IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි

ඇමෙරිකාවේ නිවියෝර්ක්  නුවර වීදි සරන්නකූ සිහිසුන්ව පදික වේදිකාවක් මත ඇද වැටෙයි. ඔහුට පිහිට වීම සදහා මහමග යන පිරිස් උත්සහ කළ ද ඔහුගේ සුරතල් බල්ලා තම ස්වාමියා අසලට ළඟා වීමට කිසිවතුට ඉඩ නොදේ. යමකූගේ දැනුම් දීම මත ඵ් ස්ථානයට පැමිණෙන පොලිස් නිළධාරින් දෙදෙනකූ සිහිසුන්ව ඇද වැටී සිටීන පුද්ගලයා අසලට ළඟා වීමට උත්සහා කළ ද බල්ලා පොලිස් නිළධාරින් වෙත ද කඩා පනී. තම ආත්ම ආරක්‍ෂාව සදහා පිස්තෝලය අතට ගන්නා පොලිස් නිළධරයෙක් තමන් වෙත කඩා පනින බල්ලාට වෙඩි තබයි. වෙඩි වැදි මහමග දඟලන බල්ලා ගැන අනුකමිපා වන ඵක් පොලිස් නිළධරයෙක් ගිලන් රියක් කැඳවා බල්ලා පශූ වෛද්‍ය රෝහලක් වෙත යොමු කරයි.   ජිවීත පුදා හෝ තම ස්වාමියා ආරක්‍ෂා කිරිමට ඉදිරිපත්වු පික්බුල්  බල්ලාගේ ජිවීතය බේරා ගැනිමට පශූ වෛද්‍යවරුන් සමත් වු බව ඇමරිකානු මාධ්‍ය පවසයි.



අදහස් (0)

බල්ලා හාම්පුතා වෙනුවෙන් වෙඩි කයි

ලංකා Friday, 17 August 2012 04:00 PM

වර්තමානයේ මිනිස්සු ළග නැති ගුණ තිරිසන් සතුන් ගාව තියෙනවා. (නි)

:       0       0

ගයා Saturday, 18 August 2012 07:00 AM

බල්ලා කොතැනද ?? පොලීසිය කොතැනද ?? ....

:       0       0

සම්පත් Tuesday, 21 August 2012 04:17 PM

ඇත්තටම මේවා සුනඛ වැඩ.. (ස)

:       0       0

විදානේ Saturday, 18 August 2012 08:28 AM

මේ තරම් දියුණු රටක් වෙලත් වෙන ක්‍රමයකින් අල්ලා ගන්න බැරි නම් අගහරු ලොව හා හද තරණය කළත් වැඩක් නෑ...(ස)

:       0       0

සෝමදාස Friday, 17 August 2012 04:47 PM

ලංකාවේ සමහර පොලිස් නිලධාරීන්ගේ වැඩ මේ සත්තුන්ගේ වැඩ වලට වැඩිය අන්තයි. (නි)

:       0       0

අමිල Friday, 17 August 2012 05:12 PM

බල්ලා බේරුණු එක ගැන නම් මට සැකයි. මොකද උගේ ඔලුවටමයි වෙඩි වැදුණේ. (නි)

:       0       0

චන්දන Thursday, 23 August 2012 01:57 PM

බල්ලා යනු හොද මතකයක් ඇති සහ කළගුණ දන්නා සතෙකි. (නි)

:       0       0

nuwan Friday, 17 August 2012 05:44 PM

කවුරු කෙසේ කීවත් පොලිස් නිළධාරිය බල්ලට වෙඩි නොතින්න, ඔහු සදාකාලික අබ්බගාතයෙක් වනවාට නොඅනුමානයි. මන්ද පිස්සු බල්ලා යන මෙම බලු වර්ගය ලොව සිටින භයානක බලු වර්ගයෙන් එක් වර්ගයක්. මුන්ගේ විශේෂ ලක්ෂණය තම ස්වාමියාට පමණක් කීකරු වීමයි. (අ)

:       0       0

අර්ජුන Friday, 17 August 2012 06:34 PM

මහ ලොකු ඇමරිකන් පොලිසිය. ඒ අතින් අපේ රාළහාමිලා රත්තරං. (නි)

:       0       0

සරත් Friday, 17 August 2012 11:49 AM

බල්ලා කියන නම වෙනස් කරානම් හරි.. (ස)

