IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘බලය තියෙද්දී ගුරු ගැටළු නොවිසඳපු අය අද විහිලු සපයනවා‘‘

(යොහාන් භාසුර)

ගුරු ගැටලුව පිළිබඳව අභයාරාමයේදී පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වී සිටීමෙන් ‘පාස්කු’ දින ප්‍රහාර සිහියට නැඟුණු බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රබල වගකිව යුත්තෙක් හැටියට නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එයට සහභාගි වීමෙන් හාස්‍ය ඇති වූ බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

පාස්කු ප්‍රහාර වූ ගමන් කැඳවිය යුතු සමුළුවනේ ගුරු ගැටලුවට කැඳවූ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ජනාධිපතිතුමා මැදිහත් වී පාස්කු ප්‍රහාරය ගැන සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන ලෙස පසු පෙළ මන්ත්‍රීවරු හැටියට ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

එදා විධායක ජනාධිපති බලය තිබුණ සිරිසේන මහත්මයා වසර පහක් පාලනය කරලා ගුරු ගැටලුව ගැන කථා කරන්න බැරි වෙලා, සජිත් ප්‍රේමදාස මහත්මයා හිටපු කැබිනට් ඇමතිවරයා, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා. අකිල විරාජ් කාරියවසම් මහත්මයා අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා. කරූ ජයසූරිය කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ තවත් නියෝජ්‍ය නායකයෙක්, මේ කණ්ඩායම එකතු වෙලා දැන් ගුරු ගැටලුව ගැන කථා කිරීම විහිළුවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (08) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා එසේ පැවසීය.



අදහස් (14)

‘‘බලය තියෙද්දී ගුරු ගැටළු නොවිසඳපු අය අද විහිලු සපයනවා‘‘

era Friday, 08 October 2021 04:28 PM

බලය තියෙන ඔබටත් බැරි වෙලානේ.. ඔබතුමාත් විහිළුවක් තමයි..

:       3       20

SL Friday, 08 October 2021 04:29 PM

ගුරු උද්ඝෝෂණ අස්සේ ඉන්නේ සජිත්ගේ සේවලයෝ සෙට් එකයි... අනුරගේ ජවිපෙ කණ්ඩායමයි, පෙරටුගාමී කණ්ඩායමයි. මේ කිසිම කණ්ඩායමක් ගුරු පඩි වැඩි කරන්න කියලා 2015-2020 යහපාලනය කාලයේ උද්ඝෝෂණ කරේ නැහැ. දැන් ඇතිවෙලා තියෙන්නේ තනිකර අධ්‍යාපනය දේශපාලනීකරණ කිරීමක්... අනුර කොච්චර සුදු වෙන්න හැදුවත් මෙතැනදී ෆේල්... තමුන් කරන්නේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය සමග තමන්ගේ දේශපාලන සෙල්ලමක්... ලැජ්ජයි. අකිල අධ්‍යාපන ඇමති වෙලා ඉන්දැද්දී මේ ප්‍රශ්න දැක්කේ නැතිද? සජිත් අගමැති වෙලා ඉද්දී මේ ප්‍රශ්න දැක්කේ නැතිද? මෛත්‍රි ජනාධිපති වෙලා ඉද්දී මේවා දැක්කේ නැතිද? තමුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ලක්ෂ ගාණක සිසු දරුවන්ගේ අනාගතය කාලා දාන කාලකන්නි...

