IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බේරුවල අනතුර සිදුවුණේ අකුරැස්සේ මළ ගෙදර ගිහින් එද්දී

බේරුවල රොක්ලන්ඩ් හන්දියේදී දුම්රියේ හැපුණු බසයේ ගමන් කළ පිරිස මහනුවර වැරැල්ලාගම පදිංචි කරුවන් බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ගලගෙදර පන්සලක හිමි නමකගේ සමීප නෑයකුගේ මළ ගෙදර ගොස් එමින් සිටියදී මේ අනතුර සිදුවිය.

මළගමට සහභාගීවීම සදහා බස් දෙකකින් අකුරැස්සට ගොස් ඇත. කාන්තාවන් රැගත් බසය අධිවේගී මාර්ගයෙන් ආපසු ගිය අතර පිරිමින් රැගත් බසය මාගල්කන්දට යෑමට පැමිණ ඇත්තේ එහි සිටි කෙනකු මාගල්කන්දේ පදිංචිකරුවකු ‍නිසාය. ඔහුගේ ඇරයුමෙන් සෙසු පිරිස රෑ කෑමට එහි යාමට පැමිණියත් ගාලු පාරෙන් හරවද්දීම බසය දුම්රියේ හැපී පාරට වැටී ඇත.

අඩුගණනේ බසයෙ 44 දෙනකුවත් ගමන් කරන්නට ඇතැයි කියති. රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ ගණන 27කි. තවත් සුළු තුවාල ලැබූ පිරිසක් ද වෙති. අනතුර සිදුව ඇත්තේ පස්වරු 5.55 ට පමණය.



අදහස් (0)

බේරුවල අනතුර සිදුවුණේ අකුරැස්සේ මළ ගෙදර ගිහින් එද්දී

චානක Sunday, 21 April 2013 10:41 AM

3 වන ලෝකයේ රටවල පවතින ක්‍රමවේදයක් ....ඔබ බලවත් නම් නීතියට ගරු කරන්නේ නැහැ. (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 21 April 2013 10:53 AM

ඈත්තම කතාව මේ රියදුරා විදුලි බිල ගැන සිතමින් බසය පැදවීමයි. මෙහි සම්පූර්න වගකීම රජය බාර ගත යුතුයි. (නි)

:       0       0

යොහාන් Sunday, 21 April 2013 11:32 AM

උන බම්බු නොවෙයි යකඩ වැටවල් දැම්මත් අපේ අය රිංගලා යනවා. මම ලඟකදී ටෙලි නාට්‍යයකත් දැක්කා වහලා තියෙන රේල් ගේට් එකෙන් මොටෝ බයිසිකලයක් රිංගන දර්ශනයක්. තවත් මොනවද කතා? (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Sunday, 21 April 2013 02:18 PM

අනේ ගාමිණී, වෙලාව ආව නම් මැද නෙමේ කොහේ වාඩි වුණත් වැඩක් නැහැ.මේක ඉන්දියාවේ වුණා නම් ප්‍රවාහන ඇමති මෙලහකට ඉල්ලලා අස්වෙලා ඇති (නි)

:       0       0

වසන්ත Saturday, 20 April 2013 10:05 PM

දුම් රියක හැපීම හැමවිටම සිදුවන්නේ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා. රටේ හැමදා මවෙන අනතුරු දැක දැකත් ඔහේ ඉන්නං වාලේ ජීවත්වීම මොනතරම් අවාසනාවක්ද?. දුර ගමනක් යනකොට භක්තියෙන් ආගම අදහලා වැදගත් විදියට යන්න. මේ මිනිස්සු සමහරවිට බස් එක ඇතුලේ අරක්කු බොන්නත් ඇති. කොහොම වුනත් ඔයාලට ඉක්මන් සුව පතනවා.(නදී)

:       0       0

ගයාන් පාදුක්කගේ Saturday, 20 April 2013 10:52 PM

සෑම රිය අනතුරකටම හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල තමා. බස් රියදුරෝ නම් කිසිම හැදියාවක් නැහැ. මොනවා උනත් අසරණ මිනිස්සු. ඉක්මනටම සුවය පතනවා.(නදී)

:       0       0

ගාමිණී Saturday, 20 April 2013 11:30 PM

මම ඔය රියැදුරෝ කියන ජාතිය සත 5 කටවත් විශ්වාස කරන්නේ නැහැ. බස් එකෙන් ගමනක් යනවා නම් මම වාඩිවෙන්නේ ඉස්සරහත් නෙවෙයි පිටිපස්සෙත් නෙවෙයි, මැද හරියේ. රහස හෙළි කරලා මට සීට් එක අහිමි වුණත් කමක් නැහැ. සූදානම් ශරීරෙ ගැන ටිකක් හිතා බලන්න! (නි)

