IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බුලත්සිංහල පන්සලක් ගිනිබත්

බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද අලුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් එළියට පැන ජීවීතය බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.

(ඡායාරූප සිරි නන්දසිරි)



අදහස් (0)

බුලත්සිංහල පන්සලක් ගිනිබත්

වාස් Thursday, 12 September 2013 01:57 PM

අර කැවුම් කතාව හරියට හරි.. මේ ක්‍රියාවෙන්ම එය ප්‍රත්‍යක්ෂ වෙනවා. (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 12 September 2013 09:08 AM

පන්සල් පාලනයක් නැහැ ,සිවුරක් දාගත්තු හාමුදුරු කෙනෙකුට ඕනෑම තැනක පන්සලක් හදාගන්න පුළුවන් ,පිටරටවලත් ලංකාවෙන් ආපු හාමුදුරුවෝ දෙන්නෙක් තරහ වුනාම පන්සල් දෙකක් හදා ගන්නවා ,සෙනගත් දෙකට බෙදෙනවා,අනිත් ආගම් වල එහෙම බැහැ ,වැරදි වැඩක් කෙරුවොත් ගෙදර යවනවා (දී)

:       0       0

සෙයිලනිකස් Thursday, 12 September 2013 09:11 AM

එක ප්‍රාදේශීය සභාවකට එක මැර දේශපාලකයෙක් පමණක් හිටියම ඇති. (ස)

:       0       0

උපාලි Thursday, 12 September 2013 09:11 AM

මේ පුවතේ තියෙන්නේ වාක්‍ය දෙකයි. හැබැයි, ඒ දෙක එකතු කලාම පැහැදිලි දිග කතාවක් කියවෙනවා. ඒක හරි ඇති නේද? (ස)

:       0       0

දිනු Thursday, 12 September 2013 02:36 PM

තව දෙයක්.අද සමහර පන්සල් වල විනය පිරිහිලා.අපි ඒ ගැනත් හිතන්න ඕන.කොහොම උනත් මේක මෙලොවදීම පලිසන් දෙන පාප අකුසලයක්. (ස)

:       0       0

චන්ද්‍රරත්න Thursday, 12 September 2013 09:14 AM

ඕකට ප්‍රාදේශිය සභාවේ සභාපති වග කියන්න ඕනේ. (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 12 September 2013 09:18 AM

කරන කලට පව් මිහිරිය මී සේ ..විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ .. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 September 2013 09:23 AM

එහෙනම් වැඩේ ගිනි තියලම අවහර කළා. හොඳයි හොඳයි , බෞද්ධ රාජ්‍යයකට යන්නනේ මේවා කරන්නේ. (ස)

:       0       0

නන්දේශ් Thursday, 12 September 2013 09:25 AM

මමත් හින්දු භක්තිකයෙක් .බෞද්ධ රටක්. අද ලංකාවේ බෞද්ධ පක්ෂ තුනකට වෙන්වෙලා . මෙහෙම ගියොත් ලංකාවේ බෞද්ධයෝ සොයා ගන්න නැති වේවි .අද එක පන්සලක් ගිනි තියන්නට පටන් ගත් කට්ටිය හෙට ? අපි සියලු දෙන සමගියෙන් ජිවත් වෙමු . (ස)

:       0       0

තර්සාන් Thursday, 12 September 2013 09:27 AM

ඔය ඉතින් අනිත් ආගම් වලට කරන අපහාසෙට වෙන දේවල් තමයි. (ස)

:       0       0

විජේසිංහ Thursday, 12 September 2013 02:53 PM

මේකත් අන්‍යාගමිකයන්ගේ වැඩක් ද කියලා කියයි අර කට්ටිය. (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 12 September 2013 09:27 AM

ඔය දෙසපලුවෝ ගමට පන්සල් දෙකක් ඕන නෑ කියනවා. නමුත් කවුරුත් අහල තියනවද ගමට තැබෑරුම් දෙකක් එපා කියනවා??? මම දැනට අවරුදු 10 විතර කලින් උඩුදුම්බර ගිය වෙලාවක දැක්කා උඩුදුම්බර නගරයේ තිබුනේ බැංකු 1, රෝහල් 1, පාසල් 1, පන්සල් 1,... හැම දෙයක්ම 1යි නමුත් තැබෑරුම් 2 ක් ....... (ස)

