IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බිල නොගෙවාම සිරුර බාර දෙන්න වෙයි

බිල ගෙවන තුරු නාරාහේන්පිට ලංකා හොස්පිටල්හි දින හතක් තිස්සේ රඳවාගෙන සිටි මළ සිරුර වහා මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රෝහලට අද නියෝග කළේය.

මිය ගිය දළුවත්ත පටබැඳිගේ තිලක් දළුවත්තගේ දේහය මුදා හැරීමට රුපියල් 14 ලක්ෂයකට මදක් වැඩි මුදලක් රෝහලෙන් ඉල්ලා ඇති බවත් අධිකරණයේ දී සඳහන් විය.

කෙනකුගේ මිනියක් අනවසරයෙන් රඳවා ගැනීමට කිසිවකුටත් බලයක් නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

රුපියල් පන් ලක්ෂයකට හෘද සැත්කම කරන බව කියා මිය ගිය පුද්ගලයා රෝහලට ඇතුළු කළ බවත්, මුලින් තුන් ලක්ෂයක් ගෙවූ පසු සැත්කම කළ බවත්, සැත්කමින් පසු අසාධ්‍ය වූ නිසා රෝගියා කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ඉල්ලුවත් තවත් රුපියල් 16 ලක්ෂයක් පමණ ඉල්ලූ බවත්, පසුව ඔහු මිය ගිය පසු දේහය නුදුන් බවත් මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා පොලිසියට පැමිණිලි කර තිබේ.

 



අදහස් (0)

බිල නොගෙවාම සිරුර බාර දෙන්න වෙයි

ඩයස් Friday, 18 September 2015 02:28 AM

පුද්ගලික රෝහල් වහාම නියාමනය කළයුතු අතර, වහාම ගාස්තු පාලනයක් ඇති කළයුතුයි. රජයෙන් ගාස්තු ගෙවා බෙහෙත් ගතහැකියි. අංග සම්පුර්ණ රෝහලක් හදමු. එවිට අනෙකුත් රෝහලුත් ඉබේම පාලනය වේවි. (නි)

:       0       0

සෑම් Thursday, 17 September 2015 01:22 PM

මේ වගේ දේවල් අඩු වැඩි නැතුව ලංකාවේ හැම පුද්ගලික රෝහලකම වගේ කරනවා. රෝගියාගේ ලෙඩ සනීප කරනවට වඩා කරන්නේ ලෙඩා මරාගෙන කන එක (නි)

:       0       0

පද්මේන් Friday, 18 September 2015 02:43 AM

ඔබ රජයේ රෝහලක අවසන් මොහොත ගතකරනවිට ඔබට වැටහේවී එහි අමාරුව. සල්ලි ගියත් පෞද්ගලික රෝහල් වල ලැබෙන පහසුව ගැනත් බලන්න ඕනෑ. රජයේ රෝහල් හොඳයි කියන නිසා මමත් මගේ පියාව පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලකට ගෙන ගියා. ලෙඩාට මොන අමාරුව තිබුණත් හෙදියන්,දොස්තරලා හොයාගෙන අපි දුවන්න ඕනෑ. අන්තිමට තාත්තා නැතිවුණා.මම අදටත් දුක්වෙනවා කරපු වැඩේට. (නි)

:       0       0

චාන්දි Friday, 18 September 2015 02:56 AM

ධනවාදී ආර්ථික ක්‍රමයේ අශිෂ්ට බවට එක උදාහරණයක් (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 17 September 2015 01:35 PM

සිරුර මුදාහැරලා ගනුදෙනු ගැන පස්සෙ කතාකළා නම් තමයි වැදගත්. (නි)

:       0       0

සුදත් Thursday, 17 September 2015 01:36 PM

ඔබට අන්තර්ජාලය හරහා සියලු රටවල වෛද්‍ය සභාවන් වල ලියාපදිංචිවුවන් සොයාගත හැක (නි)

:       0       0

රාධා Thursday, 17 September 2015 01:59 PM

මේ රෝහලේ විතරක් නොවෙයි තව තව තැන්වලත් මෙහෙම තමයි

:       0       0

උපාලි Friday, 18 September 2015 03:05 AM

අනේ දෙවියනේ මුදලට ජීවිතයක වටිනාකම යටව තිබෙන හැටි? (නි)

:       0       0

සොයිසා Thursday, 17 September 2015 02:04 PM

බිල් වලට මළමිනී ඇපය ගන්නා ඔය රෝහල් සැපයුම් අංශ නම් ඉතාම දුෂිතය. (නි)

