IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බලාපොරොත්තු දල්වාගෙන ඉසුරු සොයා යන්න ඇවිත්

දකුණු කොරියානු රැකියා සදහා සුදුසුකම් ලැබූ තරුණයින් පිරිසක් (120 ක්) දකුණු කොරියාව සදහා පිටත් වීමට අද බත්තරමුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවා කර්යංශය වෙත පැමිණ සිටියහ. ඔවුන්ගේ මාපියන්, සහෝදර සහෝදරියන්, නෑයන්, හිතමිතුරන්ද පැමිණ සිටියහ.

මෙම පිරිස අද සවස කටුණායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතය.   



අදහස් (0)

බලාපොරොත්තු දල්වාගෙන ඉසුරු සොයා යන්න ඇවිත්

චතුරි Tuesday, 21 May 2013 08:42 PM

අපේ අනාගත බලාපොරොත්තු පස්සට ගියා. හැමෝටම එක වගේ සලකන්න. හැමෝටම එක වගේ... (නි)

:       0       0

ආරියසිරි Tuesday, 21 May 2013 09:00 PM

එන්න එන්න මල්ලිලා සාදරයෙන් පිලි ගන්නවා කොරියාවට (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 21 May 2013 09:22 PM

කොහේ ගියත් අපේ වගකීම් අමතක කරන්න එපා. 1) අපේ යන්නේ මුදල් හම්බරකන්න 2) අපේ රටේ කීර්ති නාමය රැකගන්න. 3) දෙමාපියන් දූ දරුවන් අමතක නොකරන්න. 4) එහෙ තිබෙන අපේ රටේ නොතිබෙන දේවල් සංසන්දනය කරලා අපේ රට අපහාස නොකරන්න. 5) යහපත් ස්ථාවරයකට එනකම් ලංකාවට නොඑන්න 6) අනවශ්‍ය යහළුවන් ආශ්‍රය නොකරන්න 7) ලංකාවට පැමිණිලා අපේ රටේ කර්මාන්තයක් පටන් ගන්න. " ඔබ සැමට සුභ අනාගතයක් (අ)'

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 10:58 AM

තමන්ගේ ස්වයං රැකියාවක් නොකරන හැමෝම වහල් සේවා තමා කරන්නේ.ඉතින් දේශපාලන ඇසින් බලන අය‍ට ඔහොම තමා පෙනෙන්නේ.ඔබ සැමට ජය. (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 09:27 PM

අසේල,කරු,සමන්ත ඔව් මම තේරුම්ගත්තා , කරුණු පැහැදිලිකිරීමට ස්තුති! වරද මගේ! සමාවෙන්න! (අ)

:       0       0

දිනේෂ් Tuesday, 21 May 2013 09:33 PM

අපු කාරණය මතක තියාගෙන හොදින් ඉන්න.සුබ පැතුම් ඔයාලා ඔක්කොටම (නි)

:       0       0

රන්ජිත් Wednesday, 22 May 2013 11:03 AM

මේක තමයි එහෙනං අපි ආසියාවේ "ආහ්චර්යයට" යන ගමන. මේවා දකිනකොට මට හිනා යනවා. මහා ලොකු ප්‍රෞඪ අවුරුදු 2500ක මහා ලොකු ඉතිහාසයක් ගැන පුරාජේරු කියනවා. හැබැයි අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇවිල්ලා වහල් සේවයට මිනිස්සු පිටරට යවන එක. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 22 May 2013 03:44 PM

අරාබි රටලවල් වලට යවන එක නවත්තන්න. හැම කෙනෙක්ම කොරියා යැව්වා නම් වැඩේ ඉවරයිනේ (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 09:47 PM

ගැනු පිරිමි සමහර දෙනෙකුට රට ආපු කාරනය හරි ඉක්මනට අමතක වෙනවා. ඒ වගේම සමහරුන්ට හරියනවා, සමරුන්ට වරදිනවා. මොනවා වුණත් කල්පනාවෙන් වැඩකළොත් වරදින්න විදිහක් නැහැ! සුබ පතනවා හැමෝටම! (නි)

:       0       0

වීරසේකරගේ Tuesday, 21 May 2013 04:44 PM

ඇයි මත්තල?? (නි)

