IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා

නීතියට පටහැනිව කිසිවක් නොකරන බවත් සියලුම දේ කරනුයේ රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවත් උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක සී. විග්නේෂ්වරන් මහතා යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  පැවසීය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝදනය යටතේ බලතල විමද්‍යගත කරන බව කීවේ අප නොවේ ජනාධිපතිතුමාය.  13 න් එහාටත් යන බව එතුමා කීවා.

ඒ නිසා අපි රජය සමග මේ ගැන සාකච්ඡා කරනවා.  රජය අපිට හරි පිළිතුරක් නොදුන්නොත් ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කරනවා. ඒ දේ ඒ වෙලාවට බලමු යනුවෙන්ද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

දෙමළ සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරමින් 13 වෙනි ව්‍යවස්ථාවෙන් වන බලතල උතුරු පළාත් සභාවට අවශ්‍ය බව කීවේය.

දෙමළ ජනතාවගේ අන්‍යයතාවය සංස්කෘතිය වැනි කරුණු වලදී ස්ව්‍යං තීරණ ගැනීමේ අයිතියක් අවශ්‍ය බව ඔහු කීවේය.

 

 

 



අදහස් (0)

බල තල ගැන රජය සමග සාකච්ඡා කරනවා

හේරත් Monday, 23 September 2013 06:23 AM

මාත් එක්කත් කතා කරනවද? (නි)

:       0       0

මැණික් Monday, 23 September 2013 06:45 AM

ලෝකෙටම පෙනෙන්න සුක්ෂම විදිහට එක පක්ෂයක් හදාගෙන වැඩේ ආරම්භ කළා. (නි)

:       0       0

වල්පිට Monday, 23 September 2013 06:55 AM

ඔය වැඩවලට හොඳම විසදුම පක්ෂය 2ට 3 ට කඩන එකයි (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 09:26 PM

13 නරක අංකයක් (නි)

:       0       0

සාම Monday, 23 September 2013 07:01 AM

කට කට....

:       0       0

තරිඳු Monday, 23 September 2013 11:45 AM

ලංකාවේ ජනතාව පවු කියලත් හිතෙනවා (දී)

:       0       0

චානක Monday, 23 September 2013 11:45 AM

චන්දයක් තිබ්බා ජනතාව චන්දෙ දුන්නා අන්තිමට ඒ කට්ටිය දින්නා ජනතාව පරද උන (දී)

:       0       0

ගුණේ Monday, 23 September 2013 03:45 PM

රාජේශ්, තමුන්ලට කිරිබත් හොද කොච්චි ලුණු මිරිසකුත් එක්ක ආයි කන්න හිතිලා වගේ (නි)

:       0       0

අතපත්තු Monday, 23 September 2013 11:48 AM

"රාජේශ්" වැඩිය දගලන්න එපා,අපිත් ඉන්නේ අවදියෙන් (දී)

:       0       0

මාගරී Monday, 23 September 2013 03:56 PM

දෙමල අය නිතරම සුද්දන්ගේ පස්සේ යනවා,පිහිට පතනවා.ලන්දේසින් මේ අයට වෙනම නීතියකුත් හදලා දීල තියෙනවා.තේසවලාමේ නිතිය කියලා. ඒක නිසා ඉන්දියාවත් සමග කතා කළාට වරදකුත් නැහැ. (නි)

:       0       0

තරිඳු Monday, 23 September 2013 11:51 AM

දිවි හිමියෙන් දිනාගත් මව්බිමේ වැසියනි පටි තදකර ගනිව්.ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි නැවතත් නැගෙමින් එන බව පෙනේ. (ස)

:       0       0

අමිල Monday, 23 September 2013 07:26 AM

එක රටක්, එක ජාතියක්,.... මොනවද මේ කතා? (නි)

:       0       0

රෝහණ Monday, 23 September 2013 11:53 AM

ඔබ නිවසේ ප්‍රශ්න ඔබ නිවස තුල විසඳා ගන්න. අන් අයට ඇඟිලි ගහන්න දෙන්න එපා. (ස)

:       0       0

පිටිගල Monday, 23 September 2013 07:36 AM

දැන් ඉතින් තියෙන්නේ හමුදාව අයින් කරගෙන පොලිස් බලතල ඉඩම් බලතල දීලා අර සින් එක්ක හිනා වෙලා ඔලුව කසන එක විතරයි.තව පළාත් අටක් තියෙන්නේ.ඒ මදෑ හොදටම (නි)