:       0       0

සිල්වා Saturday, 20 April 2013 11:44 PM

කාලයාගේ ඇවෑමෙන් මහජන ප්‍රසාදය සමහර දෙවිවරු වෙතින් ඈත්වී ගිය අතර, තවත් සමහරු වෙත ලංවූ බවද ප්‍රකටම පෙනෙන කරුණකි (නි)

:       0       0

ශෙනාල් Sunday, 21 April 2013 02:08 AM

අනේ මන්දා, පහුගිය ටිකේ දෙන්නෙකුට මරණ දඩුවම දීලත් ඒවා අමතක වෙලා වගේ. මේ දෙන්නත් පෝරකේට යාවිද? (නි)

:       0       0

ප්‍රියා Sunday, 21 April 2013 04:13 AM

කවුරුත් මියගිහින් නැනැ නේද? අනේ! (නි)

:       0       0

ජ.හේරත් Sunday, 21 April 2013 04:21 AM

බස් රියදුරන්ගේ නෙමෙයි වරද , එයාලව පුහුණු කරන විදියෙයි වරද තියෙන්නේ. ප්‍රවාහන සේවයේ ඉන්න අදාල බලදාරින් මේවට වග කියන ඕනෑ. මිනිස් ජීවිත 50-60 නේද මේ ගෙනියන්නේ කියන වගකීම මේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕනෑ. බස් රියදුරෙක් වුණහම විනීතකම , මාර්ග නීතිය ,මාර්ග නීති අවබෝධය , මාර්ග නීති අනුව බසය ධාවනය කිරීම ,සෑම තත්පරයකම මාර්ගය ඉදිරියෙන් වගේම වටපිටාව ගෙන අවධානය යොමු කිරීම , බසය තුල ඉන්න මගීන් ගැන ඇතුලත කන්නාඩියෙන් තම අවධානය යොමු කිරීම , තමන් කරන කාර්යය ගැන වගකීමක් ඇතුව රාජකාරිය කිරීම සහ රිය පදවන අවස්ථාවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම යන දේවල් සෑම බස් රියදුරෙක්ම අනුගමනය කලොත් පුරුදක් පුහුණුවක් ඇතිකළොත් මෙවන් දුක්ඛ දෝමනස්සයන් වලක්වාගත හැකියි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 April 2013 06:05 AM

මාගල්කන්දේ දුම්රිය හරස් පාර කඳු ගැට්ටක් කපලා හදලා නිසා දෙපැත්තම පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Sunday, 21 April 2013 06:51 AM

අජිත් කරුණාරත්න මහතා කියන විදිහට පාර දෙපසම නොපෙනේ නම් මෙම හරස් මග තනපු අයත්, අපරික්ෂාකාරීව රිය පැදවූ රියදුරත් මෙම අනතුරට වග කිව යුතුයි. අර කොහෙටද මන්දා යාමට පෙර මෙවැනි මරු කපොලු ඉවත් කළ යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 21 April 2013 06:54 AM

ලොකුම දේ තමයි ජීවිත බේරීම. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 21 April 2013 06:58 AM

දවසක් දැක්කා බසයක් වෙළක තියෙනවා. ඒ බසයේ ලියලා තිබුණා 'ඔබටත් මෙලෙසම පුහුණූ විය හැක' කියලා. (නි)

:       0       0

මිහින් Sunday, 21 April 2013 05:48 PM

බස් එකේ බුදු සරණයි, දෙවි පිහිටයි කියලා ගහලා තිබුණේ නැද්ද? (නි)

:       0       0

රවි Sunday, 21 April 2013 07:21 AM

රියැදුරු සහ කොන්දොස්තර දෙන්නට අවුරුදු 10 බැගින්වත් තීන්දුව දෙන්න ඕනෑ. (නි)

:       0       0

ජානක(කහවත්ත) Sunday, 21 April 2013 07:35 AM

ඉතින් දුම්රියට මොකද වුණේ? පීලි පැන්න ද? ගමන නැවැත්තුවද? සාමාන්‍ය පරිදි ධාවනය වුණාද? දුම්රියටත් අලාභහානි තියෙනවද? (නි)

:       0       0

සිසිර Sunday, 21 April 2013 08:06 AM

කාගෙද මේකේ වරද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 April 2013 09:16 AM

නිමල්, ඔබගේ මතය නිවැරදියි. ඔතන කාලයක් තිස්සේ "දුම්රිය හරස් පාර" කියලා සුද්දන්ගේ කාලේ සවිකරපු මළකඩ කාපු පුවරුවක් නම් තියෙනවා. මේ පළාත ගැන නොදන්නා රියදුරන්ට මෙම පුවරුව කොහොමත් පෙන්නේ නැහැ. දුම්රිය පාරක් තියෙන බව දන්නේ නිතර යන එන පිරිස විතරයි. ඒකයි මේ පළාතේ මිනිස්සු මෙතනදී අනතුරුවලට ලක් නොවන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 16 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1332 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 814 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1352 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 962 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site