IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති

(එච්.එම් ධර්මපාල)

බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ

ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

ඒහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.

විමලරතන නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳ පුවත සැලවීමත් සමග මහා සංඝරත්නය ද දේශපාලන නායකයෝද සිවිල් ක්‍රියාකාරීහූ ද එම විහාරස්ථානයට පැමිණියහ.

ජාතියට අත්‍යවශ්‍යම අවස්ථාවක උන්වහන්සේගේ අපවත්වීම දැඩි පාඩුවක් යැයි එම විහාරස්ථානයට පැමිණ සිටි ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ කීහ.

විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථානයේ ආරංචිමාර්ග කියයි.



අදහස් (62)

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති

shelton Saturday, 03 February 2018 07:31 AM

නිවන් සුව පතමු.. ආණ්ඩුව යන්නෙත් මහා සඟරුවනක් මරාගෙනයි. මේ ආණ්ඩුව වසර තුනම බුදු දහමට කළ දෙයක් නම් නැහැ.

:       5580       12910

lasantha Saturday, 03 February 2018 08:23 AM

ශෙල්ටන් ඔබ මෝඩයෙකි. මේ ආණ්ඩුවෙන් මහජන හිතකාමි වැඩපිළිවෙලක්වත්... වෙනසක් පැතූ මිනිසුන්ගේ පැතුම් ඉටුවීමක්වත් නොවුනු බව බහුතර මතයයි. නමුත් පැවැති ආණ්ඩුවට වඩා යම් මට්ටමක් ඉදිරියෙන් සිටින බව පිළිගත යුතුයි. පන්සල් වල අලි, ඇතුන් රඳවා ගැනීමට විරුද්ධව මෙම ආණ්ඩුව ක්‍රියා කලත් එය පිළිනොගත් මහින්දවාදීන් දැන් මෙම සිදුවීම ආණ්ඩුව කරපිට දමන්නේ නැවත කෙදිනකවත් බලයට නොඑන මහින්දව බලයට ගෙන ඒමේ හීනය තුල සිට බව සැවොම දන්නා කරුණකි.

:       10502       4648

piyalSaturday, 03 February 2018 09:40 AM

ලසන්ත, ඔබ කියන ආකාරයට පසුගිය ආණ්ඩුවට වඩා මොන පැත්තෙන්ද මේ ආණ්ඩුව ඉදිරියෙන් ඉන්නේ?

:       0       0

abaranSaturday, 03 February 2018 12:43 PM

ලසන්ත මෙහෙමත් හිතලා බලන්න... ඔය අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පෙරහැර අවසාන යන එන මන් නැතිව පන්සලේ දොරටුව ගාව අත ඇරලා ගිය උංව... ඉතින් සත්ව කරුණාව පෙරදැරිව ඒ අයාලේ යන අලි ඇතුන් හදා වඩා ගැනීම වරදක්ද?

:       0       0

Bahrain-AsangaSunday, 04 February 2018 05:13 AM

ඔබ වහන්සේට නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

:       0       81

ShanSaturday, 03 February 2018 09:05 AM

මේ හාමුදුරුවන්ට නිවන් සුව පතනවා නම් එ්ක හරියට කරන්න. නිකන් එකටත් ආණ්ඩු වලට බැන බැන ඉන්නේ නැතුව....

:       5536       1088

විමල් වීරවංස Saturday, 03 February 2018 10:02 AM

ෂෙල්ටන්, ඔබගේ අදහස දැක්කම හිතෙනවා ඔබ මෝඩයෙක් කියල ....

:       0       0

chamathWednesday, 07 February 2018 10:40 AM

මේ ගැනත් හොයාබලන්න කමිටුවක් පත්කළොත් නරකද? කවුරුත් හරියට කියන්නේ නැහැ වුණේ මොකක්ද කියලා..