:       0       0

මිහිර Monday, 23 September 2013 07:38 AM

උතුරේ මිනිසුන්ව රවටන්න නොහැකි බවත් ඉතිහාසය අමතක නොවන බවත් ඉතාම පැහැදිලිය (නි)

:       0       0

සමන්ත Monday, 23 September 2013 12:05 PM

අනේ මගේ රට ආරක්ෂා කරන්න

:       0       0

ලුම්බිණි Monday, 23 September 2013 07:44 AM

මගේ සුභ පැතුම්!!! (නි)

:       0       0

නමක් නැත Monday, 23 September 2013 12:13 PM

සිංහලයන් සිංහලයන්ටම ගැහුවා ක්‍රිස්තියානි කරා මිනිස්සුන්ට හරි හිරි හැර කළා පල්ලි කැඩුවා දැන් බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

චන්දන Monday, 23 September 2013 07:51 AM

සාධාරන ලෙස ඔවුනට බලතල ලබාදී එක රටක් ලෙස ඉදිරියට යමු. (නි)

:       0       0

රාජේශ් Monday, 23 September 2013 08:08 AM

දැන් කිබුල් කදුළු හලන්න එපා ඔය අදහස් දාන අය.පේනවනේ ප්‍රතිපල... අපි කිරිබත් දෙන්නද ඔයාලා අපට දෙනවද... (නි)

:       0       0

ඩෙනම් Tuesday, 24 September 2013 11:02 AM

අනේ මෝඩ සිංහලයනි, ඇයි මෙවැනි අදහස් දාන්නේ? පොඩ්ඩක් සුබවාදීව හිතන්න පුරුදු වුනොත් හොඳයි (නි)

:       0       0

කෙවින් Monday, 23 September 2013 04:35 PM

රාජේශ්,ඔයාලා කිරි බත් කන්න. අපි පස්සේ ඕනෑ නම් පරිප්පු ටිකක් එවන්නම්, තව ඉතුරු වෙලා තියෙනවා (නි)

:       0       0

අල්විස් Monday, 23 September 2013 08:25 AM

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය මිස ඉන්දියාවේ අමුතු ඇටයක් නොවන බව විග්නේශ්වරන් මහතා මතක තබා ගන්න. (නි)

:       0       0

ලකී Monday, 23 September 2013 12:39 PM

දෙමළ මිනිස්සුන්ගේ එකමුතුකම අපේ සිංහල අයගේ තිබුනා නම් ..ඡන්ද ගන්න අපේ මිනිස්සු හැම ජාතියම ආගමම එක වගේ කියලා ඉල්ලන් කනවා. (ස)

:       0       0

ලංකා Monday, 23 September 2013 04:43 PM

කියලා මොනවා කරයිද අපිට. (නි)

:       0       0

මිගිද Monday, 23 September 2013 12:43 PM

සිංහල ආත්මාර්තකාමියෝ දෙමළ ජනයාගෙන් පාඩමක් උගත යුතුය. ඔවුන් ‍භෞතික සම්පත් වලට කෑදර උනේ නැත.ඔවුනට අවශ්‍ය සදාචාර ,භාවාත්මක නිදහසයි. 1947 සිට දෙමළ ජනයා පාවාදුන් දෙමළ නායකයින් ඔවුන් විසින් දුරු කොට ඇත.සිංහලයා තම ප්‍රයෝජනය තකා තම ආත්මය පවා විකුණා ඇත. (ස)

:       0       0

සුදත් Monday, 23 September 2013 08:35 AM

දෙමල අයට වෙනම පාලනයක් ඕනෑ නෙම් අනිත් පළාත්වල ඉන්න සියලුම දෙමල අය ඒ පළාත් අතහැර දාලා උතුරට යා යුතුයි. එකගද.... (නි)

:       0       0

අසිත Monday, 23 September 2013 12:45 PM

බල තල ගැන රජය සමඟ සාකච්ඡා කරනවා? විග්නේෂ්වරන් යාපනයේදී සිංහලෙන් කියයි හා හා හි ස්ව‍යං තීරණ කියන්නේ ස්වයං පාලනයට. ඒ කියන්නේ වෙන පාලනයකට හෙමින් හෙමින් යන එකයි.පළාත් සභා වල මේ කියන බලතල බෙදීම නැහැ. එහෙම වුනොත් ලංකා භූමියේ අවසානය.විශේෂයෙන් සිංහල බෞද්ධයාගේ මලගම. (ස)

:       0       0

සීල Monday, 23 September 2013 12:46 PM

සමහරු 13 ගැන කතා කරනවා.