:       0       0

නිරෝෂාන් Friday, 17 August 2012 11:53 AM

හොද ආදර්ශයක්,මිනිසුන්ලග නැති ගුණාංග බල්ලන් ළඟ තියෙනවා......(ස)

:       0       0

බිම්සර Friday, 17 August 2012 11:50 AM

සෑම තිරිසන් සත්‍වයෙක්ම ඉතා කාරුණික සහ මිත්‍රශීලී වේ. (නි)

:       0       0

අමිල Friday, 17 August 2012 12:06 PM

සැමියා..????????(ස)

:       0       0

චන්දන Friday, 17 August 2012 07:06 PM

මේ බල්ලන්ව ඇති කරන්න තහනම් ජාතියක්. (නි)

:       0       0

වසන්ත Thursday, 23 August 2012 07:50 AM

බල්ලා මිනිහාව ආරක්ෂා කළා නම් උදවුවට ආපු මිනිස්සුන්ව කන්න පනීද? (නි)

:       0       0

මධු Friday, 17 August 2012 12:26 PM

පවු බල්ලා. මේ තරම් දියුණු රටක් වෙලත් වෙන ක්‍රමයකින් අල්ලා ගන්න බැරිවුණාද? (නි)

:       0       0

මේරික්ලෙයාර් Thursday, 23 August 2012 02:47 PM

බල්ලන්ට ගුනේ තියෙනවා මිනිසුන්ට වඩා.. අනේ කළගුණ දත් බල්ලෙක් ජීවිතේ ගැලවුණ එක ගොඩක් ‍හොදයි.. අපේ කෙනෙක් නම් තව වෙඩිල්ලක් තියලා මරයි..!!(නු)

:       0       0

සරසි Saturday, 18 August 2012 11:37 AM

බැලුවම බල්ලගේ වැඩේ තමයි හොඳම වැඩේ..(ස)

:       0       0

සරසි Saturday, 18 August 2012 11:38 AM

බල්ලගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කවුරුහරි ඉදිරිපත් වෙන්න...(ස)

:       0       0

වරුණ Friday, 17 August 2012 12:42 PM

කන්න දෙන අත හපා කන යුගයක මේ බල්ලනම් උතුම් සතෙක්‍‍... (ස)

:       0       0

දුලාජ් Saturday, 18 August 2012 01:03 PM

මම පන යනකම් ආදරේ කරපු කෙල්ල දාල ගියා මාව ..මමත් බල්ලෙක් අරන් හදා ගන්නවා

:       0       0

ගැමුණු Friday, 17 August 2012 12:49 PM

මේ සතියේ අහන්න ලැබුණු දෙවනි බලලන්ගේ ගුණ ඇති කතාව . (ස)

:       0       0

අශාන් Friday, 17 August 2012 12:55 PM

අපේ පොලීසියේ උදවියනම් මීට වඩා මානුශිකයි හැබැයි.. (ස)

:       0       0

ෆාතිමා Tuesday, 21 August 2012 01:35 PM

බල්ලාගේ ගතිගුණවත් මිනිසුන්ට නෑනේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 09:29 PM

නුවන් හරි. ඒක තමයි කියන්නේ 'බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ' කියලා. (නි)

:       0       0

රෝහණ සේනාධීර Friday, 24 August 2012 10:25 PM

බල්ලට වෙඩි තියන්නේ නැතුව මේ වැඩේ කරන්න ඕනි තරම් අවස්තාව තිබුනා. එත් මේ අය කලේ කිසිම හිතක් පපුවක් නැතුව බල්ලට වෙඩි තියපු එක. මේ බව බල්ලාගේ අයිතිකාරයා දැනගත්තට පස්සේ ඔහුගේ ප්‍රතිචාර කොහොම උනාද කියල මම දැනගන්න කැමතියි. ඔහු තමන්ට උදවු කරපු එක ගැන පොලිස්සියට ස්තුති කරයිද? තමන්ගේ බල්ලට වෙඩි තියපු එවුන්ට ශාප කරයිද?(නු)

:       0       0

කසුනි Friday, 24 August 2012 10:35 PM

අපරාදේ බල්ලට වෙඩි තිබ්බේ. ඌ කලේ උගේ රාජකාරියනේ. සිහිසුන්ව බිම වැටුණු තමන්ගේ අයිතිකාරයව ආරක්ෂා කරන්න ඌ ජීවිතය පරදුවට තියල ක්‍රියා කළා. මේ අතින් ගත්තම අපේ සමහර අය ලක්ෂ ගණන් පඩි ගෙවා ගෙවා ආරක්ෂකයෝ තියාගෙන ඉන්නවට වැඩ මේ ජාතියේ බල්ලෙක් දෙන්නෙක් තියාගත්තනම් හොඳ නැද්ද කියල මට හිතෙනවා....(නු)

