IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - ඇමැති අර්ජුන

ඩයනා උදයංගනී
 
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා   ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ප‍්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද   බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
 
එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇති වන බවත්   අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
 
ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන සහිත නෞකාව මේ වන විට දින 16ක් තිස්සේ ත‍්‍රිකුණාමල මුහුදේ නවත්වාගෙන එහි තෙල් ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සාහයක ක‍්‍රියාත්මක වෙමින් පවතින බව කී අමාත්‍යවරයා කුමන බලපෑම් පැමිණියත් එම තෙල් ලබාගැනීමට සූදානම් නැතැයිද සඳහන් කළේය.
 
නිවැරදි තීරණ පමණක් ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද උපදෙස් දී ඇතැයි කී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කෙසේ වෙතත් ඇති වූ අර්බුදය හේතුවෙන් ජනතාවට ඇති වූ පීඩාව සම්බන්ධයෙන් තමා අමාත්‍යවරයා ලෙස සමාව ඉල්ලා සිටින බව ද කීවේය.



අදහස් (41)

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - ඇමැති අර්ජුන

naradha Monday, 06 November 2017 12:39 PM

මේ බලපෑම් කරන දේශපාලනඥයින්ගේ මෙන්ම ව්‍යාපාරිකයින්ගේත් නම් එලි කිරීමත් කල යුතු දෙයක්.

:       1       1378

RaveendraMonday, 06 November 2017 03:16 PM

නාරද මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. මේ උන්දැ අවංකව රටට සේවය කරන්නේ නම් එම අදාල "දේශපාලන අම්බරුවන්ගේ සහ ව්‍යාපාරික හිඟන්නන්ගේ නම් එලි කිරීම " අපගේ මාතෘභූමියට කරන ලොකු සේවයක් වෙනු නියතය. තවද එක් දෙයක් කාරුණිකව ඉල්ලීමට කැමැත්තෙමු. අප රටේ දේශපාලනඥයින් නොමැති අතර ඉන්නේ දේශපාලන අම්බරුවන් පමණි. එබැවින් "දේශපාලනඥයා" යන වැදගත් වචනයට නිග්‍රහ කිරීම හෝ පරිභව කිරීමෙන් වළකින ලෙස අප ඔබගෙන් අවංකවම ඉල්ලා සිටින්නෙමු.

:       15       5120

sathyapalaTuesday, 07 November 2017 05:33 AM

ඇමති කියනවා තෙල් හිඟයක් එනවා කියල කෙටි පණිවුඩ යවලලු. අගමැති සහ ජනපති සහයෙන් දැන් ඒ ගැන හොයනවලු. ඇමතිට මේ ජරා තෙල් නිදහස් කරන්න කියල ඉහළින් දේශපාලන බලපෑම් සහ පාගා දෙන්නත් ඇහුවලු.හැබැයි ඒ ගැන හොයන්න කිසිම උනන්දුවක් නැත්තේ ඇයි ? අනිත් කරුණ ජනපති සහ අගමැති හැර කැබිනට් ඇමතිට "දැඩි දේශපාලන බලපෑම්" කළහැකි හැකි අය කවුද ? එසේනම් මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දැඩි අනතුරක නොවේද ? පාර්ලිමේන්තුවේ සම්මත කරන රටේ අණ පනත් පවා පිටස්තරයින්ට ඕනා විදිහට බලපෑම් කර සම්මත කරනවා නොවේද ? ව්‍යවස්ථා සම්මතයත් රට බෙදීමත් මේ ලෙසට සිදු නොවෙනවා කිව හැකිද ?

:       1       23

සෙනෙවි Monday, 06 November 2017 12:53 PM

වහාම එම තෙල් නැව අත්අඩංගුවට ගත යුතුයි.