:       0       0

කුමාරන Monday, 23 September 2013 04:49 PM

සිංහලයා තරම් මිත්‍රශීලී ජාතියක් ලෝකෙ කොහේවත් නැහැ.ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කලොත් හොඳයි. හැබැයි ඔවුන්ගේ මිත්‍රශීලී බව සමහර අය මෝඩකමක් සේ හිතලා කාරේ නගින්න හදනවා.එතකොට ඉතින් ඔවුන් කේෂර සිංහයා වගේ ගොරවනවා.විග්නේශ්වරම් මහතා සිංහල අපෙත් ඥාතියෙක් නිසා උතුරේ ප්‍රශ්නය ඉතා සාධාරණව විසඳා ගන්න පුළුවන් වේවි.ඔහු කොටි රූකඩයක් නොවෙන නිසා සුභවාදිව හිතමු.ඒත් අපි සමඟිය සහ සංවර්ධනය ප්‍රිය නොකරන ලේ පිපාසයෙන් පෙලෙන රටවල් සහ පුද්ගලයන් ඔහුව පාවිච්චි කිරීමට ඉඩ ඇත.අපි ඉතාම බුද්ධියෙන් සිටිය යුතු වකවානුවකි.කරුණා කර මෙය සංශෝධනය කරන්න එපා. (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Monday, 23 September 2013 08:49 AM

දකුණේ ඉදන් පුස් වෙඩි පත්තු කරන්නේ නැතුව පොඩ්ඩක් සුබවාදීව බලමුද වෙන්නේ මොනවද කියලා (නි)

:       0       0

ඇසළ Monday, 23 September 2013 08:51 AM

මුලික පියවර වෙනම රටක් පිහිටවීමේ ආරම්භය වීමට හැක (නි)

:       0       0

රුවන් Monday, 23 September 2013 05:07 PM

එකම ජාතියක් විදියට හිතන්න බැරි සිංහලයට හොඳ පාඩමක්. එහෙම හිතන අයට කිව්වේ ජාතිවදියෝලු. ඔහොම යන්නකෝ. (නි)

:       0       0

චමත් Monday, 23 September 2013 05:11 PM

රමේෂ්, ප්‍රබාකරන්ගෙන් ඔයාලව නිදහස් කර ගත්තටද කිරිබත් දෙන්නේ (නි)

:       0       0

නිමල් Monday, 23 September 2013 08:54 AM

සමාජවාදී සර්ව සාධාරන මහතුරුනි, දැන් පෙනෙනවා නේද ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

පිටබැද්දර Monday, 23 September 2013 08:57 AM

13වෙනිව්‍යවස්ථාව ආවට ගියාට දෙන්න බැහැ ඒකට ජනමතය විමසන්න ඕනේ. අපි එතකොට බලමු විග් දැන් ලැබුන දෙයින් රටට වැඩක්කරමු (අ)

:       0       0

රකිත් Monday, 23 September 2013 09:10 AM

විග්නේෂ්වරන් මහතාණනි, රජය හරි පිළිතුරක් නොදුන්නොත් ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කිරීමට යෑම නීතියට පටහැනියි. ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බව අමතක වුනාද? (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 09:15 AM

" අපි කිරිබත් දෙන්නද ඔයාලා අපට දෙනවද..." කෙහෙල් ගෙඩි ද පොල් ගෙඩි ද? (නි)

:       0       0

ශාන්ත Monday, 23 September 2013 05:43 PM

මේ ප්‍රතිපල දිහා බැලුවාම පේනවා කොතරම් සංවර්ධනය කළත් උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ දකුණේ සිංහල රජයක පාලනය නොවෙන බව.අපි කලබල විය යුතු නැහැ.ලොව බොහෝ රටවල මධ්‍යම රජයේ පාලනයෙන් මිදී ස්වාධීනව පාලනය ගෙනයන ප්‍රාන්තයන් කොතෙකුත් තියනවා. (නි)

