IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බුලත් කොළය නව මුහුණුවරකින්

(ඩයනා උදයංගනී)

එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වසර කිහිපයකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ අද (15) රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමේ දී ඉදිරිපත් කළ යුතු යෝජනා සම්බන්ධයෙන් මෙන්ම එය බුලක් කොළය ලකුණ යටතේම නව මුහුණුවරකින් ගොඩනැගීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

එම සන්ධානය නියෝජනය කළ ඉකුත් දා අභාවප්‍රාප්ත වූ නායකයන් වන ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමන්,   හිටපු අමාත්‍ය මංගල සමරවීර සහ දේශවිමුක්ති ජනතා පක්ෂයේ හිටපු නායක පී.එම් පොඩි අප්පුහාමි යන මහත්වරුන් සිහිපත් කිරීම ද රැස්වීම ආරම්භයේ දී සිදුවිය.



අදහස් (35)

බුලත් කොළය නව මුහුණුවරකින්

චන්දන Wednesday, 15 September 2021 08:02 PM

මුහුණ වෙනස් වුණාට ඇතුළ එහෙම්ම නම් වැඩක් නෑ..!!! 

:       1       49

sisiraWednesday, 15 September 2021 10:20 PM

පාර්ලිමේන්තුවේ සිටින සියලු කණ්ඩායම් මොන මුහුණුවරකින් මැතිවරණයට පැමිණියත් රටේ ජනතාව දැනටමත් ඔවුන්ව ප්‍රතික්ෂේප කරලා අවසන්

:       1       32

ajithThursday, 16 September 2021 04:07 AM

ඉතිරිව තිබෙන්නේ වෙස් මුණ පමණි. මොවුන් මේ නැටීමට සුදානම් වන්නේ ඔවුන්ගේ අවසාන දේශපාලන නැටුම වේ.

:       0       22

RaveendraThursday, 16 September 2021 06:20 AM

කෙරුවට වෙනස කම් බුලතට කොලයේ....... ගම්මිරිස් කොලයට තරම් වත් නැහැ වටින්නේ...... ඉන්නා තරමක් ඉන්නේ කොළ කන දළබුවොනේ ....... වෙනසක් ගැන කියන්නෙත් කොළකන පණුවෙක් නේ .........

:       0       2

වසන්ත Wednesday, 15 September 2021 08:10 PM

මොන මුහුණුවරක් දුන්නත් ඉන්නේ එකම මිනිස්සු බව තේරෙන්නේ නැද්ද? ප්‍රශ්නය තියෙන්නේ මූණුවල නෙමෙයි අදහස්වලයි එකතුවෙලා ඉන්න මිනිස්සුන්ගෙයි කියලා තේරුම් ගන්න.

:       0       26

chandima Wednesday, 15 September 2021 08:30 PM

මෙදා පාර ඔලුබක්කෝ නටන්නද යන්නේ?

:       0       25

රණතුංගThursday, 16 September 2021 02:54 PM

ඔබ හරි චන්දිම, මේ රට අද තිබෙන ස්ථානය දක්වා රැගෙනයාම ආරම්භ කලේ මේ මහ ඔළුබක්කා තමයි. තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද වලට රට පාවාදී ගහපු ගේම එළි උනා. ඒ වගේම තාමත් බණ්ඩාරණායක මහත්මයාගේ කරපිටින් යන මේ ඔළුබක්කා තවත් විනාශයකට සූදානම් වන බව අපට කියන්න පුළුවන්, මේ අය කල කී දෑ අනුව මොවුන් කෙරේ කිසිදු විශ්වාසයක් තැබීම රට තවත් අගාධයට ගෙනයාමට හා මුස්ලිම් අන්තවාදයට තල්ලුකිරීමට උඩගෙඩි දීමක් බව අප සියලුදෙනා මතකතබා ගත යුතුය. එය කොරහේ කිඹුල්ලු දැකීමක් නොව. කොරහට පැන ඇති කිඹුල්ලු දැකීමකි.

:       0       0

ගමේ එකාලා Wednesday, 15 September 2021 08:36 PM

ආයේ අලුත් වෙන්ඩ කියලා දෙයක් තියෙනවද? බුලත් හපේනම් නරකම නැහැ .