:       0       0

අචිනි Thursday, 12 September 2013 09:30 AM

මම කතෝලික කෙනෙක්. ඒත් මේ ආරංචිය දුටුවහම හරිම කණගාටුවක් ඇති උනා.කවුරු උනත් කළ දෙයට සොබා ධර්මයෙන් දඬුවම් ලබෙයි ඉක්මනින්ම. (ස)

:       0       0

රංජිත් Thursday, 12 September 2013 09:42 AM

නන්දේශ්, ඔබ වැනි මිනිසුන් අපේ රටට සම්පතකි. (ස)

:       0       0

සෙනෙවි Thursday, 12 September 2013 09:48 AM

මම ලක් පොළොවට උරුමකම් කියන සිංහල බෞද්ධයෙක් . ඇයි මේ ජාතිය තම දේශයේ ආගමට ආදරේ නත්තෙ? (දී)

:       0       0

ඉෂාන් Thursday, 12 September 2013 03:22 PM

මම බුලත්සිංහල වැසියෙක් වෙමි.මා දන්නා තරමට මෙය කුමන්ත්‍රණයකි. (නි)

:       0       0

අසෝක Thursday, 12 September 2013 03:27 PM

මේ පුංචි රටක් පාලනය කරන්න මිනිසුන්ට වඩා ඉන්නේ පාලකයෝ. ඉතින් ඒ මිනිස්සුත් මොනවා හරි කළා කියලා ලකුණු දා ගන්න ඕනෑ ලොක්කට පෙන්නන්න. හොදින් හෝ නරකින්. (නි)

:       0       0

අසෝක Thursday, 12 September 2013 03:29 PM

පින් කැමති කට්ටියම එකතුවෙලා මේ පන්සල තිබුණාටත් වැඩ හොදින් හදලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

රනා Thursday, 12 September 2013 10:06 AM

බෝගස් කපනවා...හින්දු පිළිම ලින්වලට දමනවා ... හාමුදුරුවන්ගේ බෙල්ල කපනවා. හාමුදුරුවෝ නිල් චිත්‍රපටි හදනවා. පන්සල් ගිනි තියනවා. අහෝ මේ දර්මද්වීපය. (දී)

:       0       0

සෑම් Thursday, 12 September 2013 03:41 PM

බෞද්ධයන්ගේ පිරිහීමට හේතුව අන්‍ය ආගමිකයින් කියල හිත ගෙන්න ඉන්න වීර කොලුවාගේ කට පූට්ටු වෙලාද, මොකද මේ නිව්ස් එකට කොමෙන්ට් එකක් කොටන්නේ නැත්තේ, නෙත්ත්නම් බැර කරන්න ගිණුමක් හොයනවද (දී)

:       0       0

අසංග Thursday, 12 September 2013 10:18 AM

තර්සාන්, ඕගලන්ගේ ජාතිය වගේ වෙන කව්රුත්ම කිසිම ආගමකට අගෞරව කරන්නේනම් නැත. අපිනම් කිසිසේත්ම අනුමත කරන්නේ නැ මොනම ආගමික ස්ථානයකට මෙවැනි දෙයක් කරන එක..වැඩි දවසක් නොගොස් සොබා ධර්මයෙන්ම දඬුවම් ලැබේවි. මෙවැනි දේවල් කරන්නේ කරන්නේ කිසිම ආගමකට ජාතියකට ජාතක නොවෙච්ච පිරිස. (දී)

:       0       0

අසේල Thursday, 12 September 2013 10:21 AM

බොදු බල සේනාව කොහෙද දන්නේ නැහැ ඉන්නේ මේ දේවල් වෙනකොට? (දී)

:       0       0

මාධව Thursday, 12 September 2013 10:22 AM

කිසිසේත්ම අනුමත කරන්න බැරි කතාවක් (දී)

