IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බොරු කී ඇමති හිරේ

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණය භාරව සිටි ඇමති ක්‍රිස් හියුන් පොලිසියට බොරුවක් කීමේ වරදට පසුගියදා මාස අටක හිර දඬුවමක් ලැබීය. 

එම බොරුව කීමට ආධාර අනුබල දුන්ඔහුගේ හිටපු භාර්යාවවූ විකී ප්‍රයිස්ටද සිරදඩුවම් නියම විය. 

ඔහු ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය.

තනතුර අහිමිවීමට ප්‍රථම ක්‍රිස් හියුන් වත්මන් කොන්සර්වේටිව් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීසභාග රජයේ ප්‍රබල ඇමතිවරයෙක් විය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාසිටින හියුන් දේශපාලනයට පිවිසියේ 1999 දීය. 

2010දී ඔහුට කැබිනට් ඇමතිධුරයක් පිරිනැමිණි. වර්තමාන රජයේ වැදගත් මෙන්ම ක්‍රියාශීලී ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ඔහුට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කමද ලබාගැනීමට ඉඩ කඩ තිබුණි.

ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙලේ ආර්ථික විද්‍යාඥයෙකි.

ඔහුට විරුද්ධව පැවරුනු නඩුවෙන් චෝදනා කර තිබුනේ ඔහු පොලිසියට බොරුප්‍රකාශයක් කර ඇති බවයි.

එම චෝදනාවට පසුබිම්වූ සිද්ධිය මෙසේය.

2003 දී ක්‍රිස් හියුන් සිය බිරිඳ සමග ඔවුන්ගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවක රථවාහන පොලිසියෙන්වාහනය නවතා ප්‍රශ්න කර ඇත. 

ප්‍රශ්නකිරීමට හේතුව වශයෙන් පොලිසිය කියා ඇත්තේ එම මාර්ගයේ නියමිත වේගයට වඩා මදක් වැඩි වේගයකින් ඒ වෙලාවේ මෝටර් රථය පදවා ඇති බවයි.

වාහන නීති රීති වලට අනුව එය වරදක් බවත් ඒ සඳහා දඩකොලයක් නිකුත්කළ යුතු බවත් පොලිසිය කියා ඇත.

ඒ වෙලාවේ මෝටර් රථය එළවුයේ ක්‍රිස් හියුන් වුවත් පොලිසියට බොරුවක් කියා වරද තම බිරිඳ පිට පැටවීමට ඔහු ක්‍රියා කළේය.  

දඩය ගෙවීමටත් වේගයෙන් තම රථය පැදවීමේ වරදට වාහන පැදවීමේ බලපත්‍රයේ වරදක් සිදුකිරීමේ සටහනක් තබාගැනීමටත් ඔහුගේ බිරිඳට සිදුවිය.

ප්‍රශ්නය නැවත කරලියට පිවිසියේ වසර හතකට පසුව 2010දී ක්‍රිස් හියුන් තම පක්ෂයේ කෙනෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙනයන බව මාධ්‍යය ඔස්සේ එළිදැක්වුනාට පසුවය.

ලැව් ගින්නක්සේ ඇවිළීගිය මේ ලව් ගින්න පිලිබඳ උණුසුම් ප්‍රවෘත්තිය අවසන්වුයේ ඇමති වරයා වසර 26ක් දීග කෑ සිය බිරිඳගෙන් දික්කසාදවීමත් සමඟය.

දික්කසාදයෙන් පසු ඔහුගේ බිරිඳ ඇමතිවරයා 2003 දී පොලිසියට බොරුකී කතාව පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ කළාය.

ක්ෂණයකින් ඇමතිවරයාට විරුද්ධව නඩුවක් පැවරිණ. 

තමාකල වරද ක්‍රිස් හියුන් පිළිගත්තේය. ඇමතිවරයාට පොලිසියට බොරුකියා නීතියහරිහැටි ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වරදට ද ඔහුගේ හිටපු බිරිඳට එම වරදකිරීමට අනුබලදීමේ වරදටද මාස අටබැගින් සිර දඬුවම් නියමවිය.

 නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ සැනෙකින්ම ඇමතිවරයා සිය ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

දුරදිග නොබලා ගත් මෝඩ තකතීරු තීරණයක් හේතුවෙන් තමන්ගේ  මුළු ජීවිතයම කාලකන්නි වූබව ක්‍රිස් හියුන් අවසානයේදී පැවසීය.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ වරදවල් සඳහා මීට පෙර ජෙෆ්රි ආචර් සහ ජොනතන් ඇට්කින් යන ඇමතිවරුන්ද හිරබත් කා ඇත.