:       2       613

සාරාසී Tuesday, 07 November 2017 03:41 AM

IOC එකට දීලා තියෙන්නේ 16% යි නේ ...එතකොට සිපෙට්කෝ එකේ තෙල් කෝ ...කිසිම වෙලවක ඒ ගැන කතානැත්තේ ඇයි .. මුලු ලංකාව ට ම තෙල් දෙන්නේ මේ IOC එක ද සිපෙට්කෝ එක ට ලංකාවට තෙල් දින 5 කට වත් දෙන්න තෙල් ගබඩා කරන්න තැනක් නැද්ද ....

:       2       71

Palitha Monday, 06 November 2017 12:55 PM

ගිනිතියලා දාන්න ඕනේ නැව මුහුදේදීම. ඉන්දියාවේ හොර හැත්තටම..., ඒ් අයට තෙල් ටැංකි දුන්නොත් අපිට හොඳටම වැඩේ දෙයි. අපේ ඉන්න හොර දේශපාලකයෝ වගකිව යුතුයි.

:       1313       1576

Sumith Monday, 06 November 2017 12:56 PM

මොනවා වුණත් අර්ජුනව සල්ලි වලට ගන්න බැහැ. නමුත් ආණ්ඩුව මේ ගැටලුව ආයිමත් ඇති නොවෙන්න වැඩ කරන්න ඕනෑ... නැතුව ඉතුරු තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න හැදුවොත් මිනිස්සු පාරට බහින්න ඕනෑ මේ අයව පන්නන්න.

:       1075       1526

UpaliTuesday, 07 November 2017 03:12 AM

ඔය වගේ කපටි කථා කියල ජනතාව රවටන්න හැදුවට වැඩක් නෑ. කොන්දක් තියනවනම්, ඒ දේශපාලකයින්ගේ නම් කියන්න ඕනේ. එහෙම කලොත් ජනතාවට ඔවුන්ව ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන්.

:       0       165

nalin Monday, 06 November 2017 01:01 PM

ඔබතුමාට ජයවේවා ඇමැතිතුමනි,..

:       348       344

Indunil Monday, 06 November 2017 01:03 PM

ඉතුරු ටිකත් ඉන්දියවට දුන්නොත් කොහොමද?

:       577       586

අනුර ඉලන්කෝන් Monday, 06 November 2017 01:03 PM

ජනාධිපතිවරයා හා අගමැතිවරයා නැත්නම් ඔබට බලපෑම් කරන මේ ඇමතිවරයා හෙලිකරන්න බැරිද?

:       0       559

Sujeewa Monday, 06 November 2017 01:16 PM

අවංක ලෙස කටයුතු කරන ඇමති අර්ජුනටත්, එය පළකිරීම ගැන ලංකාදීපයටත් අපේ ස්තුතිය. ඇමතිතුමෝ, මත්තල ඉන්දියාවට විකුණන්න අදහස් විමසන විටත්, මෙම අවස්ථාව මතකයේ තබාගනිමින් ඔබ අවංකව එය පාවිච්චි කරන්න.

:       677       1130

RANJITH sILVA Monday, 06 November 2017 01:55 PM

රටට යහපතක්ම වේවා. !!!

:       0       535

ජගත් ලියනගේ Monday, 06 November 2017 02:16 PM

පහුගිය අවුරුදු දශක කීපයේම, දේශපාලනකාරයෝ කියන කතා අහල එපාවටම එපා වෙලා තියෙන්නේ...

:       1       166

channa Monday, 06 November 2017 02:24 PM

වැලේ වැල් නැතුව ඉන්න රණතුංග සහෝදරයෝ බොරු ෂෝ දානවා.

:       401       438

RanjanTuesday, 07 November 2017 12:29 AM

මේක රාජපක්ෂලාගේ වෙඩක්.