:       0       0

සුදත් Monday, 23 September 2013 09:16 AM

උතුර ජනතාව ඡන්දෙ දුන්නේ රට බෙදන අදහසින්... වයඹ ජනතාව ඡන්දෙ දුන්නේ මේ රට කවදාවත් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදහසින් (නි)

:       0       0

ශානිකා Monday, 23 September 2013 05:48 PM

කලබල වෙන්න එපා,ඔයාලා දාන අදහස් ගොඩක් වටිනවා,ලියන දේ ගැන දෙවරක් හිතලා ලියන්න.ආවේගයට නොලියන්න.විග්නේශ්වරන් මහත්තයෝ, ඔබ උගතෙකි.සමස්තයක් හැටියට ශ්‍රී ලංකාවේ දෙමල බහුතරය නුගත්.ඔබට ලොකු වගකීමක් තිබේ. (නි)

:       0       0

දිසානායක Monday, 23 September 2013 01:27 PM

නුඹලා ස්වයං තීරණ ගනිල්ලා ඉන්දියාවේ තමිල්නාඩුවට ගිහිල්ලා මෙහෙ බැහැ (ස)

:       0       0

දිසානායක Monday, 23 September 2013 01:29 PM

13 න් එහාට 14 හරි 15 හරි තමා .. (ස)

:       0       0

චමින්ද Monday, 23 September 2013 09:29 AM

පේනව නේද දෙමළ ජනතාවගෙන අපේ උන්දැලට ගන්ඩ පුලුවන් පාඩම් තමා මේ ඡන්දෙන් පෙන්නුවෙ. සිංහල මිනිස්සු එකාට එකා ඇන කොටාගනිද්දි බත් පැකට් එකට ෆෝන් එකට මනාප දෙද්දි ඒ මිනිස්සු රජය මොන තරම් සංවර්ධනයක් කරල දුන්නත් තමන්ගෙ ජාතිය ගැන හිතල ඡන්දෙ දුන්නෙ. මම හිතන්නෙ අපේ නායකයො මේ විදිහට හැසිරුනොත් සිංහල ජාතිය සුළු ජාතියක් වෙන දවස වැඩි ඈතක නෑ. (අ)

:       0       0

සුරන් Sunday, 22 September 2013 09:44 PM

එන්නකෝ දෙන්න (නි)

:       0       0

දිනේෂ් Sunday, 22 September 2013 10:07 PM

ඔන්න වැඩ පටන් අරගෙන... (නි)

:       0       0

මිනිපෙ Monday, 23 September 2013 09:41 AM

පොඩ්ඩක් නවතින්න.විග්නේශේරන් මහත්තයා ප්‍රබා සමග සංසන්දනය කරන්න එපා.මේ මහත්තයා උගත් කෙනෙක්.(අ)

:       0       0

නියාස් Tuesday, 24 September 2013 05:49 AM

බොහෝ සිංහල ජනතාව හරි හොඳයි. සමහර සිංහල ජනයා නිසා මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැහැ (නි)

:       0       0

විජේසුන්දර Sunday, 22 September 2013 10:10 PM

ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ලැබුන නිදහස කොපමණ වටිනවද කියල මුළු ලෝකයටම දැනුන මැතිවරණයක් මේක. ඒ නිදහස ලබා දුන් රණවිරුවන් අතී උදාරයි .එසේ නොවන්නට මෙවන් නිදහසක් උතුරේ ජනතාවට ලැබෙන්නේ නැත .(අ)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:11 PM

ඉන්දියාව සමග සාකච්චා කරන්න උතුරේ මහා ඇමතිට තිබෙන නයිතික බලය කුමක්ද? මේ රටේ බහුතරයකගේ චන්ද බලයෙන් ඇති කර ගන්න අණ පනත් වලින් රටේ විවිධ පළාත් පාලනය වීම තීරණය වෙයි. මහා ඇමතියා සිංහලෙන් වුවත් කියා ඇත්තේ අර කලපුව අයිනේ ඔලු කට්ටත් හාරාගෙන හතරගාතේ ගහපු එකාට නොදෙවෙනි කතාවකි. (අ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 23 September 2013 09:45 AM

