IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බලන් ඇස් ඇර වාකනේරී කෙ‍නෙහිලි

යුද්ධය නිමවීමෙන් පසු 2010 වසරේදී තම උපන් ගමට නැවත පදිංචියට පැමිණි දිනයේ සිට දරුවකු දහම් පාසලකට යොමුකර පොහෝ දිනකදී පහනක් දල්වා මලක් පූජාකර බුදුන් වැඳීමට නොහැකිවීමෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වාකනේරි ගම් වැසියො කියති.

මඩකලපුව වාකනේරියේ සිංහල පවුල් 80ක 300කට ආසන්න පිරිසක් 2010 සිට ජීවත් වෙති.

“මහත්තයෝ අපේ උපන්ගම වාකනේරියයි.යුද්ධයත් එක්ක අපි මේ ගම අතහැරලා ඥාති නිවෙස්වලටත් අනාථ කඳවුරුවල ඉඳලත් 2010 දී නැවත පදිංචියට ආවා.මේ ගමේ සිංහල පවුල් 80ක් විතර දැනට පදිංචිව සිටිනවා.මිශ්‍ර පවුල් කිහිපයකුත් ඉන්නවා.නමුත් අපට පන්සලක් නැහැ.මේ ගමේ දරුවන්ට දහම් පාසල අහිමි වෙලා.පෝය දවසටවත් පන්සලට ගිහිං මලක් පූජා කර පහනක් දල්වා ආගමික කටයුතු කරන්න අපිට තැනක් නැහැ.ආපු අලුත හමුදා කදවුරු ඇතුළේ තියෙන බුදු පීළිමයට මල් තියලා පහන් පත්තු කරලා මේ ළමයින් බුදුන් වැන්දා.දැන් හමුදා කදවුරුත් නෑ.අපි එකතු වී මෑතකදී පන්සලක් හදාගත්තා.ඒකත් අන්තවාදී පිරිසක් එක රැයකින් කඩා විනාශ කළා.ඉස්සර අපේ පන්සල් භූමියේම තමා අපි එකතු වී පන්සල හැදුවේ.දැන් ඒ පන්සල් භූමිය වටකර අන්තවාදී පිරිසක් වැටක් ගහගෙන ඒ ඉඩම බලෙන් අල්ලාගෙන.ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ අපේ ගමට පන්සලක් හදලා දීලා අපේ දරුවන්ට දහම් මගේ යන්න අවස්ථාව දෙන්න කියලා.අපිට සිල් සමාදන් වෙන්නවත් තැනක් නැහැ“යැයි වාකනේරි ගම්මානයේ මුල් පදිංචිකරුවකු වන හත්දරු පියෙකු වන හේවා ආරියරත්න මහතා පැවසීය.

වාකනේරී ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම පිළිබදව අප නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුයේ පන්සල ඉදිකළ භූමිය පිළිබදව පරීක්ෂණයක් කිරීමට පළාත් ඉඩම් අමාත්‍යවරිය ගොස් ඇති බවයි.පන්සලක් ඉදිකිරීම ගැන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිනමක් මැදිහත් වී සිටින බවත් තමන්ට මෙය අදාළ නොවන බැවින් ඒ පිළිබදව පළාත් ඉඩම් ඇමතිවරියගෙන් හෝ දිඹුලාගල විහාරස්ථානයෙන් විමසා කරුණු දැනගන්නා ලෙසත් ඔහු කීවේය.

නැගෙනහිර පළාත් ඉඩම් ඇමතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගෙන් මේ පිළිබදව දුරකථනයෙන් තොරතුරු විමසීමට උත්සහ දැරුවද එය අසාර්ථක විය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලේඛකාධීකාරී දේවගල දේවාලංකාර නාහිමියෝ මෙලෙස පැවසීය.

වාකනේරී සිංහල බෞද්ධයාට අද පන්සලක් නැහැ.දරුවන්ට දහම්පාසලක් නැහැ.ආගම ඇදහීමේ නිදහස නැහැ.ප්‍රදේශයේ අන්තවාදි පිරිසක් අපි හදපු පන්සල කඩා විනාශ කරලා.දැන ඒ ඉඩම කොටු කරගෙන මේ ගැටළුව ලිහා ගන්න අපිට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමාත් ඉඩම් ඇමතිවරියක් උදව් කළා.නමුත් මේ විහාරස්ථානය ඉදිකරනවාට අන්තවාදී පිරිස් මටත් නිලධාරීන්ටත් බලපෑම්,තර්ජන කරනවා.මේවා මාධ්‍ය මගින් හෙළිදරව් කරලා ජනපතිතුමාගේ අවධානය යොමු කරවලා වාකනේරී සිංහල ජනතාවට පන්සලක් හදලා දුන්නොත් උතුම් ජාතික මෙහෙවරක්.