:       0       0

sunil Monday, 06 November 2017 03:04 PM

මේ කියන්නේ අපේ රටේ තෙල් භාවිතය විකිණීම යනාදියට ඉන්දියන් ඔයිල් කොම්පැනියට බලපෑම් කරන්න පුළුවන් කියලද? රටේ මිනිස්සු පෙට්රෝල් ටිකක් ගන්න අද දිග තෙල් පෝලිම් වල දුක්විදින්නේ ඉන්දියන් ඔයිල් කොම්පැනියේ වැඩ හින්දද. එහෙනම් මොකටද මේ රටට ආණ්ඩුවක්?

:       145       259

sunil Monday, 06 November 2017 03:09 PM

අපේ රටට අයිති මුහුදේ වහාම රටින් පිට වියයුතු නැවක් නවත්වාගෙන ඉන්නවා කියන්නේ කවුරු හරි එහෙම නවත්වාගෙන ඉන්න අවසර දීල කියන එක නොවෙයිද? කවුද අවසර දුන්නේ? මට නම් පෙනෙන්නේ මේක හරි සුරංගනා කතාවක එක කොටසක් කියලයි.

:       32       573

kapila Monday, 06 November 2017 03:34 PM

ආණ්ඩුවේ කයිවාරු රෙද්ද පල්ලේ බේරෙනවා... නායකයින් කියන අයත් යනයන තැන බේගල් අැදබානවා. රටේ සම්පත් විකුණනවා. තෙල් ඇමති කියනවා එස්.එම්.එස්. ගහන අය හොයන්න ඕනෙලු ..!!! ඕවා හොයන්න කලින් හෙළි කරන්න ඔබට කවුද අල්ලස් දෙන්න හෝ බලපෑම් කල පුද්ගලයන් ගැනයි.... නැතිනම් ඔබ නොහැකියාව වසා ගැනීමට බොරු කියනවා වියහැකියි..... මේ රජය ජනතාවට බොරු කර බලයට පැමිණීමේ ඵල විපාක අද ජනතාව විඳවනවා ...... මෙහෙව් නායකයින් මොකටද....? දේශීය සිට විදේශීය දක්වා බැංකු මකොල්ලකරුවන් සිටින රටක, මොන ආර්ථික වර්ධනයක්ද..? රටට දළදා හමුදුරුවන්ගේම පිහිටයි ...!!!

:       0       0

ධම්ම Monday, 06 November 2017 03:35 PM

ඉන්දියන් තෙල් නැවකට පුළුවන් අපේ රටේ එදිනෙදා වැඩ කටයුතු අඩපණ කරන්න. මේක භයානක තත්වයක්. ඉන්දියාවට බාරදෙන්න යන තෙල් ටැංකි, මත්තල ආදී අනෙකුත් ආයතන ගැන නැවත සලකා බැලීමට රජය වගබලා ගතයුතුයි.

:       0       2

Daya Monday, 06 November 2017 06:33 PM

අර කලින් වගේ හමුදාව දාලා ප්‍රශ්නේ විසදන්න බැරිද? දැන්වත් තේරෙනවද මන්දා අපේ මෝඩ මිනිස්සුන්ට ඉන්දියාවට අපේ තෙල් පාලනය කරන්න දෙන එකේ තියෙන අවදානම.

:       128       299

Hafeel Monday, 06 November 2017 07:15 PM

අයි ඉතින් ත්රිකුනාමල වාරායේ තියන් ඉන්නේ.?

:       0       0

sam Monday, 06 November 2017 09:06 PM

විජයදාස රාජපක්ෂ හිටපු ඇමතිතුමා නවත්වපු තැනින් අර්ජුන ඇමතිතුමා පටන් අරන් වගෙයි . දුෂණ, ඥාති සංග්‍රහ නිසා වරායෙන් ඉවත් කරපු මුළු පවුල් සංස්ථාව එහෙම පිටින්ම කොලොන්නාවට ගෙනාවා මදිවාට පරණ පුරුදු පක්ෂ මාරුවකට ආයිමත් සුදානම් වෙනවා වගෙයි . කවුරුහරි බලපෑම් කලානම් කලයුත්තේ අල්ලස් කොමිසමට හරි පොලිසියට හරි පැමිණිලි කර තමන් නීතිගරුක පුද්ගලයෙක් බව පෙන්නුම් කිරීම මිසක් දන දැනම වරදක් සඟවා සිටින්නෙකු බව මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කිරීම නොවේ .