උතුරෙන් දකුණට දුන්න අපූරු පාඩම ගුරුවරියන් දණගැස්සුවත්, විදුහල්පතිලාගේ කන පැලූවත්, උදළු තලයක්, සාරියක්, සරමක්, ජංගම දුරකථනයක්, බුරියානි පැකට් එකක්, අරක්කු වීදුරුවක් ලැබෙනවා නම් ඕනෑම කෙනෙකුට ඡන්දය දෙන දකුණේ දීනයන්ට තවමත් හරි හමන් හිසට හෙවනක් නැති උතුරේ ජනතාව පාඩමක් කියා දී තිබේ. ඒ ‘හිඟා කෑවත් ආත්මය පාවා දෙන්න එපා’ යන්නයි. (ස)

:       0       0

සනත් Monday, 23 September 2013 09:46 AM

අපි කිසි කෙනක් කලබල විය යුතු නැහැ අපේ රටේ අපිට පළපුරුදු නයකයක් ඉන්නවා .කලබලවෙන්න අවශ්‍ය නැහැ .විග්නස්වාරම් දැගලුවට එයාට ඉල්ලන සැම දයක්ක්ම නොලැබන බව අපි දන්නවා .බෙන්තර ග‍ගෙන් අනිත් පැත්තේ කෙනක් ඉන්න .(අ)

:       0       0

ගාමිණි Sunday, 22 September 2013 10:45 PM

ඇයි ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්නේ? අපි තවම ඉන්දියාවේ යටත් විජිතයක් නොවන බව අමතක වුනාද? (නි)

:       0       0

ලාරා Sunday, 22 September 2013 10:47 PM

ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්නේ මොකටද?දිනුවා නම් තමන්ගේ පළාත සංවර්ධනය කරන්න (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:47 PM

ඔය දෙනවා කියන හැමදේම දෙනවා කිව්වා පලියට දෙන්න බැහැ. දැන් රටේ අනික් පළාත්වල ජනතාවට දෙනවා කියපු දේවල් නොදීත් ඔය යස අගේට මැතිවරණ හෙම දිනන්නේ. (නි)

:       0       0

පැහැසර Sunday, 22 September 2013 10:49 PM

මේ රටට වෙන්න යන විපත්තිය සුළු පටු නොවේ. (නි)

:       0       0

එදිරිසිංහ Sunday, 22 September 2013 11:05 PM

ඉන්දියාවෙන් අපේ රටට ලැබුණු දෑවැද්ද වන දෙමල ජනතාවත් සහ 13 වැනි සංශෝදනයත් සමග ඒ බලතල ඔවුන්ට අවශ්‍ය බව උතුරේ දමිල ජනතාව මේ මැතිවරණයෙන් පෙන්වා දී ඇත. නමුත් ඒකීය රටක් තුල රාජ්‍ය පරිපාලනය යටතේ මොවුන්ගේ සාමාන්‍ය ඉල්ලීම් ලබාදී මොවුන්ගේ මානුසික ගැටලුවලට සහනයක් දී ජාත්‍යන්තර වශයෙන්එල්ලවන ප්‍රහාරවලිනුත් මිදී සැමට පිළිගත හැකි විසදුමක් ලබාගැනීම පවතින ආණ්ඩුවේ වගකීමකි (නි)

:       0       0

ජගත් Sunday, 22 September 2013 11:14 PM

ඔබතුමාගේ පක්ෂයයේ ප්‍රතිපතති ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ නඩුවක් තියෙනවා නේද? පැරදුනොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

රුවන් Monday, 23 September 2013 02:18 PM

ලෝකේ බලවත් රටවල් හා ඒ අයට කඩේයන රටවල් හදන්නේ සාමකාමී රටවල් කොටවල කෙසේහෝ යුද්දයක් ඇතිකිරීමටයි .ඉරාකය,ලිබියාව,සිරියාව වැනි සාමකමාව පැවැතිරටවල විපක්ෂයට හෝ බටහිර ගැත්තෙක්නම් බලතන්හාව ඇතිකර ආයුධදී රජය පෙරලීමට උදව්කිරීමද සිදුකරයි . නමුත් ලංකාවේ ප්‍රබල විපක්ෂයක් හෝ සිංහල මෙවැනි අය නොමැති බැවින් ද්‍රවිඩ ජනතාවට බලතන්හාව පෙන්වා රට අස්ථාවර කිරීමට උදව් උපාකර කරන්නේ ඇමෙරිකාව, ඇතුළු ඉන්දියාව වගේ බටහිරට කඩේයන රටවල්ය. (දී)

