IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බොලිවුඞ් සිනමාවට නර්තනය බොහෝම වැදගත්

බොලිවුඩය ජයලත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනවා. ගම්‍යා විජයදාස ඒ සුරූපිනියයි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ  ඕස්ටේ‍්‍රලියාවේ ස්ට‍්‍රැට්මෝර් පාසලින් අධ්‍යාපනය ලබා පසුව මෙල්බර්න් සරසවියෙන් මානසික විද්‍යා අංශයේ ශාස්ත‍්‍රපති සහ කළමනාකරණ අංශයේ උපාධිධාරිනියක වන ‘ගම්‍යා’ මේ අවස්ථාව ලබාගත්තේ කොහොමද?   අද අපි ඇය සමඟ ඒ ගැන කතාබහ කරමු.


ජැකලීන්ගෙන් පසු බොලිවුඞ් යන ‘ගම්‍යා’


ගම්‍යා ඔබ ගැන කෙටියෙන් සඳහනක් කළොත්? උපන්නේ කොළඹ දී. ගම අතුරුගිරිය. අම්මා අලූත්ගම. අම්මා මෘදුකාංග අංශයේ ඉංජිනේරු වරියක්. තාත්තා ව්‍යාපාර කටයුතුවල නියැලෙනවා. පවුලේ එකම දරුවා මමයි. 2009 දී ශ්‍රී ලංකා රූ රැජින වුණා. එම වසරේ දීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජින තරගය නියෝජනය කළා. එහිදී අංශ තුනකින් ශ්‍රී ලංකා නාමයට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් වුණා.   මේ දිනවල පදිංචිය මුම්බායිවල නේද? ඔව්.   ඇයි මුම්බායිවලට ගියේ? ඇත්තටම ගොඩාක් රටවලට ගිහින් තිබුණාට මගේ හිතගත් රට ඉන්දියාවයි. එහි සිට කලාවට සම්බන්ධව යමක් කිරීමේ අරමුණ ඇතිව තමයි ගියේ.   එකම දරුවා පිටරටකට යනවට දෙමාපියන් කැමති වුනාද? තාත්තා කොහෙත්ම කැමති වුනේ නැහැ. තනියම සිටින විට ආරක්‍ෂාව ගැන එයාලට බයක් තියෙන්නෙ. ඒත් ජීවිතයේ අපට අපගේ අවස්ථා උරගා බලන්න, අපේ සිහින සැබෑ කරගන්න අවස්ථාවක් එනවා. ප‍්‍රමාද වුණොත් එය කරන්න බැහැ. ඒ පසුතැවිල්ලට ඉඩ තබන්න මම කැමති නැහැ. මම කරන දේවලින් රටටත් දෙමාපියන්ටත් අභිමානය ගෙනදීම අරමුණයි.   ඒ කියන්නෙ කළා අංශයෙන් ඉදිරියට යාමට ඔබගේ කැමැත්තක් තිබෙනවා කියලද? ඇත්තටම ඔව්, රංගනයට ලොකු කැමැත්තක් තියෙන්නෙ. එය කුඩා කාලයේ සිටම තියෙන දෙයක්. පවුලේ අය වෙනුවෙන් ඉස්සර ප‍්‍රසංග පවා කළා. කලා අංශයේ මොනවා හරි දෙයක් කරලා ඒ අය ඉදිරියේ රඟ දක්වලා පෙන්නුවා. බොලිවුඞ් සිනමාව ගැන ආසාවක් ඇතිවුණේ ඒවා නරඹන විට දැනෙන හැඟීම් එක්කයි. මේ නිසාම මෙතැන සිට යමක් කරන්න ඇත්නම් කියන සිතිවිල්ල නිරන්තරයෙන්ම තිබූ දෙයක්.   ඇයි ලංකාවේ චිත‍්‍රපටවලට අකමැතිද? ලංකාවේ අපූරු සිනමාකරුවන් සිටිනවා. ලෝකය ජය ගන්න ඒ අය එක්ක, එක් වතාවක් හෝ වැඩ කිරීම අරමුණයි. ඒත් මෙහි වැඩ සිද්ධවෙන කාල පරාසය හරි මන්දගාමියි. ඒ වෙනුවෙන් ලොකු කාලයක් බලාසිටින්න මට බැහැ. නමුත් කෙරෙන දෙයකට කතා කළොත් අනිවාර්යයෙන්ම දායක වෙනවා.   