දුමින්ද Friday, 13 February 2015 06:18 AM

කුසලය සහ තාක්ෂනය එක් කළ ඔබට පින්.(හේ)

:       0       0

අසෝකා Friday, 13 February 2015 07:55 AM

දෑස නොපෙනුනත් ඔවුන්ගේ බොහෝ ආකල්ප ඉතාමත් නිර්මාණශීලියි. ඔවුන්ගේ මනස නිතරම අවධියෙන්. ඉතාමත් වටින කර්තව්‍යක්! මෙය ඉක්මනින් එළි දක්වන්න හැකිවේවා! ඔබ සැමට සුභ අනාගතයක්!(හේ)

:       0       0

ආර්.පී. සාරංග Saturday, 14 February 2015 11:00 PM

ඉතාම වටිනා.. කාලෝචිත මෘදුකාංගයක්. (නදී)

:       0       0

ටී. ඩී. ටී.එල්. ධනපාල Friday, 13 February 2015 09:02 AM

ඉතා අගය කරමි (නදී)

:       0       0

ලක්ෂාන් Sunday, 15 February 2015 03:19 AM

සුපිරි වැඩක් ලොකු අයියලා . (අ)

:       0       0

ජගත් පණ්ඩිතරත්න Sunday, 15 February 2015 04:26 AM

සුපිරි වැඩක් (අ)

:       0       0

විමුක්ති හේරත් Friday, 19 June 2015 09:49 AM

ඉතාමත් හොඳ කටයුත්තක්. තාක්ෂණයේ දියුනුවෙන් නොපෙනෙන ලෝකය එළිය කරන්නට තව තවත් ඔබට ධෛරිය ශක්තිය ලැබේවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 137 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 155 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 130 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 997 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 48 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site