:       0       0

යහපාල Friday, 18 September 2015 03:10 AM

පද්මෙන්,කවුරු මොන කතා කිවුවත් රජයේ ආයතන වලින් හොඳම සේවය වෙන්නේ රෝහල් වලින් පමණි. අනික රෝහල් වලට තිබෙන සම්පත් වලින් තමා වැඩ කරන්නේ. හුඟක් තැන් වල අඩුපාඩු ගොඩයි. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 17 September 2015 02:13 PM

ලෙඩා මියගියා නම් මොකටද බිල ගෙවන්නේ. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 17 September 2015 02:31 PM

අවසානයේ ගොඩගන්න බැරිවුණාම පෞද්ගලික තැන් වලින් ආණ්ඩුවේ රෝහල තමා පිහිටට එන්නේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 17 September 2015 02:33 PM

වෙදැදුරන් කියා කිවහැකිද මොවුන්ට? (නි)

:       0       0

හිරෝෂන් Thursday, 17 September 2015 02:33 PM

දැන්වත් තේරුම්ගන්න නිදහස් ‍සෞඛ්‍යයේ වටිනාකම (නි)

:       0       0

රාජපක්ෂ Thursday, 17 September 2015 02:35 PM

අනේ අම්මපා මෙහෙමත් සමාජයක්? (නි)

:       0       0

සිරි Thursday, 17 September 2015 02:40 PM

අපේ ආණ්ඩුවේ රෝහල් අපේ මිනිසුන්ට අගයක් නැහැ. (නි)

:       0       0

මාලි Thursday, 17 September 2015 02:54 PM

ලෙඩා මැරුනත් සල්ලි? මෙහෙමත් රෝහල්? (නි)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 02:56 PM

පුද්ගලික වෙදකමේ අරුමය පෙනේද? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 17 September 2015 03:24 PM

තවත් මෙවන් දේ නොවෙන්න නම් ලෙඩාගේ ජීවිතයටත්, වූ අපහසුතා වලටත් වන්දි ගෙවන්න කියලා පෞද්ගලික රෝහලටම නියෝග කරන්න ඕනෑ (නි)

:       0       0

අසෝක Thursday, 17 September 2015 03:35 PM

ඔය මැරෙන්නේ නැති මිනිසුන්,සල්ලි වලට මිනිස් කම විකුණගන්න කට්ටිය.(හේ)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 17 September 2015 03:38 PM

මේ දේ නම් අසාධාරණයි.(හේ)

:       0       0

සුජිත් Thursday, 17 September 2015 03:42 PM

නිදහස් සෙෘඛ්‍ය රැක ගනිමු.(හේ)

:       0       0

පද්මිණි Friday, 18 September 2015 04:40 AM

යම්කිසි අදායම් මට්ටමකින් ඉහල සැම පුරවැසියකුටම ආරක්ෂණ ක්‍රමයක් ඇති කරන්න . මාස පතා ගෙවන විදියට ( ඉන්සුවරන්ස් )අඩු අදායම් අයට පමණක් නොමිලේ ප්‍රතිකාර කළ යුතුයි. (ම)

:       0       0

සිරි Thursday, 17 September 2015 03:58 PM

පෞද්ගලික රෝහල් වලට විධිමත් නියාමන ක්‍රමවේදයක් ඇති කිරීමට කාලයයි මේ උදාවී ඇත්තේ. (නි)

:       0       0

දහම් Thursday, 17 September 2015 04:04 PM

අනේ අපේ රටේ සෞඛ්‍ය සේවයට ගිය කල! (නි)

:       0       0

පාරා Friday, 18 September 2015 04:52 AM

ලංකාවේ ආරෝග්‍යශාලා මුදලට වැඩ කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන්න, මෙය ශ්‍රීලංකාවේ ජනදිපතියි දැනගතයුතු කරුණකි. මෙවැනි ක්‍රම යුරෝපාරට වලට සුදුසු ක්‍රමයකි ඔවුන්ට මුදල් ඇත, එය ඩොලරය, යුරෝය, රුපියලට මුකුත් කල නොහැක, ශ්‍රීලංකාවට නොබින දේවල් වහාම නවත්වා සියලුම රෝහල් ජනසතු කර එය කොමිසමක් මගින් යම් සාධාරණ මුදලකට කටයුතු කරනවානම් එය එත අගනේය.(ම)

:       0       0

බණ්ඩාර Friday, 18 September 2015 04:58 AM

විදුලි සංදේශන නියාමන කොමිසම (TRC ) වගේ පෞද්ගලික රෝහල් වලටත් නියාමන කොමිසමක් පටන් ගන්න .(ම)

