IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘බෙල්ලෙන් අල්ලන්න කලින් සෙරෙප්පුව ගත්තා නම්‘‘

(සුජිත් හේවාජුලිගේ )

සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණ.

ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය.

මම එතන කිසිම අසභ්‍ය දෙයක් දකින්නේ නෑ. මම අසභ්‍ය වචන කිව්වේත් නෑ. අසභ්‍ය වචන කිව්වේ ඒ අය. මම ඒ අයට ඒ අසභ්‍ය වචන මතක් කර දෙමින් මේවා කාන්තාවන්ට නොගැලපෙන බව ප්‍රකාශ කළා. මේකෙ ඇත්ත සීසීටීවී දර්ශන කතානායකවරයා ළඟ තියෙනවා. ඒක එළියට ආවම ඇත්ත බලාගන්න පුළුවන්. මම රෝහණ බණ්ඩාරට කියන්නේ එක වචනයයි. ඒ වචනය කිව්වේ අපරාදේ. ඒ වචනයත් එයාට ගැලපෙන්නේ නැහැ.

ඔය සුජිත් පෙරේරා කියන මන්ත්‍රිතුමා එක්ක මගේ සම්බන්ධයක් නැහැ. කතාවකුත් නැහැ. මගේ බෙල්ල තද කරපු වෙලාවේ තමයි මම මගේ බෑග් එකෙන් පහර දෙන්නෙ.

මනුස්සයකුට ඉවසීමක් තියෙනවා.ඒ වගේම ඉවසීමේ සීමාවකුත් තියෙනවා. තද කරපු වෙලාවේ මගේ බෙල්ලට මොකක් හරි වුණානම්. ඒක දරුණු ප්‍රහාරයක්. සෙරෙප්පුව ගලවා ගන්න බැරුව හිටියේ. බෑග් එක විතරයි අතේ තිබ්බෙ.

ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියලා කියනවා.එහෙම කේස් එකක් තිබ්බද දන්නෙත් නෑ. මම නම් දන්නේ නෑ. මන්ත්‍රීවරියකට ඉතිහාසයෙ කිසි දවසක මේ විදියට පහර දීලා නැහැ.

මාධ්‍ය:

එතකොට ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා ඔබතුමියට ආදරය කළාද

ඩයනා ගමගේ මහත්මිය:

මම නම් දන්නේ නෑ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා එහෙම හිතාගෙන හිටියද දන්නෙ නෑ.

(සිනා)

 



අදහස් (20)

‘‘බෙල්ලෙන් අල්ලන්න කලින් සෙරෙප්පුව ගත්තා නම්‘‘

pakeer Monday, 23 October 2023 08:43 PM

පිරිමියකු විසින් ගැහැණියකට ගැසීම තරයේ හෙළා දකිමු...!

:       0       0

Rata Perata Monday, 23 October 2023 09:15 PM

නීතියට පිටින් ව්‍යවස්ථා විරෝධීව ඉන්න මේ කාන්තාවට ‘ඔබතුමිය‘ කියන්න ලැජ්ජා වෙන්න ඕනැ. මීට වඩා නම්බුකාර අය ඉන්නවා. වෙන රටක හිටියා නම් හිරේ. කොහේද ඉතින් නපුංසකයින් ටිකක්නේ රට පාලනය කරන්නේ...!

:       1       1

Ariyathilaka Monday, 23 October 2023 11:04 PM

අනූව දශකයේ අග භාගයේ යම් ස්ථානයක ලියා පළකර තිබූ වැකියක් මතකයට නැගේ. එනම් කතාවෙන් ජයගත හැකි ගැහැනිය කඳුල අවියක් කර ගනී...!

:       0       1

රංබොඩ Tuesday, 24 October 2023 12:38 AM

ප්‍රශ්නය කුමක් වුවත් ඇය මොනවා කතා කළත්, ස්ත්‍රියකට අත එසවූ සැණින් පිරිමියාගේ නැති වී යන්නේ පිරිමි කමයි. එය සෑම පිරිමියෙකුටම පොදුයි...!

:       0       1

Bamunuarachchi Tuesday, 24 October 2023 02:58 AM

ඇත්තටම සෙරප්පු පහරක් දුන්නා නම් ඔබතුමිය ඉතිහාස ගත වෙනවා. ඒ අවස්ථාව නැවත එන්නේ නැත. අපරාදේ අවස්ථාවක්‌ නැති කරගත්තේ. සෙරෙප්පු පහර කාපු කෙනා ජනාධිපති වුණත් අපිට කියන්න යමක් ඉතුරු වෙනවා.

:       0       2

Lakmal Tuesday, 24 October 2023 04:52 AM

සෙරෙප්පුව ගත්තා නම් රෝල් කරලා ගහන්න තිබ්බා...! 

:       0       1

Chandima Tuesday, 24 October 2023 06:06 AM

මේ වගේ මෝඩ එළුවන්ටයි, එළිච්චියන්ටයි අනාගතේ බාරදිලා ඔවුන් රටවල් ගොඩගනියි කියලා බලන් ඉන්න ගොන්නුන්ට මේවා හොඳ පාඩම්...!

:       0       1

C.K.Lankaputhra Tuesday, 24 October 2023 06:19 AM

බෙල්ල අත ඇරපු වෙලාවේ වත් සෙරෙප්පුව ගත්තේ නැත්තේ ඇයි? අනේ නිකං ඉන්න නෝනා, ඔයාගෙ හැටි මුලු ලංකාවම දන්නවා...