:       0       0

ජෝයි Tuesday, 21 May 2013 04:46 PM

කොරියා රස්සා වලට යන එක හොදයි මැද පෙරදිගට වඩා. එහෙත් පාලකයෝ මේ අහිංසක කොල්ලෝ ලවුවා ඡන්ද වැඩ කරවා නොගෙන සාධාරන විදියකට මේ රස්සා දුන්නොත් නරකද? (නි)

:       0       0

රූපා Tuesday, 21 May 2013 04:47 PM

කොහොම වෙතත් බුදු සරණයි මගෙ පුතේ! (නි)

:       0       0

ශිවන්ක Tuesday, 21 May 2013 09:53 PM

කොරියාවට සාදරයෙන් පිලිගනිමි! (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 21 May 2013 09:57 PM

කොරියාවට යන තාරුණයන් භාෂාව ඉගෙනගෙන ,විභාග සමත් වෙලා සුදුසුකම් අදාල රටට ඇරලා තෝරාගත් ලංකාවේ හතහරදිග් බාගයෙන් පැමිණි අයට වේලාසනින් ලියකියවිලි දුන්නානම් ඉවරනේ. රටින් පිටවෙන දවසේ විදේශ කාර්යංශයට ගෙන්වීම බලවත් අසාධාරණයක්. යන පුද්ගලයා ,පවුලේ උදවිය, බත්තරමුල්ලටත්,ගුවන් තොටු පොළටත්,යාමට වාහන ගාස්තු,රස්තියාදු කරනවට වඩා 120 දෙනාට නිලධාරීන් 3 දෙනෙකු ගුවන් තොටු පොලට ගියානම් සියලු දෙනාම අසීරු තත්වයෙන් මුදවා ගැණීම පින් අයිතිවෙන වැඩක් (නි)

:       0       0

සුමී Tuesday, 21 May 2013 04:53 PM

යන කාරනය මතක තියාගන වැඩකරන්න. ඔබට ජය.(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 21 May 2013 04:54 PM

ගූඩ් ලක් !(නදී)

:       0       0

ගයාන් Tuesday, 21 May 2013 10:07 PM

ලංකාවේ හොද රස්සා නැතිව කොරියවට එන එක ගැන ලජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 04:55 PM

යුද්දෙයි කියල බෙරිහන් දුන්නේ. ඇයි එහෙනම් ආයේ යවන්නේ?(නදී)

:       0       0

හේරත් Tuesday, 21 May 2013 04:55 PM

අනේ අපිවත් අරන් යන්නකෝ.(නදී)

:       0       0

කුරුවිට Tuesday, 21 May 2013 10:26 PM

සරත් මහත්තයෝ, ඔහෙත් පඩික්කමේද බත් කන්නේ.(නදී)

:       0       0

මහින්ද Wednesday, 22 May 2013 04:35 PM

ගියාට කමක් නැහැ හැබැයි ගෙදර කුඹුරේ වත්තේ වැඩකරන්න කම්මැලි වීම ගැන දුකයි. රට සල්ලි මායාවක් බව ඔබ ගිහින් ආවාට පස්සේ තේරෙයි.(නදී)

:       0       0

ගිමාල් Tuesday, 21 May 2013 05:18 PM

කොරියාවෙත් නැති යුද්ධයක් ලංකාවේ තියෙන්නේ. බය නැතුව එන්න කොරියාවට.සාදරයෙන් පිලිගන්නවා. (නි)

:       0       0

චමත් Friday, 24 May 2013 03:16 AM

මමත් අවුරුදු දෙකකට කලින් ඔ‍හොම තමයි ආවේ. අපි අපේ කොල්ලෝ එනකල් බලාගෙන ඉන්නවා (නි)

:       0       0

අජන්ත Tuesday, 21 May 2013 11:04 PM

"රජිත්- ඉතාලි" ඔබ හරි. මගේ අදහසත් එයමයි.(නදී)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 05:29 PM

ඉස්සර මිල්ල සොයා නැව් වලින් බෝට්ටු වලින් හොරෙන් ඉතාලි ගියා. දැන් ඉසුරු සොයා දකුණු කොරියාවට යනවා නිත්‍යානුකුලව. ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා.(නදී)

