(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
රන්ජන් රාමනායක මහතට මන්ත්‍රී ආසනය යළි ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් අත්වල කළුපටි පැළඳ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දෙවැනි දිනයටත් උද්ඝෝෂණයේ යෙදීමත් සමග ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මැතිසබේ කටයුතු විනාඩි දහයකට කල් තබනු ලැබීය.
මේ අවස්ථාවේ ආණඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර උණුසුම් බහින්බස් වීමක් ද සිදුවනු දැකගත හැකිවිය.
සභාවට නොගැලපෙන‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“,‘‘පරයා‘‘ යනාදිවූ වචනද එහිදී හුවමාරුවිය.
මේ අවස්ථවේ අදහස් දැක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතා කැලෑ උසාවියකින් එදා දඬුවම් දුන් අවස්ථාවේ මේ ඉදිරියේ සිටින එදා කතානායක තමාට මේ සභාවට පැමිණීමට ඉඩ නොදුන් බව පැවැසුවේය.
මෙහිදි වහා නැගී සිටි ඇමැති චමල් රාජපක්ෂ මහතා මේ සභාවට එදා ඔබට එන්න ඉඩ දුන්නේ මමයි‘‘ යනුවෙන් පැවැසු අතර මෙහිදී ෆොන්සේකා මහතා ගේ වචනයක් හේතුවෙන් අවේගශිලි වු රාජපක්ෂ මහතා ඔහුට නොසිරුප් වචන වැනිදැයින් බැණ වැඳුණේය.
සරත් ෆොන්සේකා මහතා ද ඒ අයුරින්ම ප්‍රතාචාර දැක්වීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ඇති වූ බහින්බස් වීම් හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු පිරිසක් මේ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා වටකරගෙන පාලනය කරගත නොහැකි වීම නිසා කතානායකවරයා මේ අවස්ථවේදී සභාවේ කටයුතු විනාඩි දහයක් කල් තබනු ලැබීය.
කල් තැබුණු පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යළි ආරම්භ වූ අතර න්‍යාය පත්‍රයේ අනෙකුත් කටයුතුවලට එහිදී සාමකාමී ආකාරයට යොමුවනු දැකගත හැකිවිය.
කල්තැබුණු පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 10 කට පසු යළි ආරම්භ කළේය .
( සුජිත්හේවාජුලිගේ )
රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් වාදයක් හේතුවෙන් මැති සබය විනාඩි පහකට කල් තැබීමට අද (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය .
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ පාර්ලිමේන්තුවේ රැව් දෙයි
Rata Perata Thursday, 08 April 2021 06:28 AM
මේ පාර්ලිමේන්තුව නැති කරලාම දමන්න. මෙයා කොහොමද කතානායක කම් කරන්නේ...? රාජපක්ෂ නම කියනකොටත් බයයි...
gamunuThursday, 08 April 2021 11:03 AM
පාර්ලිමේන්තුවේ සිටින්නේ ‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ නම් මේ සියල්ල පන්නා දමා පාර්ලිමේන්තුවට නවක මුහුණු පත්කරමු.
nimalThursday, 08 April 2021 08:31 PM
ගැමුණු මොනවටද අලුත් කණ්ඩායමක් පත් කරන්නේ අපි දන්නා මේ කට්ටිය මේ කරන සේවය අපි අගය කරනවා
දිමුත්Thursday, 08 April 2021 11:07 AM
හිටපු කතානායක කෙනෙක් ඔහොම හැසිරෙනවද?
NMThursday, 08 April 2021 08:58 PM
රටේ පුජ්‍ය පක්ෂය, කාදිනල් තුමන් ඇතුළු ආගමික නායකයන්, පාර්ලිමේන්තුව තුළදී දේශපාලකයන්ගේ මෙම හැසිරීම පිළීබඳව දැඩි විවේචනයක් රටට ඉදිරිපත් කළ යුතු අතර මෙවැන්නන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර හැදියාව සහ සීලාචාර නවකයන් පිරිසක් පාර්ලිමේන්තුවට යාවි,මට සුදානම් වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටිය යුතුවේ. තව වසර 3ක් පමණ මෙම රජය පවතින නිසා සත්‍ය වශයෙන්ම අවංක නවකයන් ඉදිරියට ගෙන රටට දැනෙන වෙනසක් සිදුකළ යුතුවේ.
ruchi Thursday, 08 April 2021 07:11 AM
අනිවාර්යයෙන් රංජන්ට බයවිය යුතුයි. මොකද පිල්ලෙයාන්ව හරිමගට ගන්න පුළුවන් වුණත් රංජාව හරිමගට ගේන්න බැහැ.