බොලිවුඞ් සිනමාවේ චරිතයක්වීම ඉන්දියාවේ බොහෝ දෙනාගේ සිහිනය වුනත්, එය ඉටුකර ගන්න ඔවුනට ලෙහෙසි නැහැ. එවන් වාතාවරණයක දී ලංකාවේ ඔබ මේ මාර්ගය විවර කර ගත්තෙ කොහොමද? හේතු කීපයක් නිසා මට ඒ අවස්ථාවට යම් කිසි විදියකට පාර විවර වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූ රැජිණ වීම ගොඩාක් වැදගත් වුණා. ඉන්දියාව රූ රැුජිණ වැනි තරග බහුලව පැවැත්වෙන රටක්. ඒත් මේ තැනට යන්න පාර කැපුනේ මට අපේ රටෙන් ලැබුණු සහ දීපු අවස්ථාව නිසයි. ඒ වගේම ඊට පෙර මම හින්දි භාෂාව ප‍්‍රගුණ කර තිබීම තවත් රුකුලක් වුණා. හින්දි බස චතුර ලෙස කතා කරන්න පුළුවනි. බොලිවුඞ් සිනමාවට නර්තනය කියන දේ බෙහෙවින් වැදගත්. මේ සියලූ දේ නිසාත්, රංගනය ගැන ඉන්දියාවේ සිට හදාරා තිබෙන නිසාත්, මම ශ්‍රී ලාංකිකයකුවීම ඔවුනට ගැටළුවක් වුණේ නැහැ.   මේ චිත‍්‍රපටයේ නම මොකක්ද? අලාප් (ගීතයක තනුවක් වගේ, තාලයක් වගේ) මනිෂ් මනික්පූරි අධ්‍යක්‍ෂණය කරන කුළුඳුල් චිත‍්‍රපටයයි. නිෂාන් රිෆානි සහ අභිෂේක් මිශ‍්‍රාගේ නිෂ්පාදනයක්.   මේ විදියට මේ චිත‍්‍රපටය සඳහා අවස්ථාව ලබා ගත්තෙ කොහොමද? මුම්බායි ගිහින් නතරවෙලා හිටියෙ මගේ යෙහෙළියකගේ නිවසේ. මේ චිත‍්‍රපටය කරන්නෙ එයාගේ යාළුවෙක්. දවසක් මිස් ශ්‍රී ලංකා ඇවිත් ඉන්නවා කියලා යෙහෙලිය මාව ඔවුනට හඳුන්වා දුන්නා. ඒ අහඹු සිදුවීමෙන් මාස 6කට විතර පස්සේ මේ සඳහා මට ආරාධනා ලැබුණා.   ඉන්දියාවේ අතිශයින් ජනප‍්‍රිය නළු නිළියන් මෙහි රඟපානවාද? ඉන්දියාවේ බොහෝ චරිත අතිශයින් ජනප‍්‍රියයි. මෙහි අලූත් තරු රැසක් රඟනවා. මෙහි ගීතමය අවස්ථා සඳහා මම රඟපානවා.   දැන් ඔබේ සිහිනය බොලිවුඩයේ කා සමඟ රඟපාන්නද? කවුරුත් හරිම දක්‍ෂයි. ඒ නිසා නම් වශයෙන් වෙන් කරන්න බැහැ. ෂාහිඞ්, රන්බීර් කපූර් වැනි අලූත් තරු මෙන්ම, අමිර්ඛාන්, ෂාරුක් වගේ අය එක්ක රඟපාන්න ලැබුණොත් අපේ ලංකාවටම එය කීර්තියක් ගෙන දේවි.   කොහොමද එහි වැඩ කරන්න පහසු වුනාද? ඒ අයගෙන් සහයෝගය ලැබුණද? ඇත්තටම ඒ අය ගොඩක් හොඳයි. මිස් ශ්‍රී ලංකා කිව්වාම උනන්දුවෙන් කටයුතු කළා. එයාලා මාව පුදුමයට පත්කළා. විශේෂයෙන්ම තැන ලබාදීමේ ගුණය අගය කරන්නම  ඕනෑ.   අනාගතයේ දී ඔබ සුපිරි තරුවක් වුණොත් අපට අල්ලගන්න බැරිවේවිද? කොහෙත්ම නැහැ. ලංකාවේ ලැබෙන අවස්ථා හැකි විදියට බාරගන්නවා. සිරස සහ දෙරණ වැඩ සටහන් මෙහෙයවීමට එක්ව සිටිනවා. ඒ විදියට ආරාධනා ලැබෙන පරිදි සියල්ල කරාවි. පසුතලය - ODEL විලාසිතා - ODEL