:       0       0

රානි Monday, 23 September 2013 02:18 PM

මොනවා සාකච්චා කරන්නද මහත්තයෝ (දී)

:       0       0

රත්නේ Sunday, 22 September 2013 11:22 PM

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවේ. ඉන්දියාව හෝ වෙන කව්රුන් හෝ සමග සාකච්ඡා කරන්න ඕනෑ නැහැ. ශ්‍රී ලංකාව එකම රටකි, දෙකක් නොවේ. (නි)

:       0       0

අශේන් Monday, 23 September 2013 02:19 PM

අපේ රණ විරුවෝ ජිවිත පුදලා රට බේරා ගත්තේ (දී)

:       0       0

සේනාරත්න Monday, 23 September 2013 10:20 AM

වර්තමාන ජනාධිපතිතුමා සිටිනතාක් කල් ඔය මොන කතා කීවත් බය වෙන්න එපා. ජනාධිපතිතුමා මීට පෙර කියා තිබෙනවා, අපි හිතන තරම් යකා කලු නෑ කියා. (ස)

:       0       0

ජෝයි ඩයස් Sunday, 22 September 2013 11:52 PM

ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ විශාල නෑ පොඩි දූපතක් බව ඔබතුමාට මතක ඈති නේද ස්කෝලෙ යනකාලේ උගන්නපුවා.හෑම පුරවෑසියෙකුටම සම අයිතිවාසිකමක් තිබෙනවා මේරටේ ජීවත් වෙන්න.කිසිම ජාතියකගෙ අනන්‍යතාවය කඩකරලත් නෑ වෑල්ලවත කොළඹ වෑනි ප්‍රදේශවල වෑඩිපුර ජීවත් වෙන්නේ දමිල මුස්ලිම් අපගේ සහෝදර ජනතාවයි.මානවහිමිකම් මූලස්තානය තිබෙන සුවිස් රටෙ භාෂා 4ක් කතා කරනවා සහජීවනයෙන් ජීවත් වෙනවා නමුත් පොලිස් බලතල ඉඩම් බලතල ඒ මිනිස්සු ඉල්ලන්නේ නෑ.පලාත් සභා හෑම එකකටම එකම බලතලයක් තිබිය යුතුයි.අවු30ක් මේරටේ උතුරු කරේ කෑලෑ නීතිය රජකලා..අහිංසක වෑසියන් බෝම්බවලට බස් පිටින් මෑරුණා..උතුරේ අහිංසක ජනතාව වලපල්ලට දෑම්මේ මෙලෙජ්ජ කොටි නායක ප්‍රභාකරන් නේද්?...පුදුඉඩිකුරුප්පුවේදි පොල්ගෙඩි දෙකට ,හාල් සේරුවට මෝටසයිකල් පවා හුවමාරු උනා ඔබට මතක ඈති නෙද...ඔබතුමා ඒ කාලේ කොහේ හිටියද කියලා මම දන්නේ නති නිසයි අහන්නේ...ප්‍රභාකරන්ගෙන් ඈහෑව්වේ නෑද්ද දෙමිල ජනතාවගෙ අනන්‍යතාවය කඩන්නෙ මොකද කියලා..ඉන්දියාවට කිව්වේ නද්ද?මේරටේ හෑම පලාත් සභාවකටම එකම බලතලයක් තිබිය යුතුයි.නෑත්නම් පලාත් සභා අහෝසි කරලා කේවල චන්ද ක්‍රමයක් තිබිය යුතුයි.මොකද ඔබතුමාට 13 දෙන්න ගියොත් අනිත් අයත් ඉල්ලනවා කමක් නෑ සේරටම් 13 ගානෙ දීලා රජයට පල්ස් එක තමා ඉතිරි කරගන්න වෙන්නෙ.ඊට වඩා හොද නද්ද උතුරෙන් දකුනට ඈව්ත් එකම ශ්‍රී ලාංකික ජාතියක් හටියට හෑම ජනකොටසක්ම මිශ්‍රවී අපේ රට ගොඩනගන එක..දෑන් ඔබතුමන්ලාට වරප්‍රසාද තියෙනවානේ කොටියගෙ කාලෙට වඩා..කතා කිරීමේ නිදහසපවා .(අ)