:       0       0

චන්දි Thursday, 12 September 2013 10:27 AM

එපාර පන්සල් ගිනි තියන්නත් පටන් අරගෙනද ...? ගමට පන්සල් දෙකක් එපා කියුවට (මම ගේ හදපු අවට එකම ප්‍රදේශයේ පන්සල් තුනක් තියෙනව අපි පෝයට තුනටම ගිහින් වැඩ පුදා ගන්නවා )කිසි අව්ලක් නැහැ

:       0       0

නාලක Thursday, 12 September 2013 10:28 AM

පන්සලුත් ගිනි තියන රටක් මේක.නීතියේ හොද කම නිසා තමය බය නැතිව මේවා කරන්නේ කාලකන්නි.

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 12 September 2013 10:37 AM

පූජනීය සිද්ධස්ථාන වලට ගිනිතැබීම් කිසි සේත් අනුමත කරන්න බැහැ. මේක ඉතාමත් කණගාටු දායක පුවතාක් මෙවැනි සිදුවීම් තුලින් ජනතාව කුපිත වේවි. මොන ආගම වුනත් අපි මෙම සිදුවීම පිල්කුල් සහගත ලෙස හෙළ දකිමු. රජය අවධානය යොමු කර තරාතිරම් නොබලා මේ අයට දැඩි දඩුවම් දිය යතුය. දේශපාලනය හෝ පෞද්ගලික උවමනාවන් මත ආගම ධර්මය හැසරිවීම කනගාටුවට කරුණක්. (දී)

:       0       0

ධම්ම Thursday, 12 September 2013 10:40 AM

ෂෙරිෆ්, 'ධර්මයේ හැසිරෙන්නෝ' යනු ධර්ම නිසියාකාරව පිළිපදින්නෝ යනුයි. ඔබ අදහස් කළේ 'බෞද්ධයයි කියාගන්නා අය' යන්න අප තේරුම් ගත්තා. (දී)

:       0       0

ජයසූරිය Thursday, 12 September 2013 10:40 AM

මොන ලොක්කෙක් උනත් කරලතියෙන අකුසලකර්මයට විඳවන්නට මේ ආත්මයේදීම තමා (දී)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 12 September 2013 11:25 AM

සමහර කාලවල් වල රටවල් බැබලෙනවා. තවත් කාලයන් වල රටවල් වැනසෙනවා. මේවට එම රටවල් පාලනය කරන අයගෙ සිතුවිලි වල ක්‍රියාකාරකනුත් බලපානවා. ධර්මානුකූලව රටක පාලකයෙක් රටක් පාලනය කරනවා නම් ඒ රටේ ජනතාවනුත් ඉබේටම ධාර්මික වෙනවා. මෙවන් දේ කරන අයට කුමන කාලයක හරි ස්භාවධර්මයෙන් දඩුවම් හිමිවෙනවා. අතීතයෙදි 84000ක් පන්සල් වෙහෙර විහාර හදපු පිං බිමක් මේ ඒත්.... අද? (ස)

:       0       0

දලිය Thursday, 12 September 2013 11:31 AM

ඔතන මුස්ලිම් පල්ලියක් හදමු. ඒ අයටත් අපි අවස්ථාව දෙමු. (දී)

:       0       0

දුමින්ද සිල්වා Thursday, 12 September 2013 11:36 AM

රට පෙරට (දී)

:       0       0

රාජිත Thursday, 12 September 2013 11:39 AM

මේවා කරන අය මතක තියා ගන්න ගෙවන්න වෙන්නේ පොලිත් එක්ක (දී)

:       0       0

මරික්කාර් Thursday, 12 September 2013 11:51 AM

මේකනම් කණගාටුදායක සිද්දියක්. අනිවාර්යෙන්ම හෙළාදකියිතු ක්‍රියාවක්, කව්රු කලත් තරාතිරම නොබලා නිතිය හරහා දරුණුම දඩුවම් ලබදියයුතුය (දී)

