IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බාලවයස්කරුවන් එල්ලුම්ගස් යැවීම නතර කෙරෙන පනත හෙට මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බාලවයස්කාර දරුවන්ට  මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට  සිර දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත්  දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත්  කෙරේ.

ඒ සඳහා  අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේද අනුමැතිය   ලැබී ඇත.

මෙයට අමතරව  තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, සහ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්ද  පාර්ලිමේන්තුවට අද (21)ඉදිරිපත් කිරීමට
එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ  අවු. 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කෙරෙන  බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සාගර කාරියවසම්, (ආචාර්ය) සුරේන් රාඝවන්, මධුර විතානගේ යන මහත්වරුන්,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද   සහභාගී වූහ.



අදහස් (3)

බාලවයස්කරුවන් එල්ලුම්ගස් යැවීම නතර කෙරෙන පනත හෙට මැතිසබයට

Dilan Wednesday, 20 October 2021 02:40 PM

බාල වයස්කරුවෙක් එල්ලුම්ගස් යැවිය යුතු වරදක් කළහොත් භාරකරුවන් එල්ලුම්ගස් යැවිය යුතුයි.

:       3       5

Prabha Wednesday, 20 October 2021 02:52 PM

අවුරුදු 15 දී මිනිහෙක් මැරුවොත් තීන්දුව එනකොට හැට පැනලා

:       0       9

Bamunuarachchi Wednesday, 20 October 2021 06:51 PM

ලොක්කෝ පොඩ්ඩෝ දමල මිනී මරවයි එතකොට?

:       2       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 9 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 310 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 32 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1970 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 658 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4160 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 333 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site