(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කපිල අමරකෝන් (44) නම් තිදරු පියෙකි.
අද පෙරවරු 6.15ත් 7ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂ නායක වෙඩි වැදී රෝහලේ
Buddika Wednesday, 20 March 2019 04:46 AM
අපෝ ඔය පැත්තේ කොහොමත් ඉන්නේ චණ්ඩිනේ... චණ්ඩි මලෝස්, උන් හදපු වගේම පල්හොරුනේ ඉන්නේ එහේ...
NimnaWednesday, 20 March 2019 05:34 AM
ලංකාවේ නරකම පළාත තමයි දකුණ කියන්නේ !
HRWednesday, 20 March 2019 06:20 AM
ඔබ එහෙම කියන්නේ මොන පදනමකින්ද..?
shan saudiWednesday, 20 March 2019 08:22 AM
හරියටම හරි නිමල් ලංකාවේ ඉන්න තරමක් හොරු, පාතාලයෝ, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කුඩු වෙළෙන්දෝ ඉන්න එහෙ ඕක තමයි පදනම... නම වශයෙන් කියන්න මේකේ ඉඩ මදි අය සේරම රැකෙන්නේ දේශපාලකයන්ගේ වියදමෙන් හා උදව්වෙන්...
NimnaWednesday, 20 March 2019 12:37 PM
ලංකාවේ වැඩිම මනුෂ්‍ය ඝාතන, පාතාලය, මත්ද්‍රව්‍ය, දූෂණ මිනිසුන්ට හිරිහැර කිරීම්. පත්තරයක් අරන් බලන්න. නිතරම අපරාධ දකුණින් වාර්තා වෙනවා. සංචාරකයින්ට වෙන හිරිහැර. දකුණේ ගොඩක් මිනිස්සු අාවේගයෙන් තරහෙන් ඉන්න මිනිස්සු. කුහකකම, ඉරිසියාව ගොඩක් මිනිස්සුන්ගේ සිත්වල...
anura serasingheThursday, 21 March 2019 02:53 AM
ප්‍රදේශ වශයෙන් ජාතියට ගරහන අය අද ජීවත්වන්නේ දිවි පිදු දකුණේ රණ විරුවන් නිසාය. ඒ අය අද කට මත දොඩවන්නේ ජීවත් වන්නේ දකුණේ අයගේ ලේ වලිනි
KalThursday, 21 March 2019 10:25 AM
නිකමට දකුණේ පොරක් ඇරලා වගේ .
පෙරුමාල්Wednesday, 20 March 2019 09:01 AM
බෙලිඅත්ත = ජරාපක්ෂ තමයි...
chamath Wednesday, 20 March 2019 06:59 AM
නිම්න කියලා ඔය ලියන කෙනා මොනවද දකුණ ගැන දන්නේ? දකුණ නැත්නම් ඔබලට රටක් නෑ. අද මෝඩයෝ වගේ ලියන්න එපා..
suranjithWednesday, 20 March 2019 07:32 AM
චමත් ඇයි දකුණේ අය විතරද රට බේරගන්න යුද්දෙට ගියේ... නිකන් පුරසාරම් දොඩවන්නේ නැතිව අද පෝයටවත් පිනක් කරගන්න.
චිරාWednesday, 20 March 2019 08:04 AM
මම මේ මගේ ගම් පළාත ගැන කියනවා එහෙම නෙවෙයි, ඒත් පරණ වැව් බැඳි රාජ්‍යයේ ඒ කියන්නෙ කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව වගේ දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුරම යුද්ධය තිබ්බ කාලෙදි ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට බැඳුනේ...!
HafeelWednesday, 20 March 2019 07:45 AM
එ්කනේ චමත්. 30 වසර යුද්ධය දිනවන්න ප්‍රධානියා, ගුවන් යානාවක් පැහැරගෙන ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාත් දකුණෙන් තමයි බිහිවුනේ. 1977 සිට 1994 දක්වා අවුරුදු 17 ක UNP යුගය අවසන් කරන්නත් මල් වෙඩිමුර පත්තු කළෙත් දකුණු පළාත් සභාවෙන් තමයි.