DSC04147 DSC04163 DSC04167 DSC04174



අදහස් (0)

බලන් ඇස් ඇර වාකනේරී කෙ‍නෙහිලි

වින්සන්ට් Tuesday, 18 October 2016 10:20 AM

නිමල් ලලිත මහත්මයාට ස්තුතියි කළ පැහැදිලි කිරීමට. (හේ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 October 2016 09:02 PM

සහජීවනය මුවාවෙන් කරන කරන තිරිසන් වැඩ කවදාවත් නවතා නැහැ, නවතන්නෙත් නැහැ. මේ අහම්බෙන් එළියට එන එකක් දෙකක්. තව කොපමණ ඇද්ද මේ රටේ අසරණ වූ මිනිස්සු? මේවට රජය පැහැදිලි විසඳුමක් නුදුන්නොත් වෙන විනාශය බරපතල ප්‍රතිඵල ගෙනෙයි. වේදිකාවට නැගලා අත් අල්ලාගත් පමණට සංහිඳියාව ගොඩනැගෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

රාජා Monday, 17 October 2016 10:59 PM

නිමල් ලලිත්, ඔබ හාමුදුරුවරුන් සුදානම් නැහැ කිව්වට සුදානම් හමුදුරුවරුන්ව තමයි රිමාන්ඩ් කරන්නේ. එතකොට මොකද කරන්නේ? (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 18 October 2016 01:24 AM

රාජා, ඔයාගේ කතාව මමත් අනුමත කරනවා. (නි)

:       0       0

සුරංග Monday, 17 October 2016 09:30 AM

සංහිඳියාව මිනිසුනේ සංහිඳියාව.... (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 18 October 2016 01:59 AM

රාජා මහත්තයෝ, මම මේ හාමුදුරුවෝ කිව්වේ දැනට නීතිය මඟින් සහ ක්‍රියාශීලිබව අවහිර කර සිටින හාමුදුරුවරුන්ට නොවේ. අද සිංහල රාවයේ, රාවණා බලයේ, බොදුබල සේනා හාමුදුරුවරුන්ට නීතියෙන් තහනම් නියෝග නිකුත් කරද්දී අපේ නායක හිමිවරු නිශ්ශබ්දයි. අදත් මම ඉන්නේ සිංහලයා වෙනුවෙන්,බොදු අයිතිය වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු සමඟ. ඉතිරිය හරිය සඳහන් කරන්නේ නැහැ. (නි)

:       0       0

නුවන් Monday, 17 October 2016 09:32 AM

යහපාලනේ දොරේ ගලනවා ආයුබෝවන්! (නි)

:       0       0

සත්‍යයා Tuesday, 18 October 2016 02:24 AM

අපේ ඒ කාලේ ලොක්කෙක් කොටි නායකයෙක් බලන්න කොළඹ පෞද්ගලික රෝහලකට ඇපල් මුද්දරම්පලං අරන් ගියා කියලත් අපිට ආරංචියි. හැබැයි මෙතන උතුරේ පරණ යාලුවෝ නැති නිසා "අදාළ නැහැ" කියනවා. අපටත් කියන්න වෙන්නේ අපට ඔයාලව අදාළත් නැහැ, ඔයාලගේ ගෝලයනුත් අදාළ නැහැ කියලයි. (නි)

:       0       0

දහම් Monday, 17 October 2016 09:43 AM

සංහිඳියාව යකුනේ සංහිඳියාව. (නි)

:       0       0

මැටිපහන Monday, 17 October 2016 09:54 AM

මිනිස්සු අරගල කළයුත්තේ මානුෂික අයිතීන් වෙනුවෙනි. පැය අටේ වැඩ දිනය ඇතුළු මානුෂික අයිතීන් දිනාගත්තේ හැමෝම එකතුව කරපු සටන් නිසයි. දැන් ඉතා පටු සටන් වලට, වර්ගය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, කුලය වෙනුවෙන්, ගෝත්‍රය වෙනුවෙන් කරන සටන් වලට යොමුවෙලා. අපේ නායකයෝ කියන අය අපිට කියන්නේ මේ වගේ පටු සටන් වලට යොමුවෙන්න කියලද. මේක ඉතාම පසුගාමී තත්වයක්. මේ විදියට ගියොත් මිනිස්සුත් ඉවරයි, සත්තුත් ඉවරයි, ලෝකෙත් ඉවරයි. (නි)

