IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.

සැකකරුට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහොමඩ් නසාර් මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය. නිවසක සුරතලයට ඇතිකරන බල්ලකුට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු වන කඳාන පොල්පිතිමුකලානේ  චමිපික ගයාන් පෙරේරා (55) නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසියේ කොස්තාපල් (96866) විජේකොන් මහතා සැකකරුගේ අසල්වැසියකු වන ප්‍රසාදි පෙරේරා මහත්මිය ‘සිඩ්නි පුතා’ නමින් හඳුන්වන අවුරුදු 03ක් පමණ වයසැති කලු සුදු බල්ලකු ඇති කර ඇතැයි දැනුම් දුන්නේය.

නිවස තුළම ඇතිකරන ‘සිඩ්නි පුතා’ සාමාන්‍යයෙන් දිනකට දෙවරක් නිවසින් එළියට යන බවත් එසේ ගිය පසුගිය 28 වැනිදා පාර් ගමන් ගත් සැකකරුට බුරා ඇති බවත් සැකකරු වහාම ඔහුගේ නිවසට ගොස් වායු රයිපලයක් ගෙනැවිත් ‘සිඩ්නි පුතා’ගේ බඩට වෙඩි තබා ඇති බවත් කී කොස්තාපල් විජේකොන් මහතා පසුව ‘සිඩ්නි පුතා’ පශූ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කළත් මියගොස් ඇතැයිද කීය.

 



අදහස් (1)

බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්

wedage Thursday, 31 October 2024 03:49 PM

සමාන්‍යෙයන් බල්ලෙක් බුරන්නේ හොරෙකුට තමයි. හොර හිත ඇති කෙනා බය වෙනවා.

:       7       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි
2024 ඔක්තෝබර් මස 31 49 0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.


හංවැල්ලේ ව්‍යාපාරික නිවෙසට වෙඩි ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 31 463 0

හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැ


’’හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අහනවා’’
2024 ඔක්තෝබර් මස 31 789 0

හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින් ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය


සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 31 177 0

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ
2024 ඔක්තෝබර් මස 31 1286 0

රෝගී තත්වයට බෙහෙත් නැතිව මියගිය පියාගේ දරුවන් පස් දෙනා මේ වන විට කුසට ආහාරක් නොමැතිව දැඩි ලෙස අසරණවී ඇති පුවතක් බලපිටියෙන් වාර්තා වේ.


බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1119 1

පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධික


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1120 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 633 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site