:       24       14

RaveendraFriday, 08 October 2021 06:10 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අායුධ සන්නද්ධ විප්ලව දෙකක් කරලා ලක්මවගේ ජීවනාලිය බදුතරුණ පරපුරේ ජීවිත නැති කරලා ඇනගත්ත ජෙප්පන් දැන් මේ මාන බලන්නේ එකදු උණ්ඩයක් හෝ පත්තු නොකර වර්ජන, උද්ඝෝෂණ මගින් ජන ජීවිතය සහමුලින්ම අවුල් කර රට අරාජිත කර බලය ලබාගැනීමේ නිවට නිහීන උත්සාහයකි. පුතාණෝත් මේ වර්ජනවලට උදව් කරමින් සිහින මවනවා පට්ටියේ මහා ගොනාවීමට ජෙප්පන්ගේ පොල්තෙල් පහනේ එළියෙන්. ස්ටාලින් සහ සහචරයින් මේ බූරුවන් දෙගොල්ලන්ගේම පිටුපසින් දුවනවා.. දැනට පට්ටියේ බලය තිබෙන හරකුන් බලන්නේ කෙසේ හෝ බලය රැකගැනුමට... අවසානයේ ලක්මවගේ අනාගත පරපුර නිකරුනේ ගොස්, දියව් දියව් කුමාරයා ප්‍රමුඛ ජෙප්පන්සේම උපන් රටට බරක්වීම කණගාටුවකි. කෙසේවෙතත් ස්ටාලින් ප්‍රමුඛ ගුරු හොරුන්ට මෙන්ම මේ වර්ජනය පිටුපස සිටින සියලුම කාලකන්නින් මේ කරණා පාපකර්මයට සිය පවුල්ද සමගින් වන්දි ගෙවනු නියතයි. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව වර්ජනවලට නන් අයුරින් සහාය දක්වන්නන්ට කියවීමට හැකි වේවා... අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා..

:       16       10

චිත්‍රානන්ද Saturday, 09 October 2021 05:41 AM

දැන් ගුරු ගැටලුවේ ඉතිහාසයට අවුරුදු 24 ක්.එතකොට තමුන්ලා අදහන යි හාමුලා මේ රටේ අවුරුදු කීයක් පාලනය කරාද?මම නිකමට හොයලා බැලුවා ගුරු වර්ජනයට සහභාගී වෙලා ඉන්න මධ්‍යස්ත මත ධාරී ගුරුවරු බහුතරයක් මේ සටන එක්ක ඉන්නේ කිසිම පක්ෂ භේදයකින් තොරව.තමුන්ලා ඉතින් එදා ඉදන් කරේ වැරැද්දක් උනාම කාගේ පිට හරි දාලා බේරෙන්න බලන එක.අවුරුදු 73 ක් මේ රට පාලනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ වැරැද්ද නොදක කිසිම දවසක රටේ පාලනය නොකරපු ජේවීපී එකට බැනලා හරි හිත හදාගන්න බලන්න.ගුරු ගැටලුව අනුර කුමාරගේ පුද්ගලික ගැටලුවක් නෙවෙයි.එහෙම අනුරලාට බැහැ කිසි කෙනෙක් බලෙන් පාරට ගෙන්නන්න.කුලියට ලියන්න එපා.ලේන්සුවක් බිම දාගෙන හිගාකන්න.ඒක නම්බුකාරයි.

:       0       0

Royfdricks Friday, 08 October 2021 05:20 PM

මේ උන්නැහේ! ඕවා කිව්වා කියලා ගුරුවරුන්ගේ බඩ පිරෙන්නෙ නැහැනේ... කයිවාරුව නවත්තලා නුඹලා ප්‍රශ්නය විසඳනවකෝ... එතකොට කයිවාරු ගහන්න සුදුසුකම් තියෙනවනේ...

