IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බල්ලෙක් හැපී මවක් මරුට

සුදු හැඳගත් වැඩිහිටි මාතාවන් තිදෙනකු හංවැල්ල වේවැල්පනාව පහත්ගම මාර්ගයේ අද අලුයම ගමන් කරමින් සිටියදී යතුරුපැදි කරුවෙක් බල්ලකුගේ ඇඟේ හැපී ඇද වැටී තුවාල ලැබීය.

බල්ලාගේ ඇඟේ හැපුණු මාතාවක ඇද වැටී තුවාල ලබා රෝහලට ඇතුළු කළ නමුත් මරුමුවට පත්වූවාය.



අදහස් (0)

බල්ලෙක් හැපී මවක් මරුට

ජබීර් Thursday, 19 September 2013 08:33 PM

බලු ප්‍රශ්නය,අයාලේ යන හරක් ප්‍රශ්නය දැන් වැඩියි.අනෙක් රටවල අයාලේ යන බල්ලෝ අල්ලාගෙන ගිහින් කැලෑබද ප්‍රදෙශයකට ගිහින් දානවා (අ)

:       0       0

අමිල - බලන්ගොඩ Friday, 20 September 2013 01:16 PM

මෙතන ගොඩක් වැදගත් අදහස් දාලා තියනවා. කොහොම උනත් පාලනය කරගන්න පුළුවන් වේගයකින් යනවා නම් අනතුරු අවම කරගන්න පුළුවන්. ඉන්ධන පිරිමැස්ම වැඩි කරගන්න ඉන්දියානු වාහන හදන්නේ හුඟක් සැහැල්ලුවට. ඉතින් පාලනය කරගන්න පහසු නෑ. (ස)

:       0       0

කුමාරි Thursday, 19 September 2013 02:09 PM

අම්මේ, ඔබට නිවන් සුව පතමි (නි)

:       0       0

අබ්දුල් Thursday, 19 September 2013 02:19 PM

ඔය පළාතේ සෑහෙන්න බල්ලෝ නිසා වැඩියෙන් රිය අනතුරු සිදුවෙනවා.(නදී)

:       0       0

ශාන්ති Thursday, 19 September 2013 10:07 PM

සනත්, හැමදේම දෙස මධ්‍යස්ථව බලන්න (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 19 September 2013 02:28 PM

අසූව දසකයේ තමයි ජපානෙන් බයිසිකල් එන්න පටන් ගත්තේ. ඒ කාලෙ හිටපු බල්ලන්ට බයිසිකලේ ශබ්දෙ අහල පුරුදු නැති හන්ද බයිසිකල් පස්සෙන් පන්නගෙන එනවා. ඒ හන්ද ඒ කාලෙ සෑහෙන්න අනතුරු උනා. ගොඩක් තරුණයෝ මිය ගියා. ඒ කාලේදී රෝහල් වල අනතුරු වාට්ටුවලට කිව්වෙත් හොන්ඩ වාට්ටුව කියල. (අ)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 10:17 PM

අර ජාතිවාදී අය මෙතනටත් ඇවිත් මෝඩ අදහස් දානාවා. මම කිව්වේ අර චින්තක පෙරේරා කියන කෙනාටයි.(නදී)

:       0       0

ප්‍රදීප්-ඩුබායි Thursday, 19 September 2013 02:31 PM

අනේ දෙවියනේ! ඔබට නිවන් සුව ලැබ්වා අම්මේ.(නදී)

:       0       0

උපාලි Thursday, 19 September 2013 02:33 PM

හදිසි අනතුරු වැළක්විය නොහැකියි. මරණය මේ මාතාව වෙත ආ හැටි. අපේ වැඩිහිටියෝ කියනවා වගේ ආයුෂ ඉවර වුනාම මාරයා ඕනෑම වේශයකින් අපව හොයාගෙන එනවා. (නදී)