:       0       0

ප්‍රැන්සිස් Wednesday, 22 May 2013 12:11 PM

තරඟ විභාගයකින් සමතුන් වී මේ යන ගමනට මා ඔබ සැමට සුභ පතමි! වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීමෙන් පාඩුව තමාට බව රංජීත් ඉතාලිය අවබෝධ කරගත යුතුය. සුවිශේෂ රැකියාවන්හි නියුතුවන්නෝ අතලොස්සකි.පැයට මිල්ල 10ක් අයකළ මා පසුව යුරෝ 10ක් අය කලෙමි. මෙයිට වඩා වැදගත් ලෙසින් මොවුන් සේවය කරනු ඇත. තමාගේ තාක්ෂණික දැනුම ඔස්සේ සේවය කිරීමෙහි වෙනසක් ඇත්තේමය. එක පැයක් හෝ වැඩ සොයා ගැනීමට හිඟමනේ යායුතුය. පැයක් හෝ දෙන්නට කැමති කෙනෙක්ද නැත. (නි)

:       0       0

රජිත් ඉතාලි Tuesday, 21 May 2013 05:37 PM

මේවා උදම් අනලා බෙර ගහන්න ඕනෑ දේවල් නෙමෙයි. අපි රටක් වශයෙන් ලැජ්ජා වෙන්ඩ ඕනෑ රටේ තරුණ පරම්පරව වහල් සේවයට යනවට. (නි)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 12:18 PM

සුභ පතනවා. සැමටම ජය!(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 22 May 2013 01:10 AM

දකුණු කොරියානු රැකියා සදහා පිටත්ව යන අපේ ලාංකික සොහොයුරන්ට වාසනාවන්ත හෙට දිනක් පතමි! (නි)

:       0       0

රකිත් Friday, 24 May 2013 07:32 AM

ගෆුර් මහත්තයෝ, මගේ ප්‍රතිචාරයේ විශාල ආයෝජනයක් ගැන මා සඳහන් කළේ නැහැ. මා ඔබෙන් ඒ ප්‍රශ්නය ඇහුවේ විදෙස් ගත වුනු බොහෝ දෙනෙක් ඔය අදහස ඉදිරිපත් කළත් මා දන්නා තරමින් එය ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ ඉතා සුළු පිරිසක් නිසා. සමහරු ලංකාවේ පැත්ත පළාතේ එන්නේ නැහැ නිකමටවත්. ඔබතුමා කවදා හරි ආරම්භ කරන කුඩා කර්මාන්තයේ, කළමනාකාරී තනතුර සඳහා අයදුම් පතක් දැමීමට ඇඟිලි ගනිමින් සිටිමි. කරුණාකර ඒ බව යථා කාලයේදී දැනුම් දෙනු මැනවි. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 21 May 2013 05:55 PM

නිල් පාට ගවුම ඇදපු බබා හම්බ වෙන්න ඉන්න ගෑණු ළමයා කොරියා යනවද? (නි)

:       0       0

සංජු Tuesday, 21 May 2013 05:59 PM

වරුණ, ඉරිසියා කරන්න එපා ඒ මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්නවට ඉරිසියා කරන්න එපා. මොකද ලංකාවේ හරිහමන් පඩියක්වත් ලැබෙනවා කියලද. ඔයත් ට්‍රයි කරන්න කොහොම හරි යන්න.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 06:03 PM

ජය වේවා සහෝදර වරුනි ලංකා මතාවගේ නම රැකගෙන හැම දේම කරන්න.(නදී)

:       0       0

සරත් Tuesday, 21 May 2013 06:05 PM

පළමුවන පින්තුරයේ අත් දෙක බදාගෙන ඉන්න අක්ක හෝ නංගී වෙතටයි. යන කාරනය මතක තියාගන වැඩකරන්න. ඔබට ජය. ලංකාවෙන් යනකොටවත් ටිකක් හෝ සංවර ඇදුමක් ඇදගෙන ගියානම් තමි අපේ රටටත් රජයටත් හොඳයි. පස්සේ ඉතින් ඔනෙනෙම් සන්කරව අදින්න පුලුවනිනේ නේද? රුප රාමු අංක තුන. බබාල හම්බවෙන්න ඉන්නේ අම්මෙකුත් යනවද?(නදී)

