IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බල්ලා කිලෝමීටර 700 ක් දුමිරියෙන් යයි

තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය. ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නම් හාම්පුතු හමුවන තුරු මේ බල්ලා කිසිම කෑමක් බීමක් ගත්තේ ද නැත. බල්ලාගේ මේ වීර වික‍්‍රම කතාව ඉතාලියේ ඉල් මතීනෝ පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක පළවිය. සුළු පරිමාණ වෙළද ව්‍යාපාරිකයකු වන ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉතාලියේ පාදොවා නගරයේ ජිවත් වෙයි. ඔහුගේ තනි නොතනියට සිටිනුයේ එලූ නැමැති සුරතල් බල්ලෙකි. ප‍්‍රසන්න වෙළදාම සඳහා යුරෝපය පුරාම එලූ ද ඔහු සමග යයි. ඒත් වැඩිපුරම ප‍්‍රසන්නගේ වෙළදාම ඉතාලියේ බොලොඤ්ඤා නගරය සමග බැඳී තිබේ. ප‍්‍රසන්නත් එලූත් දුම්රියෙන් බොලොඤ්ඤා ගොස් සවස ගෙදර එති. පසුගිය දිනක බොලොඤ්ඤා නගරයේ අධික තදබදයක් පැවති  අතර ප‍්‍රසන්නත් එලූත් මෙම තදබදය නිසා එකිනෙකාගෙන් වෙන්විය. පැය කිහිපයක් තිස්සේ නගරයේ සෑම තැනම තම සුරතලා සෙවූ ප‍්‍රසන්න  අවසානයේදී පොලිස් පොතේ පැමිණිල්ලක්  කැර ගෙදර පැමිණ තම සුරතලා  සොයා ගැනීමට අන්තර් ජාලයේ පිහිට පැතීය. වසර එකොලහක් මුලූල්ලේ තමා රැකබලා ගත් තම ස්වාමියා  බොලොඤ්ඤා නගරය පුරාම සෙව් එලූද අවසානයේ තමාට හුරු පුරුදු  දුම්රිය ස්ථානයට පැමිණ පුරුදු වේදිකාවෙන්ම තනිවම දුම්රියට ගොඩ වූයේ නැවත ගෙදර යෑම සඳහා විය යුතුය. එහෙත් ඒ වනවිට වේදිකාවට පැමිණ තිබුණේ රෝමය බලා යන ”යුරෝ ස්ටාර්” අධිවේගී දුම්රියයි. අසුනක් යටටවී තම ගමනාන්තයට ළගා වන තෙක් පැය හතරක් පුරා සිටි එලූ අවසානයේදී දුම්රියෙන් බැස ගියේ පාදොවා දුම්රිය ස්ථානය යැයි සිතමිනි. ඒත් මේ තමාට හුරු පුරුදු වටපිටාව නොවන බව ඉක්මනින්  වටහා ගැනීමට වූ එලූට හැකිවිය. නැවතත් දුම්රිය ස්ථානයට පමිණ තවත් දුම්රියකට ගොඩ විය. ඒත් මෙවරද එලූට වැරැුදිණි. පැය කිහිපයක දුම්රිය ගමනකින් පසු එලූ පැමිණ සිටියේ රිමිනි දුම්රිය පොළේය. කාත් කවුරුවත් නැතිව දුම්රිය ස්ථානයේ ඒ මේ අත යන බල්ලා දුටු ඉතාලි ජාතික කරුණාවන්ත කාන්තාවක් එලූ සමග මිත‍්‍රවිය. පසුව එලූ තම නිවසට රැුගෙන ගියාය. කෑම බීම දුන්න ද  එලූ ඒ කිසිවක් දෙස නොබැලූවේය.  කුමක් හෝ වේදනාවකින් බල්ලා සිටින බව දැනගත් කාන්තාවට දිනකට පසු අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් බල්ලා ගැන තොරතුරක් දැන ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සියලූ විස්තර දැනගත් ඇය තම මෝටර් රථයෙන්ම රිමිනි සිට පාදෝවා නගරයට පැමිණ තමාට එලූ බාරදීමට තරම් කාරුණික වූ බව ප‍්‍රසන්න කියයි. කහ ඉර නැතිව පාර නොපනින මේ බල්ලා කහ, කොළ හා රතු එළි හොඳින් අඳුනයි.