:       0       0

පිටිගල Thursday, 19 September 2013 11:16 PM

ඇත්තම කිව්වොත් හැබැයි මට හිතෙන විදිහට අද බල්ලන්ගෙයි හරකුන්ගෙයි ජීවිත මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා ආරක්ෂිතයි.(නදී)

:       0       0

පිටිගල Thursday, 19 September 2013 11:45 PM

දැන් අයාලේ යන බල්ලෝ නිසා ලංකාවේ පාරක පයින් යන්න බැහැ. බයිසිකලයකට වගේ වාහනයකට ඉඩ දෙන්නේ නැහැ. පයින් යන අයව හපා කනවා. පාරවල් වල යන්න බැහැ ජරා ගොඩවල්. පොදු ස්ථාන වල බලු රංචු. පාසල් ළමයි විශාල අපහසුතා වලට ලක් වෙනවා. ඉස්සර නම් අයාලේ යන බල්ලන්ව විනාශ කළා.දැන් ඒක කෙරෙන්නේ නැහැ.බල්ලන්ට වැඩිය තැනක් සමාජයේ මිනිස්සුන්ට තිබිය යුතුයි. (නි)

:       0       0

උපාලි Friday, 20 September 2013 02:21 AM

නීල්-රානා, චින්තක පෙරේරා, ඔබට පුලුවන්ද පැහැදිලි කරන්න මේ අනතුර සිදුනොවෙන්නේ කොහොමද කියලා? ලංකාවේ ඉන්න ඔක්කොම දඩාවතේ යන බල්ලෝ මැරුවොත්ද? සියලුම අම්මලාට පාරේ යාම තහනම් කලොත්ද? සියලුම මෝටර් සයිකල් පාරෙන් ඉවත් කලොත්ද? ඒවා එකක්වත් ප්‍රායෝගික නැහැ. ඉතාම දියුණු පාරවල් තිබෙන, උගත් පදිකයන් ඉන්න, ඉතාම දියුණු මාර්ග සංඥා තිබෙන රටවලත් "හදිසි අනතුරු" සිදුවෙනවා. එවැනි දේ දියුණු කිරීමෙන් හදිසි අනතුරු සිදුවීමේ ඉඩකඩ අපටත් අවම කල හැකියි, නමුත් "හදිසි අනතුරු" වැළක්විය නොහැකියි. "අනතුර' සහ 'හදිසි අනතුර' යන දෙකේ වෙනස තේරුම් ගන්න. ඉතාම දැඩි තත්ත්ව පරීක්ෂාවකින් පසු ගුවන් ගතකරන ගුවන් යානා කඩා වැටෙන්නේ ඇයි? (නදී)

:       0       0

නීල්-රානා Thursday, 19 September 2013 04:22 PM

මෙහි දමා ඇති අදහස් දකින විට, ඉතා පහසුවෙන් වළක්වාගත හැකි, අනවශ්‍ය අණතුරුදායක සිදුවීම් වලිනුත් ලංකාවේ මිනිසුන් මියයන්නේ කුමක් නිසාද කියා ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අරාබියේ ඉන්න කෙනාට සිහිවෙන්නේ දෙවියන්, උපාලි ජීවිතේට මුහුන දෙන්නේ ලබා උපන් හැටියට වෙන දෙයක් වෙද්දෙන් කියලා, ඇඹිලිපිටියේ කෙනා ජපානයෙන් බයිසිකල් ගෙනා එකත් වැරදියි වගේම බල්ලන්ට තවත් පුහුණුවෙන්න කාලය අවශ්‍යයි හිතනවා. කුමාරි කියන්නේ ලෝකය දුකක් නිසා නිවන් යා යුතුයි කියායි, නමුත් අබ්දුල් දන්නවා අයාලේ යන බල්ලන් වැඩි නිසා අණතුරුත් වැඩි බව. ඒත් බල්ලන් අයාලේ යවන්න එපා කියන්න බයයි බෞද්ධයො විරුද්ධ වෙයි කියලා. (නදී)