අධිවේගී  මාර්ගයේ තරම උරගා බලන්න නියමිත වේගයට වඩා දෙගුණයක වේගයකින් තම රථය ධාවනය කල බවට ප්‍රසිද්ධියේ  පුරසාරම් දොඩන 

දේශපාලඥයින් ඉන්නා අපගේ රටට මෙම ක්‍රියාදාමය හොඳ පුර්වාදර්ශයක් විය යුතුබව මෙම ප්‍රවෘත්තිය දුටු සමහරු කියා ඇත.



අදහස් (0)

බොරු කී ඇමති හිරේ

කමල් Sunday, 17 March 2013 01:37 PM

ගැහැණුත් එක්ක හොර වැඩ කරන්න එපා. වෙලාව ආවාම පාවාලා දෙනවා.(නදී)

:       0       0

උපාලි Monday, 18 March 2013 08:08 AM

අපි උතුම් නැත්නම් ලංකාවට බැන බැන, යන්න ඕනෑ නම් යන්න උතුම් තමිල්නාඩුවට. (නි)

:       0       0

ගිම්හානි Sunday, 17 March 2013 02:20 PM

යූ.කේ දාලා යන්න හිතෙන්නේ නැත්තේ මේ නිසයි. නීතිය කාටත් එකයි. යුක්ති ගරුක රටක්.(නදී)

:       0       0

ප්‍රියා Sunday, 17 March 2013 02:25 PM

සංසාරේ හැටි. දෙන්නම එකට හිරබත් කන හැටි.(නදී)

:       0       0

උපුල් Sunday, 17 March 2013 02:35 PM

මෙවනි දේවල් අපේ රටට පූර්වාදර්ශයක් නොම වේවා! (නි)

:       0       0

පද්මි Sunday, 17 March 2013 02:29 PM

බොරුවට ඉඩක් නැති බවත් කාන්තාවන්ට ඇති තැනත් පේනවා නේද?(නදී)

:       0       0

සිල්වා Sunday, 17 March 2013 02:46 PM

ගිම්හානි .බොරු කියන්න එපා .ඕයා එංගලන්තයේ ඉන්නේ සල්ලි සොයා ගන්න ඕනි නිසා නැතිව නීතිය හොද නිසා නොවේ.(නදී)

:       0       0

අමිල Sunday, 17 March 2013 03:01 PM

අනේ මන්දා (දී)

:       0       0

රොබින් Sunday, 17 March 2013 03:07 PM

ඇමති තුමා කොහොමද දැන් (දී)

:       0       0

චින්තක Sunday, 17 March 2013 10:32 PM

එකත් හොදයි (දී)

:       0       0

නිලා Sunday, 17 March 2013 03:12 PM

තනතුර බලන්න එපා, දඩුවම් දෙන්න (දී)

:       0       0

දිමාල් Sunday, 17 March 2013 03:18 PM

ඇමති තුමාගොරු කියුවහාම ඔන්න ඕක තමයි වෙන්නේ (දී)

:       0       0

සකු Sunday, 17 March 2013 03:13 PM

වරද කරලා බොරුත් කියලා (දී)

:       0       0

සනත් Sunday, 17 March 2013 03:14 PM

වැරදි කීයක්ද (දී)

:       0       0

සාරංග Monday, 18 March 2013 09:50 AM

පාප කාර්ම දෙකයි (දී)

:       0       0

සමීර Monday, 18 March 2013 09:55 AM

හොද වැඩේ තමයි (දී)

:       0       0

බණ්ඩාර Sunday, 17 March 2013 03:47 PM

වරදවල් ගොඩයි (දී)

:       0       0

පාලිත Sunday, 17 March 2013 03:53 PM

මට හිනා යනවා අයියෝ (දී)

:       0       0

සමන්ත Sunday, 17 March 2013 03:53 PM

අනේ මම කියලා මොකක් කරනද (දී)

:       0       0

මාලක Sunday, 17 March 2013 03:53 PM

බොහොම හොදයි (දී)

:       0       0

මලිත් Sunday, 17 March 2013 03:49 PM

මට කියන්න නම් අනන්ත දෙවල් තියෙනවා . නමුත් මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

රංග Sunday, 17 March 2013 03:50 PM

ඇමතිතුමා කරනකොට නම් හිතුවේ නැහැ නේද (දී)

