IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බෙල්ජියම් දරුවා දුවන දුම්රියෙන් එළියට විසිවේ

ශ්‍රී ලංකාවේ සතියක සංචාරයක් සදහා පැමිණි බෙල්ජියම් ජාතික යාකොබ් ලෙනාඩ් (15) පිරිමි දරුවා පේරාදෙණිය ගෙලිඔය දුම්රියපොළ අතර දුම්රිය මැදිරියෙන් බිමට විසිවී  බරපතල තුවාල ලබා මහනුවර මහා රෝහලේ 74 වාට්ටුවේ දැඩිසත්කාර එකකයේ  ප්‍රතිකාර ලබන බව පේරාදෙණිය පොලසිය කියයි.

දරුවාගේ මව වන බාබරා අන්තෝනියෝ (52) පැවසූයේ දුම්රිය ධාවනයට පෙර බෙල්ජියමේ සියලු දොරවල් වසා තබන බවත් එහෙත් මෙම දුම්රියේ දොරවල් වසා නොතබා දුම්රිය ධාවන වූ බවයි.

දුම්රියේ අන්තිම පෙට්ටියට ඉදිරිපස පෙට්ටියේ දෙවැනි පන්තියේ  වෙන්කරන ලද ආසනවල ඔවුන් පැමිණ ඇති අතර තුවාල කරු පාපුවරුවේ වාඩි වී ගමන් කර ඇති බව ඇගේ මව ප්‍රකාශ කල බව පේරාදෙණිය පොලිසිය සදහන් කරයි.



අදහස් (0)

බෙල්ජියම් දරුවා දුවන දුම්රියෙන් එළියට විසිවේ

අබය Friday, 22 July 2016 11:22 PM

ඒවා එහෙ මේවා මෙහේ.. හොඳ වෙලාවට දරුවා බේරුනේ. (නි)

:       0       0

නවරත්න බණ්ඩාර Friday, 22 July 2016 09:10 AM

අපේ ගමනාගමනය ජාත්‍යන්තරයට ගියා වගේ නේද ? (ම)

:       0       0

දිසානායක Friday, 22 July 2016 09:31 AM

අනේ නෝනේ, මේක ශ්‍රී ලංකාවනේ! (නි)

:       0       0

කමණි Friday, 22 July 2016 09:51 AM

මේක අපේ රට. මේ රට මුදලට යටයි. (නි)

:       0       0

ශාන්ත Saturday, 23 July 2016 01:17 AM

ඔව් දොරවල් අැරගෙන යන එක වැරදි තමයි. එ්ත් පාපුරුවේ වාඩිවෙලා යන්න මේ අම්මා ඉඩ දීලානේ. (නි)

:       0       0

නිමාලි Friday, 22 July 2016 10:14 AM

ඒ බෙල්ජියමේ මේ ශ්‍රී ලංකාවේ. (ර)

:       0       0

වීරහැන්නැදිගේ Saturday, 23 July 2016 03:41 AM

දුම්රිය සේවය දියුණු කරන්න බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

හේවා Friday, 22 July 2016 11:23 AM

ලෝකයේ දියුණු රටවල් වල මගී දුම්රියේ සියලුම දොරවල් වැසී නැති නම් දුම්රිය පණගැන්විය නොහැකි ලෙස තාක්ෂණ මෙවලම් පද්ධති යොදා ඇත. (ර)

:       0       0

බන්දුල Saturday, 23 July 2016 04:09 AM

අපේ ඉතින් දොරවල් වහන්න ගියොත් උදේට වැඩට ගිහිල්ලා ඉවරයි කියලා එයාලට කියලා දෙන්න. අපි පොඩි දුප්පත් රටක් බව.(හේ)

:       0       0

සරණපාල Friday, 22 July 2016 12:10 PM

මේ නෝනා සීතල රටක දුම්රිය අපේ රටේ දුම්රියට සමාන කරලනේ. එහේ දොරවල් වහන්නේ සීතල නිසා (නි)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 05:49 AM

ලලිත්, අපි ඉන්නේ ගල් යුගයේ නොවෙයි. මගීන්ටම දොස්කියන්න එපා. ඇමෙරිකාව වැනි රටවල මගී වාහනවල දොරවල් වැහුවේ නැත්නම් රියදුරුට වාහනය ධාවනය කරවන්න බැහැ. දුම්රියේ දොර වහලා තිබුනා නම් එයා පාපුවරුවේ යන්නේ නැහැනේ. (නි)

:       0       0

පරාක්‍රම Saturday, 23 July 2016 06:21 AM

අවුරුදු 50 කට පෙර ලංකාවේ ධාවනය වූ දුම්රිය මැදිරි හැමඅතින්ම මගියාගේ පැත්තෙන් සුරක්ෂිතයි. දොරවල් වසාගෙනම යා යුතුයි. දැන් කාලේ වගේ පාපුවරුවේ එල්ලිලා යන්නෙත් නැහැ, දොරවල් අවහිර වන ආකාරයට පඩිපෙලේ ඉඳගෙන යන්නෙත් නැහැ. (නි)

:       0       0

චතුරි Friday, 22 July 2016 01:28 PM

දරුවෝ පාපුවරුවේ ඉඳගෙනද යන්නේ? මව අත්අඩංගුවට ගන්නයි වටින්නේ (නි)

:       0       0

සුසන්ත Saturday, 23 July 2016 06:42 AM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

රොකී Friday, 22 July 2016 03:40 PM

මෙය කණගාටුවට කරුණක්. එහෙත් මව ඉදිරිපත් කරන කරුණ මෙයට හේතුව ලෙස පිළිගත නොහැකියි. දොරවල් වසන්නේ නැත්නම්, එබඳු දුම්රියක යන ළමයාට පාපුවරුවේ ගමනට ඉඩ නොදිය යුතුයි! (නි)

:       0       0

ලලිත් Friday, 22 July 2016 04:13 PM

බෙල්ජියමේ වැහුවට මෙහෙ දොරවල් වහන්නේ නැහැ. හිතන්න ඇති දොරේ ඉඳගෙන යන එක ලේසි වැඩක් කියලා. අපේ මිනිස්සු සාස්තරේ දන්නා නිසාම එහෙම යනවා. කොල්ලගේ අම්මා දැනගන්න එපායැ කොල්ලව එතනට නොයවා ඉන්න. නැතුව ඉඳගෙන හිටපු සීට් එකෙන් විසිවෙලා පාරට වැටුනා නොවෙයිනේ. අනික අපිටත් බෙල්ජියමේ ජාතියේ කෝච්චි තිබුනා නම් දොරවල් නොවහා ඉන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 742 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2179 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11168 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3819 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site