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

බොලිවුඞ් සිනමාවට නර්තනය බොහෝම වැදගත්

ඉන්දික Monday, 30 July 2012 03:51 PM

ඔබට සුභපතනවා අනේ මන්ද කලින් ගිහින් ආව එක්කෙනාට වගේ සිංහල අමතක වෙයිද දන්නේ නෑ. (දී)

:       0       0

රුවන් Tuesday, 31 July 2012 01:06 PM

මෙයා ලස්සනද?(නු)

:       0       0

‍කෝලීත Monday, 30 July 2012 10:03 AM

හින්දි සිනමාවේ නිළියන්ට යන වියදම අඩුයි.....ඇදුම් අදින්නේ බොහොම සුළුවෙන්නේ....(ස)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 10:11 AM

ශා හරිම ලස්සනයි.., හරිම පිළවලයි....මෙයා නෙමෙයි, මම කිව්වේ මෙයා ඉන්නතැන‍‍....(ස)

:       0       0

යසිත් Monday, 30 July 2012 04:11 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නදීක Monday, 30 July 2012 04:11 PM

සුභ පතනවා ඔබට (දී)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 30 July 2012 04:16 PM

අනේ මන්දා බොලිවුඩ් නිමාව ලඟදීම....(ස)

:       0       0

චරිත් Monday, 30 July 2012 10:35 AM

මෙයාට කලින් ගිහින් ආව එක්කෙනාට වගේ සිංහල අමතක වෙලා හින්දි විතරක් මතක තියෙයිද දන්නේ නෑ....අනිච්චේ දුක්ඛේ.....(ස)

:       0       0

සිසිර Monday, 30 July 2012 10:53 AM

ඉන්දියාවට ලස්සන උනාට මටනම් එහෙම නෑ අනේ...(ස)

:       0       0

ඉන්දික Wednesday, 01 August 2012 06:39 PM

තිස්සමහාරාමේ පැත්තේ හුගක් ලස්සන කෙල්ලන් ඉන්නවා. (නි)

:       0       0

අචිර Thursday, 09 August 2012 09:24 AM

කෝ මේ ඉන්දීය දේශප්‍රේමියෝ ටික? (නි)

:       0       0

පාලි-ඩුබායි Monday, 30 July 2012 04:40 PM

මේවට බුදු සරණයි! (නි)

:       0       0

මොහාන් Thursday, 09 August 2012 09:37 AM

කෝ මේ බොදු බල සේනාව? කෝ අපේ දේශප්‍රේමියන් ටික? (නි)

:       0       0

සමින්ද Friday, 03 August 2012 11:25 AM

ජයකොඩි එහෙම ෆිල්ම් බලනවනම් දැන්ම ඒක නවත්වන්න......(ස)

:       0       0

පාලි Monday, 30 July 2012 11:19 AM

රටින් යන එක ගැන සතුටුයි.බුදු සරණයි! (නි)

:       0       0

හර්ෂණ Tuesday, 31 July 2012 02:07 PM

ලංකාවෙ ලස්සන කෙල්ලො ඇත්තෙම නැද්ද?(නු)

:       0       0

පාලිත Monday, 30 July 2012 11:26 AM

ඕවා හොදයි ඉන්දියාවේ අයට. (නි)

:       0       0

ජගත් Friday, 10 August 2012 08:17 PM

ජය වේවා (දී)

:       0       0

චතුරිකා Monday, 30 July 2012 12:14 PM

වරදක් නෑ‍‍‍....(ස)

:       0       0

චතුරිකා Monday, 30 July 2012 12:16 PM

වරදක් නෑ.....(ස)

:       0       0

කීර්ති Monday, 30 July 2012 06:10 PM

හින්දි සිනමාවේත් අවසාන කාලේ උදාවෙලා වගේ... (නි)

:       0       0

සදුනි Tuesday, 07 August 2012 03:56 PM

අපි ලොකෙම දිනන්න ඔනනේ.ඹයා ලස්සනයි අනේ තිස්සමාහාරාමේ කලු කෙල්ලන්ට වඩා. (දී)

:       0       0

රොහාන් Tuesday, 31 July 2012 09:07 AM

ඒ රට වල කට්ටිය නැද්ද (දී)