:       0       0

MuhaSaturday, 03 February 2018 10:33 AM

අදහස් දමන මෝඩයින්ගේ කතා හෙළා දකිමු. බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කල අපවත් වී වදාළ අපේ හාමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමු.

:       161       403

Upali Saturday, 03 February 2018 07:33 AM

නිවන් සැප ලැබේවා.!!! කර්මය කාටත් බලපානවා.

:       2575       247

සෙන්ජී Saturday, 03 February 2018 07:34 AM

රටට ඔබේ සේවය අවශ්‍යම අවස්ථාවක අපවත් වුනු ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       53       1310

maj Saturday, 03 February 2018 07:39 AM

ඔබ වහන්සේට නිවන් සුවය පතමු. ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

:       2       1015

channaSaturday, 03 February 2018 08:32 AM

අපවත් වුණේ වසර 77 ක් ආයු වින්දනය කරලා. උන් වහන්සේට නිවන් සැප ලැබේවා !!!

:       344       64

lusena Saturday, 03 February 2018 07:44 AM

හිමියනි ඔබට නිවන් සුව...

:       10       1048

sam Saturday, 03 February 2018 07:45 AM

නිවන් සුව පතමි. පනාමුරේ ඇත් ගාලේ සිද්ධිය ඇත් ගාල් වල අවසානය සනිටුහන් කල ආකාරයට මේ සිද්ධියෙන් පසුවවත් අලි ඇතුන්ට සිදු කරන හිරිහැර අවසාන වී ඔවුන්ට නිදහසේ වනාන්තර වල ජීවත් වීමේ අයිතිය ලැබේවායි පතමි !!!

:       7215       3150

Lal Saturday, 03 February 2018 07:46 AM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!

:       7       839

Ven. Ittapane Dhammalankara Thera Saturday, 03 February 2018 07:48 AM

නිදහස් දින රාජ්‍ය උත්සවය අවලංගුකොට එඩ්වඩ් එංගලන්තයට හරවා යවා අපේ හාමුදුරුවෝ වෙනුවෙන් සතියක රජයේ ශෝක දින කාලයක් ප්‍රකාශ කිරීම වැදගත් ගුණයක් වෙනවා..

:       3311       7063

කමල්Saturday, 03 February 2018 08:48 AM

එහෙම නම් කරන්න ඕනේ නෑ. ඔය ශෝක දිනය කියල කියන්නෙම බටහිර සංකල්පයක්. අපිත් බෞද්ධ තමයි. ශෝක වෙන්න ඕන එ්ක ඇත්ත. හැබැයි නාට්‍යයක් කරගන්න ඕන නෑ. අඩුමගානේ ඇත්තටම ශෝක වෙනවා නම් කමක් නෑ. හැබැයි නිදහස් දිනයට ඇත්තටම ගේන්න ඕනෑ මිනිස්සු ගෙනල්ලා නෑ. හරි නං ආරාධිතයන් ගේන්න ඕනෑ එක්කො ඉන්දියාවෙන් නැත්තං ජර්මනියෙන් හරි ජපානයෙන් හරි. අපේ රටට ඇත්තටම නිදහස හම්බ වුණේ මේ රටවල්වල ක්‍රියාත්මක වෙච්ච දෙවල් හින්දයි. ඒක හරියට කල්පනා කලොත් තේරුම් ගන්න පුළුවන්.

:       4759       320

rocky Saturday, 03 February 2018 07:48 AM

හාමුදුරුවන්ගේ අභාවය කණගාටුවට කරුණකි. කෙසේ වුවත් ඇතුන් සහ පන්සලේ හෝ බුද්ධ ධර්මයේ තිබෙන සම්බන්ධය කුමක්ද? කලකට පෙර ගොකරැල්ලේ, කැකිරිහෙන්පිට පන්සලේ ඇතිකළ මුවකු ඇනීමෙන් අහිංසක මිනිහෙක් මිය ගියා. ඒ සතාම ඇනීමෙන් හාමුදුරු කෙනෙකුටද තුවාල සිදුවිය. පන්සල්වල සතුන් ඇති කිරීම තහනම් කරන්න. කළුතර දිස්ත්‍රික්කයේ පන්සලක දඬු ලේනුන්, මුවන්, මොනරුන් වැනි සත්තු පවා සිටිති. අනේ මෙහෙම ආසාවක් !!!

