IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘බර අඩු කළාට ගෑස් සමාගම්වලට නඩු දානවා‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට  එරෙහිව  නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8 ) පැවැසීය.

මේ සදහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා  කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

කිසිවෙකු මේ ගැන කලබල නොවිය යුතු බවත් කවුරුන් හෝ පනතට විරුද්ධව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම තමා බාර  ගන්නා බවත්  ගුණවර්ධන මහතා පැවැසුවේය.

"ඔබතුමාලා එදා කළා  වගේ අපි නඩු පටලවන්නේ නෑ.අපි නඩු දාන්නෙ නීතියට අනුවයි" යැයිද  වෙළෙඳ ඇමැතිවරයා කීය.

ගෑස් වෙනස් ආකාරයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා  ඇතැම් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය නොමැතිව ගෑස් සිලින්ඩරයේ බර අඩු කර ඇතැයි චෝදනා කළේය.

.

 

 

 

 

 

 

 



අදහස් (17)

‘බර අඩු කළාට ගෑස් සමාගම්වලට නඩු දානවා‘

Pat Tuesday, 08 June 2021 12:31 PM

මෙයා හැමදාම මොනවාහරි කියවනවා ඉතින්

:       0       67

L.G.P.Jathunarachchi Tuesday, 08 June 2021 12:44 PM

ඒකට බොහෝ පමා වැඩියි..!!! 

:       0       72

වාසුදේව Tuesday, 08 June 2021 02:11 PM

මෙච්චර කල් නිඩාගෙන හිටියද? මෙයාගෙ මතය තමයි මේවා.... අපි නොදන්න බන්දුල... ඔලුව අතගා බලන්න අපිට අං තියෙනවද කියලා..? අපිට මෙහෙම කරල මදි...

:       0       102

Rata Perata Tuesday, 08 June 2021 12:50 PM

හිතට එන අදහස් මෙහෙම දාන්නම්....!!! 

:       0       10

Raveendra Tuesday, 08 June 2021 12:51 PM

අනේ බන්දුල අයියේ ඔහේ නඩු කියලා ගම් කබරයින්ගේ සටකපට ගොන් තර්ක විතර්කවලින් කාලය නාස්ති කරනකොට අහිංසක මිනිසුන්ගේ හොඳ පණ ගිහින් බව ආචාර්ය මහාචාර්ය බන්දුල ගොයියාට තේරෙන්නේ නැද්ද අනේ හැබැට...? ඔහේගේ සාමාන්‍ය දැනුම "නිල් පාටයි" වගේ.... ?

:       0       291

eheyiya Tuesday, 08 June 2021 01:30 PM

මේ වගේ ඇමැති තනතුරු ලැබෙන්නේ.. කඳවුරට කඩේ යන, උපයන්න උදව් කරන එහෙයියන්ට පමනි...

:       0       140

Gas vayu padanama Tuesday, 08 June 2021 01:28 PM

ඇමැතිවරුපත්කරන්නේ ගෑස් සිලින්ඩර කිරන්න නොවේ.. පොල්ගෙඩි මනින්න නොවේ. අනාගත වැඩ පිළිවෙළක් යෝජනා විය යුතුය. ගෑස් වෙනුවට විකල්ප ක්‍රම, ගෑස් නිෂ්පාදන වියදමට අඩුවෙන් විකුණන්න කියන ඇමැතිවරුන්ට විෂය දැනුම නැති බව නිෂ්පාදකයන් කියනවා. ඇමැතිවරු ඔක්කොම එකතුවෙලා ගෑස් වාතය මෙන් සිලින්ඩර වලට පුරවලා දුන්නොත් නොමිලයේ බෙදාහරින්න ඔවුන් සූදානම්.

:       0       69

Nuwan Tuesday, 08 June 2021 01:31 PM

මෙතන යටි කතාව තමයි, ඔය කියන සමාගම පාඩු පිට දුවන එකක් වීම සහ දැන දැනම මේ ක්‍රියාව කර තිබීම.. මෙතැනදී ජනතාව ගොනාට අන්දවන්න රජය කරන්නේ දඬුවමක් හැටියට.. අපි සමාගම රජයට පවරා ගත්තා කියලා මහජන සල්ලිවලින් ඕක මිලදී ගැනීම.. කොහොමද ටිකිරි මොලේ..?

