ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගොවි නියාමක රැස්වීමකට ඇරයුමක් නොමැතිව ගිය බව කියන එක්සත් ජාතික පක්ෂයේ ඇහැලියගොඩ සංවිධායක සිරිපාල කිරිඇල්ල මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව ඔහුගේ පුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හරිස් කිරිඇල්ල මහතා කියයි.
ජනපතිවරණය වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකට රජයේ නිලධරයන් කැඳවූයේ ඇයිදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි කියති.
පොලිසියට පැමිණිලි දෙකක් ලැබී තිබේ. එකක් කිරිඇල්ල මහතාගෙනි. අනෙක ගොවි නියාමක වරයකුගෙනි. කිරිඇල්ල මහතා කලහකාරී ලෙස හැසිරෙද්දී තුවාල සිදුවී ඇතැයි ගොවි නියාමක පොලිසියට කියයි. මහාට වක් පිහියකින් කපා තුවාල කළැයි කිරිඇල්ල මහතා පොලිසියට කියා ඇත.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බුලත් නොදී බුලත් රැස්වීමට ගිහින් වක් පිහිපාර කයි
හරීන්ද්‍ර Wednesday, 17 December 2014 12:26 PM
අයියෝ කිරිඇල්ල (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 17 December 2014 12:39 PM
"වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමි ඒ අමාරුව" කියල පැරණි පිරුලක් තියෙනවා, කිරිඇල්ල මහත්මය එ්ක අහල තිබුනානම් ඔහොම වෙන්නේ නැහැනේ. අපි නම් දැන් ඕවට අත දාන්නේ නැහැ. "ලනුව දිග තියෙන කම් ලු නේ ගොනා උනත් උලා කන්නේ" ලනුව කනුව වටේ එතුනාම ගොනා කනුව මුලම වැටෙනවානේ , අපි එතකම් බලන් ඉන්නවා.. (නදී)
අසංක Wednesday, 17 December 2014 10:38 PM
එතුමා ජනතාව ගැන අවදියෙන් ඉන්න කෙනෙක්.අසාධාරණයක් වුණොත් කතාකරන කෙනෙක්. (නි)
මුදිතා Wednesday, 17 December 2014 01:35 PM
මොකක්ද මේ වෙන්නේ මේ අසාදාරන කම් කරන්නේ පරදින්න තියෙන බයට. මොලයක් තියෙන කෙනෙක් නම් ඡන්දෙ දෙන්නේ නෑ. (නදී)
සමන්ති Wednesday, 17 December 2014 01:46 PM
පවුලේ වැඩවලට පිට පවුල්වල අය යන්නේ නැහැ. (නදී)
සහාන් Wednesday, 17 December 2014 02:16 PM
කිරිඇල්ල මහත්තය මොකටද මෙහේ ගියේ (අ)
සජිත් Wednesday, 17 December 2014 02:48 PM
අනුන්ගේ රැස්වීම් වලට හොට දාන්න නොගිහින් තමන්ගේ රැස්වීමක් තියා ගත්තා නම් ඉවරනේ. ඕවා බොරු ෂෝ(නදී)
සන්වානි Wednesday, 17 December 2014 04:09 PM
කිරිඇල්ලත් ඉස්සර හිටියේ සංධානයේ නිසා යන්න ඇති. මල්මාලවක් දාලා පිළිගත්තනම් හරිනේ (අ)