පහන් Wednesday, 20 March 2019 07:50 AM
අනුරාධපුරය, කුරුණෑගල යුධ හමුදාවේ වැඩිම නියෝජනය. ඊළඟට අනුරාධපුරයට. විහාරමහා දේවි කැලණියේ. ජුලම්පිටියේ අමරේ. සොත්ති උපාලි/ මකඳුරේ මධුෂ්. ඔහේ මක්කෙයි මේ දොඩන්නේ?
siriWednesday, 20 March 2019 09:28 AM
යුද්ධය දිනුවේ දකුණේ අය නිසා වෙන්න ඇති මහින්ද රාජපක්ෂ " යුද්ධය විකුණලා" කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවේ. අපි දන්නවනේ එයාගේ මල්ලි මාතලේ බාරව හිටපු කාලේ " එක උඩරට බයියෙක්වත් ඉතුරු කරන්න එපා" කියලා අන දුන්නු ආකාරය. කෝ එහෙ තිබිලා හම්බ වුණු ඇට කටු ගැන පරීක්ෂණ..?
Hafeel Wednesday, 20 March 2019 02:49 PM
Siri, ඒ නිසානේ මම එයාගේ නම සඳහන් නොකළේ...
NuwanThursday, 21 March 2019 06:23 AM
හොඳටම රිදිලා වගේ ඇත්ත කතාකරනකොට
SK Wednesday, 20 March 2019 07:27 AM
අන්න එච්චරයි චමත් මට ඇහුනේ...
Alan Wednesday, 20 March 2019 07:28 AM
පාතාලෙ එක්ක නිදිවැදුනම නැගිටින්න වෙන්නේ වෙඩි එක්ක තමයි.
ජයන්ත මිලානෝ Wednesday, 20 March 2019 07:32 AM
ඇත්තනේ මේ අය ලියලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත ඇමැතිවරු වගේම කුඩු කාරයෝ, මිනිමැරු පාතාලය ඔක්කොම දකුණේ. සාමකාමී මනුෂ්‍යයෙකුට ජීවත්වෙන්න නුසුදුසු පළාතක් දකුණ....
HRWednesday, 20 March 2019 08:04 AM
අපෝ ඔව්... සාමකාමි මනුස්සයෙකුට ජීවත් වෙන්න හොඳ පළාත මොකද්ද එතකොට උතුරද..?
ධනුෂ්කThursday, 21 March 2019 02:42 AM
මිනිසුන් බහුතරයක් එකවර කලහාකාරී වීමට දරුණු වීම ලෝකේ පළාත් වශයෙන්, රටවල් වශයෙන් ජාතීන් දක්නට ලැබෙනවා. සමහර විට එකම රටේ ජන කොටස් අතරත් එය දක්නට ලැබෙනවා මානව විද්‍යාඥයින් ඊට හේතු වශයෙන් දක්වන්නේ ඔවුන් ජීවත්වන පරිසරය අනූව එසේ සිදුවන බවයි. කාලගුණය, දේශගුණය භූවිෂමතාවය මත මිනිසුන්ගේ ගති වෙනස් වෙනවා පරිසරය කටුකනම් මිනිසුන් කර්කසයි. දේශපාලනය හා ආගම සැකසෙන්නෙත් පවතින්නෙත් ඒ මතම තමා. මැදපෙරදිගට හරියන්නේ එහේ පවතින ආගම හා දේශපාලනය. වෙන ආගමක් හෝ දේශපාලනයක් එහි බලෙන් ස්ථාපිත කිරීම අනතුරුදායකයි. මම කිව්වේ අමතර දෙයක්. හැබැයි ලංකාවෙ ජන කොටස් අතර එහෙම වෙනසක් තියනවනම් ඒකට වෙනත් හේතු බලපානවා ඇති.
dakune serasinghe Thursday, 21 March 2019 03:15 AM
මිලානෝ ඉන්න උගත් සිංහල ජනතාව ඉතාම වැදගත් විදිහට උසස් රැකියා කරමින් ඉන්නවා. බොහොමයක් වෙන්නප්පුව මීගමුව ජා ඇල.
Thilina Wednesday, 20 March 2019 08:00 AM
මම නම් ඉන්නේ දකුණේ නෙමෙයි.. ඒත් මේකේ අදහස් දාන මෝඩ මිනිස්සු අදටත් ඉන්නේ තමන්ගේ පළාත් අනුව බෙදාගෙන.. වෙන රටවල්වල මිනිස්සු අනිත් රටවල් එක්ක තරග කරද්දී අපේ මෝඩයො තමන්ගේම සහෝදර මිනිස්සු ඉන්න පළාතකට බැන බැන ඉන්නවා.. කවදා දියුණු වෙයිද මේ රට?
කසුන් Wednesday, 20 March 2019 01:28 PM
හරියට හරි තිළිණ, බඩගින්නට මොවුන්ට කන්න දුන්නට ... මොලේ දෙන්න බැහැනේ !!!
