(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.
තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රසිද්ධ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය .
නිරෝධායනය සඳහා පස්සර ප්‍රදේශයට රැගෙන ගිය පිරිසක් රැගත් බස් රියක් නැවත හැරවීමට තමා කටයුතු නොකළ බවත් එම පිරිසට ඇඳුම් ගෙනයෑමට ඉඩදෙන්නැයි නීතිඥයෙකු මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව තමා පොලිස්පතිවරයාට කතා කර ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම් දුන් බවත් වීරසේකර මහතා කීය .
කිසිම පුද්ගලයකු දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ යැයි ද ඔහු ප්‍රකාශ කළේය .
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘බොරු තොරතුරු පතුරුවන්නන්ට නීති ක්‍රියාමාර්ග ගන්නවා‘
ganegoda Wednesday, 09 June 2021 11:47 AM
බොරු පතුරවන්නේ ආණ්ඩුවමනේ..!! කොරෝනාව ජයගත්තයි කියලා කවුද ජනතාව නොමග ඇරියේ? ඕවාට නේද බොරු කියන්නේ..?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 June 2021 11:52 AM
අසත්‍ය තොරතුරු පතුරනවා නම් දඬුවම් දිය යුතුයි. ඒත්, සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවක වීඩියෝ ක්ලිප් එකක් යූ ටියුබ් එකේ තියෙනවා. ඒකේ තියෙන විදිහට කව්දෝ කෙනෙකු පොලිස් නිලධාරීන්ට විදිය යුතු එන්නත් තොගයක් වෙනත් කට්ටියකට විද්දාලු. මේවා බොරු නම්, ඇයි නඩු දාන්නේ නැත්තේ...?
sachithWednesday, 09 June 2021 01:11 PM
ඕකනේ බැරි ඉතින්.., පොඩ්ඩක් හිත රිදුණාම අපි වුණත් මේ වගේ කතා කියනවනේ. මේවා එච්චර ලොකුවට හිතන්න ඕන දේවල් නොවේ.
තේජාන් Wednesday, 09 June 2021 11:58 AM
එතකොට මගේ පුංචි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා කියන්නේ කවුද? අනේ මගේ කට.
Kamal fernandoWednesday, 09 June 2021 01:23 PM
නීතිය ඉස්සරහට දාල හැම වැරැද්දක්ම වහගන්න බෑ - ඔක අමුතුවෙන් පතුරැවන්න දෙයක් නෑ - ප්‍රසිද්ධ මාධ්‍ය වලයි ගියේ - කුම්බලා මාලු කෑවානම් වදවාපන් බළලෝ කිව්වලු - අනේ මගෙ කට
Sri Lanka Wednesday, 09 June 2021 11:59 AM
හරි දේ කරන්න. ඔබට වරදින්නේ නැහැ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ.. කියලා අපේ සිංහල ගැමි වහරේ තියෙනවා.
අනුත්තරා Wednesday, 09 June 2021 12:00 PM
අර ඇමරිකන් කොරිඩෝ ගැන කියපු ගුරුවරයෙක් ඔබතුමාට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලීමක් කළා. දැන් එතුමාට මොනවා හිතෙනවා ඇද්ද?
සිරිබිරිස් Wednesday, 09 June 2021 12:05 PM
පියුමිට නම් අසාධාරණයක් කරන්න එපා හොඳද..?
kamal Wednesday, 09 June 2021 12:09 PM
කිසිම පුද්ගලයකු දින 14ක නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ නම් එක නිතිගත කරන්න
saj Wednesday, 09 June 2021 12:09 PM
අත්අඩංගුවට ගන්න නම් තව කොච්චර අය ඉන්නවද
fairoos Wednesday, 09 June 2021 12:10 PM
එහෙනම් ඊලග ආණ්ඩුව ආවට පස්සේ නිතිමය ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ ඔබතුමාට තමා
ගයාන් Wednesday, 09 June 2021 12:17 PM
ඊයේ පාර්ලිමේන්තුවේ කල කතාවේදී චන්දිමාල් නැමැත්තාගේ නීතිඥයා ඇතුළු තව දෙදෙනෙක් ඇදුම් ඕනේ කියලා කිව්වලු නේ..ඉතින් අනිත් දෙන්නා කව්ද කියලා කියන්න එපැයි ?