:       0       0

නීල්-රානා Thursday, 19 September 2013 04:25 PM

මෙහි දමා ඇති අදහස් දකින විට, ඉතා පහසුවෙන් වළක්වාගත හැකි, අනවශ්‍ය අණතුරුදායක සිදුවීම් වලිනුත් ලංකාවේ මිනිසුන් මිය යන්නේ කුමක් නිසාද කියා ඕනෑම කෙනෙකුට වැටහෙනවා. අරාබියේ ඉන්න කෙනාට සිහිවෙන්නේ දෙවියන්, උපාලි ජීවිතේට මුහුන දෙන්නේ ලබා උපන් හැටියට වෙන දෙයක් වෙද්දෙන් කියලා, ඇඹිලිපිටියේ කෙනා ජපානයෙන් බයිසිකල් ගෙනා එකත් වැරදියි වගේම බල්ලන්ට තවත් පුහුණුවෙන්න කාලය අවශ්යයයි හිතනවා, කුමාරි කියන්නේ ලෝකය දුකක් නිසා නිවන් යා යුතුයි කියායි, නමුත් අබ්දුල් දන්නවා අයාලේ යන බල්ලන් වැඩි නිසා අණතුරුත් වැඩි බව. ඒත් බල්ලන් අයාලේ යවන්න එපා කියන්න බයයි බෞද්ධයො විරුද්ධ වෙයි කියලා.

:       0       0

තරින්ද Thursday, 19 September 2013 04:27 PM

ඒ අම්මා ධර්මය ගැනම කල්පනා කරමින්ම මියගියානම් බොහොම වාසනාවන්ත තැනක ඉපදෙන්න ඇති.(නදී)

:       0       0

නීල්-රානා Thursday, 19 September 2013 04:51 PM

තරින්ද කියපු අදහසත් මම ලියන්න හදලා නිකම් හිටියා. ඒ අදහසට අමතරව මේ රටේ සමහරක් කියයි 'කරුමෙක හැටි, සිල් ගන්න පංසලටවත් යාගන්න බැරිවුණා' කියලා. (නදී)

:       0       0

පද්මිණි Friday, 20 September 2013 10:23 AM

අපේ රට බෞද්ධ රටක්. අයාලේ යන සතුන් වෙනුවෙන් සත්ව අනාථාගාර පිහිටුවීමට සැලසුමක් තිබුනා නම් හරි. පිනට ලැදි සත්ව කරුණාව තියෙන අය කොපමණ ඉන්නවද? ලංකාවට යන සෑම වතාවකම මේ ගැන අපි හිතනවා. (ස)

:       0       0

දර්ශන් Thursday, 19 September 2013 05:53 PM

බලු ප්‍රශ්නය,අයාලේ යන හරක් ප්‍රශ්නය දැන් වැඩියි. (නි)

:       0       0

නීල් රණා Friday, 20 September 2013 10:47 AM

උපාලි, ලොකයේ දැනට සිදු වෙන්නේ මාතෘ, ළමා මරණ අවම කිරීම, අනතුරු කොහොමත් සිදුවන්නේ හදිසියේ නිසා ඒවා අවම කිරීම, අකල් මරණ අවම කිරීම, බල්ලන්-හරකුන් මෙන්ම වන සතුන් මහා මාර්ග වලට පිවිසීම අවම කිරීම වැනි ප්‍රායෝගික ක්‍රම වේදයක් පමණයි. ඔබ බඹා කොටා ලබා උපන් හැටියට ඔහේ වැනෙන නිසා එවැනි ජීවන ක්‍රමයකට අනුගත වෙන්න අපහසු කෙනෙක්. මෙයට තිබෙන එකම විසඳුම බල්ලන්, බළලුන් මෙන්ම හරකුන්ද අයාලේ යැවීම නැවැත්වීමට කටයුතු කිරීම සහ වන සතුන්ට දුම්රිය හා මහා මාර්ග හරහා යාමට වනගත ප්‍රදේශ වලදී ගුවන් පාලම් සෑදීමයි. ඊයේ ලංඩනයේ දුම් රිය මාර්ගයකත් හරකෙක් ඉඳලා පැය දෙකක් දුම්රිය ගමන නැවතුනා. කොහෙත් එවැනිදේ ඉඳහිට සිදුවෙනවා. (ස)