:       0       0

අමිල Friday, 17 August 2012 09:57 PM

උදාරවත් සතෙක්..(ස)

:       0       0

ඉෂාර Sunday, 19 August 2012 09:56 PM

වෙඩි තියල තියෙන්නේ නම් මනුෂ්‍යයෙක්ද කියලත් සැකයි. (නි)

:       0       0

අමිත් Friday, 17 August 2012 02:18 PM

අපේ පොලිසිය නම් ඉස්සෙල්ලාම වෙඩි තියන්නේ වැටිලා ඉන්න මිනිහට. අනික බල්ලට වෙඩි තිබ්බත් ඒක වදින්නේ පාරේ යන ළමයෙකුට. අපේ පොලිසිය එච්චරටම හොදයිනේ. (නි)

:       0       0

සනත් Friday, 17 August 2012 02:32 PM

මට තියෙන ලොකුම ගැටළුව තමයි මෙතන ඇත්ත බල්ලා මොකාද කියන එක. මොළයක් තිබුණා නම් මේ හොඳ සුනඛයාව මෙල්ල කරන්න තිබුණා. ඌට සනීප වෙලා, අර වෙඩි තිබ්බ කෙනාගේ මොළයත් පෑදේවා! (නි)

:       0       0

අමරා ඉරංගනී Friday, 17 August 2012 10:50 PM

හරිම දුකයි..අනුවේදනීය සිද්ධියක්..(ස)

:       0       0

අමරා ඉරංගනී Friday, 17 August 2012 11:06 PM

බල්ලා උවද ස්වාමියාට කොච්චර ආදරෙන් සලකා තිබෙනවාද ඉලන්න..(ස)

:       0       0

උපමාලි Friday, 17 August 2012 11:23 PM

තිරිසනුන්ගෙන් මිනිසුන්ට කොතරම් දේ ඉ‍ගෙන ගැනීමට තිබේද? අපි බල්ලාට ආචාර කරමු. (නි)

:       0       0

ජනිත් Saturday, 18 August 2012 12:03 AM

සුද්දන්ට එන්න කියමු අපෙ පොලිසිය බලන්න කියමු දැකලම ඉගෙනගන්න කියමු අපි....... ඕං සුද්දන්ගේ මහ ලොකු සත්ව කරුණාව!(ස)

:       0       0

නිරෝෂි Friday, 17 August 2012 03:03 PM

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙන ආදරයක්‍ ?(ස)

:       0       0

ලීසා Friday, 17 August 2012 03:07 PM

විනයක් නැති පුද්ගලයෙක්...මොනතරම් අමානුෂික විධියටද ඒ අහිංසක බල්ලට වෙඩි තිබ්බේ.(ස)

:       0       0

සේනක Monday, 20 August 2012 12:45 AM

බලනකොට බල්ලත් නියමයි නේද? (නි)

:       0       0

සේනක Monday, 20 August 2012 12:43 AM

හොදට බලන්න. හරියටම කකුලටයි තියන්නේ. (නි)

:       0       0

ලලිත් Saturday, 18 August 2012 02:57 AM

මේක බැලුවම තමයි තේරුනේ අපේ ග්‍රාම අරක්ෂකයන්ටත් ඇමරිකාවේ පොලිස් නිළධාරිනට වඩා ඔලුවක් තියනවා කියල නිවැරදි තීරණයක්‌ ක්‍ෂණිකව ගන්න. (ස)

:       0       0

රන්දික Saturday, 18 August 2012 08:12 PM

මිනිස්සුන්ට බල්ලන්ගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..!!(නු)

:       0       0

ලංකාසිරි Friday, 17 August 2012 03:24 PM

බල්ලා කොව්වර හොද ගතිගුණ ඇති සතෙක්ද? ඒක වෙන්න ඇති සමහර කාන්තාවන් තමන්ගෙ සැමියාටත් 'බල්ලා' කියලා කියන්නේ. (නි)

:       0       0

ඩේවුඩ් Friday, 17 August 2012 03:33 PM

ඔන්න ඇමෙරිකා වැඩ. බල්ලටත් සළකනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1026 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 689 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1759 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site