:       0       18

ganegoda Wednesday, 15 September 2021 08:39 PM

රටක් කියන්නේ එක එක්කෙනාට ඕන විදියට ඕන කාලයට එක එක අත්හදා බැලීම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි

:       0       20

ranjith Wednesday, 15 September 2021 08:53 PM

එක එක මුහුණු දාගෙන දැන් කීපාරක් ආවද .කරපු දෙයක් නෑ .මේ ඔක්කොම කට්ටියගේ කෙරිල්ල නිසානේ භාණ්ඩාගාරේ හින්දිලම ගියේ

:       1       21

L.G.P.Jathunarachchi. Wednesday, 15 September 2021 09:12 PM

හරමානිස් ඊස් හරමානිස්

:       0       22

මසිරිපාල Wednesday, 15 September 2021 09:25 PM

වෙනසක් ඇති බුලත් කොලයක් නම් නාගවල්ලි වෙන්න පුලුවන්. හැබැයි නාග වල්ලි වැඩිපුර වැවෙන්නෙ නැහැ

:       0       15

Kuma Wednesday, 15 September 2021 09:28 PM

ගොක්කොලය හොදයි

:       0       23

Banduls Wednesday, 15 September 2021 09:30 PM

කොල්ලෝ දැන් වයසයි විවේක ගනින්

:       0       20

sampath Wednesday, 15 September 2021 10:10 PM

ලැබුන ස්වර්ණමය අවස්ථාව අපතේ හැර දැන් ගම්මිරිස් කොලෙන් ආවත් වැඩක් නෑ .මිනිස්සු ලිහල බලපු මල්ල ඔබලා බලන්නේ නෑ

:       0       31

de silva Wednesday, 15 September 2021 11:41 PM

හැමදාම ජනතාවට ඔය එක එක කොළ පෙන්නලා කොලේ වහන්න බැහැ .ලබන චන්දෙදි පොහොට්ටු ,බුලත් කොළ ඔය ඔක්කොම සමග ඔබතුමාත් වැටෙන්නේ කුණු බක්කියට .නිසා ඔබට ගැලපෙන හොඳම ලකුණ කුණු බක්කිය .ඒකෙන් ඉල්ලන්න

:       0       22

gagana Thursday, 16 September 2021 12:07 AM

බෝම්බකරුවන් ගැන පණිවිඩය ආපසු ඇහෙන් නෑ වගේ හිටපු , බෝම්බෙන් පස්සේ දෙමටගොඩ කර්මාන්ත ශාලාවේ ඊයම් බෝල හදපු සැකකරුවන් නිදහස් කරන්න අත්සන ගහපු, මහේන්ද්‍රන් මෙරටට ගේන්න අත්සන් 20000 ක් ගැහුවා කියල කියපු, මෙලෝ රහක් නැති කවි කියකිය මිනිසුන්ගේ කන කාපු, බුලත්කොලයෙන් බැරිනම් පුවක්ගෙඩියෙන් ආවත් මෙහෙමයි.

:       1       24

Faseel Thursday, 16 September 2021 12:55 AM

දැන්වත් ගෙදරට වෙලා ඉන්න.

:       0       18

අනුර Thursday, 16 September 2021 01:05 AM

අවුරුදු 71 ක් තිස්සේ මුහුණු වෙනස් කර කර පාට වෙනස් කර කර පැරදුනත් එල්ලි එලුලීම මේ රට කාබාසීනි කෙරැවා ඇති. දැන් වත් මිනිසුන්ට මොළය පැදේවා! අබ ඇටයක තරම් වත් මොළයක් ඇත්කම් අප රටේ ඡනතාවට දේශපාලුවන්ගේ කෙරුවාවන් අවබෝඨ කර ගත හැක. රටටත් ඡනතාවටත් කිසිදු පලක් නැති අතිශයින්ම දුෂිත දේශපාලුවෝ නැවත නැවතත් තෝරා පත්කරන හා ලෙහෙසියෙන්ම රැවටිය හැකි ජනයා සිටින ලෝකයේ එකම රට මේ සිර ලංකාවයි. වරද කාගේ අතදැයි තමාම වටහා ගත යුතුය.

:       0       16

Binkunndaa Thursday, 16 September 2021 01:52 AM

රාජපක්ෂලාව අවුරුදු 5ක් ආරක්ෂා කලේ මේ අය තමයි.

