IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘බාලගිරි දෝෂය දුෂකයන්ට හොඳලු‘

පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා සෙවීම සඳහා පත් කැරුණු ආයතනවලට බාලගිරි දෝෂය වැළඳී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹදී පැවසීය.

‘‘ජනතාව 2015 ජනවාරි අට වැනි දා දුන් ජනවරමින් බලාපොරොත්තු වුණේ මේ රටේ මහජන දේපොළ අයථා ලෙස භාවිතා කළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරයි කියලයි.

දූෂණ විරෝධී හඬ ලෙස අපත් මේ රජය අලුත් ගමනක් යයි කියා බලාපොරොත්තු වුණා.

පසුගිය රජය ගෙන ගිය පවුල් පාලනයම රනිල්-මෛත්‍රී හවුලත් ගෙන යනවා. හිටපු ආණ්ඩුවේ මහජන දේපොළ කොල්ල කාපු අයම මේ ආණ්ඩුවෙත් තනතුරු හොබවනවා. ඒ ආණ්ඩුවේ අය මේ ආණ්ඩුවට ආවම දූෂිතයො නොවෙන්නේ කොහොමද?

මේ රජයට පත් වූ පසු අපි අදාළ ආයතනවලට පැමිණිලි 180ක් බාර දී තිබෙනවා. ‘‘



අදහස් (0)

‘බාලගිරි දෝෂය දුෂකයන්ට හොඳලු‘

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 April 2016 02:47 AM

ඕනෑම හොරකමක්, දුෂණයක් කර දේශපාලන හා සල්ලි බලපුළුවන්කාරකම උපයෝගී කරගනිමින් බය නොවී නීතියටත් අභියෝග කිරීමට පුළුවන් ලොව එකම රට (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 April 2016 02:48 AM

සුසන්ත, ජවිපෙ මොනවාහරි එළිකළාම එ්ක අල්ලාගෙන කෑගහන එක විතරයි ඔය නිල් අලි ටික කරන්නේ. මේ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේත්, වැඩ බිම් වලත්, ගොවිබිම් වලත්, මහපාරෙත් කරන සැබෑ අරගල වල ඉදිරියෙන් ඉන්නේ ජවීපෙ බව සිහිබුද්ධියක් තියෙන ඕනෑ කෙනෙකුට තේරෙනවා. ජවිපෙ තමයි මේ ආණ්ඩුවේ වැරදි කරන අයටත් තියෙන එකම හිසරදය (නි)

:       0       0

ප්‍රියා Wednesday, 20 April 2016 02:50 AM

සුසන්ත, කට! කට!! ඊටකලින් ආණ්ඩු වල හිටිය හොරුත් ඊටපස්සේ ගිය ආණ්ඩුවට එකතුවුණා ඔයාට මතක නැද්ද? (නි)

:       0       0

ගම්පොළගෙදර Wednesday, 20 April 2016 02:54 AM

මුණසිංහ, ජවිපෙටත් අවස්ථාවක් දීලා බලන්නකෝ. අවස්ථාවක් දෙන්නේ නැතුව වැඩ බලන්නේ කොහොමද? අපි දැක්කා ජවිපෙ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරපු හැටි. එ්ක ලංකාවේ හොඳම ප්‍රාදේශීය සභාව වුණා. අපි දැක්ක ඒ අය කෘෂිකර්ම අමත්‍යංශය කරපු හැටි. ඒකාලේ රටේ වැඩිම අස්වැන්න ලැබෙනවා. පාඩු ලබමින් වහලා දාන්න හිටිය මිල්කෝ ලාබ ලබනවා. මොනවද තවත් ඔප්පු කරන්න ඕනෑ? (නි)

:       0       0

සුසන්ත Wednesday, 20 April 2016 06:31 AM

කසුන්, ප්‍රසන්න, මම කියන්නේ හොරු ඇල්ලීම කළ යුතුමයි. එ්ත් මෙයාලා කලින් ආණ්ඩුවේ හොරු ගැන විතරක්ම කතා කරන එකෙන් පෙනෙන්නේ නැද්ද එතන තියන දේශපාලන උවමනාව? ඇයි ඊට කලින් තිබුණු අාණ්ඩු ගැන නොසොයන්නේ? (නි)

:       0       0

සුසන්ත Tuesday, 19 April 2016 02:47 PM

ෆයිනෑන්ෂල් ක්‍රයිම් ඩිවිෂන් සිංහලට පරිවර්තනය වෙන්නේ බරපතල මුල්‍ය වංචා අංශය කියල. දැන් එතකොට ෆයිනෑන්ෂල් කියන්නේ 'බරපතල මුල්‍ය' වෙන්න ඕන! මේ ආණ්ඩුවේ අර්ථදැක්වීම අනුව ආර්ථික විද්‍යාවේ සිංහල පොත් ඔක්කොම වෙනස් කරන්න වෙනවා දැන්. පේනවා නේද සිංහලය ගොනාට අන්දන්න කරන දේවල්! (බ)

:       0       0

සුසන්ත Tuesday, 19 April 2016 02:57 PM

ඇයි පහුගිය ආණ්ඩුවේ විතරක්. ඊට කලින් තිබුණු අාණ්ඩුවලත්, දැන් තියෙන ආණ්ඩුවේත් වංචා සෙවිය යුතු නැතිද? දැන්වත් රතු අලි පක්ෂය මිනිස්සුන්ව ගොනාට අන්දලා කරන මේ බොරුව නවත්තන්න. (බ)

:       0       0

මංගල වේලාරතන Wednesday, 20 April 2016 07:47 AM

අගමැතිතුමනි, කිසිම හොරෙකුට ඉඩතියන්න එපා. අපි බලා ඉන්නවා. අපිට ඕනෑ රටයි. පක්ෂ නොවෙයි (නි)

:       0       0

කසුන් Tuesday, 19 April 2016 11:25 PM

අනේ සුසන්ත, ඒ ඒ කාලවල ඒවා ඒ ඒ අය අල්ලන් ඕනෑ. ඒක කරන්නෙ නැතුව ඔක්කොම හෙරු ආණ්ඩුවට අරන් තනතුරු දීලා අවුරුදු 15-20 ක් විතර ආණ්ඩු කරලා දැන් එනවද පහුගිය ඒවා අල්ලන්න කියන්න. පහුගිය ආණ්ඩුවෙ ලෝක හොරු ඇස්පනාපිට ඉන්නවා. ඔවුන්ව තමයි අල්ලනන් ඕනෑ. ඒකට තමයි ඡන්දය දුන්නෙ ජනවාරි 8 අපි. (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 20 April 2016 01:51 AM

සුසන්ත, පිස්සුවෙන් කියවන්න එපා. මේ ආණ්ඩුවේත් එහෙමනේ තත්වය. (නි)

:       0       0

මුණසිංහ Wednesday, 20 April 2016 02:00 AM

මේ සියලු විනාශයන් වලට ඔවුන්ද වගකිව යුතුයි. එදා ඉඳලා අද වෙනතුරු විරෝධතා දක්වමින් කෑ ගහනවා විතරයි. මෙයාලගේ ඉදිරි කෙරුවාවත් එච්චරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 294 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 270 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 395 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1015 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 423 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site