:       0       0

හේරත් Sunday, 17 March 2013 11:47 PM

ජනතා නියෝජිතයින් බොරු කියන්න හොද නැහැ (දී)

:       0       0

ලලිත් Sunday, 17 March 2013 03:58 PM

ලංකාවට කොහොමද මේ වැඩේ ආදේශ කරන්නේ (දී)

:       0       0

කරු Sunday, 17 March 2013 11:55 PM

සිල්වා, ඔබතුමා ඉරිසියා කරන්න එපා. යන්න ඕනෑ නම් උත්සාහ කරන්න. (නි)

:       0       0

චින්තා Monday, 18 March 2013 10:34 AM

අන්න එහෙමතමයි ඉන්න ඕනේ

:       0       0

රොෂාන් Monday, 18 March 2013 10:53 AM

ලංකාවේ නම් පොලිස් නිළධාරියා ගැන මෙහෙම අහන්න වෙන්නෙ නැහැ. (නි)

:       0       0

මානෙල් Sunday, 17 March 2013 04:12 PM

ලංකාවට ගෙනාවොත් කොහොමද මෙවන් නීතියක්

:       0       0

බර්නාඩ් Sunday, 17 March 2013 04:26 PM

බොරු කියුවොත් එහෙම තමයි (දී)

:       0       0

පියල් Monday, 18 March 2013 11:08 AM

බොරුවේ ආනිසංස දන්නවාද (දී)

:       0       0

පුජා Monday, 18 March 2013 11:09 AM

බොරු කියන්න එපා....බොරු කියන්න එපා.... (දී)

:       0       0

අචිනි Sunday, 17 March 2013 05:09 PM

බොරුව නැති තැනක් නැහැ (දී)

:       0       0

සජීව Sunday, 17 March 2013 05:24 PM

වඩාත් හොදයි ඒක

:       0       0

මහින්ද Sunday, 17 March 2013 12:01 PM

අපේ අය බොරු කියන විදියට උල තියන්න ඕනේ.(නදී)

:       0       0

ලලිත්-දෝහා Sunday, 17 March 2013 12:03 PM

අප්පා ඔහොම බොරු කියන ඇමතිලා අපේ ලංකාවට ඕනෙම නැහැ.(නදී)

:       0       0

අමිල Sunday, 17 March 2013 12:05 PM

අපේ උන්නම් කවදාවත් බොරුකරන්නේ නැහැ. ඔන්නම් මාරු කර දායි.(නදී)

:       0       0

ලක්මාල් Sunday, 17 March 2013 05:39 PM

මට මතක නැහැ මොකුත් (දී)

:       0       0

ගුණතිලක Monday, 18 March 2013 02:20 AM

බොරුව කියන්නේ හොද දෙයක් නොවෙයි (දී)

:       0       0

කරුණාරත්න Sunday, 17 March 2013 12:02 PM

අපේ ලංකාවේ නම් අනික් පැත්ත තමයි.(නදී)

:       0       0

නිමලා Sunday, 17 March 2013 12:08 PM

අපි උතුම් කියා නිතරම පුරාජේරු ගහන අය. මේක නැවත නැවතත් කියවන්න.(නදී)

:       0       0

පාල Sunday, 17 March 2013 12:03 PM

කෝ සේනාව?(නදී)

:       0       0

රීටා Sunday, 17 March 2013 12:03 PM

කෝ අර අදිරාජ්‍යවාදීන්ට බැන බැන ලකුනු දාගන්න උදවිය.(නදී)

:       0       0

සූකිරි Sunday, 17 March 2013 12:04 PM

මෙන්න එංගලන්තෙ නීතිය උතුම් බව විදහාපාන සිදුවීමක්.(නදී)

:       0       0

සේන Sunday, 17 March 2013 12:10 PM

අන්තිමට මෙයා වරද පිලිගත්තලු. මේවා මේ උතුම් කියන රටේ වෙයිද?(නදී)

:       0       0

සුධීර Sunday, 17 March 2013 12:12 PM

බලන්න මේ කාන්තාව දිග් කසාද වෙලා මේ මනුස්සයගේ වැරදි කියලා හිරේ ඇරියා. අපේ කාන්තාවට මෙහෙම නිදහසක් තියෙනවද?(නදී)

:       0       0

ලසන්ත Sunday, 17 March 2013 12:12 PM

හැබැයි අපිළු උතුම්ම ජාතිය.(නදී)

:       0       0

නිමලා Sunday, 17 March 2013 12:08 PM

ඔබ තුමා බේරෙන හැටි අපේ අයගෙන් අහගන්න එපැයි.(නදී)