මරික්කාර් Thursday, 08 April 2021 07:42 AM
මියන්මාරය මතක් කරගන්න කියලා මුන්දැලාට යෝජනා කරනවා...
chathura Thursday, 08 April 2021 07:51 AM
රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවේ ඇහෙන්න දැම්මා නම් ඔක්කොම වාඩිවෙනවා.
BamunuarachchiThursday, 08 April 2021 10:06 AM
අල්පොන්සොගේ හඬපට අසා නැති ගොබ්බයින් වෙන්න ඇති.. අල්පොන්සෝ පාර්ලිමේන්තුවට ඕනේ කියන්නේ... එතකොට රටේ නීති නවන්න ඕනෙද?
BamunuarachchiThursday, 08 April 2021 10:09 AM
ඒ ගොල්ලෝ රෙකෝඩ් කරගෙන ගෙදර ගිහිල්ලත් එකතු වෙලා අසාවි...
Pzthum Thursday, 08 April 2021 07:56 AM
මේ අය රටටම ආදර්ශයකි.
Ananda Thursday, 08 April 2021 08:07 AM
ඔතන ඉන්න ඔක්කොම ඔය කියවුණයි කියන නම්වල අය තමයි.
Nissanka Thursday, 08 April 2021 08:19 AM
ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පාර්ලිමේන්තුවට ගිය උගතුන්, එයාලගේ ප්‍රශ්න විසඳගන්න පොරකන හටි දැක්කාම මුලු රට ගැනම දුක හිතෙනවා..
බද්රානි Thursday, 08 April 2021 08:28 AM
ඉතින් ඔවුන්ට සුදුසු හා ගැලපෙන වචන ඔවුනොවුන් භාවිතා කර ගැනීමේ කිසිදු වරදක් නැහැනේ. සුදු ඇඳුමෙන් හෝ ටයි කෝට් එකෙන් දුර්ගුණ වහගන්න කාටවත් බැහැ. ඇතුලේ ඉන්න නියම සතා තමයි ඉබේටම එලියට පනින්නේ. වැදගත් කමක් ගෑවිලාවත් නැහැ. ඒ වුණාට,දේශපාලන වහල්ලුන්ට නම් හිතේ අමාරුව හැදෙනවා ඇති මේ රණ්ඩු දැකලා.
සනත් ඉතාලිය Thursday, 08 April 2021 09:17 AM
සුදුස්සාට සුදුසු නමින් ගෞරව දක්වා කතාකිරීම. රෙස්පෙක්ට් මන්ත්‍රී වරුනි. මහජන මුදලින් නඩත්තු වෙන නුබලා මහජනතාවට සේවය කිරීම ඇති කාලය මෙසේ විනාශ කිරීම ගැන කනගාටුයි. නිරයේ දොරටුව නුබලා වෙනුවෙන් 24 පැයම විවෘතයි.
විපරමා Thursday, 08 April 2021 09:24 AM
පාර්ලිමේන්තුව කියන්නේ සත්තු වත්තටත් අන්ත තැනක්... පහුගිය කාලේ අය හැසිරුණු හැටි ලෝකෙම දැක්කා.. නම් නොකියපු සත්තුත් ඔතන ඉන්නවා. කොටියා, සිංහයා, නරියා, නයා, පොළඟා වගේ අය...
ලුම්බිණි Thursday, 08 April 2021 09:24 AM
සරත් ෆොන්සේකා අඩු වශයෙන් යුද්ධය දිනලා දුන්නා.
BamunuarachchiSaturday, 10 April 2021 01:57 PM
මහින්ද ෆොන්සේකාට හමුදාපතිකම දුන්නා. රනිල් හිටියානම් අපි ෆොන්සේකා කෙනෙක් ගැන දන්නෙවත් නැහැ.
Raveendra Thursday, 08 April 2021 09:25 AM
බල්ලන්ට සහ බූරුවන්ට අපහාස කිරීම ගැන කණගාටු වෙමි. ඉතිරි වචන ඒ සභාවේ සිටින අයට ඉතාමත් කදිමටම ගැලපේ..