:       0       0

ගීතාංජලී Wednesday, 22 May 2013 02:25 AM

ඉතාලියේ රන්ජිත්, ඔයා කිව දේ හරියටම හරි. අපේ රටේ අය මේ සම්බන්දව ලැජ්ජා වෙන්න ඕනා.(නදී)

:       0       0

සුරංග Tuesday, 21 May 2013 06:12 PM

සුභපතනවා මම

:       0       0

දම් Tuesday, 21 May 2013 06:13 PM

උතුරු කොරියා, බංගලාදේශ ප්‍රශ්න අපේ කොල්ලන්ගේ වාසනාවට හැරේවා. ඔබට ජය,ආපු කරණය ඔලුවේ තියාගන්න.(නදී)

:       0       0

ලන්කා Tuesday, 21 May 2013 06:16 PM

ලංකික දරුවෙකුට ඉතාලි රටේ පුරවැසිභාවය ලැබෙන්ඩ යනවා හොදයි නේද?(නදී)

:       0       0

රකිත් Wednesday, 22 May 2013 04:22 AM

ෆස්රුල් ගෆූර්, අවවාද නම් හොඳයි. හැබැයි මට හිතෙනවා එහි ප්‍රමුඛතාවයේ වෙනසක් සිදුවිය යුතුයි කියා. රටේ කිර්ති නාමය රැක ගැනීම මුල් තැන ගත යුතුය. මන්ද, බොහෝ දෙනෙක් මුදල් හම්බ කිරීම සඳහා රටේ කිර්ති නාමය අමතක කරන නිසා. යහපත් ස්ථාවරයකට එනකම් ලංකාවට නොඑන්න යන්නත් සංශෝදනය විය යුතුය. මන්ද, උතුරු කොරියාව ගහන්න පටන් ගත්තොත් මොන දෙවියන්ට කියන්නද? අවසාන වශයෙන් ගෆූර් මහත්තයෝ, දැන් කවදා වගේද ඔබතුමා ලංකාවට ඇවිල්ලා ඔය කර්මාන්තය පටන් ගන්න හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

චාමර Wednesday, 22 May 2013 04:30 AM

"ඉතාලියේ" රන්ජිත් මහත්මයා ඇයි ඉතාලියේ ඉන්නේ ? ඔබ කරන්නේ වහල් සේවයක් නොවේද ? ඔබ ඉතාලියේ යම්කිසි නිලයක් දරන පුද්ගලයෙක් වියහැකියි.නමුත් ඔබද වහලෙකි.රැකියාව කුමක් වුවත් ඔබ මුදලට හෝ වහලෙකි. සියලුම අපගේ සහෝදරයන් කොරියානු ජනරජයට සාදරයෙන් පිළිගනිමු .ජය වේවා!!! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 21 May 2013 06:25 PM

හිටියොත් හොදට හැදී, දෙවියොත් නමට වදී... (නි)

:       0       0

අසේල Tuesday, 21 May 2013 06:26 PM

මමත් ඔහොම කොරියා ගිය හැටි මතකයි. ආපහු ආවේ සල්ලිත් නැතිවෙලා (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 23 May 2013 02:18 PM

රකිත් මහත්තයෝ, ඔබතුමා වරද්දා ගත්තා අවසානයේ. මොකද ලංකාවට ඇවිත් කර්මාන්තයක් පටන් ග්තතා කියන එකේ තේරුම විශාල ආයෝජනයක් කිරීමක් නොවේ. කුඩා කර්මාන්තයක් තමන්ගේම කියලා එකක්. මගේ කර්මාන්තය පටන් ගත් දිනක කළමනාකාරිත්වය සදහා ඇබෑර්තුවට ඔබතුමා ඉල්ලුම් කළා නම් මා මුල් තැන දෙන්නේ ඔබේ ඉල්ලුම් පත්‍රයට. මොකද මගේ කර්මාන්තය පිළිබද මට වඩා ඔබතුමාට ඇති උනන්දුව ගැන සලකා බලා. (නි)