:       0       0

නාමල් Thursday, 17 September 2015 05:36 PM

මියයන්නට පෙර ජාතික රෝහලට මාරුනාෙකිරීම ගැන සොයාබැලිය යුතුයි (නි)

:       0       0

හේමන්ත Friday, 18 September 2015 05:48 AM

කොහොමත් මෙම රෝහල ගසා කන්න ප්‍රසිද්ධයි (බ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 18 September 2015 05:49 AM

ලංකාවේ තිබෙන බොහොමයක් පුද්ගලික රෝහල් බොහොම අසාධාරණ සහ කැත විදියට ලෙඩුන්ගෙන් මුදල් සූර කනවා. මේවා සහ ගහන අපරාධ සහ මොවුන් කටයුතු කරන්නේ හරියට පින් පවු ගැන කිසිම බයක් නැතුව. රජයේ මැදිහත්වීමෙන් ස්ථිර ගාස්තු ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. (බ)

:       0       0

ටෙෂාන් Thursday, 17 September 2015 07:38 PM

මේ වගේ තව නීති තදකරලා රෝහල් වලින් කරන මේ මහා ගසාකෑම නවත්වන්න ඕනෑ (නි)

:       0       0

සරත් Friday, 18 September 2015 06:04 AM

බොහොම හොඳ පාඩමක් පුද්ගලික රෝහල් සේවයට වඩා මුදල තමා බලාපොරොත්තුව.(ම)

:       0       0

සුපුන් Thursday, 17 September 2015 08:31 PM

මේකේ වරද අනෙක් හැමදෙයකටම වාගේ රටේ නීතියක් නැතිකම. මිනිස්සු සූරාකමට ඇති ඉඩකඩ.දැන් වෙන රටවලත් ඔහොම වෙනවද? (නි)

:       0       0

හසිත Thursday, 17 September 2015 09:56 PM

විනිසුරුතුමනි, ඔබේ තීරණය අතිවිශිෂ්ට තීරණයක්.(නි)

:       0       0

කරුණාරත්න Thursday, 17 September 2015 11:43 PM

දැන් හැමදේම මුදලට යටවෙලා (නි)

:       0       0

මිනිරාජ් Friday, 18 September 2015 12:31 AM

අධිකරණයට හිස නවමු. ස්තුතියි! (නි)

:       0       0

ජයරත්න Friday, 18 September 2015 07:09 AM

මේ රෝහල්වල සැත්කම් සිදුකරන්නෙත් රජයේ රෝහල්වල සේවය කරන දොස්තරලාම තමයි.ඒගොල්ලො එයාලගෙ ගාන ආයතනයට කියනව. ආයතනය එයාලගෙ ගානත් එකතු කරල ලෙඩාට කියනව. අන්තිමට ලෙඩා මළත් බඩ සුද්දයි (බ)

:       0       0

දම්මික Friday, 18 September 2015 12:41 AM

ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති දැන් ජනපති. ජනපතිතුමනි, ඔබට බාරයි මේ අනාගතය. සෑම පුරවැසියෙකුටම ඉහළම වෛද්‍ය සේවයක් නොමිලේ ලැබීමට අයිතියක් තිබිය යුතුය. (නි)

:       0       0

නිශාන්ත Friday, 18 September 2015 12:44 AM

පේනවා නේද මිනිස් ජීවිතයක ඇති වටිනාකම? (නි)

:       0       0

චානක Friday, 18 September 2015 01:15 AM

පේනවා නේද නිදහස් සෞඛ්‍යයේ වටිනාකම? (නි)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 01:48 AM

"කලියුගයේ ජීවකලාගේ ජීවිත වෙළඳාම" (නි)

:       0       0

අචිර Friday, 18 September 2015 02:08 AM

දේශීය වෛද්‍යවරයෙක් අතින් රෝගියෙක් මියගියොත් ඔහු 'හොර වෙදා' කියලා හංවඩු ගහලා ඔහුව එහෙම පිටින්ම නැතිකරලා දානවා. සුද්දන්ට ගැති වහල් මානසිකත්වය අපේ මිනිසුන්ගේ ලේ වලටම කාවැදිලා (නි)

:       0       0

කුමාර Friday, 18 September 2015 11:25 PM

අද කාලේ මුදලට තමයි හැමදේම (නි)

:       0       0

බණ්ඩාර Friday, 18 September 2015 02:21 AM

නම ලංකා හොස්පිට්ල් වුණාට 'ලංකා' කියන නමටත් ලැජ්ජයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 61 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 2 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 339 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14544 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site