මධුසංඛ Wednesday, 20 March 2019 08:21 AM
ඇත්ත. බෙන්තර පාලමෙන් එහාපැත්තේ ඉඳන් පූසෙක්වත් ගේන්න එපා කියා මුතුන්මිත්තන් කිව්වේ කටකහනවට නෙමෙයි...
ජයන්ත මිලානෝ Wednesday, 20 March 2019 08:42 AM
ඇත්ත මේකනෙ, අපේ දෙමව්පියෝ අසල්වාසීන් පවා දකුණ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි විනෝද චාරිකාවක් ගිහින් දකුණ හරහා එනවා නම් ඒ ගොල්ලො කියන්නේ පරිස්සං වෙන්න කියලා. මොකද වාහනයක් වුණත් පොඩ්ඩක් වැදුණත් දකුණේ මිනිස්සු මන්නෙ අරන් එන්නෙ කියලා. කොච්චර දරුණුද කියලා තේරෙනවනේ...
Sunil milano Wednesday, 20 March 2019 08:45 AM
සහතික ඇත්ත තිළිණ. සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ ඔය බෙදීම නිසා තමයි. මේ අපි ඉපදුණු, මැරෙන අපේ මාතෘභූමිය කියලා හිතන අය බොහෝම අඩුයි.
anura Wednesday, 20 March 2019 08:50 AM
ඔය ඉතින් දකුණේ කට්ටියනේ. ඕකත් ප්‍රවෘත්තියක්ද?
rocky Wednesday, 20 March 2019 08:56 AM
කොහොම වුනත් තංගල්ල කියන්නේ දැන්, චිකාගෝ වගේ අපරාධවලින් නොටෝරියස් ප්‍රදේශයක්. කවුරුත් දන්නා ඇත්ත කතාව එ්කයි. මේ රටේ වෙනත් පළාත්වල කෙරෙන අපරාධ බොහොමයකත් මුල තියෙන්නේ දකුණු පළාතේ! ඉස්සර නම් ඔහොම නෙමෙයි. තංගල්ලේ මගේ යාළුවො කීප දෙනෙක්ම හිටිය. අද නම්, තංගල්ලේ කෙනෙකු එක්ක කතා කරන්නවත් මම කැමති නැහැ. ඒ ගොල්ලෝ හෙමින් සීරුවේ "මානුෂික මෙහෙයුම්" ක්‍රියාත්මක කරන හින්දා... !
Jehaan Wednesday, 20 March 2019 08:57 AM
කෝ මේ බමුණු? ලෙඩ්ඩු බලන්න බෙලිඅත්තේ ගිහිල්ලද?
මිසිස්. බමුණුආරච්චිWednesday, 20 March 2019 09:42 AM
බමුණුට සනීප නැහැ. ඊයේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළා. අර මොනවාද පෙත්තක් බිලා... මටත් හරි කරදරේ. හරි අමාරුවෙන් මෙල්ල කලේ...
KUJITHA Wednesday, 20 March 2019 09:06 AM
සියලු දෙනාටම ඔලුව හොඳ මදි වගේ මට පෙනෙන්නේ.... රටක් වශයෙන් කතා කරන්න පුරුදුවෙන්න ඕනේ නේද?
de silva Wednesday, 20 March 2019 09:29 AM
දකුණේ මිනිස්සු නැත්නම් තවමත් කොටි උතුර පාලනය කරන අතර, අනිත් පළාත්වලත් බෝම්බ පුපුරවති. නමුත් හොර මැරකම් අනුමත කල නොහැක...
hesa Wednesday, 20 March 2019 10:08 AM
යුධ පිටියට ගියේ අනුරාධපුරෙන් තමයි බහුතරයක්ම. බේද වෙන්න කියනවා නොවෙයි, විනාශකාරී ත්‍රස්තයින් බිහි වුනේ දකුණෙන් තමයි. තාමත් ඒවා නැහැ කෙළවරක්... හැම එකටම මුල එතන. රටේ විනාශයක් වුණාද මුල ඒ ත්‍රස්තයින්...
Bandara Wednesday, 20 March 2019 10:15 AM
මම නම් දකුණේ නෙවෙයි. අපි දකුණ නුවර, කොළඹ, ආනන්ද, නාලන්ද, රෝයල්, උඩරට, පහතරට කියකිය බෙදිලා අපි අපිවම කපාගන්නවා. අනික් ජාතීන් දෙක අපිට කෙළවපු දවසටත් ඕවම කියකියා ඉඳපල්ලා...
