IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘‘බල්ලන්ට බදු ගහද්දි බැසිල් කළබළ වෙන්නේ ඇයි?‘‘

කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවැත්විණි.

ඒ සඳහා කැබිනට් ප්‍රකාශකයන් වන ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරුන්ට අමතරව නියෝජ්‍ය ඇමැතිවරුන් වන කරු පරණවිතාන සහ එරාන් වික්‍රමරත්න මහත්වරු ද, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරු ද පැමිණ සිටියහ.

සුපුරුදු පරිදි කරුණාතිලක මහතා කැබිනට් තීරණ කෙටියෙන් පැහැදිලි කළේය.  ඉන් පසු වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති එරාන්ට ආරාධනා කළ ගහන්ත ඇමැතිවරයා කීවේ ‘ඔහුගේ කතාවෙන් පසු රාජිත ඇමැතිතුමා සුපුරුදුපරිදි ඉතුරුටික බලාගනියි.‘ යැයි කියද්දී සියලු දෙනාම සිනා සුනහ.

ඇමැතිවරුන්ගේ කතා වලින් පසු මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තේය.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කැරණි.

මාධ්‍යවේදියෙක් - බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා කියා තිබුණා මේ ආණ්ඩුව බලු බද්ද සහ ඇග බද්දත් ගහන්න යන බව.

එම ප්‍රශ්නට පිළිතුරු දීමට නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා සූදානම් වෙද්දීම දොස්තර රාජිත සේනාරත්න මහතා ඊට ඉස්සර විය.

රාජිත සේනාරත්න - බල්ලන්ට බදු ගහනකොට බැසිල් ඇමැතිතුමා ඇයි ඔච්චර කළබල වෙන්නේ?

යළි කරු පරණවිතාන මහතා කතා කරන්නට උත්සාහ දරද්දී ‘අනිත් කිසි දේකට කළබල වුණේ නැති එක්කෙනා ඇයි බල්ලන්ට ගහද්දි කළබල වෙන්නේ?‘ යැයි යළි රාජිත සේනාරත්න මහතා කීවේ සියලු දෙනාට සිනා නංවමිනි.

කරු පරනවිතාන - මේ ආණ්ඩුව බලු බද්දක් ගහලත් නෑ. ඇඟ බද්දක් ගහලත් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු ගහලත් නෑ. බලු බද්ද ගැහුවේ බැසිල් රාජපක්ෂලා තමයි. බල්ලු ගෙනත් බල්ලො බලාගන්න නාවික හමුදාවෙන් දැම්මා. රජකාලේ බදු ගෙව්වු ශ්‍රමයෙන්. නාවික හමුදාවෙන් බල්ලන් බලා ගන්න ශ්‍රමය ගත්තා කියන්නේ බලු බද්දක් ගැහුවා කියන එකයි.

ballo



අදහස් (0)

‘‘බල්ලන්ට බදු ගහද්දි බැසිල් කළබළ වෙන්නේ ඇයි?‘‘

චන්ද්‍රදාස Wednesday, 06 July 2016 10:59 PM

මොකක්ද මේ “බල්ලෝ" කරපු වැරැද්ද? මම දන්නා හැටියට නම් ඒ අය උත්තරීතර ස්ථාන වලත් නැහැ. මොකද මම කුඩා කාලේ බල්ලෝ කරපු විදිහටමයි අදත් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එතකොට බල්ලෝ වැරදි නැහැනේ. බල්ලෝ ඕවා එකක්වත් මවිලකට ගණන් ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

සංජීව Thursday, 07 July 2016 11:30 PM

අපෝ! මෙයාගේ කතාව නම් හරිම අප්‍රසන්නයි. වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැති කෙනෙක්. (නි)

:       0       0

අශාන් Friday, 08 July 2016 09:12 PM

කල්ප, ඔයා ඔය කියන හැමදේම රජයකට අවුරුද්දකින් කරන්න බැහැ (නි)

:       0       0

සචිත්‍ර Thursday, 07 July 2016 12:09 AM

මන්ත්‍රීලට අසාධාරන විදිහට වාහන පර්මිට් දෙන එකට ජනතාවගේ විශාල විරෝධතාවයක් තිබෙනවා. ඇයි මේ ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත්තේ? (නි)

:       0       0

නලින් යහම්පත් Saturday, 09 July 2016 07:16 PM

කුෂාන්, හොරකම් කරන එකා හොරකම් කරන්නේ ලිඛිතව සාක්ෂි ඇතුව නොවේ. මොළේ තියෙන ඕනෑම කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට වැටහෙනවා, මෙයාලා මහින්ද රාජපක්ෂගේ රජයේ ඇමතිකම ගන්න කලින් හිටපු විදිය සහ දැන් තියෙන වත්කම්. මොවුන්ට කඩේ යන අයට මේවා නොපෙනීම පුදුමයක් නොවේ (නි)

:       0       0

ලෙස්ලි Thursday, 07 July 2016 01:29 AM

කතාකරන කැත විතරක්. (නි)...