:       2237       2225

dayal Saturday, 03 February 2018 07:53 AM

ජීවිතේ කරපු පින් සම්භාරය අනුන්ට දුන් පින් සම්භාරය කාට වුවත් තේරෙනවා..

:       16       117

වීරසිංහ Saturday, 03 February 2018 07:56 AM

හරිම දුකයි... තමනුත් විනාශකරගෙන, රටත් විනාශකරගෙන යන මිනිස්සු ඉන්න කාලෙක හාමුදුරුවෝ වගේ රටට ආදරේ, ගරුකරන අයම අපට නැතිවෙන ගැන හරිම කණගාටුයි..!!!

:       98       2064

චන්ද්‍රසේන පළිහවඩන Saturday, 03 February 2018 07:58 AM

ජාතියේ මහා පහන් ටැඹක් බඳුවූ ඔබවහන්සේට නිවන් පුර රුවන් දොරටු ඇරේවා!

:       41       920

රොෂාන් Saturday, 03 February 2018 08:30 AM

පෙරහරේ ගෙනියන්න වටිනා ඇතෙක්...

:       445       109

Samanla Saturday, 03 February 2018 08:31 AM

බෙල්ලන්විල හිමිගේ අභාවයෙන් පසු හුඟ දෙනෙකුට අලි ඇත්තු ගැන මතක් වෙලා. එ්ත් අලි ඇත්තු ගැන ක්‍රියා කිරීම හා ඒ පිළිබඳ ජාතික සැලැස්මක් හැදීම ආණ්ඩුවක් සතු වගකීමක් මිස විහාරවල වගකීමක් නෙවෙයි. පන්සල්වල අලි ඇත්තු ඇති කිරීම අද ඊයේ සිදු වූ දෙයක් නොවන බවත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ පටන් අලි ඇත්තු හීලා කොට ඇති කිරීම සිදුවූ අතර මෙහි කමෙන්ට්ස් දාලා තියෙන අය කියන විදියට අනෙකුත් සතුන් ඇති කිරීමත් සත්ව හිංසනයට අයිති වෙනවා. කලානුරූපීව හා දේශානුරූපීයව හිතනවා නම් බෙල්ලන්විල හාමුදුරුවෝ හිමි නමක් විදියට මේ රටට කරලා තියෙන දේ නොදැන ආගමක්, ධර්මයක් ගැන හා අපගේ ඉතිහාසය ගැන නොදන්නා අය උන් වහන්සේට පරිභව කිරීම බෞද්ධයන්ට නොහොබිනා දෙයකි. එවැන්නන්ගේ සංසාර ගමන දික් කර ගන්නා බවත් මතක් කරමි.

:       1308       2176

AdiriSaturday, 03 February 2018 10:36 AM

රජ කාලේ අලි හැදුවේ රජවරු... පන්සල් වල සත්තු, ළමයි හුරතල් කිරීම විනය විරෝධීයි.

:       1219       461

abaranSaturday, 03 February 2018 12:47 PM

දුටුගැමුණු කරපු හැම දෙයක්ම අපිත් කරන්නට ඕනෑද? බෞද්ධයෝ හැටියට බුදුන් වහන්සේගේ ධර්මය පිළිපැදීම සහ ඒ අනුව ජීවිතය හැඩගස්වා ගැනීමයි කල යුත්තේ...

:       0       0

sujeewa Edirisinghe Saturday, 03 February 2018 08:36 AM

හැබැයි මේ ආණ්ඩුව වසර තුනම බුදු දහමට කළ දෙයක් නම් නැහැ. ඔබ වහන්සේට නිවන් සුව පතමු..