:       0       0

සේනාරත්න Monday, 23 September 2013 07:43 PM

වයඹ ජනතාව ඡන්දෙ දුන්නේ මේ රට කවදාවත් බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියන අදහසින්.වර්තමාන ජනාධිපතිතුමා සිටිනතාක් කල් ඔය මොන කතා කිවුවත් බය වෙන්න එපා. ජනාධිපතිතුමා මීට පෙර කියා තිබෙනවා, අපි හිතන තරම් යකා කලු නැහැ කියා. (නි)

:       0       0

ශිරෝමි Monday, 23 September 2013 10:29 AM

රාජේශ් ඔයා ප්‍රතිපල ගැන අදද දන්නේ අපි නං කලින් ඉඳන් දන්නවා. ඔයාලා තාවකාලික සතුටක් ලබන්නකෝ (අ)

:       0       0

ටෙනිෂන් Monday, 23 September 2013 12:16 AM

දැන් එහෙනම් අපිට පස්පෝර්ට් එකත් අරන් යන් වෙයි. මේ විහට ගියොත්. මොකද මේ ක්‍රියාත්මක වෙන්නේ කොටින්ට ඕඅන දේ තමා(අ).

:       0       0

මිනිපෙ Monday, 23 September 2013 10:31 AM

සනත්, ගගෙන් එහාහ පැත්ත ගැන කතා කරන්න එපා. (අ)

:       0       0

චමිල - පානදුර Monday, 23 September 2013 12:18 AM

දෙමළා දෙමළාම බවත්, තම්බියා තම්බියාම බවත්, සිංහලයා මෙන් කිසිම දිනක යූ.ඇන්.පී ශ්‍රී ලංකා නොවන බවත් නැවතත් මතක් කරන ලදී. අද අපිට අහිමි උතුර පමණි. හෙට නැගෙනහිර සහ මුලු රටම අහිමි වන දවස වැඩි ඈතක නොවන බව මතක තබාගන්න (නි)

:       0       0

විජේරත්න Monday, 23 September 2013 07:56 PM

විග්නේශ්වරන් මහත්තයා ඉල්ලන දේවල් සාධාරන නම් ශ්‍රී ලංකා රජය ඔබට ලබා දෙයි (නි)

:       0       0

කමල් Monday, 23 September 2013 12:25 AM

කොහොමත් මේ අය ඉන්දියාවේ අය කියලා තමයි හිතාගෙන ඉන්නේ. ලංකාවේ හිටියට එක කකුලක් එහේ. ඒ අයගේ නායකයොත් ඉන්දියාවේ අය කියලානේ හිතන්නේ (නි)

:       0       0

අසෝක Monday, 23 September 2013 08:11 PM

අපි ශ්‍රී ලාංකිකයෝ විදියට ගත්තම ඒ මහත්මය සිංහලෙන් කතාකළ එකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. සිංහල බැරි, සිංහල කතාකරන්න අකමැති සිංහලයන් ඉන්න රටක එකමුතුකමේ බලය කියලා අපිට යමක් කියන්න පුලුවන්ද? (නි)

:       0       0

ගාමිණී Monday, 23 September 2013 01:34 AM

විග්නේශ්වරන් මහත්තයෝ, මොන දේ කළත් හැම වෙලාවේම තමන් ශ්‍රී ලංකාවේ ඉන්නේ කියලා කටයුතු කළොත් හොදයි. මොකද ලංකාවේ ප්‍රශ්න විසදන්න ඉන්දියාවෙන් උපදෙස් ගන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

දසුන් Monday, 23 September 2013 10:46 AM

මේ වෙච්ච වැඩේ නම් ටිකක් සුභ නැහැ

:       0       0

දයාන් Monday, 23 September 2013 10:47 AM

83 ජාතිවාදී කලබල වලින් රට ගැන ඇතිවූ අයහපත් චිත්‍රය සහ 87 ඉන්දු ශ්‍රීලංකා ගිවිසුමේ ණය ගෙවන්නට සිදුවී ඇත්තේ අපේ ජනාධිපති තුමාටයි. 83 සිට ලෝකයා අප දෙස බලන්නේ අප නරක ජාතියක් හැටියටත්,සෙසු ජාතින් අහිංසක ජාතින් හැටියටත්ය. දැන් මේ ප්‍රශ්නය ඉතා බුද්ධිමත්ව විසඳා ගත යුතුව ඇත. (ස)