:       0       1

ranjith Tuesday, 24 October 2023 06:59 AM

මේ වගේ කෝලම් පාර්ලිමේන්තු එවන්නේ මෝඩකම...!

:       0       1

Amitha dasanayake Tuesday, 24 October 2023 07:21 AM

කාලකණ්ණි වැඩක්...! ලැජ්ජයි...!

:       0       0

Perera Tuesday, 24 October 2023 07:23 AM

එහෙම වුණා නම් සුජිත් මන්ත්‍රීවරයා රෝද පුටුවෙන් රෝහලට යනවා බලන්න තිබුණා...

:       0       0

ගයනා ඩමගේ Tuesday, 24 October 2023 08:58 AM

මේ නම් කක්කි ගොඩක්....!

:       0       2

චන්ද්‍රිකා Tuesday, 24 October 2023 09:02 AM

පොදු තැන් වල එකඑක මිනිස්සුන්ගේ කලිසම් ගලවන්න ගියාහම ඔහොම වෙනවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා තියෙනවා....!

:       1       2

Ariyathilaka Tuesday, 24 October 2023 09:08 AM

ඩයනා ගමගේ මහත්මිය රාජ්‍ය අමාත්‍යවරියක් බැවින්, මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව පැවසීමෙන් රාජ්‍ය එම ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරියගේ රාජකාරිය කුමක්ද යන්න සඳහන් කර නැත. රටේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තුවන රාජ්‍ය අමාත්‍යවරියකට සෙරෙප්පුව අතට ගැනීමෙන් කරන රාජකාරිය කුමක්ද යන්න දැන ගැනීමට රටේ මහ ජනතාවට අයිතියක් ඇත. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය 20 වැනිදා සිදුවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද වාර්තා විය. මෙම ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇත. එබැවින් මෙම ගැටුමේම නො කළ කොටසත් ලෙස "සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම්" යනුවෙන් කිරීමට සිටි ඉදිරි සංසිද්ධිය කුමක් ද යන්න ඇය විසින් ප්‍රකාශ නො කරන බැවින් එය දැන ගැනීමට, ඩයනා ගමගේ මහත්මිය රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරණ බැවින්ද, වැලිකඩ පොලිසියේ මේ ගැටුම සම්බන්ධව පැමිණිල්ලක් ඇති බැවින් ද කතානායකවරයා විසින් මෙම ගැටුම ගැන සොයාබලා වාර්තාවක් ගත යුතුයි...

:       0       0

Ariyathilaka Tuesday, 24 October 2023 09:09 AM

ලබාදීමට කමිටුවක් පත්කර ඇති බැවින් ද එය ව්‍යවස්ථාදායකයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්) බැඳී ඇති බැවින්ද (එය දැන ගැනීමට) රටේ මහජනතාවට අයිතියක් ඇත. එය හෙළිකිරීම ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ යුතුකම සහ වගකීම වේ...!

:       0       0

Saman Tuesday, 24 October 2023 03:26 PM

ඔය වගේ වට්ටි අම්මලා. පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැහැ... කොළඹ මැණීන් මාකට් එකේ කොස් කපන්න හොඳයි...

:       2       4

Bamunuarachchi Tuesday, 24 October 2023 03:50 PM

ඔබතුමිය සෙරප්පුව පාවිච්චි කලානම් ගහපු ඔබත් සෙරප්පු පහර කාපු ගොයියත් ඉතිහාස ගත වෙනවා.

:       0       2

Bamunuarachchi Tuesday, 24 October 2023 07:21 PM

අපිට නෝන්ජල් ලාමක ගැහැණු පාර්ලිමේන්තුවට‍ එපා අසාධාරණයට නැගී සිටින අසාධාරණයට විරුද්ධව මිරිවැඩි සඟල පාවිච්චි කරන්න පුළුවන් ගැහැණු නිවට පිරිමින්ට වඩා පාර්ලිමේන්තුවට වටිනවා. ගහන්න ඕනේ නම් එලියට බැහැපන් කිව්ව පිරිමි ඒවා ක්‍රීයාත්මක් කලේ නැහැ. ඔබ ක්‍රියාත්මක කළා. වැඩේ හරි වැරැද්ද එය හොයා බලන අයගේ opinion එක මිසක් එය සර්ව සත්‍යය නොවෙයි...!

:       0       4

Lalla Tuesday, 24 October 2023 07:21 PM

ජුගුප්සාජනක කතාවක්. ස්ත්‍රිය ගේ ගෞරවය කෙලෙසන ස්ත්‍රියක්...

:       2       2

Bamunuarachchi Tuesday, 24 October 2023 10:01 PM

එහෙනම් මොන මගුලකටද යුද්ද හමුදාවට කාන්තාවන් බඳවා ගන්නේ? ගැහැණු නෝන්ජල් වෙලා හිටපු කාලය ඉවරයි. ඒ ඒ රාජකාරි බාරගන්නා අය ඒ ඒ රාජකාරි වලදී කටයුතු කළ යුතුයි. බනින්න ඕනේ තැන්වලදී බනින්න ලැහැස්ති වෙලා ඉන්න ඕනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 277 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 655 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 531 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 176 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 967 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 642 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39778 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 78 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1251 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site