:       1865       1098

Shamali Saturday, 03 February 2018 08:41 AM

කව්ද මේ මියන් කුමාර් කියන්නේ...? ඇතාද?

:       67       7

Haferl Saturday, 03 February 2018 08:46 AM

උන්වහන්සේ උතුම් ගතිගුණ සහිත, රට සහ මාජය පිළිගත් ස්වාමීන් වහන්සේ නමක්... මාදුළුවාවේ ස්වාමීන් වහන්සේත් එසේමයි.

:       44       88

පිටිගල මිලානෝ Saturday, 03 February 2018 08:53 AM

සත්ත්ව හිංසනය නොකර සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න උගන්වන පන්සල්වලම අලි, ඇතුන් යදම් වලින් බැඳ තබාගෙන සිටීම විමතියට කරුණක්...

:       1656       738

gayan Saturday, 03 February 2018 09:01 AM

මෙය අපට හොද පාඩමක් ලෙස සලකා, ආගමික හෝ වෙනත් කටයුතු වලට සතුන් යොදා නොගැනීමට වග බලාගැනීම කෙරෙහි අවධානය යොමුකරන්න. අපේ හාමුදුරුවන්ට නිර්වාණයේ දොර විවරවේවා !!!

:       697       135

රජින්ද Saturday, 03 February 2018 09:15 AM

මට මේ හිමියන් ගැන වගේම ඒ ඇත් රජු ගැනද ලොකු දුකක් තියෙනවා. මේ හිමියන් රටට අවශ්‍යම මොහොතේ අකාලයේ නික්මීම හදවත් කම්පා කරයි. බලන්න කර්මය සහ එහි ඵලය එකම අවස්ථාවකදී දෙදෙනෙක්ට වෙනස් ආකාරයට බලපෑ ඇති හැටි.

:       795       35

ලසන්තSaturday, 03 February 2018 11:55 AM

සිතාමතා නොකල, අහම්බෙන් සිදුවූ දළ වැදීමක් විය හැකිය. ඇතා තිරිසනෙක් නිසා කෙසේවත් සැළසුම් කර සිදුකළේයැයි සිතිය නොහැක. එහෙත් ඉක්මන් තරහ නිසා සිදුවූ පහරදීමක් වුවද විය හැකිය.

:       692       33

adiri Saturday, 03 February 2018 09:20 AM

පන්සල්වල සතුන් ඇති කිරීම තහනම් කරන්න. බුදු හාමුදුරුවෝ තහනම් කරලා තියෙන්නේ සත්තු හා ළමයි සුරතල් කිරීම...

:       1241       579

සමිත හිමි Saturday, 03 February 2018 02:32 PM

ගිහියෙක් වන ඔබ නොදන්නා භික්ෂු විනය ගැන කතා නොකර ඉන්න. හාමුදුරුවන්ට දානය ලැබුණද නොලැබුණද සනීපෙන්ද? අසනීපෙන්ද? කියලා හොයන්නේ නැති ගිහියෝ හාමුදුරුවන්ගේ වැරදි හොයන්න විතරක් එනවා.

:       251       1107

podisadu Saturday, 03 February 2018 09:52 AM

යම්කිසි නාදුනන කණ්ඩායමක් ඇතා අසල පෙර දින රාත්‍රී කාලයේ බොහො කාලයක් රැදී සිට ඇති අතර ඇත්ගොව්වා විසින් ඔවුන් ඉවත් කිරීමටත් පසුව වචන හුමරුවකුත් සිදුව තිබෙනවා . හාමුදුරුවෝ පුරුද්දක් ලෙස උදේට මෙම ඇතාට ආහාර ලබා දීම සිදුකරනවා. ඒ බව දැන යම්කිසි පිරිසක් ඇතා අපහසු තත්වයකට පත්කොට ඒ මගින් හාමුදුරුවෝ මරාදැමීමට ගත් උත්සාහය සාර්ථක වීමේ ප්‍රතිපලයක් බවට විශාල සැකයක් දැන් ඇති වී තිබෙනවා. දළදා මාලිගාවටත් මහා සංඝරත්නයටත් ප්‍රහාර එල්ල කිරීම සදහා වූ සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ලඟදි පැවසුවා.