:       0       0

sanju Tuesday, 07 November 2017 12:54 AM

හෝරකමටම හුරු වුන දේශපාලකයෝ ඉන්න ජරාම රටක්.

:       0       0

indika Tuesday, 07 November 2017 01:04 AM

අපේ රටේ ඇමති ගොල්ලෝ තමන්ට ඇති වැඩ කොටස හැර අනිත් හැම වැඩේම කරනවා. අන්තිමට රට බල්ලට , අපි පාරට

:       0       0

nimallalitha Tuesday, 07 November 2017 02:46 AM

මොන ප්‍රශ්නයකදී වුවද පිඩාවට පත් වන්නේ මේ රටේ සමාන්‍ය මහා ජනතාව මිස, ඔය දියවන්න වට රිංගන අය සහ ඔවුන්ගේ සමීපතම බලයන් නොවේ. මෙය හරි මිනිහෙක් නම් ,එයාට බලපෑම් කරන හොර තක්කඩියන් ගැන කියන්න බැරිද. නැතිනම් මහා ජනතාවට කියන්න බැරිද. සේරටම වඩා ලොකුනේ ඇමති පට්ටම

:       0       46

හසිත Tuesday, 07 November 2017 02:48 AM

මේවා මහ පිස්සු කතානේ..පොලිසිය කියනවා තමන්ට දේශපාලකයන්ගෙන් බලපෑම් තියනවා අපරාධ කරුවන් අත්අඩංගුවට ගන්න එපා කියලා.. රජයේ ඇමතිවරුන් කියනවා තමන්ට වැරදි වැඩ කරන්න අනෙකුත් අයගෙන් බලපෑම් තියෙනවලු. හැබැයි ඒවා කරන්නේ කව්ද ලියල කියන්න බයයි.වරදකරුවන්ට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.. අනේ මෙහෙව් රටක් !!

:       0       30

දිලුම් Tuesday, 07 November 2017 03:28 AM

අපේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නාම අපිට දැං තෙල් ගබඩා කරන්න තැනක් නෑ. ඒ නිසා එක නැවක් හරවල යැව්වොත් රටටම පෝලිමේ ඉන්න වෙනවා. කොහොමද අපේ යහපාලන ආර්ථික ඔස්තාර්ලගෙ වැඩ. ඒ වෙලාවට හම්බවෙන සල්ලිකුට්ටිය ගැන හිතුව මිසක් අනාගතේ අභියොග ගැන හිතුවෙ නෑ.

:       0       16

mamanodanna...Tuesday, 07 November 2017 05:17 AM

අර්ජුනය ඔය තෙල් ටැංකි ටික බදාගෙන මොනවද මෙච්චරකල් කලේ ?

:       1       39

ප්‍රදීප් Tuesday, 07 November 2017 04:10 AM

බලපෑම්කල උන් කවුද කියා රටට හෙලිකල යුතුමයි. එහෙම හෙළි නොකරනවානම් අර්ජුනගේ වැරදි වහගන්න අනිත් උන්ට බෝලෙ පාස්කිරීමක් කරනවා විය යුතුයි. පාක්ෂිකව බැලුවොත් මේ බලපෑම් කරන්නෙ එජාප පාර්ශවයෙන් නම් ඉදිරි දේශපාලනය සඳහා නම් හෙළි කිරීම අර්ජුනලට වාසියි (නිදහස් පක්ෂයට) එහෙම නැතිව බලපෑම් කරන්නෙ නිදහස් පක්ෂ ඇමති කෙනෙක් නම් බලපෑම් කළ උන් හෙළිවීමෙන් වන හානිය වලක්වා ගැනීම සදහා නම් හෙලි නොකරනවා විය යුතුයි.