:       0       0

සරත් Thursday, 12 September 2013 12:15 PM

මේවා හෙන ගහන අපරාධ (දී)

:       0       0

ඉම්රාන් Thursday, 12 September 2013 12:19 PM

මේ පන්සලට මුලින්ම විරුද්ධ වුනේ බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා කියන එක්ක කව්රුත් දන්නවා. මේවා තමය් සහ ගහන අපරාද කියන්නේ. අනිත් ආගමික ස්ථාන කීයක් නම් බෞද්ධ ස්වාමින් වහන්සේලා කියාගත් අන්තවාදීන් විසින් ලංකාවේ විටින් විට විනාශ කලාද. අපි සියලු දෙන ප්‍රථමයෙන් අපි තමන්ගේ ආගමට ගරු කල යුත්ය් ඒ වගේම අනිත් ආගම්වලටත් ගරු කල යුතුය්. අනිත් රටවල් වල වෙන දේවල් අපිට වැඩක් නැහේ. අපි ශ්‍රීලාංකිකයන් හැටියට එක්විය යුතු කලයය් දෙන එවිත් තියෙන්නේ. (දී)

:       0       0

නෞෆල් Thursday, 12 September 2013 12:25 PM

අනිත් ආගම් වලට දැන්වත් ගරු කරන්න බලන්න.පන්සල් විතරක් නෙවෙයි පුජනිය ස්ථාන පල්ලි ,කොවිලුත් අයත් කියලා දැන්වත් ඉගෙන ගන්න. (ස)

:       0       0

ජසිම් Thursday, 12 September 2013 12:41 PM

මේවා කව්රු කරත් වැරදී වැරදී වැරදී (දී)

:       0       0

අමිල - කටුනායක Thursday, 12 September 2013 01:18 PM

ඔය හනුමන්තාව කොටු කර ගන්න ලැබේවා.ස්වාමීන්වහන්සෙ ගැන සොයා බැලිය යුතුයි.සමහර පන්සල්වල කුල භේදෙත් තියෙනවා.ඒ අය අනිත් පන්සලට අකැමති.. (ස)

:       0       0

වරුණ Thursday, 12 September 2013 07:42 AM

අනේ මන්දා මේ අය බෞද්ධයොද කියලා? මේ වගේ නිඝන්ටයන් රජ කාලේ ඉදන්ම පැවතියනේ (නි)

:       0       0

මාන‍ගේ Thursday, 12 September 2013 07:44 AM

ගිනි තැබුවන්ට උත්තර නුදුරු අනාගතයේ ලැබෙනවා ඒකාන්තයි. නමත් විහාරාධිපති හිමියන් පැනයාමට හේතුව ...? ප්‍රශ්නයක්. (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 12 September 2013 01:23 PM

මේක වෙනත් ආගමකින් කරපු දෙයක් නෙමේ . ගමට පන්සල් දෙකක් අවශ්‍ය නැහැ කියල අනික් පන්සලත් .බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති ගේ අනුදෙනුම ඇතුව සිදුවූ දෙයක් කියල වෙටහෙනවා . මේකත් මනාප පොරයක් වගේ . පන්සල් දෙකක් උනාම බෞද්ධ යන දෙපත්කට බෙදෙනවා කියල වෙන්න ඇති . පන්සල් දෙකේ බුදු බන වර්ග දෙකක් කියලා වෙන්න ඕන (දී)

:       0       0

අනුර Thursday, 12 September 2013 07:51 AM

මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක මෝඩ වැඩක් (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 12 September 2013 07:55 AM

බුද්ධ ධර්මය එලෙසම පවතී, නමුත් එම ධර්මයේ හැසිරෙන්නෝ වර්තමානයේ අයාලේ ගොස් බුදු දහම විනාශ කර ඔහුන්ද විනාශ වන්නේය. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 12 September 2013 07:56 AM

ආගමික ස්ථාන වලට පහරදීම් මෑත කාලයේ විශාල වශයෙන් වැඩි වුණා. මේකත් තවත් එවැනිම දෙයක්. බොහෝ තැන් වල දේශපාලකයන්ගේ අනුමැතිය ඇතුව මේවා සිදු වෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 12 September 2013 07:58 AM