:       0       91

fairoos Tuesday, 08 June 2021 01:33 PM

මෙතුමගේ කට විතරයි. තවත් ඉන්නවනේ ලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවේ..

:       0       130

දිසා......ගම්පහ Tuesday, 08 June 2021 02:15 PM

අමාත්‍යතුමනි, ජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙලෙසින් කටයුතු කිරීමට ඉඩදී බලා සිටින්නේ මන්ද? අඩුකර ඇත්තේ මිලට වඩා ගෑස්ය. අද වනවිට සහල් මිල ගණන් කෙසේද? සහල් මිල පාලනය සඳහා ගත් පියවරක් තිබේද? මෙය ඉතා කණගාටුදායක තත්වයක් බව සඳහන් කරන්නේ ද ඉතාමත් කණගාටුවෙනි. ඔබතුමාට දෙවි පිහිටයි...!

:       0       46

Dhammika Tuesday, 08 June 2021 03:18 PM

අනේ ඇමතිතුමෝ, ගිවිසුම් ගහනකොට නඩු නොගිහින් මේ වගේ දේකට දඬුවම් දෙන්න පුලුවන් ක්‍රමයක් ඒ ගිවිසුම් වලට ඇතුල් නොකර දැන් බොරුවට අපේ සල්ලි ආයේ නැති කරන්න නඩු ගැන කථා කරන්න එපා. ඕවා කාලයත් එක්ක අමතක වෙලා යයි. අපිත් තියෙන විදිහට ගෑස් ගනියි. හැබැයි හිතන්න එපා දැන් ලංකාවේ මිනිස්සු ඉස්සර වගේ මෝඩයි කියලා. පාරිභෝගික අධිකාරයේ එවුන් සහ අනෙකුත් ආයතන බුදියගෙනද හිටියේ? ඔය ගෑස් ටික බෙදනකන්. ආණ්ඩුවම කියලා මෙහෙම කරන්න කියලා දැන් එනවා නඩු ගැන කථා කරන්න. නැව ගිනිගන්නකම්ම හිටියා ඒක තල්ලු කරන්නේ නැතුව වන්දි ගන්න බලාගෙන, කොරෝනා එන්නත ගහන්න වැඩපිළිවෙලක් නෑ. මේ වගේ දාහක් රටේ ප්‍රශ්න. නිකන් ගොන් ආතල් දෙන්න නම් එපා..

:       0       311

ශන්කTuesday, 08 June 2021 05:33 PM

මේ ආන්ඩුවෙ කෙරුවාව ඉතා සරලව හොඩට කියල තියෙනවා.ලංකාවට වෙච්ච දෙයක්

:       0       17

chandana Tuesday, 08 June 2021 04:02 PM

මේකට දඩුවමක් දෙන්න ඔනි

:       0       7

sanka Tuesday, 08 June 2021 04:36 PM

නඩුවක් දාන්න ඕන කියන පචවලට... ඇයි මේක දාන්නේ නැද්ද ඕවා වැඩිකරන කොට...?

:       0       38

Sunil Tuesday, 08 June 2021 04:43 PM

නඩු දානවා, දානවා තවමත් දානවා.. කවදද කියපු දෙයක් කළේ..?

:       0       9

Sri Lanka Tuesday, 08 June 2021 04:51 PM

ඔව් අපි දන්නවා ඔය නඩුව ඉවර වෙන්නේ 2030... එන්නත්වලින් සල්ලි අයකරගන්න සූත්තරයා.

:       0       6

ලලිත් එම් Tuesday, 08 June 2021 05:18 PM

මේ ආචාර්ය තවමත් සිතින් ටියුෂන් පන්තියේ. තමුන්ගේ බොරු මිනිස්සු විශ්වාස කරපු කාලය පහුවුණා...

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 81 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 262 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 268 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 294 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 482 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 259 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site