පිටිගල මිලානෝ Thursday, 08 April 2021 09:39 AM
අසත්‍යය රජවී මෝහෙන් මුලාවූවන් සත්‍යය වළලා යන මේ ගමන වේගවත් කරන්න නම් රන්ජන්ලාවද වළලා දැමිය යුතුමයි. මොවුන්ට රන්ජන්ගේ වචන නයාට භූමිතෙල් වැනිය. සර්ගේ එඩිතරකම නම් මනාව බැබලෙනවා.
අනුර Thursday, 08 April 2021 09:58 AM
‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ රටේ උත්තරීතර ස්ථානයක් වන පාර්ලිමේන්තුව තුළ සිට සියලුම වරප්‍රසාද භුක්ති විදිමින්, ඔවුන්ගේම වචන වලින්ම හඳුන්වාදෙන ඉහත සඳහන් නම්වල අන්තර් ගත අවේනික ලක්ෂණ ඇති ඊටත් වඩා නොහික්මුණු හා වන මෘර්ගයන්ටත් වඩා භයානක මෙවැන්නන් නැවත නැවතත් තෝරා පත්කරන්නන්ට කියන්න නම් සිංහල භාෂාවේ නැත. අහෝ දෙවියෙනි ඔබ කොහිද? ‘‘බල්ලා, බූරුවා, පිස්සා, මෝඩයා’’ න්ගේ ප්‍රශ්නද? පොදු ජනතාවගේ ප්‍රශ්න ද ? පොදු ජනතාවගේ වියදමින් විසඳන එකම රට මේරට පමණය. අය්යෝ ...අභය!
Kandepola Thursday, 08 April 2021 10:03 AM
ඔය බොරු මල්ලි, එයාලා ඔක්කොම යාළුවෝ මල්ලී. අපි පව් මල්ලි...
මෝ Thursday, 08 April 2021 10:28 AM
මොනව වුණත් අද තමයි උන් උන් ගැනම ඇත්ත කතා කරල තියෙන්නේ. ඔය නං වලින් හැදින්වෙන උන් තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.
පිටිගල මිලානෝ Thursday, 08 April 2021 10:46 AM
ඇත්තටම වැඩ පෙන්නලා තියෙන ඔතන සිටින එකම කෙනා සරත් ෆොන්සේකා පමණයි.
සේනක_ithaliya Thursday, 08 April 2021 05:51 PM
මේ ගොබ්බ දේශපාලකයින් 225 එදත් සත්තු වත්තේ ඉන්නවා වගේ තමයි වැඩ කළේ. ඒක අද කියලා වෙනසක් නැහැ. මේවා බලලාවත් අපේ රටේ වහල්ලු හැදෙනවා නම් තමයි හොඳ. නැතිනම් බොලීවියාවේ පාර්ලිමේන්තුවේ තත්වයට පත්වෙන එක අහන්න දෙයක් නෑ. මේ හරක් ටික ගස් බඳින්න ඕනි කාලය ඇවිල්ලා තියෙන්නේ... ඊළඟ ඡන්දෙදීවත් රටේ ජනතාවට නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
pakeer Thursday, 08 April 2021 07:08 PM
මෙයාලාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
පිටරැටියා Thursday, 08 April 2021 11:17 PM
මේ වගේ බල්ලෝ ,බූරුවෝ,පිස්සු,මෝඩයෝ ඉන්න,කිසිම චාරයක් නැති දේශපාලුවෝ ඉන්න පාර්ලිමේන්තුවක් ලෝකයේ කිසිම රටක නැතුව ඇති .ලැජ්ජයි.,හිරිකිතයි ,නින්දිතයි .
Rohana Friday, 09 April 2021 12:32 PM
මෙයාලා දන්න එකම දේ සතුන්ගේ නම් කියමින් බැනගන්න එක පමණයි. රට දියුණු කරන්න කිසිම දැනීමකුත් හැඟීමකුත් නැහැ.
Kamal Koyrala Monday, 12 April 2021 05:13 AM
‘‘බල්ලා,‘‘බූරුවා‘‘, ‘‘පිස්සා“, ‘‘මෝඩයා“, අමුතුවෙන් කියන්න දෙයක් නැ මේ සේරම ඉන්නේ පාර්ලිමේන්තුවේ