:       0       0

මනුල Wednesday, 22 May 2013 07:03 PM

රන්ජිත් ඔයාවත් කොරියා යවනවා කිවුවනම් නිකන්ම ඉදියි නේද? මට උබ ගැන ලැජ්ජයි ඉරිසියා කාරයා.(නදී)

:       0       0

අසේල, මිලානෝ Tuesday, 21 May 2013 06:43 PM

සරත් මහත්තයෝ, මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. ලිපිය හොඳට කියවන්න. තරුණයෝ විතරයි කොරියා යන්නේ. 8 පාස් නැහැ කියලා මිනිස්සුන්ට පෙන්නන්න හදන්න එපා. (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 21 May 2013 06:48 PM

රටේ ගරුත්වයත්, ඔබේ ගරුත්වයත් රැකගෙන හොද ආදායම් මාර්ගයක් හොයාගන්න මාගේ සහෝදර සහෝදරියනි. (නි)

:       0       0

කරු Tuesday, 21 May 2013 06:55 PM

සරත්ගේ වයර් මාරුවෙලා. පුතා, සහෝදරයා, ස්වාමියා තමන් හැර යනවිට කණගාටු නිසා මවු බිමෙන් පිටත් වෙන මොහොතේ ඔවුන් සමග ඇවිත්. (නි)

:       0       0

සමන්ත Tuesday, 21 May 2013 07:16 PM

සරත් මෝඩ විදියට හිතන්න එපා.එයාර් පෝර්ට් එන හැමෝම රට යන අය නෙමෙයි.මේ අයගෙන් ගොඩක් එයාලගේ පවුලේ උදවිය.මෙයාලා මෙතැනට ඇවිත් ඉන්නේ වෙන් වෙලා යන අයට සුබ පතන්න. (නි)

:       0       0

මාගලී Tuesday, 21 May 2013 07:57 PM

කෝ මේ පිට රට යන්න එපා, ලංකාව හොදයි කියන අය? යන්න හදන අය යන්නේ ජීවත් වෙන්නේ බැරිනිසා සුන්දර ලංකාවේ (නි)

:       0       0

ශාන්තලාල් Tuesday, 21 May 2013 08:09 PM

සරත්, අදහස් ප්‍රකාශ කළ යුත්තේ ලිපිය පැහැදිලිව කියවීමෙන් පසුවයි. දකුනු කොරියාවේ රැකියා ස‍දහා සුදුසුකම් ලැබූ තරුණයන් පිරිසක් මේ ඉන්නේ.(නදී)

:       0       0

විරාජ් Tuesday, 21 May 2013 08:10 PM

කොරියාවට යන්න තව කීදෙනෙක් නම් බලාගෙන ඉන්නවද? (නි)

:       0       0

චාමර Wednesday, 22 May 2013 09:28 AM

වරුණ, රන්ජිත් ඉතාලි , අජන්ත, බණ්ඩාර, ගයාන්, ඇයි මහතුනේ ඔය තරම් කුහක? සතුටු වෙන්න. ජය පතන්න. ඔක්කොම ශ්‍රී ලාංකික ළමයි. මේ අය එන්නේ නිකන් නෙමෙයි, දස දහස් ගණනක් ඉදිරිපත් වුණ කොරියානු විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙලා. අසේල, ඔබතුමා කොරියාවට ඇවිත් සල්ලි නැති කරගත්තා නම් එය ඔබගේ යම්කිසි දුර්වලතාවයකි. රකිත, ලංකාවේ විවිධ නාලිකා මගින් කොරියානු ජනරජය තුල යුද්ධයක් මැවුවාට මෙහි කිසිම යුදමය වාතාවරණයක් නැත.සියලුම දෙනා සුපුරුදු ලෙස එදිනෙදා කටයුතු වල නියැලෙනු ලබයි. සරත්, මහත්මයා ගේ නිහතමානීකම ගැන සතුටු වෙමි. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 22 May 2013 09:30 AM

අයියෝ රංජිත්, ඔයා ඉල්ලන් කන්න එපා. එයාලා යන්නේ රැකියා වලට. වහල් සේවයට නෙමෙයි. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 22 May 2013 09:33 AM

අපේ සහෝදර සහෝදරියන්ට ජය වේවා!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 0 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 160 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 151 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 514 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 30 698 0

යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site