:       0       0

චමල් Monday, 17 October 2016 09:57 AM

බලන් ඇස් ඇර සහජීවනය දොරේ ගලන අයුරු. තව වසර කීපයයි. ඉවසා ඉන්න (නි)

:       0       0

සජී Tuesday, 18 October 2016 02:36 AM

මේ දේ දකුණේ දමිළ මිනිසුන්ට වුණා නම්? (නි)

:       0       0

ඇසළ Monday, 17 October 2016 10:01 AM

සහජීවනේ කොහොමද. සතුටුයිද දැන්? (නි)

:       0       0

සෙනරත් Monday, 17 October 2016 10:22 AM

ඒ වුණාට කොහොමද යහපාලන පම්පෝරිය? (නි)

:       0       0

නිමල් පාලිත Thursday, 20 October 2016 01:28 AM

බලලෝභී දේශපාලනය නිසා, නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය, වැනසෙන බෞද්ධ උරුමය වෙනුවෙන් අදහස් දැක්වූ සැමට ස්තුතියි! මෙවැනි අවස්ථා වලදී දැනට සුවෙන් යහතින් වැජඹෙන පන්සල් වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා, දායක සබා සහ වෙනත් බෞද්ධ සමිති සමාගම් මේ බෞද්ධ විරෝධී විනාශකාරී වැඩ වලට විරුද්ධව, දැනට නින්දේ පසුවෙන සිංහල දේශපාලන නායකයන් සහ බුද්ධ ශාසන ඇමතිවරයා ඇතුළු නිලධාරින්ට විරෝධය දක්වා යැවිය යුතුය. එවිට ඔවුන් නින්දෙන් අවදි වෙනු ඇත. (නි)

:       0       0

සරත් Monday, 17 October 2016 10:41 AM

දෙමළ අයට විතරද ලංකාවම අයිති. සිංහල ඔයාලා යන්න මුහුදේ පැලක් අටවාගන්න. අපේ ලොක්කන්ට ඕවා ගානක් නැහැ (නි)

:       0       0

කපිල Monday, 17 October 2016 10:49 AM

දකුණේ සද්දෙ දාන කට්ටිය යන්නකො මෙතනට මාසෙකට... ගිහින් පන්සල හදලා කරලා එන්නකො. (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 18 October 2016 03:16 AM

අන්‍යාගමික හා විජාතික රජයක් බවට පත්නොවී සැබෑ සංහිඳියාව ආරක්ෂා නොකළොත් රට අරාජිකයි. (නි)

:       0       0

පීරිස් Tuesday, 18 October 2016 03:18 AM

ලංකාව වටේ හැමතැනම පන්සල් වැඳ වැඳ යන මහින්ද මහත්තයාට බැරිද ඔය මිනිසුන්ට වඳින්න පන්සලක් හදලා දීලා ආරක්ෂකයෙකුත් මුරට දාලා දෙන්න? ලොකු පිනක් එහෙම වැඩක් කළොත්. (නි)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 10:59 AM

උතුරු නැගෙනහිර විතරක් නොවෙයි මුළු රටෙන්ම සිංහලයා කොන්වෙන කාලය, රටිනුත් යන්න වෙන කාලය වැඩි ඈතක නැහැ. දැනටම සිංහලයා තමයි රටේ කිසිම තැනක් නැති පුරවැසියා. (නි)

:       0       0

චතුරි Monday, 17 October 2016 11:01 AM

ඒ වුණාට සමහර දේශපාලකයෝ ලංකාව වටේම යනවා පන්සල් ගානේ ඇවිදින්න (නි)

:       0       0

අනිල් Monday, 17 October 2016 11:01 AM

අනේ පවු අසරණ සිංහල මිනිසුන්. ඡන්දෙදි ගොන්කම් කළාම විඳවන්නම වෙනවා. දැනට උතුරු නැගෙනහිර සහ අනිත් පළාත්වල යම්කිසි නගර තුළ විතරයි මෙහෙම. තව අවුරුදු 10ක් යන්න කලින් මුළු රටේම ඔහොම වෙනවා වෙනවාමයි. (නි)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 11:04 AM