Rata Perata Wednesday, 09 June 2021 12:37 PM
ඔක්කොම නන්දසේන වගේම පුස් වෙඩික්කාරයින්. රටයි, ජනතාවයි ඉවරයි.
Roshan Wednesday, 09 June 2021 12:41 PM
පච වෙච්ච අය දැකලා තියෙනවා.. මෙහෙමත් පච වුණු කෙනෙක් දැකලා නෑ.. වියපත් බඹරා....
සෙනෙවිරත්න Wednesday, 09 June 2021 12:44 PM
තමන්ගේ කණ්ඩායමත් බොරුව පතුරවලා තමයි බලයට ආවේ... එහෙම එකේ මේ වගේ දේවල් දරාගන්න වෙනවා ඉඳහිට... හොඳම දේ තමයි නිහඬව සිටීම...!
Nuwan Wednesday, 09 June 2021 12:45 PM
අර රූපවාහිනීවල පෙන්නපු පාරදිගේ උස්සන් ගිය මිනිස්සුන්ගේ ඇඳුම් පාර්සලත් ඔය වගේ බස් නවත්තලා ගෙනල්ලා දුන්නද? මේවා රෙදි ඇඳන් කියන කතාද?
රට වැසියා Wednesday, 09 June 2021 01:06 PM
අද රටේ තියෙන ප්‍රශ්නය තමයි කෙළවරක් නැතුව "පුස් වෙඩි පත්තු වෙන එක"
හේරත් Wednesday, 09 June 2021 01:18 PM
හිතවත් සරත් වීරසේකර අැමැතිතුමා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මා ඔබට මාගේ මනාප ඡන්දය නොදුන්නෙමි. ඒ ගැන සිතනවිට මට ඇත්තේ රට වැසියෙකු ලෙස අසීමිත ආඩම්බරයක් සහ සතුටකි. මගේ රට වෙනුවෙන් මට හැකි ආකාරයෙන් නිවැරදි දේ කළා යැයි සිතමි..!
rocky Wednesday, 09 June 2021 01:27 PM
මෙබඳු ප්‍රශ්නයක් කරන ඔබ බොරුකාරයෙක් නොවෙයි.. කියලා කියන්න පුළුවන්ද?
manjula Wednesday, 09 June 2021 01:37 PM
දේශපාලනයේ නියුතු සියලු දෙනා මුලින්ම අවංකව කතා කළ යුතුයි.
ganegoda Wednesday, 09 June 2021 02:05 PM
ප්‍රංශයේ ජනාධිපතිට නම් කෙල්ලෙක්ගෙන් හොඳ කනේ පහරක් ලැබුණාලු... ඔය බොරුකියන අපේ අයටත් ළඟදීම ඒවා ලැබෙයි වගේ..
ravinWednesday, 09 June 2021 02:30 PM
කෙල්ලෙක්ගෙන් නොවෙයි මිනිහෙකුගෙන්. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ගරු කරන රටවල ඕවා සාමාන්‍ය සිදුවීම්.තව දවස් දෙක තුනකින් මිනිහාව නිදහස් කරලා දමනවා.නඩු පවරන්නේ නැහැ.ඒ රටේ හැටි එහෙමයි.ඇත්තටම පහරදියයුතු හොර චුදිත ජනාධිපතිවරු සිටින අපේ රට වැනි රටක කවදා මේවගේ දෙයක් සිදුවේද.සිදුවුනත් ඒ මිනිහා හෙට පණපිටින් තියයිද. ඒ රටවල් ඉතාම වාසනාවන්ත රටවල්.අපේ රට වගේ ශාපලත් රටවල් නොවෙයි.
ganegodaThursday, 10 June 2021 12:16 PM
ඉතින් අපේ ලංකාවෙත් තියෙන්නේ ප්‍රංශ පාර්ලිමේන්තුවක්නේ...
