IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බිලියන 2.5ක් ගොවි සාක්කු වලට දමයි

(අංජුල මහික වීරරත්න)

2024 යල කන්නයේ වී වගා කිරීමේ දී ගොවි ජනතාවට  වගා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 2.5ක් මේ වන විට  ගොවි ගිණුම් වලටම යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගොවීන් 213771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවි ගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කරනු ඇතැයි  අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍ය සහනාධාරය රුපියල්  බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ අතර බොහෝ ගොවීන් වී වගාවන්ට යුරියා පොහොර පමණක් යොදන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් MOP හෙවත් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරල් මෙන්ම වී ඇට ද සම්පූර්ණ නොවන බවත්, බන්ඩි පොහොර නොයෙදීම නිසා අස්වැන්න අඩු විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 



අදහස් (5)

බිලියන 2.5ක් ගොවි සාක්කු වලට දමයි

රංබොඩ Wednesday, 29 May 2024 01:33 PM

සහනාධාර දෙන එක හොඳද දන්නෙ නෑ ආපදාවකදි ඇරෙන්න. හැම පුරවැසිවෙක්ම තම උත්සහයෙන් නැගිටිය යුතුයි. රජය කළ යුත්තේ ඊට සුදුපුතු පරිසරය සකස්කර දීම. බදු ගහ ගහා ලෝකෙ වටෙන් ණයට අරගෙන නිකම් බෙදන එක නෙවෙයි

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 29 May 2024 02:18 PM

එක අතකින් ප්‍රතිව්‍යුහගත කරණය නමින් රාජ සම්පත්, ගජ මිතුරන් සමග කුණු කොල්ලයට බෙදා ගන්නා අතර, ඡන්ද ළංවන විට විවිධ සහනාධාර සහ මුදල් බෙදලා, බඩුමිල අඩුකරලා ජනතාව රවටන නොමග යවන කැත, නින්දිත උත්සාහයක රනිල් රාජපක්ෂ කල්ලිය නිරතවෙලා ඉන්නවා. ඒකෙන් ඇත්තටම ඔවුන් ඊළඟ මැතිවරණය ජය ගැනීමට අපේක්ෂා කරනවාට වැඩිය ඊළඟට බලයට පත්වෙන කණ්ඩායමට රට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා කරන්න උත්සාහ කරන බවකුයි පෙනෙන්නට තියෙන්නේ...!

:       0       5

සමන් විමල් Wednesday, 29 May 2024 02:44 PM

ගොවීන් සඳහා සහනාධාර දීම ලෝකයේ පිළිගත් ප්‍රතිපත්තියක්. පිනට කෑමක් හෝ නිකම් ඉඳලා ගන්න මුදලක් නොවන අතර නිශ්පාදන පිරිවැය සඳහා ලබාදෙන දෙයක්...!

:       0       2

ගමේ එකාලා Wednesday, 29 May 2024 03:24 PM

ඡන්දේ කිට්ටු වෙනකොට කරන වැඩ. ජනතාව ගොනාට අන්දලා බලයට ආවාට පස්සේ තමා දේශපාලුවන්ගේ නියම කෙරුවාවල් බලන්න වෙන්නේ. ඡන්ද ගුණ්ඩු වලට රැවටෙන වහල්ලු ඉන්න රටක් වෙචිචි...!

:       0       2

නිහාල් Wednesday, 29 May 2024 04:53 PM

ස්තූතියි...! හැබැයි මේ පාර ඡන්දේ නම් දෙන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1093 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3833 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2925 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3385 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site