Sunil milao Wednesday, 20 March 2019 10:21 AM
‘සිරි‘ ඔයාලා කියන කතා ඇහුවම ඇඬෙනවා. සත්‍ය හංගලා බොරුවෙන් පහර දීම දැන් අපේ මාතෘ භූමියේ අයට පුරුද්දක් වෙලා. ආයුධ ලොරි ගණන්... සල්ලි කෝටි ගණන් උතුරට යැව්වේ කියලා ලංකාවෙම මිනිස්සු දන්නවා. පොලිසියේ 700 ගාණක් යටත් කරලා මරලා දාන්න අණ දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ නිසා යුද්ධය ජයගෙන සියලුම ලංකා වාසීන්ට නිදහස ලබාදුන්නු රාජපක්ෂවරුන්ට දොස් කියන්න එපා..
සමන්ත Wednesday, 20 March 2019 01:12 PM
ඔව්... ඔව්.., රාජපක්ෂවරු වගේ පවුල් හිටියා තව ලෝකේ ඕනේ තරම්... සිසිලිවල ගැම්බිනෝවරු.. නිව්යෝර්ක් වල කොලොම්බුවරු, ඉතාලියේ බෝ නැන්නාවරු, මීගමුවේ ලන්සාවරු.. තව ඉන්නවා. වන්දනාමාන කරගෙන කඩේ යමු. හොඳේ.....
Ku.mara Wednesday, 20 March 2019 01:49 PM
නුවණක්කාරයනේ... ඒකයි ඔය ප්‍රතිඵල....
Sunil milano Wednesday, 20 March 2019 02:23 PM
සමන්ත නම තියන කෙනා වගේම තමයි මේ සමන්තත්.. අපට මරණ බයක් නැතිව ඕනම තැනක යන්න පුළුවන් විදියට ලංකාව හදලා දුන්නටවත් ගරුකරන්න ඉගෙන ගන්න. රාජපක්ෂවරු අදටත් ලෝකයාගෙන් මෙන්ම අපේම සිංහලුන්ගෙන් දොස් අහන්නේ යුද්ධය ඉවර කරපු පාපයට බව මතක තබාගන්න.
ධම්ම Wednesday, 20 March 2019 03:15 PM
දකුණ ගැන කතාකළා ඇති.... අර වෙඩි වැදිච්ච මනුස්සයාට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න අනේ...
Thilak Wednesday, 20 March 2019 04:00 PM
අපේ රටට හෙනගහලා තියෙන්නේ මේ අනවශ්‍ය බෙදීම් නිසා නොවේද? වරදට වැරැද්ද කියලා හරි දේට හරි කියලා කටයුතු කරනවා නම් නේද හොඳ? උතුර දකුණ මැද කියා කුළල් කන්නේ නැතිව වැඩකරන්නේ කවද්ද?
ප්‍රීති Wednesday, 20 March 2019 04:04 PM
අම්මෝ ඔය පළාතේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හරිම කලහකාරියි. සිත්වල සාමයක් ඇත්තෙම නැහැ. මිනිස්සු මරණ එක ඒ අයට සෙල්ලමක්.
Ruchira Wednesday, 20 March 2019 04:09 PM
දකුණු පළාතේ මිනිස්සු තරම් ඉඩකඩම් දේපල තණ්හාව තියන මිනිස්සු කොහෙවත් නැහැ. ගෙදරකට ගොඩ වැදුනොත් ඉඩම් නඩුවක් ඇරෙන්න වෙන කතාවක් නැහැ. අපේ සමහර නෑදෑයන්ව අතේ දුරින් තියාගන්නේ. ඔය පැත්තේ කාට හරි පරම්පරාගත ඉඩමක් තිබිලා අයිතිකාරයා කොළඹ නැති නම් පිටරට නම් ඒ දේපල ගැන තියෙන ආසාව හිතින් අයින් කර ගන්න. චන්ඩිකම් ඇරෙන්න වෙන මොකුත් ඔය පැත්තේ මිනිස්සුන්ට නැහැ.
පාලිත ගුණතිලක Wednesday, 20 March 2019 04:23 PM
ප්‍රවෘත්තියට අදාලව අදහස් ලියවුනාදැයි මට පැනයකි. දකුණ සහ දකුනේ මිනිස්සුන්ගේ හැටි ද මේ ලියලා තියෙන්නේ. පොදු ස්ථානයක දී අපි උතුර ද දකුණ ද බලන්නේ නැතිව ඉන්නවානම් නේද වඩා හොඳ? මා දකුනේ නොවූවත් මගේ හිතවතුන් බොහෝමයක් දකුනේ. නුමත් මේ කියන අවලාද ඔවුන්ට ගැලපෙන්නේ නැති බවයි මට හිතෙන්නේ. මුහුණුපොතේ සහ අන්තර්ජාල පුවත්පත් සඳහා තමාගේ මතයන් ප්‍රකාශ කිරීමේදී මේ දකුණ සහ දකුනේ නොවන අය මෙලෙස ඇන කොටා ගැනීම දැකීම මට අප්‍රසන්නයි. ඉදිරියටවත් මේ ගැටළුව අඩු කරමු ද?
