ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් තුන්වන වතාවටත් දෙමව්පියන් බවට පත් වූයේ අබ්රාම් මෙලොවට පැමිණීමත් සමගය. එම දරුවා බිහි වූයේ ගෞරිගේ කුසෙන් නොව කුලියට ගන්නා ලද කාන්තාවකගේ කුසිනි. මැයි 27 දා මස්රානි රෝහලේදී අබ්රාම් උපත ලැබීය. ඉනික්බිති ඔහු නානවතී සහ බී‍්‍රච් කැන්ඩි රෝහල්වලට රැුගෙන යනු ලැබුවේ නියමිත කාලයට පෙර උපත ලද බැවිනි. |
|
ප‍්‍රවීන නළු ධර්මේන්ද්‍ර පසුගියදා ඇමෙරිකාවට ගියේ මංගල උත්සවයකට සහභාගි වීම පිණිසය. ඔහු එහි සිටම රිතික් රෝෂන්ට කතා කොට ඔහුගේ සුව දුක් විමසීය. ජීවිතය පරදුවට තබා කරන ක‍්‍රියාදාම රංගනවලදී බොහෝ සෙයින් ප‍්‍රවේසම් විය යුතු බවට රිතික්ට අවවාද කරන්නටත් ධර්මේන්ද්‍ර පසුබට වූයේ නැත.
|
හිටපු ලෝක රූ රැජිනක වන අයිශ්චර්යා රායි බච්චන් නැවතත් චිත‍්‍රපටියක් තුළින් දැකීමට රසිකයෝ පෙරුම් පුරාගෙන බලා සිටිති. එහෙත් මේ සුන්දර මව ඇගේ සිඟිති දියණිය වෙනුවෙන්ම කාලය කැප කර සිටින බව පෙනෙන්නට තිබේ. එය චිත‍්‍රපටියක රඟපෑමට වඩා ආස්වාදජනක බව ඇය සිතනවා විය යුතුය. කරන් ජෝහාර්ගේ ශුද්ධි චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළු නිිළි දෙපළ ලෙස අයිශ්චර්යා සහ රිතික් රෝෂන් තෝරාගෙන සිටිය ද අයිශ්චර්යාගේ කාර්ය බහුලත්වය නිසා එහි රූගත කිරීමේ ප‍්‍රමාද වෙන බව දැන ගන්නට ලැබී තිබේ. මේ දිනවල අයිශ්චර්යා වෙළඳ දැන්වීමක පෙනී සිටීම සඳහා ඩුබායිවලට ගොස් සිටියි. ඒ අතරම ඇය ඇගේ සිහින නිවස අලංකාර කිරීමේ සැලසුමක් ද සැමියා අභිෂේක් බච්චන් සමග එක් වී සකස් කරමින් සිටියි. බච්චන් පවුලේ අලූත්ම මාලිගාව වන්නේ ඩුබායිහි ‘සැන්ක්චුවරි ෆෝල් මැනිෂන්’ය. ඔවුන් එහි අලංකරණ කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ ඩුබායිවල සුඛෝපභෝගී හෝටල් රැුසක අලංකරණ කටයුතු කළ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පීන් පිරිසකි. මෙම මන්දිරය කුඩා ආරාධ්‍යා බච්චන්ට පරිපූර්ණ ක්‍ෂේම භූමියක් වෙනවා නිරනුමානය. |
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොලිවුඞ්හි සුපිරි තරු
ශිරෝමි පිළියන්දල Monday, 22 July 2013 01:02 PM
හොදයි ඉතින් අපේ රටේ වෙන ලස්සන අය නැත්තම් (නි)
තිලකරත්න Tuesday, 23 July 2013 12:27 PM
ශාරුක් නම් නැති බැරි අයට උදව් කරනවා. ඒත් බච්චන්ල නම් එහෙම කරලා නැහැ. පුතත් ලැබුනා ලේලිත් එකතු වෙලා තව තවත් හොයන්න තමා දඟලන්නේ. අයිස්චර්‍යා රායිට කෝටි ගානක් සල්ලි තියනවා. ඒත් නැති බැරි අයට දෙන කෙනෙක් නම් නෙවෙයි. කතාවක් තියනවනේ කුණු ගොඩට කුණු එකතු වෙන්නේ කියලා ඉතින් බච්චන්ලටම හරි ලේලී.(නදී)
