IMG-LOGO

2024 සැප්තැම්බර් මස 06 වන සිකුරාදා


බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බංගලාදේශයේ ඉගෙනුම ලබන  සිසුන්  ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.

එලෙස ඉගෙනුම ලැබූ සිසුන් නව දෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද කදුරුගමුව මහතා පැවැසුවේය. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ශ්‍රී ලාංකික සිසුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල තුනෙහි පිඨාධිපතිවරුන් වෙත ලිපි යොමුකර ඇති බවත් ශ්‍රී ලාංකික සිසුන්ට ආරක්‍ෂිත නවාතැන් දෙන ලෙස වීරක්කොඩි මහතා එම ලිපි මගින් පිඨාධිපතිවරුන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් කදුරුගමුව මහතා ප්‍රකාශ කළේය.

එසේම නිරන්තරයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලාංකික සිසුන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගෙන යමින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන බවත් කදුරුගමුව මහතා පැවැසුවේය.

මේ වනවිට බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටාව පිළිබඳ ඇරඹි විරෝධතා හේතුවෙන් මියගිය පිරිස 133 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍

රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා බංග්ලාදේශ බලධාරීන් අද (21) සහ හෙට (22) රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් දින දෙකක කාලයක් සඳහා දැඩි නීති යටතේ ඇඳිරි නිතිය පනවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේම ඇඳිරි නීතිය කඩ කරන්නන්ට දුටු තැන වෙඩි තැබීමට බලධාරීන් පොලිසියට සහ හමුදාවට නියෝග ලබාදී ඇති බවත් දවසකට පැය 2 ක කාලයක් ඇඳිරි නීතිය ඉවත් කෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දැඩි නීති පනවා මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට බංග්ලාදේශ බලධාරීන් සමත්වී සිටින බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය.

බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල තුනක ශ්‍රී ලාංකික සිසුහු 50 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබති 



අදහස් (0)

බලංගලාදේශයේ සිටින ලාංකික සිසුන් ආරක්ෂිතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකාවෙන් ගුවන් හමුදාවට අලුත් සාමාජිකයෙක්
2024 සැප්තැම්බර් මස 06 276 0

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතය


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 678 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා
2024 සැප්තැම්බර් මස 06 1524 5

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාව


මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට
2024 සැප්තැම්බර් මස 06 520 0

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.


වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක්
2024 සැප්තැම්බර් මස 06 933 0

ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය ව


අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට
2024 සැප්තැම්බර් මස 06 1318 1

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1768 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 844 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 658 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site