:       0       0

sampath Saturday, 03 February 2018 09:54 AM

ලාංකීය සමාජයේ තීරණාත්මක භූමිකාවක් සටහන් කරමින් අනුපමේය සේවාවක් රටට දැයට ආගමට සිදුකල වියත් යතිවරයාණන් වහන්සේ නමක් හදිසියේ අපවත්වීම දැරිය නොහැකි පාඩුවක් ඔබ වහන්සේට නිවන්සුව පතමු

:       0       0

samanali Saturday, 03 February 2018 10:04 AM

ඇතාට කවුරුහරි විස බෙහෙතක් විදලා. හාමුදුරුවෝ පුරුද්දක් ලෙස උදේට මෙම ඇතාට ආහාර ලබා දීම සිදුකරනවා. ඒ බව දැන යම්කිසි පිරිසක් ඇතා අපහසු තත්වයකට පත්කොට ඒ මගින් හාමුදුරුවන් අපවත් කරවීමට ගත් උත්සාහයක් බවට විශාල සැකයක් දැන් ඇති වී තිබෙනවා.

:       543       4044

Roshan Saturday, 03 February 2018 10:16 AM

මේක සැක සහිතයි. මේ ඇතාට මත් වෙන දෙයක් දීල තියෙන්න පුළුවන්. විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි.

:       106       3752

Lakmal Saturday, 03 February 2018 10:18 AM

රනිල් බලයේ ඉන්නකොට බොහෝ අවාසනාවන්ත සිදුවීම් වෙනවා. එක්කෝ නොසැලකිල්ල නැත්නං ඉතා සැලසුම් සහගත දේවල්.

:       1789       2140

Perakum Saturday, 03 February 2018 10:19 AM

අලි ඇත්තු විතරක් නම් මොකද? සමහර හාමුදුරුවරුන්ගේ කුටිවල මාළු ටැංකි තියෙන්නේ... මොන බෞද්ධ මූලධර්ම වලට අනුකූලවද?

:       700       164

dhamneth Saturday, 03 February 2018 11:25 AM

හොඳ වෙලාවට උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ අලි පැටියා පොලිසියෙන් අරගෙන ගියේ. ඒ අලි පැටියව කොහෙත්ම විශ්වාස කරන්න බැහැ.. ඒ අලිපැටියව පන්සල ළඟ දාලායන්න ඇත්තේ හදන්න බැරි නිසා වෙන්න ඇති. නැත්නම් හොඳ බලු පැටියෙක්වත් පාරේ දාලා යන්නේ නැහැනේ.

:       706       228

Upali Saturday, 03 February 2018 11:36 AM

අලි ඇත්තු ගැන මතක් වෙලාකතා කරන කී දෙනෙක් නිර්මාංශද කියල හෙව්වොත් තේරෙයි සත්ව හිංසනයට තියෙන වුවමනාව... ගරු නාහිමියන්ට නිවන් සුව අත්වේවා!!!

:       43       805

ranga Saturday, 03 February 2018 11:39 AM

උන්වහන්සේට ඇතා පහර දුන්නේ කවර හේතුවක් නිසාද? ඇතුන් පිලිබඳ විශේෂඥයකු ලවා මෙය සොයා බැලිය යුතුයි. අප දන්නා තරමින් මෙබඳු චර්යාවන්ට හේතුව මද කිපීම හෝ කෝප ගැන්වී සිටීම විය හැකියි. එහෙත් උන්වහන්සේ මේ ඇතා සමීපයට ගිය පළමු අවස්ථාව මෙය විය නොහැකියි. ඇතා පිලිබඳ අවබෝධයක් හිමියන්ටත්, අැත්ගොව්වටත් නොතිබුනේ යැයි කිව හැකිද? ඇතාගේ මේ චර්යාව සැකසහිතයි. උන්වහන්සේ මධ්‍යස්ථව ප්‍රබල හඬක් නැගු හිමිනමක්...