:       0       0

රාජා Thursday, 07 July 2016 01:29 AM

අපේම මිනිසුන්ට බල්ලන් කියා වහෙන්ඔරෝ අපහාසයන් කරන මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ මොන වගේ කට්ටියද? (නි)

:       0       0

චතුරි Thursday, 07 July 2016 01:21 PM

පරම්පරාව අහිමි වෙයි කියලා බය ඇති (හේ)

:       0       0

බෙනට් Thursday, 07 July 2016 01:30 PM

කතාවේ හැටියට නම් බැසිල් විතරක් නෙමෙයි රාජිතත් හොඳටම කලබල වෙලා නේ .(බ)

:       0       0

වික්‍රම Friday, 08 July 2016 07:27 AM

"අනිත් කිසි දේකට කළබල වුණේ නැති එක්කෙනා ඇයි බල්ලන්ට බදු ගහනවද කියලා ප්‍රශ්නේ අහපු ගමන් කළබල වෙන්නේ? (හේ)

:       0       0

දසුන් Friday, 08 July 2016 01:05 AM

නැව් ගිල්ල ඒවාටත් බදු ගහයි කියලද මේ වගේ කතා සමහරු කියන්නේ. (නි)

:       0       0

කුමාර Wednesday, 06 July 2016 10:34 AM

ඔක්කොම බොරුකාරයෝ (බ)

:       0       0

නිම්මි Thursday, 07 July 2016 02:53 PM

ලෙස්ලි හරි . (හේ)

:       0       0

සුපුන් Wednesday, 06 July 2016 12:54 PM

තාමත් කතාව විතරයි. (ර)

:       0       0

නිම්මි Wednesday, 06 July 2016 02:07 PM

කලින් අාශ්‍රය කළ නිසා බැසිල්ට බය ඇති. මොනවා වුණත් එකට හිටියනේ. (නි)

:       0       0

රෝහණ Wednesday, 06 July 2016 02:22 PM

බල්ලන්ට බදු ගහනවා නම් ඒවා ගන්න දේශපාලකයන්ගෙන් (නි)

:       0       0

රසික Friday, 08 July 2016 11:09 AM

බල්ලොත් එක්ක බැහැ කියන්නේ නිකන්ද? (නි)

:       0       0

එරන්ද Wednesday, 06 July 2016 03:29 PM

විසිල් විතරයිනේ ඇමතිතුමෝ. බල්ටි නැද්ද? (නි)

:       0       0

දුමින්ද Thursday, 07 July 2016 09:12 AM

මඩුවලිගේ කොහෙද (බ)

:       0       0

කුෂාන් Thursday, 07 July 2016 05:06 PM

නලින් යහම්පත්, දැන් ඔයාට ලිඛිතව සාක්ෂි තියෙනවද බැසිල් මහතා කොමිස් ගැහුවා කියලා? මොකටද මෙච්චර තටමන්නේ සාක්ෂි තියෙනවා නම්. යන්නකෝ එෆ්සීඅයිඩීයට. දාන්නකෝ නඩුවක්. (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 06 July 2016 04:31 PM

බැසිල් රාජපක්ෂලා කොමිස් ගහලා හම්බ කරපු විදේශ මුදල් ආපසු මෙහෙ ගෙනාවා නම් ඔය බදු ගැසීම නවතන්න තිබුණා. ඕක එයාට නොවැටහීම නිසා කී කතාවක් වෙන්න ඕනෑ (නි)

:       0       0

කල්ප Thursday, 07 July 2016 08:44 PM

ඇත්තටම මේ ආණ්ඩුවේ කෙරුවාවල් දැන් ජනතාවට තිත්තවෙලා. ආණ්ඩුවේ නොහැකියාවට අාර්ථිකය වට්ටලා දාලා. අසීමිත බදු බරක් ජනතාවගේ හිසමත පටවලා තියන්නේ. දැන් ඉතින් පුලුවන්නම් බල්ලන්ටත් බදු ගහයි. පාරවල් හැමතැනම කඩාගෙන කොහෙවත් ඉවරයක් නැහැ. සංවර්ධනයක් කොහෙවත් දකින්න නැහැ. ඕනෑ කෙනෙකුට දකින්න පුළුවන්නේ මොනවද කරන්නේ කියලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 06 July 2016 07:38 PM

සුදු ඇඳගත් වැදගත් මහත්හොරු (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 09 July 2016 03:18 PM

මහා ලොකුවට හෘද රෝගීන්ට නොමිලේ දෙනවා කියලා කිවුව කතා විතරයි තවම. එක ලෙඩෙකුටවත් දීලා නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 682 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 525 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1606 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1352 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site