:       7       24

SLFriday, 08 October 2021 06:53 PM

බඩ නොපිරෙන්න ගත්තේ කෝවිඩ් වසංගතේ අාවට පස්සේද? ඊට කලින් ආණ්ඩුව කාලේ බඩ පිරිලද තිබ්බේ...? අවුරුදු දෙකක් තිස්සේ රටේ අනිත් මිනිස්සුත් ඉන්නේ ප්‍රශ්න පිට, ආර්ථිකය බිමටම වැටිලා, බදු ආදායම අඩියටම බැහැලා.. නමුත් රජය පඩි ගෙවන එක අඩු කලේ නැහැ. වසංගත තත්වයෙන් ප්‍රයෝජන ගන්න දේශපාලන අපතයින් සෙට් එකකට ගුරුවරුත්, ගුරු හොරුත් අහුවුණා සහ අමුම අමු ආත්මාර්ථකාමීකමත් එක්කම.... මිනිස්සුන්ට පිළිකුල් වෙන තරමට තත්වය දරුණු කරගත්තා. ප්‍රශ්නේ උඩ ඉඳගෙන අවුරුදු ගාණක් රට පාලනය කරපු සජිත්ට ගුරු දුක දැනිලා... අවුරුදු ගාණක් අධ්‍යාපන ඇමතිව සිටි අකිලට ගුරු දුක දැන් දැනිලා. අවුරුදු ගානක් කට වහගෙන හිටපු අනුර කුමාරට ගුරු දුක දැන් දැනිලා... පව්..!.

:       13       9

RoyfedricksSaturday, 09 October 2021 03:33 AM

මට තමුන්නාන්සේ ගැන පුදුම හැඟීමක් ඇතිවෙනවා. අර 69 ලක්ෂයේ ගොන් රෑනෙන් කෙනෙක්. උම්බෑ කියනකොට ඒක හොඳට තේරෙනවා. බඩගින්නෙන් ඉන්න හැමදෙනාම අරගල කළයුතුයි. තමුන්නාන්සේ දැක්කද නිරූපමාගේ වත්කම්...? ඒවා එයාට කොහෙන්ද ලැබුණේ උන්නැහේ...?

:       0       0

Raveendra Friday, 08 October 2021 05:56 PM

අපිට නම් " 226ම" විහිළු කාරයින්ය.

:       7       10

Naushad Friday, 08 October 2021 07:41 PM

යමක් තමන්ට කළ නොහැකි වූ විට ඒ බව සඟවන්නට වෙනත් දෙයක් ඇති වරදක් පෙන්වා දීම නිවටයින්ගේ ක්‍රියාවකි..

:       4       15

SLFriday, 08 October 2021 10:06 PM

තමන්ට බලය කාලේ කරන්නේ තියා බලන්නේ වත් නැතිව ඉඳලා ඊට පස්සේ කරන්න කියන එක ඊටත් වඩා නිවට - දීන කමක් සහ වල ඉහගෙන කෑමක්.. මේකෙන් වෙන්නේ අනුර කුමාරට කැමති දෙමවුපියනුත් අනුර කුමාරගෙන් ඈත් වෙන එක... බැටළු හම පොඩ්ඩක් ඇරිලා හිවල් හම පෙනෙන්න ගන්නකොට, අනුර කුමාර ගැන පොඩි කණගාටුවක් තියෙනවා , 225ම අවස්ථාවාදීන් කියන්න හොඳ උදාහරණයක්...

:       4       4

Smma Friday, 08 October 2021 08:58 PM

රට අගාධයටම ගිහිල්ලයි තියෙන්නේ...

:       2       5

don perera Friday, 08 October 2021 11:16 PM

තවත් නූගතෙක්...

:       0       0

pandora Saturday, 09 October 2021 03:14 AM

අපට ඔය සඟ වෙද ගුරු ගොවි කම්කරු කතා වලින් පලක් නොමැත .අපි ලබන පාර චන්දෙ ඉල්ලන්නෙත් නැත .එම නිසා ඔබලාගේ චන්ද අපට අවශ්‍ය නැත .අපේ පවුලට අවශ්‍ය තරම් සල්ලි තිබෙනවා .අපට ඕනේ වෙලාවක ඇමරිකාවට යන්න පුළුවන් .මෙයට විශ්වාශී පැන්ඩෝරා අක්කා

:       0       0

චන්දන Saturday, 09 October 2021 07:59 AM

රටින් ආපු කෝටි 75 වැඩ කරනවා.. ඒකයි ඇත්ත...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 362 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2198 3

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 863 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 456 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3263 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2405 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 315 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site