:       0       0

උපාලි Friday, 20 September 2013 11:40 AM

නීල් රානා, "අනතුරු කොහොමත් සිදුවන්නේ හදිසියේ නිසා ඒවා අවම කිරීම" කියා ඔබ සත්‍යය පිළිගත් එක බොහොම හොඳයි. "අවම කිරීම" තමයි අපට කල හැක්කේ. වලක්වන්න බැහැ. හැබැයි ඔබේ "එකම විසඳුම" නම් ප්‍රයෝගික නැහැ. රටපුරා ගුවන් පාලම් හදන්න? බල්ලෝ බළල්ලු හරක් ගැට ගහල තියන්න? ගෙදරක ඇති කරන බල්ලෙක්, පුසෙක් "හදිසියේ" පාරට දුවගෙන එන එක වලක්වන්න පුලුවන්ද? වැඩි දෙයක් එපා. ලේනෙක් පාර හරහා දිව්වත් රියදුරුට බ්රේක් ගැහෙනවා ඉබේම. ලේන්නු පනින එක වළක්වන්නත් ඔබට විසඳුමක් තියෙනවද?එතන ලිස්සන තැනක් නම්, පිටුපසින් වේගයෙන් වාහනයක් ආවා නම්, මොකද වෙන්නේ? ඕනෑම දෙයක් අපට පාලනය කල හැකි සීමාවක් තියෙනවා. ගුවන් යානයක සියලු යන්ත්‍ර මනාව පරීකෂා කල හැකියි. නමුත් ගුවනේ තිබෙන 'එයා පොකට්' පාලනය කල හැකිද? ඔබේ 'ප්‍රායෝගික මොලය' ගැන මේ අදහස් කියවන අය තේරුම් ගනියි. (ස)

:       0       0

චින්තක පෙරේරා Thursday, 19 September 2013 07:22 PM

නීල් -රානා කියන දේ ඉතාම වැදගත්. අපි අනතුරු වෙන්න කලින් වළක්වා ගන්න කිසිම උත්සාහයක් ගන්නේ නැතුව වුණාට පස්සේ වෙන මනස්ගාත දොඩවනවා. මෙහෙම දෙයකටවත් අපේ මිනිස්සුන්ගේ තාර්කික අදහසක් නැති එක ගැන පුදුමයි. (නි)

:       0       0

සනත් Thursday, 19 September 2013 07:39 PM

මේක බලු ප්‍රශ්ණයක් වුණාට අන්තිමට නීල් රානාට ප්‍රශ්ණයක් වෙලා වගේ.. (නි)

:       0       0

නීල් රණා Friday, 20 September 2013 12:13 PM

උපාලි, මම කියා තිබෙන්නේ ලෝකයේ සෑම දියුණු රටකම සිදුකරන එකම ප්‍රායෝගික විසඳුම ගැනයි. ලේනෙක් වැනි කුඩා සතෙක් හදිසියේ පාරට පැන්නොත් තිරිංග තදකර පිටුපස වාහනත් අනතුරට පත් කරන්නේ මෝඩයෙක්. මහජනතාව අනතුරට පත්කරමින් ගෙදර සතුන් පොදු පාරට පැන්නොත් උන්ගේ අයිතිකරුවන්ට දැඩි දඬුවම් නියමකර සිදුවූ අලාබයට වන්දි මුදල් අයකරගත යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5160 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3021 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site