:       0       0

ශානි Monday, 23 September 2013 02:16 AM

ඉන්දියාව සමග සාකච්ඡා කර කුසක් කරන්නද? (නි)

:       0       0

රත්න Monday, 23 September 2013 02:32 AM

ත්‍රස්ථවාදීන්ගෙන් භමුදාව රට බේරා ගත් නිසා ,සාර්ථක ඡන්දයක් පවත්වා ඡයග්‍රහනය ලබාගත් අය හමුදාවට ස්තුති කරනවා වෙනුවට, ,"විග්නේෂ්වරන් කියන්නේ කරුණාකරලා භමුදාව එලියට දාන්නලු. " මේ රට විනාශ කරන්න විදේශිකයන්ගේ සවියවත් අරගෙනද? (නි)

:       0       0

ජෝයි ගොද්රි ඩයස් Monday, 23 September 2013 10:54 AM

මේ රටේ හෑම ජන කොටස්ක්ම සහජිවනයෙන් ජීවත් වෙනවා, නෑවතත් අපේ රටේ ජීවත්වෙන සහෝදර දමිල භාෂාව කතා කරන ජනතාවට සුරංගනා කතා කියලා කබලෙන් ලිපට දමන්න එපා.ඒ වගෙම උතුරු පලාත ජාත්යන්තර ත්‍රස්තවාදින්ගේ තිප්පලක් කරලා (දී)

:       0       0

ආනන්ද Monday, 23 September 2013 04:02 AM

ඔබලාට තීරණක් ගැනීමට අවශ්‍යනම් ,සියලුම දමිල ජනතාව යාපනයට ගෙන්වා ගන්න (නි)

:       0       0

දිනුක Monday, 23 September 2013 11:03 AM

දෙමලුන්ගේ සමගියෙන් සිංහලයන් දැන්වත් පාඩමක් ඉගෙන ගත යුතුයි. නුවරඑළියේ සිංහලයන්ගේ අසමගිය නිසා මෙවර පත් වී ඇත්තේ සිංහල මන්ත්‍රීන් දෙදෙනකු පමනයි. පේන හැටියට මලයනඩුව වැඩිදුර නොවේ ,....???? (ස)

:       0       0

අස්මිත් Monday, 23 September 2013 08:44 PM

චමිල-පානදුර,ඡන්දයකදී හෝ වේවා වෙනයම් කරුණකදී හෝ වේවා ජාතිවාදී නොවී,ලාංකිකයෙක් සේ අදහස් පළකරන්න.ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටවූ කාලේ පටන් සෑම පක්ෂයකම මුස්ලිම්,දෙමල ජනතාවගේ ඡන්ද මිශ්‍රව තමයි රජයක් පිහිටෙව්වේ.නමුත් දෙමල සංධානයේ හෝ මුස්ලිම් කොන්ග්‍රසයේ සිංහල ඡන්ද නැත කියායි මා හිතන්නේ (නි)

:       0       0

වජිර Monday, 23 September 2013 08:50 PM

බලය දුන්නේ දුක නැතිකර ගන්නයි, නැවත දුකට වැටෙන්න නොවේ (නි)

:       0       0

සුනෙත් Monday, 23 September 2013 11:17 AM

13 එහාට කියනේ 13 නෙමේ මං හිතන්නේ.. (ස)

:       0       0

උපාලි Monday, 23 September 2013 05:55 AM

ඉන්දියාව එක්ක කතා කරනවා? ඒක හොඳයි. (නි)

:       0       0

සේනාදීර Monday, 23 September 2013 11:21 AM

13 එහෙට බලතල දෙනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය...පළාත් සබා කියන්නේ එක පළාතකට පමණක් සිමා උන දෙයක් නෙමේ... (ස)

:       0       0

ඩේවිඩ් Monday, 23 September 2013 09:12 PM

පාර හොඳට එලි කරලා ,කටු අකුල් ඉවත් කරලා හදලා දුන්නට පස්සේ ආඩම්බරකම පෙන්නන්න හදන හැටි? දකුණේ අපිට තමා තලන්න ඕනෑ. ඉල්ලන දේවල් නුදුන්නොත් ඉන්දියාවත් එක්ක එකතුවෙලා මොනවා කරන්නද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 616 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4121 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2543 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1319 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27688 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site