:       634       1229

ruchira Saturday, 03 February 2018 12:21 PM

මහනාහිමියන්ට අමා මහ නිවන් සුව ලැබේවා...!!! නාලාගිරි ඇතු මත් කල පරිදිම, මියන් ඇතාවත් මත් කළාද කියන්න බෑ. මේ විරුද්ධ අදහස් දරන්නන්ට එරෙහිව සල්ලි වලට කරන්න බැරි දෙයක් නැති සල්ලි පාවෙන කාලයක්...

:       0       1

ජෙසුදාසන් Saturday, 03 February 2018 01:42 PM

මේකේ ප්‍රතිචාර දාලා තියෙන වැඩි දෙනෙක් මෝඩයෝ. හාමුදුරුවන් ගැන කතා කරන්නේ නැතිව... අලි ගැනයි කතාව. ඒ ස්වාමීන් වහන්සේට නිර්වාණ සැප ලැබේවා.!!!

:       0       206

අසංක Saturday, 03 February 2018 01:56 PM

අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා !!!

:       0       39

Roshan Saturday, 03 February 2018 02:09 PM

ඕනෙම රටක සංස්කෘතියක් තියනවා. පෙරහැර කියන්නේ අපේ සංස්කෘතිය හා බැඳුණු දෙයක්. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් හදන්නේ අපේ සංස්කෘතිය විනාස කරන්න. පෙරහරට අලි තහනම් කරන එක එ්කේ කොටසක්. එ්කයි අපිට මේ ගැන සැක. දියුණුයි කියන රටවලට වඩා අපේ සත්ව කරුණාව තියනවා. ඔය සත්තු වයසට යනකන් හොඳට බලාගෙන මැරුණම දානත් දෙනවා.

:       458       597

Daya Saturday, 03 February 2018 02:13 PM

පන්සල්වල සතුන් හදන්න එපා කියන උපාසක මහත්වරුන්ට අමතක වෙලාද මන්දා... පූස් පැටව්, බලු පැටව් තියාගෙන බැරිවුණාම හොරෙන් ඇවිල්ලා පන්සල් වත්තේ දාලා යන හැටි. උන්වහන්සේ කරපු සේවය වත් දන්නේ නැති පව්කාර මෝඩ මිනිස්සු තමයි...

:       70       152

td Saturday, 03 February 2018 02:50 PM

වැදගත් මහනායක ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ හදිසි අපවත්වීම ගැන බෞද්ධයකු හැටියට කණගාටු වෙමි. මේ හදිසි අභාවය නිසා පන්සලට අයිතිකරුවන් 100 විතර ඉදිරිපත්වේවි... ලංකාවේ හැටි එහෙමයි.

:       120       53

Asoka Saturday, 03 February 2018 07:21 PM

හතර කේන්දරේ පාලුවුන උන්වහන්සේ මහණවී විශ්ව විද්‍යාලයේ උප කුලපතිවෙලා රාජ්‍ය නායකයන්ටත් රට කොරන්න ඕනා විදියට අනුබල දෙමින් සුකොපබෝගී VVIP ජීවිතයක් ගතකර අවසානේ රට මිදී සහ ඇපල් වලින් සංග්‍රහ කරන ලද (දවසට පාන් කැල්ලවත් කන්න නැති දරුවන් සිටින රටේ) දම්වැල් ලා දස වද දී සිරකර ඇතිකරනු ලැබූ ෙ සතකුගෙන් පහර කා VVIP අවමංගල රථයකින් මෙලව හැරයාමට ලැබීම ගැන කණගාටුවකට හේතුවකි. උන්වහන්සේට නිවන් සුව පතමු. දැන් ඉතින් උන්වහන්සේගේ ප්‍රකෝටි ගණන් ධනය බෙදාගන්න හාන්දුරුවන් සහ උන්වහන්සේගේ දු දරුවන් නඩු මගට යයි.