ලංකාදීපයට ස්තුතියි මේ ප්‍රවෘත්තිය පළකළාට. මොකද ලංකාවේ නොයෙක් පළාත්වල දිනපතා පන්සල් කඩන ඒවා කිසි මාධ්‍යයක පළවෙන්නේ නැහැ, දැන් සංහිඳියාව, සහජීවනය දොරේ ගලන නිසා. හැබැයි වෙනත් ආගමික ස්ථානයක ජනේලයක වීදුරුවක් බෝලයක් වැදී බිදුනත් ඔන්න එළියට එනවා බුරුතු පිටින් සංවිධාන, මාධ්‍ය. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 18 October 2016 03:31 AM

ඇයි පොලිසියට මොවුන්ව අත්අඩංගුවට ගන්න බැරි. (නි)

:       0       0

ප්‍රියානි Monday, 17 October 2016 11:05 AM

කවදාද අපේ බලධාරීන් ඇස් ඇර සාධාරණයක් ඉටුකරන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 17 October 2016 11:05 AM

සුළු ජාතීන්ට නිදහස ලබා දුන් සිංහල අපිට කෝ දැන් නිදහස? අපි ආගම වෙනුවෙන් කතාකළොත් ජාතිවාදය. ඔවුන් කතාකළොත් සංහිදියාව (නි)

:       0       0

ඉමේෂා Tuesday, 18 October 2016 03:22 PM

එක ළමයෝ ගන්න හදමු ඒක තමා විසැදුම (අ)

:       0       0

හර්ෂ Tuesday, 18 October 2016 03:51 AM

කොහොමහරි අවුරුදු පහ යන්න කලින් සිංහල ජාතිය බුද්ධාගම දෙකම අතුගෑවිලාම යයි (නි)

:       0       0

රූපවතී Tuesday, 18 October 2016 04:04 AM

දැන් පෙනෙනවද? මේවට විසඳුම් දෙන්න ඕනෑ. මේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක මේ රටේ උපන් සෑම ජාතියකටම ජීවත්වීමේ අයිතිය හා නිදහස, තම ආගම් ඇදහීමේ අයිතිය තිබිය යුතුයි (නි)

:       0       0

ගුණසිරි Monday, 17 October 2016 11:41 AM

මේවා දකින කියවන අන්තවාදීන්ගෙන් අපි අහනවා . නුඹලට අවශ්‍ය නුඹලාගේ දේවලුත් කඩාබිද දමාගන්නද? (හේ)

:       0       0

බණ්ඩාර Monday, 17 October 2016 11:42 AM

මේවට අපි කතා කලොත් වැරදියි ,හැමෝම කියන්නේ ජාතිවාදීන් කියලා නමුත් සංහිදියා කතා කරන යහාපලනය නිසා තමයි උතුරු නැගෙනහිර අපේ දරුවනට බුදුන් වදින්න වත් විදිහක් නැත්තේ. (හේ)

:       0       0

අජිත් Monday, 17 October 2016 11:57 AM

මේ දේවල් පාලකයන්ට පේන්නේ නැද්ද?(හේ)

:       0       0

ජනහිත Tuesday, 18 October 2016 04:20 AM

කරුණාකරලා උතුර දකුණ කියලා කතා කරන එක නවත්තලා මේ එකම ශ්‍රී ලංකාව කියන එක කියමු. ඕනෑ කෙනෙක් ඕනෑ තැනක තම ආගම දහම අදහගෙන එකට ජිවත්වෙමු. බැරි අය ඉන්නවා නම් ඒ අයට ඕනෑ තීරණයක් ගන්න එකයි තියෙන්නේ. ඒ වගේම කාටවත් කරදර හිරිහැර කරන්න එපා. (නි)

:       0       0

බන්දුල Monday, 17 October 2016 12:29 PM

අපෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. (නි)

:       0       0

අරවින්ද Tuesday, 18 October 2016 04:33 AM

කපිලගේ කතාවට මමත් එකඟයි. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 17 October 2016 12:33 PM

අපේ හාමුදුරුවනේ, සිංහලයා අවදිකරන්න උද්ඝෝෂණය කරන්න කොනක සිට පටන්ගමු. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 17 October 2016 01:20 PM

ආණ්ඩුකාරවරයා කොහේද? බුද්ධ ශාසන ඇමති සහ මහනායක හිමිවරු මර නින්දේද? (නි)