LEEL GUAWARDENA Wednesday, 20 March 2019 06:21 PM
මම රට හිටියත් උපන් ගම අනුරපුර නවනගරය, ගොඩක් අදහස් දාන අය පටලවාගෙන තිබෙනවා රණවිරුවන් ලංකාවේ උතුර හැරෙන්නට හැම පළාතකින් යුද්දයට එකතු වුණා මේ අය අපි වෙනුවෙන් ජීවිතය පුජාකළ උත්තමයන්, අනුරපුර කඩ දොළහේ ඇති මල් සාලාවට රැට,රැට ගෙනෙන මියගිය සෙබළුන් කොපමණද කියා මම සියසින් දුටුවා කණගාටුයි කියන්නට, මෙහි අයිතිකරු මම දන්නා කෙනෙක්. දකුණද, වමද ඔබල සමග මොන කථාද?
ajith Wednesday, 20 March 2019 08:42 PM
මේ අයත් වීරයෝ තමයි. අපි වෙනුවෙන් රට හදන්න ඉදිරිපත් වෙලා ගහ මරාගෙන වෙඩි කාල පුදුම උත්සහයක් ගන්නේ රට හදන්න.
ටෝකියෝ Wednesday, 20 March 2019 10:45 PM
මම ඉන්නෙ ජපානෙ ඉස්කෝලෙක. අපේ ඉස්කෝලෙ ඉන්න ලංකාවෙ 14න් 6ක් දකුණේ. හැමදාම රණ්ඩු. පන්තියේ කෑ ගහනවා. ඉගෙනගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෑ කෑ ගහනවා. රෑට හොස්ටල් එකේ නිදාගන්න නෑ. බීලා වලි නැති මහන්තත්තකමක් මවාගන්නවා. බොරු කියනවා. ජපානෙ කන්නෙම දකුණේ අය. හොඳ අයත් ඉන්නවා. ඒත් බහුතරය එපා කරපු අය
Kodda Thursday, 21 March 2019 01:53 AM
අපි ශ්‍රී ලාංකිකෝ කියලා කියන තරම් බුද්ධිය පහළ වනතුරු ගෝත්‍රිකයන් හා සමානය.
Bandara Thursday, 21 March 2019 02:46 AM
මෙවැනි ජාතියකින් මිට වඩා හොඳ අදහස් බලාපොරොත්තු වෙන්න එපා.
avasan sebala -mulativu Thursday, 21 March 2019 03:09 AM
මුලතිවු කදවුරේ 1930 සෙබළු මියගිය ඔක්කොම බහුතරය දකුණේ සහ කුරුණෑගල එකට අවසානය දක්වා සටන් කර මියගිය අවසන් පිරිස මරාගෙන මැරුන කාලතුවක්කු අංගනයේ මියගිය හතළිහක් පමණ සෙබළු ඔක්කොම දකුණේ,
serasinhe Thursday, 21 March 2019 03:22 AM
රජ කාලයේ කුල අනුව ජාතිය බෙදා තිබුන මේ වර්ග කිරීමෙන් අපරාද සඳහා යොමු නොවෙන වර්ගයක් උඩරට සහ දකුණේ සිටිනවා. අපරාද සිදුවන්නේ පළාත් අනුව නොවේ ජනකොටස් වල ස්වභාවය මතය දුප්පත්කම නුගත් සමාජ ක්‍රමය ඉවහල් වෙනවා. සංක්‍රමික ඉන්දියානුවන් සිංහල හෝ දෙමල කතා කරමින් වාසය කරන අයගෙන් යුරෝපා සමාජ ක්‍රම පැතීම විහිළුවක්
Makuna Thursday, 21 March 2019 04:50 AM
මොනව කතා කරනවද මට නම් තේරෙන්නේ නෑ. ඒ වෙඩි වැදිලා ඉන්නෙත් මනුෂ්‍යයෙක්.. මොන වැරදි තිබුණත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මිසක් මේ වල් පල් කතා කරලා වැඩක් තියෙනවද?