:       0       61

kavinda Tuesday, 07 November 2017 04:37 AM

ඇමතිතුමනි ඔබ බලපෑම් කළ අයගේ නම් හෙළි කරන්න .ඔබ කෙරහි ජනතාව තරමක හෝ විශ්වාසයක් පවතිනවා එක නැතිකර ගන්න එපා.... ඔබට ඇමති කම නැති උනත් ජනතාව ඔබට ආදරෙයි. මේ සියළුම දේ බලපාන්නේ පොඩි ම්නිස්සු වන අපිට

:       0       1

රංජි Tuesday, 07 November 2017 05:04 AM

ඇමැති තුමා හිතන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියලා. එතුමාට තෙල් නැව සම්බන්ධව බලපෑම් තියෙනවා නම් පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට බාර දෙන්න. අසාර්ථක වැඩ බැරි ඇමතිවරු මාධ්‍යය ඉදිරියේ වීරයෝ වෙනවා. අපි සියලු වැඩ පැත්තකට දමා තෙල් පෝලිම්වල. රටකට ගිය කලක්!.

:       0       126

janesh Tuesday, 07 November 2017 05:06 AM

මේ වගේ ආණ්ඩු තියෙනකන් ඕව නවත්තන්න බැහැ ......ගිය අවුරුදු 15 ටම ඔහොම දේවල් උනේ නැහැ.....රටට අවශ්‍ය කොන්ද පන ඇති ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක් ...

:       0       123

Chanda Tuesday, 07 November 2017 05:11 AM

ජනතාව පාලකයෝ බලයට පත්කළේ රටේ ආර්ථිකය පිට රටවලට විකුණා දාන්න කැමැත්තෙන්ද ?

:       0       2

Chandima Tuesday, 07 November 2017 05:15 AM

තෙල් ටැංකි තොග මිලට විකුණන කොට ඔය අපේ මහජනයා ඔහේ උන්නා.

:       1       4

rateraala Tuesday, 07 November 2017 05:15 AM

80% වැඩි අධිකාරය තියාගෙන තමන්ට කරන්න බැරිනම් මැතිතුමෝ ..ඕක ioc එකට දීල ගෙදරට වෙලා ඉන්න පව් නොදී ...අපි පෙන්ශන් එක ගෙවන්නම් ...

:       46       97

nihal Tuesday, 07 November 2017 05:58 AM

තමුන් දන්නේ නැතිව මේ තෙල් නැව අවේ කොහොමද ?.....අර නත්තල් ගහ හදල යටි මඩි ගහපු ක්‍රමයේ තවත් ජවනිකවක්ද ?....බලපෑම් කරන පිරිසගේ නම් හෙළිකරන්නේ නැත්තේ ඒකයි....

:       0       0

Pmj Tuesday, 07 November 2017 06:00 AM

කවුද? එහෙම කියන්න කිව්වේ?

:       0       0

kondekalu Tuesday, 07 November 2017 07:01 AM

ජනතාවට බොරු බයිලා වැඩක් නැහැ. හරියට සැලසුම් කරල තෙල් සැපයුම කරන්න බැරි ඇමති, ලේකම්, සංස්ථා සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි.

:       0       0

Senanayaka Tuesday, 07 November 2017 12:00 PM

පසුගිය කාලයෙ බාල ඉන්දන ගෙන ආව සහ ඒවා යින් මුදල් ඉපයු මහත්වරැත් නඩෙි ඉන්නවද නේද . එිවායෙ රස මතක් වෙන කොට නලියනව ඇති...

:       0       0

ටිංටිං Tuesday, 07 November 2017 03:24 PM

ආණ්ඩුවට තව ඇත්තේ ටික කාලයයි.වෙන රටක මෙය වුනානම් ඇමතිතුමා ඉල්ලා අස්වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1483 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 469 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 781 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 835 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 946 2

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1059 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site