මානගේ, පැන යන්නේ නැතුව ගිනි ගොඩට පනින්නද කියන්නේ. පන්සලේ හිටියා නම් ගුටි පූජා සමග සති පූජා තමයි! ආශ්චර්යය දෝරේ ගලනවා. ඔහොම යන්, නිවන අත ළඟ. (නි)

:       0       0

රාජේශ් Thursday, 12 September 2013 08:01 AM

මොනම ජාතියක්වත් අනුමත කරන්නේ නැහැ මේ වගේ නිවට වැඩ.හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී (නි)

:       0       0

සමරා Thursday, 12 September 2013 08:13 AM

බෞද්ධයොම පන්සල් ගිනි තියන රටක්! (නි)

:       0       0

පියල් Thursday, 12 September 2013 08:25 AM

තවත් අසපුවක් ද දන්නේ නැහැ. ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය නැති කරනවා ඔය අසපු හදන වැඩෙන්. පිට්ටුගල පන්සලට වෙලා තියෙන්නේ ඔය වැඩේ . මේක නැවැත්තුවේ නැත්නම් අපේ ජාතියේ මුලය කැඩෙනවා. (ස)

:       0       0

මිලාන් Thursday, 12 September 2013 08:34 AM

කරපු වැඩේ වැරදියි. ආගමික ස්ථාන ගිනි තියන එක. (ස)

:       0       0

කටා මාමා Friday, 13 September 2013 01:53 AM

පාඨකයා අන්ද මන්ද වී ඇත. දාන අදහස් මල්ලේ පොල් වී ඇත. (නි)

:       0       0

පිටිගල Thursday, 12 September 2013 08:35 AM

විහාරාධිපති පැන ගියේ මොකද? පැනගියද?.ගිනි තියන්න ආපු එවුන් පැහැරගෙන ගියාද? මරා දාලා ද? විහාරාධිපතිම පන්සලට ගිනි තියලා පැනලා ගියාද? පන්සල් දෙකක් ඕන නැහැ කියපු ප්‍රාදේශීය සභාපති පන්සල් දෙක එක් කරන්න වැඩපිළිවෙලක් දියත් කලාද? (ස)

:       0       0

කලන Thursday, 12 September 2013 08:37 AM

මොන රටක්ද, මොන ජාතියක මිනිස්සුද මේ ඉන්නේ? යකෝ ආගම අපි විසින්ම විනාස කරනවනේ. මේවා මීට වඩා ඉදිරියට යන්න නම් තියන්න හොඳ නැහැ. (දී)

:       0       0

කුමුදු මේනකා Thursday, 12 September 2013 01:39 PM

එකම ආගමේ එකම ජාතියේ අප එකට ඉන්න බැරි උනොත් වෙන්නේ . වෙනත් ජාතීන්ට ආගම් වලට අප කෙරෙහි උපහාසය මතු කිරීමට ඉඩ දීමය . කවුරු හෝ මෙය කරපු අයට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතුය . දේශපාලන තරා තිරම නොබලා . මට පෙන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මේකට හවුල් (දී)

:       0       0

ලසන්ත Thursday, 12 September 2013 08:38 AM

පන්සලට ගිනි තිබ්බේ කවුද (දී)

:       0       0

මංගල කොලොන්නාව Thursday, 12 September 2013 01:43 PM

(චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) .අප මහා බුදුරජාණන් වහන්සේ මහණුන්ට කියපු දෙයක් .( මහණනි මම චේතනාවම කර්මය කියා වදාරමි) . නරක චේතනාවත් කර්මය ක්‍රියාවත් කර්මය. මේ දෙකම මෙහි ගැබ්ව ඇත. (ස)

:       0       0

පුබුදු Thursday, 12 September 2013 08:55 AM

එක ගමකට එක වැඩක් ???? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 237 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 66 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1326 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 522 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1211 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 234 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30122 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23675 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site