Ran Wednesday, 09 June 2021 02:13 PM
අන්න හොඳයි. " කුඩු කාරයින්ගේ පින්තුර මාධ්‍ය වල පල කරනවා, බුර්කාව තහනම් කරනවා, මද්‍රසා පාසල් වලට ඉඩ දෙන්නේ නැහැ, එක රටක් එක නීතියක්, අපි බලයට පත් උන දවසෙම සියලුම ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා, අපි තමයි හොඳටම කෙරුවේ" වගේ බොරු තොරතුරු ප්‍රචාරය කරපු අයගෙන්ම වැඩේ ආරම්භ කලොත් තමයි වටින්නේ.
චාමර Wednesday, 09 June 2021 02:39 PM
වියපත් බඹරා..!!!
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 09 June 2021 03:07 PM
ඕනම දෙයක් කරන්න කලින් ඒක ගැන දෙපාරක් හිතන්න ඕනෑ කියන්නේ ඔන්න ඕක තමයි... විශේෂයෙන් රාජ්‍ය නිලධාරියෙක් වුණාම දන්න අඳුනනකම් කියන දෙය හිතේ තියාගෙන වැඩ කරන්න හොද නෑ. ඔන්න මේ ව්‍යවසන කාලේ රාජ්‍ය නිලධාරින්ගෙන් යම් අනර්ථකාරි ක්‍රියාවක් සිදුවෙනවා නම් ඕනෑම කෙනෙකුට සෘජුවම තමන් අමතා ඒ බව දැනුම් දිය හැකි බව පවසා ඔබතුමාගේ දුරකථන අංකයවත් සඳහන් කරලා තිබුණා නම් මේ ක්‍රියාව යම් දුරකට හෝ අපට සාධාරණියකරනය කරන්න තිබුණා.. අනේ මන්දා අපි හිතේ තියන් හිටපු බලාපොරොත්තු එකින් එක දවසින් දවස බිඳවැටෙනවා...
hafoi Wednesday, 09 June 2021 04:02 PM
නිකන් පැත්තක ඉන්න හාල් කෑල්ලකට දෙන්න ගියා. මම ඔබට ගරුකළා. දැන් ඒක ඉවරයි.
පුරවැසියා Wednesday, 09 June 2021 04:40 PM
ඔබතුමා පුස් වෙඩි පත්තු කරන කෙනෙක් නෙවෙයි ... ජීව උණ්ඩ තමයි පත්තු කරන්නේ... ඒ් වුණාට මෙදා පත්තු කරපු එක ගිහින් වැටුනේ වෙන කොහාටද නේද?
Asintha Wednesday, 09 June 2021 05:23 PM
අර ඇදුම් ගිහින්දුන්න එක ගැන වෙන්නැති මේ කියන්නේ
සමන්ත Wednesday, 09 June 2021 05:51 PM
දැන් මෙයාට විරුද්ධව චෝදනා කරද්දී මෙයා කොහොමද ඒ ගැන පරීක්‍ෂණ කරන්න කියන්නේ? පොලීසිය මෙයාගේ අම්මා අප්පා ගේ බූදලේද? ඒක කරන්න ඕනේ නීතිය සම්බන්ධ ආයතන මිසක් මෙයා නෙමේනේ...
Nihal Wednesday, 09 June 2021 11:01 PM
මේ මනුස්සයා හමුදාවටත් ලැජ්ජාවක්. රටේ, ලෝකේ මිනිස්සු හිතයි අපේ විරෝදාර හමුදාව මේ වගේ නිවට නෝන්ජල් අය කියලා. ඡන්දෙ දුන්නු කොළඹ මිනිස්සු දැන් ඔලුවේ අත ගහගන ඇත්තේ..