:       0       0

පාලිත Sunday, 17 March 2013 12:09 PM

කියනවානම් කියන්න තියෙනවා ඉතින් (දී)

:       0       0

සජාඩ් Sunday, 17 March 2013 12:11 PM

අපි මොකක් කරන්නද ඉතින් (දී)

:       0       0

ඩෙන්සිල් Sunday, 17 March 2013 06:10 PM

ලංකාවෙත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කෝ (දී)

:       0       0

සුසන්ත Sunday, 17 March 2013 12:16 PM

අන්න වැඩ, (දී)

:       0       0

jayampathi Sunday, 17 March 2013 12:21 PM

දඩුවම් දෙන්න තමයි තියෙන්නේ (දී)

:       0       0

ලලිත් Sunday, 17 March 2013 12:23 PM

ඇත්ත කියාගෙන හිටියානම් ඉවරයිනේ, කාට කාටත් මේවා හොද පාඩම් (දී)

:       0       0

තුෂාර Sunday, 17 March 2013 12:25 PM

හොරුන්ට ‍මැරයන්ට තක්කඩින්ට හොද පුවතක්. (ස)

:       0       0

සකු Sunday, 17 March 2013 12:26 PM

මම මිට කලින් බොරු කියනවා දැකලා නැද්ද (දී)

:       0       0

ලලිත් Sunday, 17 March 2013 12:34 PM

දැන් ඉතින් වෙන කුමක් කරන්න ද (දී)

:       0       0

මහික Sunday, 17 March 2013 12:35 PM

බොරුව හොද නැහැ (දී)

:       0       0

මලින්ග Sunday, 17 March 2013 12:31 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දිසා Monday, 18 March 2013 04:30 AM

අපේ මෙහේ නම් පොලිස් රාළහාමිට ක්ෂණික මාරුවක්.. (නි)

:       0       0

උපුල් Sunday, 17 March 2013 12:40 PM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ මුකුත් වෙන්නේ නැහ.... (නි)

:       0       0

සමන් - අප්‍රිකාව Sunday, 17 March 2013 12:45 PM

ලංකාවේ එහෙම වුනත් එංගලන්තෙ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මහින්ද Sunday, 17 March 2013 12:51 PM

ඔන්න දැක්කානේ (දී)

:       0       0

නිමල් Sunday, 17 March 2013 12:53 PM

දෙයියනේ.......දෙයියනේ.......දෙයියනේ....... (දී)

:       0       0

යොහාන් Sunday, 17 March 2013 12:48 PM

ලංකාවට මොකද්ද මේකෙන් ගන්න තියෙන පාඩම (දී)

:       0       0

මහින්ද Sunday, 17 March 2013 12:48 PM

අපි ඉතින් මොකද කරන්න ඕනේ (දී)

:       0       0

ශිලා Sunday, 17 March 2013 12:49 PM

අපිට හොද පුවතක් (දී)

:       0       0

සමන් Sunday, 17 March 2013 12:50 PM

බොරුව හොද නැහැ (දී)

:       0       0

නිලන්ති Sunday, 17 March 2013 12:59 PM

අපිටත් හොද පාඩමක් (දී)

:       0       0

මලිත් Sunday, 17 March 2013 12:55 PM

වරද්දනේ කරලා තියෙන්නේ කමක් නැහැ (දී)

:       0       0

දම්මි Monday, 18 March 2013 07:31 AM

අපේ රටේ හිටියා නම් මෙයාට හොද තැනකට එන්න තිබුණා. (නි)

:       0       0

සිල්වා Sunday, 17 March 2013 01:07 PM

එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ අය බොරු කියන්නේ නැහැ. (නදී)

:       0       0

ගාල්ලගේ Sunday, 17 March 2013 08:00 PM

මම මොකුත් නොකියමි

:       0       0

නබීස් Monday, 18 March 2013 07:39 AM

ලංකාවේ නම් මුළු පාර්ලිමේන්තුවම හිරගෙයක් කරන්න වේවි මෙහෙම බැලුවොත්. (නි)

:       0       0

රංජන් Tuesday, 19 March 2013 10:03 AM

එන්ගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඡායා Sunday, 17 March 2013 01:19 PM

අනේ මන්දා ලංකාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 59 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 213 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 754 1

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 264 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 538 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ලොග්ගල්ලා ඔය හිදිලා
2024 ඔක්තෝබර් මස 03 483 0

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25451 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site