:       0       0

දිමුත් Monday, 17 October 2016 01:40 PM

අන්තවාදී එවුන් කියලා තියෙන්නේ කවුද. ලෝකෙ කොහේ හරි ත්‍රස්තවාදයක් තියනවානං ඒ මේ අය බොරුද කියලා බලන්න. (අ)

:       0       0

බලගෙදර Tuesday, 18 October 2016 06:01 PM

මේ පන්සලේ දුරකථන අංකය දන්නා කෙනෙක් මට කියනවද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 17 October 2016 02:37 PM

මම කතෝලික භක්තිකයෙක්. බුද්ධාගම රැකුනොත් තමයි අපි කාටත් නිදහසේ ආගම අදහන්න පුළුවන් වෙන්නේ. (හේ)

:       0       0

කමල් Tuesday, 18 October 2016 06:03 PM

සිංහලයන්ගේ උරුමය ආරක්ෂා කරන්න දේශපාලඥයන්ට උවමනාවක් නැද්ද? (නි)

:       0       0

ශාන් Tuesday, 18 October 2016 06:03 PM

අපි උදවු කරන්න කැමතියි. මට මේ පන්සලේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

සුමුදු Tuesday, 18 October 2016 06:18 AM

සන්හිදියාවට එරෙහි අය ඉල්ලන්නේ යුද්දය ද? නීතිය අතට ගත් අන්තගාමීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලානම් ඒ ඇති. යුද්දය එපා.. එපා.. එපා.. (ර)

:       0       0

චමත් Tuesday, 18 October 2016 06:37 AM

කට්ටිය එකතු වෙලා උදව් කරමුද මෙයාලට ? (ර)

:       0       0

ජයන්ත Monday, 17 October 2016 03:46 PM

අරයා මේක පත්තරේකින්වත් දකිත්වා කියා පතමු. අපේ සන්හිදියාවට ජයවේවා. ඇගේ මාළු නටනවා මේක පේන කොට. (අ)

:       0       0

නිමල් ලලිත් Monday, 17 October 2016 03:49 PM

ගුණසිරි ඔබ හරි. බලධාරින් මර නින්දේ නම්, මර නින්දෙ සිටින බලධාරින්ව අවදි කරන්නට හාමුදුරුවරු සුදානම් නැත්නම් අපි එය කල යුතුය.(අ)

:       0       0

ප්‍රදීප් Tuesday, 18 October 2016 10:32 PM

වෙහෙර විහාර කඩන්න පටන්ගත්තා විතරයි තව. අනේ අපේ පන්සල් වලට යන කල! (නි)

:       0       0

අරුණ Monday, 17 October 2016 04:21 PM

අපි හැමොම මෙම ස්ථානයට ගොස් මෙහි ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසමු (අ)

:       0       0

ජයසිංහ Monday, 17 October 2016 04:24 PM

සිංහලයින් තොපට කොන්දක් නැද්ද අතගා බලපියව්. අනේ අනගාරික ධර්මපාල තුමාවත් හිටියානම් (අ)

:       0       0

ශෂික Tuesday, 18 October 2016 08:39 AM

කෝ මේ අර එන්.ජී.ඔ.වලට කඩේ ගිය..ආචාර්ය ලා මහාචාර්යල..සමහර ස්වාමින්වහන්සේලා...සහජීවනවාදී දේශපාලක තුමන්ලා...??.(හේ)

:       0       0

ජනහිත Monday, 17 October 2016 04:43 PM

"අපට පුතේ මඟක් ඇතේ, රට බාරයි ඔබට පුතේ" අපේ රටේ ඉපදුන සිංහල අපේ අයිතිය අද නැද්ද? හරියට් මැදපෙරදිග ගිය වගේනේ. බලන්න වින්සන්ට්ගේ කතාව. අගය කළයුතු මිනිසෙක්, ඇයි අනෙක් අයට එහෙම බැරි. සිංහයා දිගටම නිදාගෙන නොඉන්න බව සැවොම මතක තබා ගතයුතුයි. (නි)

:       0       0

නිමල් Wednesday, 19 October 2016 01:27 PM

මේ දේවල් නිලධාරින්ට පේන්නේ නැද්ද?(හේ)

:       0       0

සුසන්ත Monday, 17 October 2016 04:59 PM

ඔය තමයි අපේ නව ආණ්ඩුවේ සංහිඳියාවේ බලමහිමය. (නි)

:       0       0

නාමල් Monday, 17 October 2016 06:43 PM

සිංහල අපි හැමෝම එකතුවෙලා මේවා රැකගනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 37 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 220 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1023 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 162 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2826 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 325 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site