රන්ජනී ලන්ඩන් Sunday, 21 July 2013 05:35 PM
අනේ! ලස්සන තමා. ලංකාවෙත් සුපිරි තරු ඉන්නවා. ලස්සන කෙල්ලෝ,කෙල්ලෝ ඉන්නවා අපිටත් ඕනෑ තරම්. ඒ අය වෙනුවෙනුත් වෙනම ඉඩක් වෙන් කරන්නකෝ. (දී)
දයා අළහකෝන් Monday, 22 July 2013 01:45 PM
මීටත් වඩා ලස්සන කෙල්ලෝ කොල්ලෝ අපේ ගම්වල ඉන්නවා. නමුත් කරලියට එන්න වාසනාවක් හෝ එන්න අතදෙන්න කෙනෙක් නැහැ එයාලට (නි)
අමිල Friday, 26 July 2013 02:14 PM
පව් ඉන්දියාවේ කම්කරුවෝ ඩුබායි වල කොච්චර දුක්විදිනවද ? මෙයාලා මෙහෙ ඇවිල්ලා මාලිගා හදනවා. (නි)
සමන් Monday, 22 July 2013 02:23 PM
ලංකාවෙ "සුපිරි තරු" කියන ගණයට වැටෙන නළු නිළියන් දැන් නැති බවයි මට නම් හිතෙන්නේ. දැන් ඉන්න අය "සුපිරි තරු" කියන මට්ටමට ගිහිල්ලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව බොහෝවිට දැන් කාලයේ තියෙන ටෙලිනාට්‍යයයි. ඒ වගේම 90 දශකයේ මුල්භාගයේ තමයි ලංකාවෙ ජනප්‍රිය සිනමා කර්මාන්තයෙ අවසානය සිද්ධ වුනේ. ඊට පස්සෙ හැදුන චිත්‍රපටි එතරම් ජනප්‍රිය නැති නිසාම ඒවායේ නළු නිළියන්ද "සුපිරි තරු" මට්ටමට පත් වුනේ නැහැ. (නි)
දුමින්ද Monday, 22 July 2013 06:23 AM
මෙයාල තමුන්ට කරගන්නවා වගේම අනිත් දුප්පත් පීඩිත අයටත් යමක් කරනවා නම් හොදයි. මොකද හැමදාම අපි කව්රුත් ජීවත් වෙන්නේ නැති නිසා. මෙය හැමෝටම අදාලයි.(නදී)
සන්ධ්‍යා Wednesday, 24 July 2013 09:31 AM
මට නම් මෙයාලව කිසිම වැඩක් නැහැ (නි)
උදය Monday, 22 July 2013 10:19 PM
ඉන්දියන් නරි නාටක මොකටද (අ)
ඩිෂාන් බුද්ධික Sunday, 21 July 2013 03:07 PM
හොදයි ඉතින්.(නදී)
චන්ද්‍රසිරි Sunday, 21 July 2013 03:15 PM
අපි ගැනත් මොනවා හරි දාන්නකෝ.(නදී)
ලේක්කෝ ගලබඩ Tuesday, 23 July 2013 10:52 AM
අපේ රටේ ලෙස්ටර්, වසන්ත ඔබේසේකර,ධර්මසේන පතිරාජ, සිරි ගුණසිංහ වැනි යම් ප්‍රමාණයක් අතින් බිහිවූ නිර්මාණ හින්දි නාටක වලට වඩා ගුණාත්මක අතින් බොහෝ ඉහලයි. ගාමිණි, මාලිනි,ජෝ,ෆ්‍රෙඩි හැරුණු විට අපට දැනට ඉන්නේ තිරිමාදුර, වසන්ත කොතලාවල, සනත් විමලසිරි,ගිහාන් ප්‍රනාන්දු වැනි අතලොස්සක් වූ නලු පිරිසකි. සාර්ථක සිනමා කර්මාන්තයකට අවශ්‍ය ආර්ථික අඩිතාලම හෝ දක්ෂ අධ්‍යක්ෂකවරු හෝ වර්තමානයේ දක්නට නැත. නාගරික දාමරිකයන්ගේ හෝ හමුදාමය හෝ අයිතිහාසික නමක් වටා ගෙතුණු වීර කතා සහ කුණුහරුප විහිලු කතා හැරුණු විට හරවත් කිසිවක් මෙහි නිර්මාණය වන්නේ නැත.(නදී)
සඳරුවන් Sunday, 21 July 2013 10:41 PM
අර උතුරට වෙනම පොලිස් බලතල ඉල්ලපු කෙනාට මේවා පෙන්නන්න ! (දී)
නීල්-කොස්තා Sunday, 21 July 2013 04:10 PM
අනේ මේ ඉන්දියන් නරි නාටක මොකටද අපිට?(නදී)