:       1064       5

Saman Saturday, 03 February 2018 04:25 PM

උප්පජ්ජිත්වා නිරුජ්ජන්තී .....

:       0       0

කරුණාපාල Saturday, 03 February 2018 04:26 PM

සත්ව හිංසාවට එරෙහිව සත්තු එරෙහි වෙන දවස වැඩි ඈතක නැහැ කියලා අපි කිව්වේ කට කහනවට නෙමේ.

:       0       0

Dilhani Saturday, 03 February 2018 05:44 PM

කවුරු මොනවා කිව්වත්, අවවාදයට වඩා ආදර්ශය උතුම්. පන්ස⁣ල තුල සත්ව හිංසාවක් තිබිය යුතු නැහැ. අලි ඇතුන් ගෙන්, පෙරහැරේ තරම මනින්න අවශ්‍ය නැති වෙන්න ඕන බෞද්ධයන්ට.

:       65       2

Dilhani Saturday, 03 February 2018 05:47 PM

අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා!

:       0       18

සනත් ඉතාලිය Saturday, 03 February 2018 06:00 PM

රටට ඔබේ සේවය අවශ්‍යම අවස්ථාවක අපවත් වුනු ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !!!

:       0       22

sas Saturday, 03 February 2018 07:54 PM

රොෂාන් ඔබ වැරදියි. මේ අවාසනාවන්ත සිද්දිය හා ආණ්ඩුව අතර කිසිම සම්බන්දයක් නැහැ .

:       75       36

siri Saturday, 03 February 2018 09:22 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! රට ජාතියට අවශ්‍යම මොහොතක ඔබ වහන්සේගේ වියෝව රටට මහත් පාඩුවක්.

:       12       0

Dr. Edward Perera Germany Saturday, 03 February 2018 10:01 PM

බෙල්ලන්විල විමලරතන හිමි කියන්නේ මාගේ ඥාති සොහොයුරෙක්. ඒ හිමි විදුලකරේ සරසවියේත් මා විදුදය සරසවියේත් අධ්‍යාපනය ලබා ඒ විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය වරුන් ලෙස සේවය කරන්න අප දෙදෙනාටම ඉඩ ලැබුනා. 70 දශකයේ අග භාගයේදී මා London School of Economics වල මාගේ ආචාර්ය උපාධියට අවශ්‍ය පත පොත පරිශීලනය කරන අවධියේ ආචාර්ය වල්පොල රාහුල හිමියන් ගෙන් ලත් තොරතුරක් අනුව විමලරතන හිමි දිනක් මා හමුවීමට පැමිණියා. එදා සිට අප දෙදෙනා එකම මේසයේ දෙකෙළවර සිට මාස කිහිපයක් පාඩම් කරන්න යෙදුනා. අපේ ගමේ පන්සල නිසා මමත් මගේ බිරිඳත් දිවා රෑ නොබලා පන්සලේ සමාජ සේවා කටයුත් වලට සහයෝගය දුන්නා.

:       17       125

maal Sunday, 04 February 2018 02:21 AM

අලියා අයිති වනයට බව දැන්වත් තේරුම් නොගන්නේ ඇයි.

:       21       63

SENARATHNA Sunday, 04 February 2018 06:13 AM

හැමදාම කන්න දෙන ඇතා ගැහැව්වද? මේ පලවෙනි වතාව නොවෙයි. මේ ගැන පරීක්ෂණයක් කල යුතුයි. පන්සල් වල අලි ඉන්නේ අද ඊයේ නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 269 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1535 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4199 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1111 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1662 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1195 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site