අදහස් (0)

බල්ලා කිලෝමීටර 700 ක් දුමිරියෙන් යයි

නාලනී Monday, 21 November 2011 03:27 AM

මට ගොඩක් සතුටුයි......

:       0       0

Rafsanjani Wednesday, 23 November 2011 10:46 AM

තිරිසන් සතා මිනිසාට වඩා කෙතරම් අගනේද?

:       0       0

අශෝක Monday, 21 November 2011 07:54 AM

වැදගත් සුනඛයෝ... කන්න දුන්න ගුණ යහපත්කම හොදට දන්නවා.... මිනිස්සු ඔය වගේද?

:       0       0

ඉරේෂා Monday, 21 November 2011 09:35 AM

මිනිසුන්ටත් නැති ගුනයක් ඇති තිරිසනෙක්

:       0       0

ප්‍රියන්ත Monday, 21 November 2011 09:17 AM

වෙන්න පුළුවන්...

:       0       0

නිෂාන්ත Monday, 21 November 2011 10:43 AM

සොහොයුරන් පවා අමතක වෙන කාලෙක මේ බල්ලා මිනිසුන්ට විශාල ආදර්ශයක්. මොහුට බල්ලා යන නම භාවිතා කිරීම නොගැලපේ. මොකද මොහු මිනිසුන්ටත් වඩා ර්‍ශේෂ්ඨයෙක්

:       0       0

NO1_2ME Monday, 21 November 2011 11:09 AM

ලංකාවේ අයට මේවා හොද පාඩමක්

:       0       0

නිහාල් Monday, 21 November 2011 11:45 AM

මුල අමතක කරන මිනිසුන්ට හොද ආදර්ශයක් එය

:       0       0

නීල් Thursday, 24 November 2011 08:07 AM

මනුස්සයෙකුට වැඩිය හොද ගතිගුණ තියනවා.

:       0       0

මංඡනායක DOHA QATAR. Monday, 21 November 2011 02:49 PM

මනු සතුන් වන අපට හොද ආදර්ශයක්

:       0       0

සමිත ‍ඒකනායක Monday, 21 November 2011 04:14 PM

තිරිසනා මිනිසාට වඩා කලගුණ මතක තියෙන කෙනෙක්

:       0       0

නලින් Monday, 21 November 2011 06:06 PM

බල්ලා යන වචනයෙ අර්ථය බලන්නා කියන එකයි.ඒ නම එයාට ගැලපෙනව.

:       0       0

තුෂාරංග Tuesday, 22 November 2011 01:21 PM

මෙහෙම බල්ලො ලංකාවෙ නැහැනෙ

:       0       0

පත්මා මල්ලිකා Tuesday, 22 November 2011 02:23 PM

මිනිසුන් ලග නොමැති ගුණාංග මේ බල්ලා ලග ඇති බව වටහා ගන්න

:       0       0

අරුණ Sunday, 20 November 2011 04:04 PM

කළගුණ දන්න බල්ලෙක්

:       0       0

ප්‍රසාද් Sunday, 20 November 2011 06:28 PM

හොද ආදර්ශයක්...

:       0       0

ELABALLA Sunday, 20 November 2011 06:51 PM

මරු බල්ලෙක්..

:       0       0

Machael Wednesday, 23 November 2011 08:41 AM

ලංකාවේ කන්තෝරු කෝච්චිවල, අනුන්ට සීට් අල්ලාගෙන යන ගමන්, අහිංසක මගීන්ට ගොරවන අනුවනයනුත් හරියට ඉන්නවා.

:       0       0

life hope Friday, 25 November 2011 09:56 AM

සුනඛයා තරම් කලගුණ දන්න තවත් සෙතක් නෑ

:       0       0

හිනා Monday, 21 November 2011 01:30 AM

අපේ සමහර අයට වඩා හොද බල්ලොත් ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 6 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 355 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 435 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 274 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 253 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 5699 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site