:       2       23

Kusumsiri Thursday, 16 September 2021 03:06 AM

ආයේ කවදාවත් ඔයාට බලය දෙන්නේ නැහැ මිනිස්සු.

:       0       22

Nihal Thursday, 16 September 2021 03:11 AM

ඒක හොඳයි. ඔබට දේශපාලනයේ ඉහලම තැනට එන්න පුළුවන්.

:       8       140

dhammika randeniya Thursday, 16 September 2021 04:50 AM

පොළොන්නරුවේ ගෙදර ඉඳගෙන රජකම් කරනවා කියලා ඇවිත් කොළඹින් කෝටි ගණනක ගෙවල් දෙකක් එකට කරලා මිල දී ගෙන දැන් එන පොට හරි නැහැ .මේ එන්නෙත් රෑ 10 ට බුලත් විටක් කාලා නිදා ගන්න නම් වෙන්න බැහැ .මිනිසුනි අවධිවෙයල්ලා එන පොට හොඳ නැහැ .ඊළඟට දුව .පුතා .ඔහොම තමයි බුලත් කොලේ බෙදා ගෙන එන්නේ .අනේ මිනිසුනි ආයෙත් නම් රැවටෙන්න එපෝ ....මේ ගුලිවලට .ඉස්සෙල්ලාම පාස්කු ප්‍රහාරය සිද්ධ කලේ ඇයි කියලා කියන්න බුලත පෙන්වන්න පෙර

:       0       3

saman Thursday, 16 September 2021 06:29 AM

අවුරුදු 5 ක් රට විනාශ කරලා දැන් සුදනා වගේ නැවත රට කන්න තමා එන්න හදන්නේ

:       0       1

Wedda Thursday, 16 September 2021 07:07 AM

ඔබේ අවස්ථාව අවසන්. ඔබ අසාර්ථකයි. ඔබ කවුදැයි ජනතාව දනිති. කරුණාකර නායකයෙකුට, හැකියාවක් ඇති අයෙකුට නායකත්වය දෙන්න

:       0       1

kamal Thursday, 16 September 2021 08:56 AM

මෙතන කොච්චර කමෙන්ට් දැම්මත් ,මේ රටේ වහල්ලු සොයාගන්න අමාරු නැහැ

:       0       3

Nihal Thursday, 16 September 2021 09:08 AM

ඔබතුමාට ජනාධිපතිකම දක්වා ඉහලම තැනට යන්න ලැබේවා

:       4       1

NihalThursday, 16 September 2021 05:31 PM

දේශපාලකයෙකුගේ අවසාන ඉලක්කය ජනාධිපතිකම ඔබතුමාට ඒ තැනට එන්න ලැබේවා.!

:       0       1

p.d goonawardena Thursday, 16 September 2021 09:35 AM

තවත් ඕකේ මගුල් කරන්නේ නැතුව අයින් වෙලා තරුණ කන්ඩායමකට කරගෙන යන්න දෙනවා ලොක්කා....

:       0       4

Senarath Thursday, 16 September 2021 09:52 AM

ගොයම් කොලේ හොඳ නැතිද ?ඒකෙන්නේ පවුලම ගොඩ ගියේ

:       0       4

Sunil Thursday, 16 September 2021 10:18 AM

මේ අපේ දේශපාලනයෙන් එළවා දැමීමට සුදුසු අයයි.

:       0       0

Roni Thursday, 16 September 2021 11:07 AM

මොන මුහුනු වරින් ආවත් බුලත් කොලෙ බුලත් කොලේ මයි. එකත් හරියට දින 100 සියල්ල විසඳුවා වගේ , මේ කපේදී තමුසෙට ඔලුව උස්සන්න දෙන්නෙ නැත .

:       0       6

fairoos Thursday, 16 September 2021 12:50 PM

ලංකාවේ හින්දා හරි .නැත්තම් මෙලහට කුණු බිත්තර තමා

:       0       2

Pajith Sadaya Thursday, 16 September 2021 01:11 PM

හරි ශෝක් සර් .බුලත් කොලේට පුවක් කෑල්ලක් තියලා ගන්න

:       0       1

Bishan Thursday, 16 September 2021 03:30 PM

පිදුරු කන 69ලක්ශේ නම් ඔය පැත්තට ගන්නවා බොරු

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 1 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 7 0


කඹුරුපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 17 0


දෙණියාය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 54 0


රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 67 0



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site