:       0       0

රඛිත Wednesday, 01 August 2012 09:37 AM

රූප රාජිණි තරඟ වලින් තෝරන්නේ ලස්සනම එක්කෙනා නෙමෙයි. එහෙමනම් මොකටද සම්මුඛ පරීක්ෂණයක් තියන්නේ? අනික් අතට ඔය ලස්සන තියෙන කීයෙන් කී දෙනාටද රඟ පාන්න පුලුවන්. මොනවා වුණත් අපේ කෙල්ලෙක් නේ. ඇයි අපහාස ක‍රන්නේ? (නි)

:       0       0

දිනුෂා Monday, 30 July 2012 12:43 PM

බක් මහට හොදයි.(නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 08 August 2012 06:05 PM

තමන්ගේ දෙපා ගැන වඩාත් සැළකිළිමත් වුණොත් හොදයි යන්නයි මගේ අදහස. (නි)

:       0       0

සමීර Tuesday, 31 July 2012 09:43 AM

ලස්සනනම් මදි..(ස)

:       0       0

සමීර Tuesday, 31 July 2012 09:44 AM

වයසයි වගේ...(ස)

:       0       0

සංජීව Tuesday, 07 August 2012 10:40 AM

ජයකොඩි, ඉන්දියාව ගැන හොයන්න කලින් ලංකාවේ හාමුදුරුවරුන් කරන දේවල් ගැන හොයලා බලන්න. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 30 July 2012 08:45 PM

හොද පුවතක් (දී)

:       0       0

ජයලත් කොඩිකාර Monday, 30 July 2012 08:52 PM

ඔබට මගන් සුබ පැතුම් (දී)

:       0       0

ලැම්බට් Sunday, 29 July 2012 10:30 PM

අනේ මන්ද. (දී)

:       0       0

ලැම්බට් Sunday, 29 July 2012 10:31 PM

අනේ මන්දා. (නි)

:       0       0

කේෂානි Saturday, 04 August 2012 02:06 PM

මෙයාගේ ඇදුම්නම් හරි ලස්සනයි. (ත)

:       0       0

මංජු Friday, 03 August 2012 03:56 PM

ලංකාවේ අපි ආඩම්බර විය යුතුයි....(ස)

:       0       0

නදුන් Monday, 30 July 2012 02:53 PM

ඔයාට වැඩිය ලස්සන ගැහැණු ළමයි මම දැකල තියෙනවා (දී)

:       0       0

ජයකොඩි Thursday, 02 August 2012 02:21 AM

සියල්ලන්ගේම දෑනගෑනිම පිණිසයි.වෑඩිය ප්‍රසිද්ධ නොවන හින්දි චිත්‍රපටවල සිප ගැනිම් වෑනි කාමුකත්වය පෙන්වන දර්ශනවලට බුදු පිළිම යොදා ගෑනිමේ කුට උපක්‍රමයක් තිබෙන බව පෙනේ. මා මෙය බොහෝ අවස්ථා වලදී දෑක ඈත. සාක්ෂිද ඉදිරිපත් කළ හෑක.වඩා ශෝචනිය කරුණ නම් චිත්‍රපටියක ගණිකා නිවාසයක් තුල තිබු හින්දි සින්දුවක එම නිවාසය වටේටම එල්ලා ඈත්තේ වෙසක් කුඩුය. කරුණාකර ඔබගේ අවධානය මේ වෙත යොමු කරන්න.බොලියුඩ් බුදුදහමට අපහාස කිරිමට පටන්ගෙන ඈත. (නි)

:       0       0

රාජිත Monday, 30 July 2012 02:59 PM

සුභපතනවා ඔබට . (දී)

:       0       0

dee Monday, 30 July 2012 08:50 AM

ane mama nam aduranne naha , ethin ape Suminda sirisena kalakaruwata dan kohomada?

:       0       0

සමිත Tuesday, 31 July 2012 08:58 PM

ඉතාමත්ම සතුටුයි.. ඔබට සුභ පැතුම්..!!(නු)

:       0       0

ජයකොඩි Tuesday, 31 July 2012 08:58 PM

මොනා කලත් කමක් නෑ රටෙ දෑලි ගාන්න නම් එපා...... (නු)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 08:57 AM

ශා හරිම ලස්සනයි.., හරිම පිළවලයි.....(ස)

:       0       0

මර්වින් Monday, 30 July 2012 09:12 AM

මෙයා ලස්සනද ??? (ස)

:       0       0

ශාරු Monday, 30 July 2012 09:32 AM

හින්දි සිනමාවේත් අවසාන කාලේ උදාවෙලා වගේ ..(ස)

:       0       0

චරින්දු Thursday, 02 August 2012 10:50 AM

ලංකාවටම ආඩම්බරයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 228 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 386 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 645 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site